යෝබ්
28 “පොළොව යට රිදී සැඟවුණ තැනක් තියෙනවා.
පවිත්ර නොකළ රන් හොයාගන්නත් තැනක් තියෙනවා.+
2 පොළොව හාරලා යකඩ හොයාගනියි.
ගල් උණු කරලා තඹ ලබාගනියි.+
3 ඝන අන්ධකාරය මිනිසාට බාධාවක් නෙවෙයි.
එයාලා අඳුරු පතල්වලට ගිහින් අස්සක් මුල්ලක් නෑර වටිනා ලෝහ* හොයනවා.
පොළොවේ ගැඹුරටම හාරගෙන ගිහින් ඒවා හොයාගන්නවා.
4 එයාලා මිනිස් වාසයක් නැති තැන්වල පතල් හාරයි.
එයාලා වැඩ කරන්නේ කිසිම කෙනෙක් යන්නේ නැති පාළු තැන්වලයි.
එයාලා කඹවල එල්ලිලා පතල්වල පහළටම බහියි.
5 මිනිසුන් පොළොව මතුපිට වගා කටයුතු කරයි.
ඒත් පොළොව යට මහත් කැලඹීමක් සිද්ධ වෙයි.*
ඒක හරියට ගින්නට අසු වුණ තැනක් වගේ.
6 ගල් අතරේ නිල් මැණික් සැඟවිලා තියෙනවා.
පස් අතරේ රන් සැඟවිලා තියෙනවා.
7 එයාලා යන මඟ, ගොදුරු අල්ලන් කන පක්ෂීන්ට පේන්නේ නැහැ.
කලු උකුස්සන්ගෙනුත් ඒ මඟ සැඟවිලයි තියෙන්නේ.
8 දරුණු වනසත්තු ඒ මඟේ කවදාවත් ගිහින් නැහැ.
තරුණ සිංහයන්වත් ඒ තැන්වල ගැවසෙන්නේ නැහැ.
9 පතල්කරුවන් එයාලාගේ අත්වලින් පර්වත දෙබෑ කරයි.
කඳු කණපිට පෙරළයි.
11 දිය ගලන තැන් එයාලා වසා දමයි.
අඳුරේ සැඟවුණු වස්තු පිටතට ගෙනෙයි.
14 ගැඹුරු ජල ධාරා ළඟට ගිහින් ඇහුවත්
ඒවා කියයි ‘අපි ගාව ප්රඥාව නැහැ’ කියලා.
මහ මුහුදත් ‘ඒක මං ළඟ නැහැ’ කියලා කියයි.+
17 ප්රඥාව රත්තරන්වලටත් අනර්ඝ වීදුරුවලටත් වඩා වටිනවා.
19 කූෂ් දේශයෙන් හොයාගත්ත පඩියන් ගල්+ වුණත් ඒකට සමාන කරන්න බැහැ.
පිරිසිදු රන් දීලාවත් ඒක මිල දී ගන්න බැහැ.
22 මරණයත් හැම දේම දිරාපත් වෙන මිනී වළත් කියන්නේ,
‘ප්රඥාව ගැන අපි අහලා තියෙන්නේ කටකතා විතරයි’ කියලා.
23 ප්රඥාවට යන මඟ දන්නේ දෙවියන් විතරයි.
ඒක තියෙන තැන දන්නේ ඔහු විතරයි.+
24 පොළොවේ ඈත කෙළවර දක්වාම ඔහුට පෙනෙයි.
අහස යට තියෙන හැම දේම ඔහු දකියි.+
ජල ධාරා කිරලා, ඒවායේ සීමා මායිම් නියම කරද්දීත්+
26 වර්ෂාවට නියමිත කාලයන් නියම කරද්දීත්+
වැහි වලාකුළු ගමන් කරන්න ඕනෙ මඟ නියම කරද්දීත්+
27 දෙවියන් ඒ හැම දේකින්ම ප්රඥාව දැක්කා. ඔහු ප්රඥාව ගැන පැහැදිලිත් කළා.
ඔහු ප්රඥාව කිරලා මැනලා ‘ප්රඥාව කියන්නේ මේකටයි’ කියලා සහතික කළා.
28 ඊටපස්සේ ඔහු මිනිසාට මෙහෙම කිව්වා.