ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එසකියෙල් පොතේ සාරාංශයක්

      • බැබිලෝනියේ හිටපු එසකියෙල්ට යෙහෝවාගෙන් දර්ශන කීපයක් ලැබුණා (1-3)

      • යෙහෝවාගේ ස්වර්ගික රථයේ දර්ශනය (4-28)

        • චණ්ඩ මාරුතය, විශාල වලාකුළ, අකුණු සැර (4)

        • ජීවීන් හතරදෙනා (5-14)

        • රෝද හතර (15-21)

        • අයිස් වගේ දිලිසුණ වේදිකාව (22-24)

        • යෙහෝවාගේ සිංහාසනය (25-28)

එසකියෙල් 1:1

හරස් යොමු දැක්වීම්

  • +එස 3:15
  • +2රාජා 24:12, 14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/1998, 15 පි.

එසකියෙල් 1:2

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 36:9, 10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/1998, 15 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 6 පි.

එසකියෙල් 1:3

පාදසටහන්

  • *

    තේරුම, “දෙවියන් ශක්තිමත් කරනවා.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 22:25
  • +එස 3:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 6 පි.

එසකියෙල් 1:4

පාදසටහන්

  • *

    හෝ, “සැරෙන් සැරේ ගිනිදලු නැග්ගා.”

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 19:11
  • +නික් 19:18; ගීතා 97:2, 3
  • +එස 8:2

එසකියෙල් 1:5

හරස් යොමු දැක්වීම්

  • +එස 10:9, 15; එළි 4:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/2007, 12 පි.

එසකියෙල් 1:6

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 6:2; එස 10:20, 21; එළි 4:8

එසකියෙල් 1:7

හරස් යොමු දැක්වීම්

  • +දානි 10:5, 6

එසකියෙල් 1:9

හරස් යොමු දැක්වීම්

  • +එස 10:11, 15

එසකියෙල් 1:10

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 17:10; හිතෝ 28:1
  • +හිතෝ 14:4
  • +යෝබ් 39:27, 29
  • +එස 10:14, 15; එළි 4:7

එසකියෙල් 1:11

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 6:2

එසකියෙල් 1:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 103:20; හෙබ්‍රෙ 1:7, 14

එසකියෙල් 1:13

පාදසටහන්

  • *

    හෝ, “ගිනිසිළුවලින්.”

හරස් යොමු දැක්වීම්

  • +දානි 7:9, 10

එසකියෙල් 1:15

හරස් යොමු දැක්වීම්

  • +එස 10:9-13; එළි 4:7

එසකියෙල් 1:16

පාදසටහන්

  • *

    පේන විදිහට මේ රෝද දෙකම එක සමානයි. ඒවා තිබුණේ කෙළින් අතට. කෙළින් අතට හිටවලා තිබුණ රෝදයක් අතරින් තව එකක් රිංගවලා තිබුණා.

එසකියෙල් 1:18

පාදසටහන්

  • *

    හෝ, “ගරුබියක් ඇති වුණා.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 15:3; සෙක 4:10

එසකියෙල් 1:19

හරස් යොමු දැක්වීම්

  • +එස 10:15-17

එසකියෙල් 1:22

හරස් යොමු දැක්වීම්

  • +එස 10:1

එසකියෙල් 1:23

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “දෙපැත්තට විහිදගෙන හිටියා.”

එසකියෙල් 1:24

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 29:3; එස 43:2; එළි 14:2

එසකියෙල් 1:26

හරස් යොමු දැක්වීම්

  • +නික් 24:10; ගීතා 96:6; එස 10:1
  • +1රාජා 22:19; ගීතා 99:1; යෙසා 6:1; එළි 4:2
  • +දානි 7:9

එසකියෙල් 1:27

හරස් යොමු දැක්වීම්

  • +එස 8:2
  • +ද්වි 4:24; ගීතා 104:1, 2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 6 2016 4 පි.

එසකියෙල් 1:28

හරස් යොමු දැක්වීම්

  • +එළි 4:3
  • +නික් 24:16, 17; එස 8:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2022, 4 පි.

    මුරටැඹ (පොදු),

    අංක 6 2016 4 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එස. 1:1එස 3:15
එස. 1:12රාජා 24:12, 14
එස. 1:22ලේක 36:9, 10
එස. 1:3යෙරෙ 22:25
එස. 1:3එස 3:14
එස. 1:41රාජා 19:11
එස. 1:4නික් 19:18; ගීතා 97:2, 3
එස. 1:4එස 8:2
එස. 1:5එස 10:9, 15; එළි 4:6
එස. 1:6යෙසා 6:2; එස 10:20, 21; එළි 4:8
එස. 1:7දානි 10:5, 6
එස. 1:9එස 10:11, 15
එස. 1:102සාමු 17:10; හිතෝ 28:1
එස. 1:10හිතෝ 14:4
එස. 1:10යෝබ් 39:27, 29
එස. 1:10එස 10:14, 15; එළි 4:7
එස. 1:11යෙසා 6:2
එස. 1:12ගීතා 103:20; හෙබ්‍රෙ 1:7, 14
එස. 1:13දානි 7:9, 10
එස. 1:15එස 10:9-13; එළි 4:7
එස. 1:18හිතෝ 15:3; සෙක 4:10
එස. 1:19එස 10:15-17
එස. 1:22එස 10:1
එස. 1:24ගීතා 29:3; එස 43:2; එළි 14:2
එස. 1:26නික් 24:10; ගීතා 96:6; එස 10:1
එස. 1:261රාජා 22:19; ගීතා 99:1; යෙසා 6:1; එළි 4:2
එස. 1:26දානි 7:9
එස. 1:27එස 8:2
එස. 1:27ද්වි 4:24; ගීතා 104:1, 2
එස. 1:28එළි 4:3
එස. 1:28නික් 24:16, 17; එස 8:4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එසකියෙල් 1:1-28

එසකියෙල්

1 කේබාර් ගඟ ළඟ+ ජීවත් වුණ, වහලුන් විදිහට අරන් ගිය සෙනඟ අතරේ මමත් හිටියා.+ දවසක් අහස විවර වෙලා දෙවියන්ගෙන් දර්ශන කීපයක්ම මට ලැබුණා. ඒක වුණේ 30වෙනි අවුරුද්දේ හතරවෙනි මාසයේ පස්වෙනි දවසේදී. 2 යෙහෝයාකින් රජව වහල්කමට අරන් ගිහින් ගත වුණ පස්වෙනි අවුරුද්දේදී ඒ කියන්නේ කලින් කියපු මාසයේ පස්වෙනි දවසේදී+ 3 කල්දිවරුන්ගේ දේශයේ කේබාර් ගඟ ළඟ හිටපු එසකියෙල්ට* යෙහෝවා දෙවියන්ගෙන් පණිවිඩයක් ලැබුණා.+ එසකියෙල් කියන්නේ පූජක බූසීගේ පුතා. ගඟ ළඟ හිටපු එයාට යෙහෝවාගේ බලය ලැබුණා.+

4 මම බලාගෙන ඉද්දී උතුරු දිශාවෙන් චණ්ඩ මාරුතයක්+ හමාගෙන එනවා දැක්කා. ඒත් එක්කම දීප්තිමත් ආලෝකයකින් වට වුණ විශාල වලාකුළක් මම දැක්කා. ඒකෙන් සැරෙන් සැරේ අකුණු සැර දිස් වුණා.*+ ඒ අකුණු සැර අතරින් රත්තරන් සහ රිදී මිශ්‍ර ලෝහයක දිස්නය පෙනුණා.+ 5 අකුණු සැර අතරේ ජීවීන් හතරදෙනෙක්ට සමාන හතරදෙනෙක් ඉන්නවා මං දැක්කා.+ ඒ එක් එක් කෙනාගේ පෙනුම මිනිසෙක්ගේ පෙනුමට සමානයි. 6 ඒ හැම ජීවියෙක්ටම මූණු හතරකුත් පියාපත් හතරකුත් තිබුණා.+ 7 ඒ ජීවීන්ගේ කකුල්වල කිසිම ඇදයක් තිබුණේ නැහැ. කකුල්වල යට කොටස වහු පැටියෙක්ගේ වගෙයි. ඒවා ඔප දාපු තඹ වගේ දිලිසුණා.+ 8 ඔවුන්ගේ එක් එක් පියාපත යටින් මිනිසෙක්ගේ අතකට සමාන අතක් තිබුණා. පියාපත් හතරටම යටින් අත ගාණේ තිබුණා. ජීවීන් හතරදෙනාටම මුහුණු සහ පියාපත් හතර ගාණේ තිබුණා. 9 ඔවුන්ගේ පියාපත් එකකට එකක් ගෑවිලා තිබුණා. ඔවුන් ගමන් කරද්දී හැරෙන්න ඕනෙ වුණේ නැහැ. ඕනෙම දිශාවකට ඔවුන් කෙළින්ම ගමන් කළා.+

10 ඔවුන් හතරදෙනාටම මූණු හතර ගාණේ තිබුණා. මිනිසෙක්ගේ මූණකුත් ඊට දකුණු පැත්තෙන් සිංහයෙක්ගේ මූණකුත්+ වම් පැත්තෙන් ගවයෙක්ගේ මූණකුත්+ තිබුණා. ඔවුන් හතරදෙනාටම රාජාලියෙක්ගේ+ මූණකුත්+ තිබුණා. 11 ඒ විදිහට තමයි ඔවුන් එක් එක් කෙනාගේ මූණු තිබුණේ. ඔවුන්ගේ පියාපත් ඔවුන් උඩට උස්සගෙන හිටියා. එක් එක් ජීවියාට තිබුණ පියාපත්වලින් දෙකක් එකකට එකක් ගෑවිලා තිබුණා. අනිත් දෙකෙන් ඔවුන් තමන්ගේ ශරීරය වහගෙනයි හිටියේ.+

12 දෙවියන්ගේ බලය මඟ පෙන්නන ඕනෙම දිශාවකට ඔවුන් කෙළින්ම ගමන් කළා.+ ඔවුන් ගමන් කරද්දී හැරෙන්න ඕනෙ වුණේ නැහැ. 13 ඒ ජීවීන්ගේ පෙනුම දැවෙන ගිනි අඟුරු වගෙයි. දීප්තිමත්ව දැල්වෙන ගිනිසිළු වගේ දෙයක් ඒ ජීවීන් හතරදෙනා අතරේ ඒ මේ අත ගියා. ගින්නෙන්* අකුණු සැර නික්මුණා.+ 14 ඒ ජීවීන් පිටත් වෙලා යද්දීත් ආපහු එද්දීත් ඔවුන් ගමන් කරන විදිහ පෙනුණේ අකුණු සැර වගෙයි.

15 මම මූණු හතරක් තිබුණ ඒ ජීවීන් දිහා බලාගෙන හිටියා. ඔවුන් එක් එක් කෙනා ළඟ රෝදය ගාණේ තියෙනවා මං දැක්කා.+ ඒ රෝද පොළොව මත පිහිටලා තිබුණා. 16 ක්‍රිසොලයිට් ගල් වගේ ඒ රෝද දිලිසුණා. රෝද හතරම එක සමානයි. ඒ එක එක රෝදය ඇතුළේ තවත් රෝදයක් තියෙනවා පෙනුණා.* 17 ගමන් කරද්දී ඒ රෝදවලට හැරෙන්නේ නැතුව දිශා හතරෙන් ඕනෙම දිශාවකට ගමන් කරන්න හැකියාව තිබුණා. 18 ඒ රෝද කොච්චර උසද කියනවා නම් ඒවා දැක්කාම මට පුදුම හිතුණා.* ඒ හැම රෝදයක් වටේටම පිටතින් ඇස් තිබුණා.+ 19 ජීවීන් ගමන් කරපු හැම වෙලාවකම ඒ රෝදත් ඔවුන් එක්කම ගමන් කළා. ජීවීන් පොළොවෙන් ඉහළට යද්දී ඒ රෝදත් ඉහළට ගියා.+ 20 දෙවියන්ගේ බලය මඟ පෙන්නන ඕනෙම තැනකට ඒ ජීවීන් ගමන් කළා. දෙවියන්ගේ බලය තමයි ඔවුන්ට මඟ පෙන්නුවේ. ඔවුන් එක්කම රෝදත් ඉහළට ගියා. මොකද ජීවීන්ට මඟ පෙන්නපු බලයම තමයි රෝදවලටත් මඟ පෙන්නුවේ. 21 ජීවීන් ගමන් කරද්දී රෝදත් ගමන් කළා. ඔවුන් නතර වුණාම රෝදත් නතර වුණා. ජීවීන් පොළොවෙන් ඉහළට යද්දී රෝදත් ඔවුන් එක්කම ඉහළට ගියා. මොකද ජීවීන්ට මඟ පෙන්නපු බලයම තමයි රෝදවලටත් මඟ පෙන්නුවේ.

22 ඒ ජීවීන්ගේ හිසට ඉහළින් විශාල වේදිකාවක් වගේ දෙයක් තිබුණා. ඒක අයිස් වගේ දිලිසුණා. ඒකෙන් විහිදුණේ පුදුම කාන්තියක්.+ 23 ඒ විශාල වේදිකාවට යටින් හිටපු ඔවුන්ගේ පියාපත් එකකට එකක් ගෑවෙන විදිහට ඔවුන් ඉහළට උස්සගෙන හිටියා.* ඒ ජීවීන් පියාපත් දෙකකින් ශරීරයේ එක පැත්තක් වහගෙන හිටියා. අනිත් දෙකෙන් අනිත් පැත්ත වහගෙන හිටියා. 24 ඔවුන්ගේ පියාපත්වල හඬ මට ඇහුණා. ඒක හරියට වේගයෙන් ගලන ජල පහරක් වගෙයි. ඒ හඬ හරියට සියලු බලැති තැනැත්තාගෙන් එන හඬ වගෙයි.+ ඔවුන් ගමන් කරද්දී නැඟෙන හඬ විශාල හමුදාවකගෙන් එන ශබ්දයට සමානයි. ඔවුන් එක තැන නතර වෙලා ඉද්දී තමන්ගේ පියාපත් පහත් කරගෙන හිටියා.

25 ඔවුන්ගේ හිසට උඩින් තිබුණ වේදිකාවට ඉහළින් හඬක් නැඟුණා. (ඔවුන් එක තැන නතර වෙලා ඉද්දී තමන්ගේ පියාපත් පහත් කරගෙන හිටියා.) 26 ජීවීන්ට උඩින් තිබුණ වේදිකාවට ඉහළින් නිල් මැණිකකට සමාන පෙනුමක්+ තියෙන සිංහාසනයක් වගේ දෙයක් පෙනුණා.+ ඉහළින්ම තිබුණ ඒ සිංහාසනයේ මිනිසෙක්ගේ පෙනුම තියෙන කෙනෙක් ඉඳගෙන හිටියා.+ 27 ඒ තැනැත්තාගේ ඉණට ඉහළින් රත්තරන් සහ රිදී මිශ්‍ර ලෝහයක තියෙන දිස්නයට සමාන දීප්තියක් විහිදුණා.+ ඒ දීප්තිය ගින්නක් වගේ. ඔහුගේ ඉණට පහළිනුත් ගින්නක් වගේ දීප්තියක් විහිදුණා.+ ඔහු වටේටම පුදුමාකාර දීප්තියක් තිබුණා. 28 ඒ දීප්තිය වැස්සක් පෑව්වාට පස්සේ වලාකුළු අතරින් පායන දේදුන්නක දීප්තියට සමානයි.+ වටේට තිබුණ දීප්තිමත් ආලෝකය පෙනුණේ ඒ විදිහටයි. ඒක යෙහෝවාගේ තේජසට සමානයි.+ ඒක දැක්කාම මම දණින් වැටිලා ඔළුව බිමටම පහත් කරගත්තා. එතකොටම කවුරු හරි කතා කරන හඬක් මට ඇහුණා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න