ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 34
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති පොතේ සාරාංශයක්

      • දීනාව දූෂණය කරයි (1-12)

      • යාකොබ්ගේ පුතාලා කපටි විදිහට වැඩ කරයි (13-31)

උත්පත්ති 34:1

හරස් යොමු දැක්වීම්

  • +උත් 30:19, 21; 46:15
  • +උත් 26:34, 35; 27:46

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2001, 20-21 පි.

    2/1/1997, 30 පි.

උත්පත්ති 34:2

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 7:1; 1ලේක 1:13-15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දෙවියන්ගේ ආදරය ලබාගනිමු, 123-124 පි.

    “දෙවිගේ ප්‍රේමය”, 116-117 පි.

උත්පත්ති 34:4

හරස් යොමු දැක්වීම්

  • +උත් 33:18, 19

උත්පත්ති 34:7

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 13:4
  • +2සාමු 13:22

උත්පත්ති 34:9

හරස් යොමු දැක්වීම්

  • +උත් 24:2, 3

උත්පත්ති 34:12

හරස් යොමු දැක්වීම්

  • +උත් 24:53; හොෂෙ 3:2

උත්පත්ති 34:14

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:9, 12

උත්පත්ති 34:15

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:10

උත්පත්ති 34:18

හරස් යොමු දැක්වීම්

  • +උත් 33:18, 19
  • +උත් 34:2

උත්පත්ති 34:19

හරස් යොමු දැක්වීම්

  • +උත් 34:15

උත්පත්ති 34:20

හරස් යොමු දැක්වීම්

  • +සෙක 8:16

උත්පත්ති 34:21

හරස් යොමු දැක්වීම්

  • +උත් 34:8, 9

උත්පත්ති 34:22

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:11

උත්පත්ති 34:25

හරස් යොමු දැක්වීම්

  • +උත් 46:15
  • +උත් 49:5-7

උත්පත්ති 34:27

හරස් යොමු දැක්වීම්

  • +උත් 34:2

උත්පත්ති 34:30

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2004, 28 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

උත්. 34:1උත් 30:19, 21; 46:15
උත්. 34:1උත් 26:34, 35; 27:46
උත්. 34:2ද්වි 7:1; 1ලේක 1:13-15
උත්. 34:4උත් 33:18, 19
උත්. 34:7හෙබ්‍රෙ 13:4
උත්. 34:72සාමු 13:22
උත්. 34:9උත් 24:2, 3
උත්. 34:12උත් 24:53; හොෂෙ 3:2
උත්. 34:14උත් 17:9, 12
උත්. 34:15උත් 17:10
උත්. 34:18උත් 33:18, 19
උත්. 34:18උත් 34:2
උත්. 34:19උත් 34:15
උත්. 34:20සෙක 8:16
උත්. 34:21උත් 34:8, 9
උත්. 34:22උත් 17:11
උත්. 34:25උත් 46:15
උත්. 34:25උත් 49:5-7
උත්. 34:27උත් 34:2
උත්. 34:30උත් 49:5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
උත්පත්ති 34:1-31

උත්පත්ති

34 යාකොබ්ගේ සහ ලෙයාගේ+ දුව වුණ දීනා ඒ නගරේ තරුණියන්ව ආශ්‍රය කරන්න පුරුදු වෙලා හිටියා.+ 2 ඔහොම යද්දී දේශයේ අධිපතියෙක් වුණ හිවීය ජාතික+ හාමෝර්ගේ පුතා වුණ ෂීකෙම් එයාව දැක්කා. දවසක් එයා දීනාව අරන් ගිහින් දූෂණය කළා. 3 දීනාව හිතින් අමතක කරලා දාන්න බැරි තරමට ෂීකෙම්ට එයා ගැන ආදරයක් ඇති වුණා. ඒ නිසා එයා නිතරම කතාවෙන් යාකොබ්ගේ දුව වුණ දීනාගේ හිත දිනාගන්න උත්සාහ කළා. 4 අන්තිමේදී ෂීකෙම් එයාගේ තාත්තා වුණ හාමෝර්ට+ මෙහෙම කිව්වා. “මේ ගෑනු ළමයාව විවාහ කරගන්න මං කැමතියි. කොහොමහරි ඒක කරලා දෙන්න.”

5 එයාගේ දුව වුණ දීනාව ෂීකෙම් දූෂණය කළා කියලා යාකොබ්ට දැනගන්න ලැබුණා. එතකොට යාකොබ්ගේ පුතාලා හිටියේ එයාගේ රැළ එක්ක තණබිමේ. ඉතින් එයාලා ආපහු එන කල් යාකොබ් ඒ ගැන මුකුත් කියන්න ගියේ නැහැ. 6 පස්සේ ෂීකෙම්ගේ තාත්තා වුණ හාමෝර් යාකොබ් එක්ක කතා කරන්න ආවා. 7 දීනාට වුණ දේ ගැන යාකොබ්ගේ පුතාලට ආරංචි වුණ ගමන්ම එයාලා තණබිමේ ඉඳන් ආවා. එයාලාගේ හිතට ලොකු වේදනාවක්, කේන්තියක් දැනුණා. මොකද ෂීකෙම් කළේ හරිම දුෂ්ට දෙයක්.+ යාකොබ්ගේ දුවව දූෂණය කරපු එකෙන් එයා ඊශ්‍රායෙල්ට කළේ ලොකු නින්දාවක්.+

8 හාමෝර් එයාලට මෙහෙම කිව්වා. “මගේ පුතා ෂීකෙම් ඔයාගේ දුවට ගොඩක් කැමතියි. අනේ, මගේ පුතාට එයාව විවාහ කරගන්න ඉඩ දෙන්න. 9 අපිත් එක්ක විවාහ ගිවිසුම් ඇති කරගන්න. ඔයාලාගේ දුවලව විවාහ කරගන්න අපේ පුතාලට ඉඩ දෙන්න. ඔයාලාගේ පුතාලට පුළුවන් අපේ දුවලව විවාහ කරගන්න.+ 10 අපිත් එක්ක මෙහේ ජීවත් වෙන්න. මේ දේශයේ කැමති තැනක ඉන්න ඔයාලට පුළුවන්. වෙළඳාම් කරගෙන මෙහේ පදිංචි වෙන්න.” 11 ඊටපස්සේ ෂීකෙම් දීනාගේ තාත්තාටයි, එයාගේ අයියලටයි මෙහෙම කිව්වා. “අනේ, මගේ ඉල්ලීම ඉටු කරන්න. ඔයාලා ඉල්ලන ඕනම දෙයක් මං ඔයාලට දෙන්නම්. 12 දීනා වෙනුවෙන් ඔයාලා ඉල්ලන ඕනම මුදල් ප්‍රමාණයක්, ඕනම තෑග්ගක් මං දෙන්නම්.+ මට එයාව බිරිඳ හැටියට දෙන්න. මං ඔයාලාගෙන් ඉල්ලන්නේ එච්චරයි.”

13 ෂීකෙම් එයාලාගේ නංගි වුණ දීනාව දූෂණය කරපු නිසා යාකොබ්ගේ පුතාලා ෂීකෙම්ටයි, එයාගේ තාත්තාටයි කපටි විදිහට උත්තර දුන්නා. 14 එයාලා මෙහෙම කිව්වා. “චර්මච්ඡේදනය වෙලා නැති කෙනෙක්ට+ අපේ නංගිව විවාහ කරලා දෙන්න අපිට කොහොමටවත් බැහැ. ඒක අපිට අවනම්බුවක්. 15 ඔයාගේ ඉල්ලීමට අපි එකඟ වෙන්නේ ඔයාලාගේ හැම පිරිමියෙක්ම අපි වගේම චර්මච්ඡේදනය වුණොත් විතරයි.+ 16 එහෙම කළොත් අපේ දුවලව අපි ඔයාලට දෙන්නම්. අපිත් ඔයාලාගේ දුවලව විවාහ කරගෙන මේ දේශයේ පදිංචි වෙලා එක සෙනඟක් වගේ ජීවත් වෙන්නම්. 17 හැබැයි අපි කියන විදිහට ඔයා චර්මච්ඡේදනය කරගන්න කැමති නැත්තං අපේ නංගිවත් අරගෙන අපි මෙහෙන් යනවා.”

18 එයාලා කියපු දේට හාමෝර්+ සහ එයාගේ පුතා වුණ ෂීකෙම්+ එකඟ වුණා. 19 ෂීකෙම් යාකොබ්ගේ දුවට ගොඩක් ආදරේ කරපු නිසා එයාලා කියපු දේ කරන්න එයා පරක්කු කළේ නැහැ.+ එයා එයාගේ තාත්තාගේ ගෙදර හිටපු හැමෝටම වඩා ගෞරවය දිනාගත්ත කෙනෙක්.

20 හාමෝර් සහ එයාගේ පුතා වුණ ෂීකෙම් නගරේ දොරටුව ළඟට ගිහින් ඒ නගරේ මිනිස්සුන්ට+ මෙහෙම කිව්වා. 21 “මේ මිනිස්සු කැමතියි අපි එක්ක සමාදානයෙන් ඉන්න. එයාලට මේ දේශයේ ජීවත් වෙන්නයි, වෙළඳාම් කරන්නයි අපි ඉඩ දෙමු. එයාලටත් ඉන්න ඇති තරම් ඉඩ මෙහේ තියෙනවානේ. එයාලාගේ දුවලව විවාහ කරගන්නත් අපේ දුවලව එයාලට දෙන්නත් අපිට පුළුවන්.+ 22 හැබැයි එයාලා අපිත් එක්ක එක සෙනඟක් වගේ මෙහේ ජීවත් වෙන්න එකඟ වෙන්නේ අපි එක දෙයක් කරොත් විතරයි. එයාලා අපිට කියනවා අපේ හැම පිරිමියෙක්ම එයාලා වගේ චර්මච්ඡේදනය වෙන්න ඕනෙ කියලා.+ 23 අපි එහෙම කරොත් එයාලාගේ දේපළ, වස්තුව, එයාලාගේ සත්තු ඔක්කොම අපිට අයිති වෙයි. ඉතින් අපි එයාලා කියන දේට එකඟ වෙමු. එතකොට අපිත් එක්ක ජීවත් වෙන්න එයාලව කැමති කරවගන්න අපිට පුළුවන්.” 24 නගරේ දොරටුව ළඟින් යන එන හැමෝම හාමෝර් සහ එයාගේ පුතා වුණ ෂීකෙම් කියපු දේ ඇහුවා. එතනින් යන එන පිරිමි අය ඔක්කොමලා චර්මච්ඡේදනය කරගත්තා.

25 තුන්වෙනි දවස වෙද්දී නගරේ පිරිමි අය හිටියේ ලොකු වේදනාවකින්. එතකොට යාකොබ්ගේ පුතාලා දෙන්නෙක් ඒ කියන්නේ දීනාගේ අයියලා+ වුණ සිමියොන් සහ ලෙවී එයාලාගේ කඩු අරගෙන නගරෙට ඇතුල් වුණා. හැබැයි කවුරුත් එයාලව සැක කළේ නැහැ. එයාලා නගරෙට ගිහින් එහේ හිටපු හැම පිරිමියෙක්වම මරලා දැම්මා.+ 26 එයාලා හාමෝර්ව සහ එයාගේ පුතා වුණ ෂීකෙම්වත් කඩුවෙන් මරලා දැම්මා. ඊටපස්සේ එයාලා දීනාව ෂීකෙම්ගේ ගෙදරින් අරගෙන ගියා. 27 පිරිමි හැමෝවම මරලා දාලා තිබුණ නගරෙට යාකොබ්ගේ අනිත් පුතාලා ඇතුල් වෙලා නගරේ තිබුණ හැම දෙයක්ම කොල්ල කෑවා. එයාලා එහෙම කළේ ඒ නගරේදී එයාලාගේ නංගිව දූෂණය කරපු නිසයි.+ 28 ඒ නගරේ හිටපු අයගේ එළු බැටළු රැළවල්, ගව රැළවල්, බූරුවන් වගේම නගරේ සහ වතුවල තිබුණ හැම දෙයක්ම එයාලා අරගෙන ගියා. 29 දරුවන්ව සහ භාර්යාවන්වත් අල්ලගෙන ගියා. ගෙවල්වල තිබුණ හැම දෙයක්මත් එයාලා අරන් ගියා. එයාලා කිසිම දෙයක් ඉතුරු කළේ නැහැ.

30 යාකොබ් ඒ ගැන දැනගත්තාම සිමියොන්ටයි, ලෙවීටයි+ මෙහෙම කිව්වා. “ඔයාලා මාව ලොකු කරදරයකට පැටලුවා. දැන් මේ දේශයේ ඉන්න කානානිවරුනුයි, පෙරිස්සිවරුනුයි මාත් එක්ක වෛර බැඳගනියි. අපිත් එක්ක ඉන්නේ ටිකදෙනායි. එයාලා අනිවාර්යයෙන්ම එකතු වෙලා අපිට පහර දෙයි. මාවයි, පවුලේ හැමෝවමයි එයාලා නැත්තටම නැති කරලා දායි.” 31 ඒත් ඒ දෙන්නා තාත්තාට මෙහෙම කිව්වා. “කාටවත් අයිතියක් තියෙනවාද අපේ නංගිව ගණිකාවක් විදිහට සලකන්න?”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න