ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • සලමොන්ගේ ගීතිකාව 5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

සලමොන්ගේ ගීතිකාව පොතේ සාරාංශයක්

    • යෙරුසලමේ ඉන්න ෂූලම්මීය තරුණිය (3:6–8:4)

සලමොන්ගේ ගීතිකාව 5:1

හරස් යොමු දැක්වීම්

  • +සල 4:16
  • +සල 4:13, 14
  • +සල 4:11
  • +සල 1:2

සලමොන්ගේ ගීතිකාව 5:2

හරස් යොමු දැක්වීම්

  • +සල 3:1
  • +ලූක් 2:8

සලමොන්ගේ ගීතිකාව 5:4

පාදසටහන්

  • *

    මූ.අ., “දොරේ සිදුරෙන්.”

සලමොන්ගේ ගීතිකාව 5:6

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ඔහු කතා කළාම මට සිහි නැති වුණා.”

හරස් යොමු දැක්වීම්

  • +සල 3:1, 3

සලමොන්ගේ ගීතිකාව 5:10

පාදසටහන්

  • *

    හෝ, “නිරෝගියි.”

සලමොන්ගේ ගීතිකාව 5:11

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ඉඳිපොකුරු වගෙයි.”

සලමොන්ගේ ගීතිකාව 5:12

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “උල්පතක්.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2015, 30 පි.

    11/15/2006, 19 පි.

සලමොන්ගේ ගීතිකාව 5:13

හරස් යොමු දැක්වීම්

  • +සල 6:2
  • +සල 1:13

සලමොන්ගේ ගීතිකාව 5:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2006, 19 පි.

සලමොන්ගේ ගීතිකාව 5:15

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 92:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2006, 19 පි.

සලමොන්ගේ ගීතිකාව 5:16

හරස් යොමු දැක්වීම්

  • +සල 2:3

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

සල. 5:1සල 4:16
සල. 5:1සල 4:13, 14
සල. 5:1සල 4:11
සල. 5:1සල 1:2
සල. 5:2සල 3:1
සල. 5:2ලූක් 2:8
සල. 5:6සල 3:1, 3
සල. 5:13සල 6:2
සල. 5:13සල 1:13
සල. 5:15ගීතා 92:12
සල. 5:16සල 2:3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
සලමොන්ගේ ගීතිකාව 5:1-16

සලමොන්ගේ ගීතිකාව

5 “මගේ සොහොයුරිය, මගේ මනාලිය,

මම මගේ උයනට ඇතුල් වුණා.+

මට අයිති සුවඳ ලාටු සහ සුවඳ පැළෑටි මං නෙළාගත්තා.+

මට අයිති මීපැණි සහ මීවදය මං කෑවා.

මට අයිති වයින් සහ කිරි මම බිව්වා.”+

“හිතවත් යාළුවෙනි, කන්න! බොන්න!

බීලා ආදරෙන් මත් වෙන්න.”+

 2 “මම නිදාගෙන හිටියත් මගේ හදවත අවදියෙන්.+

අන්න! මගේ පෙම්වතා දොරට තට්ටු කරන හඬ මට ඇහෙනවා.”

‘මගේ සොහොයුරිය, මගේ ආදරිය, මගේ පුංචි කොබෙයියා,

නිකැළැල් තැනැත්තිය, දොර අරින්න.

මගේ හිස පින්නෙන් තෙමිලා.

මගේ කොණ්ඩෙන් පිනි බිඳු බේරෙනවා.’+

 3 උඩින් දාන ඇඳුම මම ගලවලා තිබ්බා.

ඒක මං ආයෙත් ඇඳගන්නද?

මං මගේ කකුල් හෝදගත්තා.

ඒවා ආයෙත් කිලිටි කරගන්නද?

 4 මගේ පෙම්වතා දොරගුලෙන්* ඔහුගේ අත ඉවතට ගත්තා.

ඔහුව දැකගන්න මට ඇති වුණේ ලොකු ආසාවක්.

 5 මගේ පෙම්වතාට දොර අරින්න මම නැඟිට්ටා.

මගේ දෑතින් සුවඳ ලාටුත්

ඇඟිලිවලින් සුවඳ ලාටු තෛලයත්

බේරිලා දොරගුලු මතට වැටුණා.

 6 මං මගේ පෙම්වතාට දොර විවෘත කළා.

ඒත් මගේ පෙම්වතා එතනින් ගිහින්. ඔහු ආපහු හැරිලා ගිහින්.

ඔහු ගියාම මට ලොකු දුකක් දැනුණා.*

මම ඔහුව හෙව්වා. ඒත් ඔහුව හම්බ වුණේ නැහැ.+

මම ඔහුට අඬගැහුවා. ඒත් ඔහු උත්තර දුන්නේ නැහැ.

 7 නගරය වටේ ඇවිදින මුරකරුවන් මාව දැක්කා.

ඔවුන් මට පහර දුන්නා. මට තුවාල කළා.

පවුර උඩ හිටපු මුරකරුවන් මගේ සළුව මගෙන් ගත්තා.

 8 යෙරුසලමේ දූවරුනි, ඔබට මගේ පෙම්වතාව හමු වුණොත්

ආදරය නිසා මගේ සවිය නැති වෙලා කියලා ඔහුට කියන්න.

එහෙම කියනවා කියලා මට දිවුරලා පොරොන්දු වෙන්න.”

 9 “ළඳුන් අතරේ ඉන්න ලස්සනම තරුණිය,

අනිත් පෙම්වතුන්ට වඩා ඔබේ පෙම්වතාගේ ඇති විශේෂත්වය මොකක්ද?

අපෙන් ඒ වගේ පොරොන්දුවක් ගන්න තරම්

ඔහුගේ ඇති විශේෂත්වය මොකක්ද?”

10 “මගේ පෙම්වතා කඩවසම්. ඔහු හරිම ශක්තිමත්.*

දසදහසක් අතරේ හිටියත් ඔහු කැපිලා පේනවා.

11 ඔහුගේ හිස රත්තරන් වගෙයි. පවිත්‍ර රන් වගෙයි.

ඔහුගේ හිසකෙස් හරියට තාල ගස්වල හුළඟට වැනෙන අතු වගෙයි.*

ඒවා කපුටු පිහාටු වගේ කලුයි.

12 ඔහුගේ දෙනෙත් දිය පහරවල් ළඟ ඉන්න කොබෙයියන් වගෙයි.

උන් වතුර පිරුණු පොකුණක්* ළඟ ඉඳගෙන

කිරිවලින් නානවා.

13 ඔහුගේ කම්මුල් සුවඳ පැළෑටි පිරුණු පාත්තියක් වගෙයි.+

සුගන්ධවත් පැළවලින් පිරුණු උස් පාත්තියක් වගෙයි.

ඔහුගේ තොල් ලිලී මල් වගෙයි. ඒවායින් සුවඳ ලාටු තෛලය බේරෙනවා.+

14 ඔහුගේ අත්වල ඇඟිලි රත්තරන් වගෙයි. ඒවාට ක්‍රිසොලයිට් ගල් ඔබ්බවලා තියෙනවා.

ඔහුගේ උදරය නිල් මැණික් අල්ලලා ඇත්දළවලින් හදපු දෙයක් වගෙයි.

15 ඔහුගේ දෙපා හොඳම රන් ආධාරක මත හිටවපු කිරිගරුඬ කණු දෙකක් වගෙයි.

ඔහු ලෙබනොන් දේශය වගේ ලස්සනයි. එහේ තියෙන දේවදාර ගස් වගේ ඔහුවත් කාටවත් සම කරන්න බැහැ.+

16 ඔහුගේ මුව හරිම මිහිරියි.

ඔහු හැම අතින්ම ආකර්ෂණීයයි.+

ඔහු තමයි මගේ ආදරවන්තයා. යෙරුසලමේ දූවරුනි, ඔහු තමයි මගේ හද දිනූ පෙම්වතා.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න