ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ලෙවී කතාව පොතේ සාරාංශයක්

      • දවන පූජාව (1-17)

ලෙවී කතාව 1:1

හරස් යොමු දැක්වීම්

  • +නික් 40:34

ලෙවී කතාව 1:2

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 22:18-20

ලෙවී කතාව 1:3

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 15:19, 21; මලා 1:14
  • +2කොරි 9:7

ලෙවී කතාව 1:5

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 10:11
  • +හෙබ්‍රෙ 9:13, 14

ලෙවී කතාව 1:6

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 7:8

ලෙවී කතාව 1:7

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 6:12

ලෙවී කතාව 1:8

පාදසටහන්

  • *

    හෝ, “වකුගඩු වටේ තිබුණ තෙල් කොටස්.”

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 18:23

ලෙවී කතාව 1:9

පාදසටහන්

  • *

    මෙතන විශේෂයෙන්ම කතා කරන්නේ කකුල්වල පහළ කොටස ගැනයි.

  • *

    හෝ, “දෙවියන්ව සතුටු කරන.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 8:20, 21; ගණන් 15:2, 3

ලෙවී කතාව 1:10

පාදසටහන්

  • *

    ඒ කියන්නේ තරුණ බැටළුවෙක්ව.

හරස් යොමු දැක්වීම්

  • +උත් 4:4
  • +ලෙවී 12:6; 22:18-20

ලෙවී කතාව 1:11

හරස් යොමු දැක්වීම්

  • +නික් 29:16-18; ලෙවී 8:18-21; 9:12-14

ලෙවී කතාව 1:12

පාදසටහන්

  • *

    හෝ, “වකුගඩු වටේ තිබුණ තෙල් කොටස්.”

ලෙවී කතාව 1:14

පාදසටහන්

  • *

    ඒ කියන්නේ තරුණ පරෙවියන්ව.

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 5:7; 12:8; ලූක් 2:24

ලෙවී කතාව 1:16

පාදසටහන්

  • *

    හෝ, “තෙල් මිශ්‍ර අළු.” ඒ කියන්නේ සත්ව පූජාවල තෙල් මිශ්‍ර වුණ අළු.

හරස් යොමු දැක්වීම්

  • +නික් 27:3; ලෙවී 4:11, 12; 6:10

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ලෙවී. 1:1නික් 40:34
ලෙවී. 1:2ලෙවී 22:18-20
ලෙවී. 1:3ද්වි 15:19, 21; මලා 1:14
ලෙවී. 1:32කොරි 9:7
ලෙවී. 1:5හෙබ්‍රෙ 10:11
ලෙවී. 1:5හෙබ්‍රෙ 9:13, 14
ලෙවී. 1:6ලෙවී 7:8
ලෙවී. 1:7ලෙවී 6:12
ලෙවී. 1:81රාජා 18:23
ලෙවී. 1:9උත් 8:20, 21; ගණන් 15:2, 3
ලෙවී. 1:10උත් 4:4
ලෙවී. 1:10ලෙවී 12:6; 22:18-20
ලෙවී. 1:11නික් 29:16-18; ලෙවී 8:18-21; 9:12-14
ලෙවී. 1:14ලෙවී 5:7; 12:8; ලූක් 2:24
ලෙවී. 1:16නික් 27:3; ලෙවී 4:11, 12; 6:10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ලෙවී කතාව 1:1-17

ලෙවී කතාව

1 යෙහෝවා දෙවියන් හමු වීමේ කූඩාරමේදී+ මෝසෙස්ට කතා කරලා මෙහෙම කිව්වා. 2 “ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘කවුරු හරි කෙනෙක් යෙහෝවාට පූජාවක් ඔප්පු කරන්න සතෙක්ව ගේනවා නම් ඔහු ඒ සතාව එළු බැටළු රැළෙන් නැත්නම් ගව රැළෙන් තෝරගත යුතුයි.+

3 “‘ඔහු දවන පූජාවක් විදිහට ගවයෙක්ව ඔප්පු කරනවා නම් ඔහු ගේන්න ඕනෙ කැළලක් නැති පිරිමි සතෙක්වයි.+ ඔහු ඒ පූජාව ගේන්න ඕනෙ කැමැත්තෙන්මයි.+ ඒක හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැන යෙහෝවා ඉස්සරහා ඔප්පු කළ යුතුයි. 4 දවන පූජාවක් විදිහට ඔප්පු කරන ඒ සතාගේ හිස මත ඔහු අත තැබිය යුතුයි. එතකොට ඔහු ඔප්පු කරන ඒ පූජාව දෙවියන් සතුටින් පිළි අරන් ඔහුගේ වැරදිවලට සමාව දෙනවා.

5 “‘ඊටපස්සේ යෙහෝවා ඉස්සරහා ඒ වස්සාව මැරිය යුතුයි. පූජකයන්+ විදිහට සේවය කරන ආරොන්ගේ පුතාලා ඒ සතාගේ ලේ දෙවියන් ඉස්සරහට ගෙනල්ලා හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැන තියෙන පූජාසනයේ හැම පැත්තටම ඉසිය යුතුයි.+ 6 දවන පූජාවට ඔප්පු කරන සතාගේ හම අයින් කරලා ඌව කෑලිවලට කැපිය යුතුයි.+ 7 පූජකයන් වන ආරොන්ගේ පුතාලා ගිනි අඟුරු පූජාසනයට දාලා+ ඒකට උඩින් දර ඇතිරිය යුතුයි. 8 පූජාසනයේ ගිනි අවුළන්න අතුරපු දරවලට උඩින් සතාගේ හිස සහ තෙල් කොටස්* එක්ක ඉතුරු කෑලි ටික පිළිවෙළට තැබිය යුතුයි.+ 9 උගේ බඩවැල් සහ කකුල්* වතුරෙන් හෝදන්න. පූජකයා ඒ හැම කොටසක්ම පූජාසනය මත දැවිය යුතුයි. ඒක දවන පූජාවක්. ගින්නෙන් ඔප්පු කරන ඒ පූජාවෙන් නඟින දුම යෙහෝවා මිහිරි* සුවඳක් විදිහට සලකනවා.+

10 “‘කෙනෙක් බැටළු පැටියෙක්ව* හරි එළුවෙක්ව හරි දවන පූජාවක් විදිහට ඔප්පු කරනවා නම්+ ඔහු කැළලක් නැති පිරිමි සතෙක්ව ගෙනා යුතුයි.+ 11 ඒ සතාව පූජාසනයේ උතුරු පැත්තට අරන් ගිහින් යෙහෝවා ඉස්සරහා මැරිය යුතුයි. පූජකයන් වන ආරොන්ගේ පුතාලා උගේ ලේ පූජාසනයේ හැම පැත්තටම ඉසිය යුතුයි.+ 12 පූජකයා ඌව කෑලිවලට කපලා, උගේ හිස සහ තෙල් කොටස්* එක්ක ඉතුරු කෑලි ටිකත් පූජාසනයේ ගිනි අවුළන්න අතුරපු දරවලට උඩින් පිළිවෙළට තැබිය යුතුයි. 13 උගේ බඩවැල් සහ කකුල් වතුරෙන් හෝදන්න. පූජකයා ඒ හැම කොටසක්ම දෙවියන් ඉස්සරහට ගෙනල්ලා පූජාසනය මත දැවිය යුතුයි. ඒක දවන පූජාවක්. ගින්නෙන් ඔප්පු කරන ඒ පූජාවෙන් නඟින දුම යෙහෝවා මිහිරි සුවඳක් විදිහට සලකනවා.

14 “‘කෙනෙක් දවන පූජාවක් විදිහට යෙහෝවාට කුරුල්ලන්ව ඔප්පු කරනවා නම් ඔහු කොබෙයියන්ව නැත්නම් පරෙවියන්ව* ගෙනා යුතුයි.+ 15 පූජකයා ඌව පූජාසනයට ගෙනල්ලා උගේ බෙල්ලේ කැපුමක් දාලා පූජාසනය මත තියලා දුම ඉහළට නඟින විදිහට දෙවියන් ඉස්සරහා ඌව දැවිය යුතුයි. ඒත් ඊට කලින් උගේ ලේ පූජාසනයේ පැත්තකින් සම්පූර්ණයෙන්ම ගලා යන්න සැලැස්විය යුතුයි. 16 ඔහු උගේ පිහාටු සහ ගොදුරු බොක්ක ඉවත් කරලා ඒවා පූජාසනයේ නැඟෙනහිර පැත්තේ තියෙන අළු* දාන තැනට වීසි කළ යුතුයි.+ 17 ඌව උගේ තටු ළඟින් පැළිය යුතුයි. ඒත් ඌව සම්පූර්ණයෙන් දෙකට වෙන් කරන්න එපා. ඊටපස්සේ පූජකයා ඌව පූජාසනයේ ගිනි අවුළන්න අතුරපු දරවලට උඩින් තබා දැවිය යුතුයි. ඒක දවන පූජාවක්. ගින්නෙන් ඔප්පු කරන ඒ පූජාවෙන් නඟින දුම යෙහෝවා මිහිරි සුවඳක් විදිහට සලකනවා.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න