ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 17
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගණන් කතාව පොතේ සාරාංශයක්

      • ආරොන්ගේ සැරයටියේ ආපු මල් පොහොට්ටු සාක්ෂියක් (1-13)

ගණන් කතාව 17:2

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:4, 16

ගණන් කතාව 17:4

පාදසටහන්

  • *

    මූ.අ., “සාක්ෂි පෙට්ටිය.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 25:22; 30:36; ලෙවී 16:2
  • +නික් 34:29

ගණන් කතාව 17:5

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 16:5
  • +ගණන් 14:2; 16:13, 41
  • +ගණන් 11:1; 14:27; 16:11; 1කොරි 10:6, 10

ගණන් කතාව 17:10

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 9:7; 31:27
  • +හෙබ්‍රෙ 9:4
  • +ගණන් 16:38

ගණන් කතාව 17:13

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:51; 18:4, 7
  • +ගණන් 16:49

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගණන්. 17:2ගණන් 1:4, 16
ගණන්. 17:4නික් 25:22; 30:36; ලෙවී 16:2
ගණන්. 17:4නික් 34:29
ගණන්. 17:5ගණන් 16:5
ගණන්. 17:5ගණන් 14:2; 16:13, 41
ගණන්. 17:5ගණන් 11:1; 14:27; 16:11; 1කොරි 10:6, 10
ගණන්. 17:10ද්වි 9:7; 31:27
ගණන්. 17:10හෙබ්‍රෙ 9:4
ගණන්. 17:10ගණන් 16:38
ගණන්. 17:13ගණන් 1:51; 18:4, 7
ගණන්. 17:13ගණන් 16:49
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගණන් කතාව 17:1-13

ගණන් කතාව

17 පස්සේ යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. 2 “ඊශ්‍රායෙල් සෙනඟගේ ගෝත්‍රවල අධිපතීන්ගෙන් සැරයටියක් ගාණේ ඉල්ලගෙන එයාලා එක් එක් කෙනාගේ නම් ඒවාවල ලියන්න.+ ගෝත්‍ර 12 නියෝජනය කරන්න සැරයටි 12ක් ගන්න. 3 ලෙවී ගෝත්‍රයෙන් ගත්ත සැරයටියේ ආරොන්ගේ නම ලියන්න. හැම සැරයටියකින්ම නියෝජනය වෙන්නේ ඒ ගෝත්‍රයේ ප්‍රධානියාවයි. 4 හමු වීමේ කූඩාරමේ මං නිතරම ඔයාට පෙනී ඉන්න+ ගිවිසුම් පෙට්ටිය* ඉස්සරහා ඒ සැරයටි තියන්න.+ 5 මං තෝරගන්න කෙනාගේ+ සැරයටියේ මල් පොහොට්ටු එයි. එතකොට ඊශ්‍රායෙල්වරු ඔයාටයි,+ මටයි විරුද්ධව කතා කරන එක නතර කරයි.”+

6 දෙවියන් කියපු දේ මෝසෙස් ඊශ්‍රායෙල් සෙනඟට කිව්වා. එතකොට එක එක අධිපතියා එයාලාගේ ගෝත්‍රය නියෝජනය කරන්න සැරයටිය ගාණේ අරන් ඇවිත් මෝසෙස්ට දුන්නා. සැරයටි 12 අතරේ ආරොන්ගේ සැරයටියත් තියලා තිබුණා. 7 මෝසෙස්, ගිවිසුම් පෙට්ටිය තියලා තිබුණ හමු වීමේ කූඩාරමට ඒ සැරයටි අරන් ගිහින් යෙහෝවා ඉස්සරහා තිබ්බා.

8 ඊට පහුවෙනිදා මෝසෙස් හමු වීමේ කූඩාරමට ගිහින් බලද්දී ලෙවී ගෝත්‍රය නියෝජනය කරපු ආරොන්ගේ සැරයටියේ මල් පොහොට්ටු, මල් සහ ඉදුණු ආමන්ඩ් ගෙඩි ඇවිත් තිබුණා. 9 මෝසෙස් යෙහෝවා ඉස්සරහා තිබුණ හැම සැරයටියක්ම ඊශ්‍රායෙල් සෙනඟ ඉන්න තැනට ගෙනාවා. එයාලා ඒවා දිහා බැලුවාට පස්සේ එක් එක් අධිපතියා තමන්ගේ සැරයටිය අතට ගත්තා.

10 පස්සේ යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. “මේ කැරලිකාර සෙනඟ+ මට විරුද්ධව කතා කරන එක නැවැත්තුවේ නැත්නම් එයාලා විනාශ වෙලා යයි. ඒ නිසා එයාලට අනතුරු ඇඟවීමක් විදිහට ආරොන්ගේ සැරයටිය+ ආයෙත් ගිවිසුම් පෙට්ටිය ඉස්සරහා තියන්න.”+ 11 මෝසෙස් ඒ වෙලාවෙම යෙහෝවා කියපු දේ ඒ විදිහටම කළා.

12 එතකොට ඊශ්‍රායෙල් සෙනඟ මෝසෙස්ට මෙහෙම කිව්වා. “අනේ, අපි හැමෝම දැන් විනාශ වෙලා යයි. 13 යෙහෝවාගේ ශුද්ධ කූඩාරම ළඟට ගියොත් අපිට මැරෙන්නයි වෙන්නේ?+ අපි හැමෝම මේ විදිහට මැරිලා යයිද?”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න