ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 19
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යෙරෙමියා පොතේ සාරාංශයක්

      • මැටි බඳුනක් කුඩු කරන්න කියලා යෙරෙමියාට කියයි (1-15)

        • දරුවන්ව බාල්ට පූජා කරයි (5)

යෙරෙමියා 19:1

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 18:2

යෙරෙමියා 19:2

පාදසටහන්

  • *

    හෝ, “හින්නොම්ගේ පුතාගේ නිම්නයට.”

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 15:8, 12; 2ලේක 28:1, 3; යෙරෙ 7:31

යෙරෙමියා 19:4

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 22:16, 17; යෙසා 65:11
  • +2ලේක 33:1, 4
  • +2රාජා 21:16; යෙසා 59:7; යෙරෙ 2:34; විලා 4:13; මතෙ 23:34, 35

යෙරෙමියා 19:5

පාදසටහන්

  • *

    මූ.අ., “උස් තැන්.”

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 28:1, 3; 33:1, 6; යෙසා 57:5
  • +ලෙවී 18:21; යෙරෙ 7:31; 32:35

යෙරෙමියා 19:6

පාදසටහන්

  • *

    හෝ, “හින්නොම්ගේ පුතාගේ නිම්නය.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 7:32

යෙරෙමියා 19:7

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:25, 26; ගීතා 79:2; යෙරෙ 7:33; 16:4

යෙරෙමියා 19:8

පාදසටහන්

  • *

    හෝ, “නින්දාවක් විදිහට විසිල් ගහන්න.”

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 9:8; යෙරෙ 18:16; විලා 2:15

යෙරෙමියා 19:9

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:29; ද්වි 28:53; විලා 2:20; 4:10; එස 5:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙරෙමියා, 206 පි.

යෙරෙමියා 19:11

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 7:32

යෙරෙමියා 19:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 79:1
  • +යෙරෙ 8:1, 2; ශෙප 1:4, 5
  • +යෙරෙ 7:18; 32:29

යෙරෙමියා 19:15

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 9:17, 29; සෙක 7:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙරෙමියා, 212 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

යෙරෙ. 19:1යෙරෙ 18:2
යෙරෙ. 19:2යොෂු 15:8, 12; 2ලේක 28:1, 3; යෙරෙ 7:31
යෙරෙ. 19:42රාජා 22:16, 17; යෙසා 65:11
යෙරෙ. 19:42ලේක 33:1, 4
යෙරෙ. 19:42රාජා 21:16; යෙසා 59:7; යෙරෙ 2:34; විලා 4:13; මතෙ 23:34, 35
යෙරෙ. 19:52ලේක 28:1, 3; 33:1, 6; යෙසා 57:5
යෙරෙ. 19:5ලෙවී 18:21; යෙරෙ 7:31; 32:35
යෙරෙ. 19:6යෙරෙ 7:32
යෙරෙ. 19:7ද්වි 28:25, 26; ගීතා 79:2; යෙරෙ 7:33; 16:4
යෙරෙ. 19:81රාජා 9:8; යෙරෙ 18:16; විලා 2:15
යෙරෙ. 19:9ලෙවී 26:29; ද්වි 28:53; විලා 2:20; 4:10; එස 5:10
යෙරෙ. 19:11යෙරෙ 7:32
යෙරෙ. 19:13ගීතා 79:1
යෙරෙ. 19:13යෙරෙ 8:1, 2; ශෙප 1:4, 5
යෙරෙ. 19:13යෙරෙ 7:18; 32:29
යෙරෙ. 19:15නෙහෙ 9:17, 29; සෙක 7:12
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
යෙරෙමියා 19:1-15

යෙරෙමියා

19 යෙහෝවා දෙවියන් මෙහෙම කිව්වා. “ගිහින් කුඹල්කරුවෙක්ගෙන් මැටි බඳුනක් සල්ලි දීලා ගන්න.+ ඊටපස්සේ සෙනඟ අතරේ ඉන්න වැඩිමහල්ලන්ගෙන් කීපදෙනෙක්ටයි, ප්‍රධාන පූජකයන්ගෙන් කීපදෙනෙක්ටයි අඬගහන්න. 2 එයාලත් එක්ක බෙන්හින්නොම් නිම්නයට*+ ගිහින් කුඹල් දොරටුව ළඟ හිටගන්න. එහෙදී මම ඔයාට කියන පණිවිඩය ඔයා එයාලට කියන්න. 3 ඔයා මෙහෙම කියන්න. ‘යූදාවල රජවරුනි, යෙරුසලමේ වැසියෙනි, යෙහෝවා කියන දේට ඇහුම්කන් දෙන්න. ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා කියන්නේ මේකයි.

“‘“මම මේ ස්ථානය පිටට විපත්තියක් ගේන්නයි යන්නේ. ඒ ගැන අහන හැමෝගෙම කන් දෙදරුම් කයි. 4 මම එහෙම කරන්නේ ඔවුන් මාව අතහැරලා ගිහින්+ මේ ස්ථානය මට අඳුරගන්නවත් බැරි තැනක් කරපු නිසයි.+ ඔවුන්වත් ඔවුන්ගේ මුතුන්මිත්තන්වත් යූදාවල රජවරුන්වත් නොදන්න දෙවිවරුන්ට ඔවුන් මේ ස්ථානයේ පූජා ඔප්පු කරනවා. ඔවුන් මේ ස්ථානය අහිංසක අයගේ ලේවලින් නාවලා.+ 5 තමන්ගේ පුතාලව ගින්නෙන් දවලා බාල්ට ඔප්පු කරන්න ඔවුන් බාල් වෙනුවෙන් පූජාසන* ගොඩනැඟුවා.+ ඒ වගේ දෙයක් කරන්න කියලා මම ඔවුන්ට අණ කළේවත් ඒ ගැන මම ඔවුන් එක්ක කතා කළේවත් නැහැ. ඒ වගේ අදහසක් මගේ හිතට ආවේවත් නැහැ.”’+

6 “‘“ඒ නිසා මේ ස්ථානය තෝෆෙත් කියලවත් බෙන්හින්නොම් නිම්නය* කියලවත් හඳුන්වන්නේ නැති කාලයක් එනවා” කියලා යෙහෝවා කියනවා. “ඒ වෙනුවට මේකට මිනී මරන නිම්නය කියලා කියයි.+ 7 යූදා සහ යෙරුසලමේ සෙනඟ කරන සැලසුම් මම මේ ස්ථානයේදී කඩාකප්පල් කරනවා. මම ඔවුන්ට සතුරන් අතින් මැරුම් කන්න සලස්වනවා. ඔවුන්ව මරලා දාන්න හොයන අයගේ අතට ඔවුන්ව අල්ලලා දෙනවා. මම ඔවුන්ගේ මළ මිනී අහසේ කුරුල්ලන්ටයි, පොළොවේ වනසතුන්ටයි කෑම විදිහට දෙනවා.+ 8 මම මේ නගරයට කරන දේ දැකලා හැමෝම බය වෙනවා. ඒක හැමෝගෙම අපහාසයට ලක් වෙන්න* මං ඉඩහරිනවා. ඒක පහු කරගෙන යන අය පුදුමයෙන් ඒක දිහා බලලා ඒකට වෙලා තියෙන විපත ගැන කියලා අපහාස කරයි.+ 9 මම ඔවුන්ට කරන දේ නිසා ඔවුන්ගෙම දූපුතුන්ගේ මස් කන්න ඔවුන්ට වෙනවා. නගරය වටලලා තියෙන කාලේදී ඔවුන් කොච්චර අසරණ වෙනවාද කියනවා නම් ඔවුන් එක් එක් කෙනා තමන්ගේ අසල්වැසියාගේ මස් පවා කනවා. මොකද ඔවුන්ගේ සතුරන් සහ ඔවුන්ව මරලා දාන්න හොයන අය හැම පැත්තෙන්ම ඔවුන්ව කොටු කරනවා.”’+

10 “ඊටපස්සේ ඔයාත් එක්ක ගිය අය ඉස්සරහා මැටි බඳුන බිඳලා දාන්න. 11 එයාලට මෙහෙම කියන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියන්නේ මේකයි. “කුඹල්කරු හදපු මේ මැටි බඳුන ආපහු හදන්න බැරි විදිහට බිඳලා දැම්මා වගේ මම මේ නගරයත් ඒකේ ඉන්න සෙනඟවත් විනාශ කරලා දානවා. එදාට තවත් මිනී වළලන්න ඉඩ මදි වෙන තරමටම ඔවුන් තෝෆෙත්වල මළ මිනී වළලනවා.”’+

12 “‘මම ඒ විදිහට මේ නගරයයි, ඒකේ ඉන්න අයවයි විනාශ කරනවා’ කියලා යෙහෝවා කියනවා. ‘එහෙම කරන්නේ මේ නගරය තෝෆෙත් වගේ කරන්නයි. 13 යෙරුසලමේ වැසියන්ගේ ගෙවල් සහ යූදාවල රජවරුන්ගේ මාලිගා තෝෆෙත් වගේ අපවිත්‍ර වෙනවා.+ මොකද ඔවුන් ඔවුන්ගේ ගෙවල්වල පැතලි වහලේ උඩ ඉඳන් ආකාශ වස්තූන් හැම එකකටම පූජා ඔප්පු කළා.+ වෙනත් දෙවිවරුන්ට පාන පූජා ඔප්පු කළා.’”+

14 යෙරෙමියා තෝෆෙත්වල ඉඳන් ඒ කියන්නේ යෙහෝවා අනාවැකි කියන්න එයාව යවපු තැන ඉඳන් ආපහු ආවා. ඊටපස්සේ එයා යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ මළුවට ගිහින් සෙනඟට මෙහෙම කිව්වා. 15 “ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා කියන්නේ මේකයි. ‘මම මේ නගරයටයි, මේක අවට තියෙන අනිත් හැම නගරයකටමයි ගේනවා කියලා කියපු විපත අනිවාර්යයෙන්ම ගේනවා. මොකද ඔවුන් හරිම මුරණ්ඩු විදිහට වැඩ කළා. මම කියන දේවලට කීකරු වෙන්න ඔවුන් පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ.’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න