ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 18
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යෙරෙමියා පොතේ සාරාංශයක්

      • කුඹල්කරුගේ අතේ තියෙන මැටි (1-12)

      • යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ව අතහරියි (13-17)

      • යෙරෙමියාට විරුද්ධව කරන කුමන්ත්‍රණය; එයාගේ කන්නලව්ව (18-23)

යෙරෙමියා 18:2

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 19:1

යෙරෙමියා 18:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/1/1999, 22 පි.

යෙරෙමියා 18:6

හරස් යොමු දැක්වීම්

  • +රෝම 9:20, 21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    4/2017, 3 පි.

    මුරටැඹ,

    4/1/1999, 22 පි.

යෙරෙමියා 18:7

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 1:10; 12:14; 25:9; 45:4

යෙරෙමියා 18:8

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 8:33, 34; ගීතා 106:45; යෙරෙ 7:3; 26:3; එස 18:21; යෝවෙ 2:13; යෝනා 3:5, 10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    4/2017, 3 පි.

    යෙරෙමියා, 201 පි.

යෙරෙමියා 18:11

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 1:16; එස 18:23

යෙරෙමියා 18:12

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 2:25
  • +ද්වි 29:19, 20; යෙරෙ 7:24

යෙරෙමියා 18:13

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 2:13

යෙරෙමියා 18:15

පාදසටහන්

  • *

    හෝ, “දුම ඉහළට නඟින විදිහට පූජා.”

  • *

    හෝ, “හරියට හදලා නැති.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 2:19; 3:21
  • +යෙරෙ 10:14, 15
  • +යෙරෙ 6:16

යෙරෙමියා 18:16

පාදසටහන්

  • *

    හෝ, “නින්දාවක් විදිහට විසිල් ගහයි.”

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:33; එස 6:14
  • +1රාජා 9:8; යෙරෙ 19:8; විලා 2:15; මීකා 6:16
  • +ද්වි 28:37

යෙරෙමියා 18:17

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 31:17

යෙරෙමියා 18:18

පාදසටහන්

  • *

    හෝ, “මඟ පෙන්වීම් අපිට දෙන්න.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 11:19

යෙරෙමියා 18:20

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 35:7

යෙරෙමියා 18:21

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 12:3
  • +විලා 5:3
  • +2ලේක 36:17

යෙරෙමියා 18:22

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 38:12

යෙරෙමියා 18:23

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 11:19, 20
  • +යෙරෙ 15:15
  • +ගීතා 35:4

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

යෙරෙ. 18:2යෙරෙ 19:1
යෙරෙ. 18:6රෝම 9:20, 21
යෙරෙ. 18:7යෙරෙ 1:10; 12:14; 25:9; 45:4
යෙරෙ. 18:81රාජා 8:33, 34; ගීතා 106:45; යෙරෙ 7:3; 26:3; එස 18:21; යෝවෙ 2:13; යෝනා 3:5, 10
යෙරෙ. 18:11යෙසා 1:16; එස 18:23
යෙරෙ. 18:12යෙරෙ 2:25
යෙරෙ. 18:12ද්වි 29:19, 20; යෙරෙ 7:24
යෙරෙ. 18:13යෙරෙ 2:13
යෙරෙ. 18:15යෙරෙ 2:19; 3:21
යෙරෙ. 18:15යෙරෙ 10:14, 15
යෙරෙ. 18:15යෙරෙ 6:16
යෙරෙ. 18:16ලෙවී 26:33; එස 6:14
යෙරෙ. 18:161රාජා 9:8; යෙරෙ 19:8; විලා 2:15; මීකා 6:16
යෙරෙ. 18:16ද්වි 28:37
යෙරෙ. 18:17ද්වි 31:17
යෙරෙ. 18:18යෙරෙ 11:19
යෙරෙ. 18:20ගීතා 35:7
යෙරෙ. 18:21යෙරෙ 12:3
යෙරෙ. 18:21විලා 5:3
යෙරෙ. 18:212ලේක 36:17
යෙරෙ. 18:22ගීතා 38:12
යෙරෙ. 18:23යෙරෙ 11:19, 20
යෙරෙ. 18:23යෙරෙ 15:15
යෙරෙ. 18:23ගීතා 35:4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
යෙරෙමියා 18:1-23

යෙරෙමියා

18 යෙහෝවා දෙවියන්ගෙන් යෙරෙමියාට මේ පණිවිඩය ලැබුණා. 2 “ඔයා දැන් කුඹල්කරුගේ ගෙදරට යන්න.+ එහෙදී මගේ පණිවිඩය මං ඔයාට දැනුම් දෙන්නම්.”

3 ඉතින් මම කුඹල්කරුගේ ගෙදරට ගියා. එයා සකපෝරුවෙන් බඳුනක් හදහද හිටියා. 4 ඒත් එයා හදහද හිටපු මැටි බඳුන හරියට ආවේ නැති නිසා එයා ඒ මැටිවලින්ම එයා කැමති විදිහට වෙන බඳුනක් හැදුවා.

5 ඒ වෙලාවේ යෙහෝවා මට මෙහෙම කිව්වා. 6 “‘ඊශ්‍රායෙල්වරුනි, මේ කුඹල්කරු කරපු දේම මටත් ඔයාලට කරන්න බැරිද’ කියලා යෙහෝවා අහනවා. ‘ඊශ්‍රායෙල්වරුනි, බලන්න! කුඹල්කරුගේ අතේ තියෙන මැටි වගේ ඔයාලත් ඉන්නේ මගේ අතේ.+ 7 ජාතියක් හරි රාජ්‍යයක් හරි උදුරලා දාලා ඒක විනාශ කරනවා කියලා මං කියන්න ඉඩ තියෙනවා.+ 8 ඒත් ඒ ජාතිය මම හෙළා දැක්ක දුෂ්ටකම් අතහැරියොත් මම ඔවුන්ට විරුද්ධව ගේනවා කියලා කියපු විපත්තිය ගේන්නේ නැහැ. මම කලින් ගත්ත තීරණය වෙනස් කරනවා.+ 9 ඒ වගේම ජාතියක් හරි රාජ්‍යයක් හරි ගොඩනඟලා ඒක පිහිටුවනවා කියලා මං කියන ඕනෙම වෙලාවක 10 ඒ ජාතිය මට අකීකරු වෙලා මං වැරදියි කියලා සලකන දේවල් කළොත් මම ඔවුන්ට යහපත් දේවල් කරනවා කියලා ගත්ත තීරණය වෙනස් කරනවා.’

11 “අනේ දැන් යූදාවල සෙනඟටයි, යෙරුසලමේ වැසියන්ටයි මේ දේ කියන්න. ‘යෙහෝවා කියන්නේ මේකයි. “මම ඔබට විරුද්ධව විපතක් ගේන්න සැලසුම් කරනවා. ඔබට දඬුවම් කරන්නේ කොහොමද කියලා හිතනවා. අනේ, ඔබ යන දුෂ්ට මාර්ග අතහැරලා එන්න. ඔබ වැඩ කරන විදිහ, ඔබේ හැසිරීම නිවැරදි කරගන්න.”’”+

12 ඒත් ඔවුන් මෙහෙම කිව්වා. “ඕවා අපිට වැඩක් නෑ.+ අපි කරන්නේ අපිට ඕනෙ දේ. අපි හිතුවක්කාර අය තමයි. අපි වැඩ කරන්නේ අපේ නපුරු හිත කියන විදිහට.”+

13 ඒ නිසා යෙහෝවා මෙහෙම කියනවා.

“ජාතීන්ගෙන් මේ ගැන අහලා බලන්න.

මේ වගේ දෙයක් කවුරුත් අහලා තියෙනවාද?

ඊශ්‍රායෙල් දියණිය කරලා තියෙන්නේ කොච්චර පිළිකුල් දෙයක්ද!+

14 ලෙබනොන් කඳු පර්වතවල තියෙන හිම දිය වෙලා යයිද?

දුර ඈත ඉඳන් ගලාගෙන එන සිසිල් දිය පාරවල් හිඳිලා යයිද?

15 ඒත් මගේ සෙනඟට මාව අමතක වෙලා.+

ඔවුන් පූජා* ඔප්පු කරන්නේ කිසි වැඩකට නැති රූපවලට.+

ඔවුන් අනිත් අයව නොමඟ යවනවා. පුරාණයේ ඉඳන් තියෙන පාරෙන් ඒ අයව පිටතට ගන්නවා.+

ගල් බොරලු තියෙන* අතුරු පාරවල්වල යන්න ඔවුන්ව පොලඹවනවා.

16 ඒ නිසා ඔවුන්ගේ දේශයට වෙන දේ දැකලා හැමෝම බය වෙනවා.+

ඒක හැමදාටම අපහාසෙට ලක් වෙනවා.*+

ඒක පහු කරගෙන යන හැමෝම පුදුමයෙන් ඒක දිහා බලලා ඔළුව වනයි.+

17 නැඟෙනහිරෙන් හමන හුළඟට අහු වෙන දහයියා වගේ මම ඔවුන්ව සතුරා ඉස්සරහා විසුරුවාහරිනවා.

ඔවුන් විනාශ වෙන දවසේදී මම ඔවුන් දිහා බලන්නේ නැතුව ඔවුන්ට පිටු පානවා.”+

18 එතකොට ඔවුන් මෙහෙම කිව්වා. “එන්න, අපි යෙරෙමියාට උගුලක් අටවමු.+ නීතිය අපිට කියලා දෙන්න* පූජකයන් ඉන්නවා. අපිට උපදෙස් දෙන්න බුද්ධිමත් අය ඉන්නවා. දෙවියන්ගේ පණිවිඩ අපිට කියන්න අනාගතවක්තෘවරු ඉන්නවා. ඉතින් යෙරෙමියා කියන දේවල් අහන්නේ මොකටද? අපි එයාට විරුද්ධව චෝදනා කරමු.”

19 අනේ යෙහෝවා, මට ඇහුම්කන් දෙන්න.

මගේ සතුරන් කියන දේවල්වලට සවන් දෙන්න.

20 කරපු හොඳ දේවල්වලට ලැබෙන ප්‍රතිඵලය මේකද?

මාව අල්ලගන්න ඔවුන් වළක් හාරලා.+

මම ඔවුන් වෙනුවෙන් කතා කරන්න ඔබ ඉස්සරහට ආපු විදිහ සිහි කරන්න.

ඔවුන්ට විරුද්ධව ඇවිළුණ ඔබේ කේන්තිය අහක් කරන්න කියලා මං ඉල්ලපු විදිහ සිහි කරන්න.

21 ඔවුන් කරන ඒ දේවල් නිසා ඔවුන්ගේ පුතුන්ට හාමතෙන් මැරෙන්න ඉඩහරින්න.

ඔවුන්ව කඩුවට භාර දෙන්න.+

ඔවුන්ගේ භාර්යාවන්ව දරුවෝ අහිමි වුණ අම්මලා කරන්න. ඔවුන්ව වැන්දඹුවන් කරන්න.+

ඔවුන්ගේ පුරුෂයන්ට මාරාන්තික වසංගතයකින් පහර දෙන්න.

ඔවුන්ගේ තරුණයන්ව යුද්දේදී කඩු පහරින් මැරුම් කන්න සලස්වන්න.+

22 ඔබ හදිස්සියේම කොල්ලකරුවන්ව ඔවුන්ට විරුද්ධව එවද්දී

ඔවුන්ගේ ගෙවල්වලින් බෙරිහන් දෙන හඬක් ඇහෙන්න සලස්වන්න.

මොකද ඔවුන් මාව අල්ලගන්න වළක් හෑරුවා.

මාව අල්ලගන්න උගුල් ඇටෙව්වා.+

23 අනේ යෙහෝවා,

මාව මරලා දාන්න ඔවුන් කරන හැම කුමන්ත්‍රණයක්ම ඔබ හොඳින් දන්නවා.+

ඔවුන්ගේ වැරදිවලට සමාව දෙන්න එපා.

ඔවුන් කරපු පාපය ඔබ ඉස්සරහින් මකලා දාන්න එපා.

ඔබ කේන්තියෙන් ඔවුන්ට විරුද්ධව පියවර ගද්දී+

ඔවුන්ව ඔබ ඉස්සරහම වැටෙන්න සලස්වන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න