ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 කොරින්ති 8
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 කොරින්ති පොතේ සාරාංශයක්

      • යුදයේ ඉන්න ක්‍රිස්තියානීන් වෙනුවෙන් පරිත්‍යාග එකතු කරයි (1-15)

      • තීතස්ව කොරින්තියට යවන්න අදහස් කරයි (16-24)

2 කොරින්ති 8:1

හරස් යොමු දැක්වීම්

  • +රෝම 15:26

2 කොරින්ති 8:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2001, 30 පි.

    11/1/1998, 25-26 පි.

2 කොරින්ති 8:3

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 11:29; 2කොරි 9:7
  • +මාක් 12:43, 44

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/1998, 25-26 පි.

2 කොරින්ති 8:4

හරස් යොමු දැක්වීම්

  • +රෝම 15:25, 26; 1කොරි 16:1; 2කොරි 9:1, 2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    5/2019, 3 පි.

    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!, 209-210 පි.

    මුරටැඹ,

    3/15/2001, 30 පි.

    11/1/1998, 25-26 පි.

2 කොරින්ති 8:6

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 12:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/1998, 30 පි.

2 කොරින්ති 8:7

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 6:18

2 කොරින්ති 8:9

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 8:20; ෆිලි 2:7

2 කොරින්ති 8:10

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 7:25

2 කොරින්ති 8:12

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 16:10, 17; හිතෝ 3:27, 28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2013, 15 පි.

    12/1/2012, 5 පි.

    11/1/2000, 29 පි.

    11/1/1998, 26 පි.

2 කොරින්ති 8:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    රාජ්‍ය සේවාව,

    6/1998, 6 පි.

2 කොරින්ති 8:14

පාදසටහන්

  • *

    හෝ, “තියෙන දේ සම සේ බෙදෙනවා.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි, 5 ලිපිය

    රාජ්‍ය සේවාව,

    6/1998, 6 පි.

2 කොරින්ති 8:15

හරස් යොමු දැක්වීම්

  • +නික් 16:18

2 කොරින්ති 8:16

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 12:18

2 කොරින්ති 8:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1998, 7 පි.

2 කොරින්ති 8:19

පාදසටහන්

  • *

    ඒ කියන්නේ සභාවල වගකීම් දරන අය.

2 කොරින්ති 8:20

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 16:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2001, 30 පි.

2 කොරින්ති 8:21

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 3:4; 1පේතෘ 2:12

2 කොරින්ති 8:23

පාදසටහන්

  • *

    මූ.අ., “නියෝජිතයන්.”

2 කොරින්ති 8:24

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 1:22; 2:17

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 කොරි. 8:1රෝම 15:26
2 කොරි. 8:3ක්‍රියා 11:29; 2කොරි 9:7
2 කොරි. 8:3මාක් 12:43, 44
2 කොරි. 8:4රෝම 15:25, 26; 1කොරි 16:1; 2කොරි 9:1, 2
2 කොරි. 8:62කොරි 12:18
2 කොරි. 8:71තිමෝ 6:18
2 කොරි. 8:9මතෙ 8:20; ෆිලි 2:7
2 කොරි. 8:101කොරි 7:25
2 කොරි. 8:12ද්වි 16:10, 17; හිතෝ 3:27, 28
2 කොරි. 8:15නික් 16:18
2 කොරි. 8:162කොරි 12:18
2 කොරි. 8:201කොරි 16:1
2 කොරි. 8:21හිතෝ 3:4; 1පේතෘ 2:12
2 කොරි. 8:241පේතෘ 1:22; 2:17
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 කොරින්ති 8:1-24

දෙවෙනි කොරින්ති

8 සහෝදරයෙනි, මැසිඩෝනියාවේ තියෙන සභාවල අය දෙවියන්ගේ මහත් කරුණාව අද්දැකපු නිසා එයාලා කරන්න පෙලඹුණ දේ ගැන දැන් මං ඔයාලට කියන්න කැමතියි.+ 2 එයාලා ජීවත් වුණේ ලොකු පීඩාවක් මැද හරිම අමාරුවෙන්. ගොඩක් අගහිඟකමුත් එයාලට තිබුණා. ඒත් එයාලා දේවල් පරිත්‍යාග කළේ හරිම සතුටින්. ත්‍යාගශීලීකම අතින් එයාලා කොච්චර පොහොසත්ද කියලා ඒකෙන් පැහැදිලි වුණා. 3 එයාලට දෙන්න පුළුවන් හැම දේම එයාලා දුන්නා.+ ඇත්තටම දෙන්න පුළුවන් දේටත් වඩා වැඩියෙන් එයාලා දුන්නා.+ ඒ ගැන මට කිසිම සැකයක් නැතුව කියන්න පුළුවන්. 4 එයාලා කැමැත්තෙන්ම අපෙන් ඉල්ලුවා දේවල් පරිත්‍යාග කරන්න එයාලටත් අවස්ථාවක් දෙන්න කියලා. එයාලා එහෙම කිව්වේ කාගෙවත් බල කිරීම නිසා නෙමෙයි. එයාලට ඕනෙ වුණේ සහන සේවා වැඩවලට හවුල් වෙන්න. ශුද්ධ අය වෙනුවෙන් කරපු ඒ සේවය+ එයාලා සැලකුවේ ලොකු ගෞරවයක් විදිහටයි. 5 දෙවියන්ගේ කැමැත්තට එකඟව එයාලා ස්වාමීන් වෙනුවෙනුත් අපි වෙනුවෙනුත් සතුටින්, ඇපකැප වෙලා සේවය කළා. ඇත්තටම අපි බලාපොරොත්තු වුණාටත් වඩා ගොඩක් වැඩියෙන් එයාලා දේවල් කළා. 6 ඔයාලත් ආදරෙන් දේවල් පරිත්‍යාග කරනවා. ඔයාලා පරිත්‍යාග කරපු දේවල් එකතු කරන්න පටන්ගත්තේ තීතස්+ නිසා ඒ වැඩේ ඉවර කරන්නත් අපි එයාටම භාර දුන්නා. 7 ඔයාලා හැම අතින්ම දේවල් හොඳට කරනවා. ඔයාලට හොඳ විශ්වාසයක් තියෙනවා. දක්ෂ විදිහට කතා කරන්න හැකියාවක්, හොඳ දැනුමක් ඔයාලට තියෙනවා. මොන දේ කළත් ඔයාලා හරිම උනන්දුවෙන් ඒක කරනවා. අපි ඔයාලට පෙන්නනවා වගේ ආදරයක් ඔයාලත් අනිත් අයට පෙන්නනවා. ඉතින් ත්‍යාගශීලීව දේවල් පරිත්‍යාග කරන එකත් දිගටම කරන්න.+

8 මං ඒක කිව්වේ ඔයාලට නියෝගයක් දෙන්න හිතාගෙන නෙමෙයි. ඒත් අනිත් අය කොච්චර ආසාවකින්ද ඒ දේ කරන්නේ කියලා ඔයාලා දැනගන්නවාට කැමති නිසයි. ඒ වගේම ඔයාලාගේ ආදරේ කොච්චර අවංකද කියලා දැනගන්න මං කැමති නිසයි. 9 අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් පෙන්නපු මහත් කරුණාව ගැන ඔයාලා හොඳින්ම දන්නවා. ඔහු හරිම පොහොසත් තත්වයක හිටියත් ඔයාලා වෙනුවෙන් ඔහු දුප්පත් කෙනෙක් වුණා.+ එහෙම කළේ ඔහුගේ දුප්පත්කම මාර්ගයෙන් ඔයාලට පොහොසත් වෙන්න අවස්ථාව දෙන්නයි.

10 මං මේ කියන්නේ මගේ අදහස.+ මේ වැඩේ කරන එකෙන් ප්‍රයෝජන ලැබෙන්නේ ඔයාලටමයි. ඔයාලා පරිත්‍යාග එකතු කරන්න අවුරුද්දකට කලින් පටන්ගත්තා විතරක් නෙමෙයි ඒක කරන්න ඔයාලට ලොකු ආසාවකුත් තියෙනවා කියලා පැහැදිලි වුණා. 11 ඉතින් ඔයාලා පටන්ගත්ත ඒ වැඩේ ඉවර කරන්න. ඔයාලට පුළුවන් විදිහට පරිත්‍යාග කරද්දී කලින් තිබුණ ආසාව නැති වෙලා නැහැ කියලා පැහැදිලි වෙයි. 12 කෙනෙක් කැමැත්තෙන්ම පරිත්‍යාග කරද්දී ඒ ගැන දෙවියන් සතුටු වෙනවා. මොකද දෙවියන් බලාපොරොත්තු වෙන්නේ කෙනෙක් තමන්ට පුළුවන් දේ දෙන එක+ මිසක් තමන්ට නැති දේ දෙන එක නෙමෙයි. 13 මං හදන්නේ ඔයාලට බර පටවලා අනිත් අයගේ බර සැහැල්ලු කරන්න නෙමෙයි. 14 ඒත් මේ වෙලාවේ ඔයාලා ළඟ වැඩිපුර දෙයක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් එයාලට හිඟ දේ ඒකෙන් පුරවන්න. එතකොට එයාලට වැඩිපුර තියෙන දෙයින් ඔයාලාගේ හිඟය පුරවන්න පුළුවන්. ඒකෙන් දෙගොල්ලන්ගෙම හිඟය පිරෙනවා.* 15 ශුද්ධ ලියවිලිවල ලියලා තියෙන්නේ මෙහෙමයි. “වැඩිපුර තිබුණ කෙනාට දේවල් තව වැඩි වුණේවත් අඩුවෙන් තිබුණ කෙනාට දේවල් තව අඩු වුණේවත් නැහැ.”+

16 අපිට ඔයාලා ගැන තියෙන උනන්දුවට සමාන උනන්දුවක් තීතස්ටත්+ ඔයාලා ගැන තියෙන එක ගැන අපි දෙවියන්ට ස්තුති කරනවා. 17 අපි දිරිගන්වපු නිසාම නෙමෙයි එයා ඔයාලා ළඟට එන්න කැමති වුණේ. අපි භාර දීපු වැඩේ කරන්න එයාට තියෙන්නෙත් ලොකු උනන්දුවක්. ඉතින් එයා ඔයාලා ළඟට එන්නේ එයාගෙම කැමැත්තෙන්. 18 අපි එයාත් එක්ක තවත් සහෝදරයෙක්ව එවනවා. ශුභාරංචිය දේශනා කරන්න ඒ සහෝදරයා කරපු දේවල් නිසා හැම සභාවකම අය එයාට ප්‍රශංසා කරනවා. 19 ඒ විතරක් නෙමෙයි පරිත්‍යාග කරපු දේවල් අපි බෙදලා දෙන්න යන ගමන්වලට හවුල් වෙන්න සභාවන්* එයාව පත් කළා. පරිත්‍යාග බෙදලා දෙද්දී ස්වාමීන්ට ගෞරවයක් ලැබෙනවා වගේම අනිත් අයට උදව් කරන්න අපිට තියෙන කැමැත්ත ඒකෙන් ඔප්පු වෙනවා. 20 හරිම ත්‍යාගශීලීව ලබා දීපු සම්මාදම් අපි බෙදලා දෙන විදිහ ගැන අපිට ඇඟිල්ල දික් කරන්න අපි කාටවත් කිසිම ඉඩක් තියන්නේ නැහැ.+ 21 මොකද අපි ‘යෙහෝවා* ඉස්සරහා විතරක් නෙමෙයි මිනිස්සු ඉස්සරහත් හැම දෙයක්ම අවංකව කරන්න වගබලා ගන්නවා.’+

22 අපේ තවත් සහෝදරයෙක්ව අපි එයාලා එක්ක එවනවා. කීප සැරයක්ම අපි එයාව පාවිච්චි කරලා තියෙනවා. ඒ හැම වතාවකදීම එයාට භාර දීපු හැම වැඩක්ම එයා හොඳින් කළා. ඔයාලා හරි දේ කරයි කියලා එයාට විශ්වාසයක් තියෙන නිසා දැන් එයා කලින්ටත් වඩා මහන්සි වෙලා සේවය කරයි. 23 තීතස් කවුද කියන එක ගැන ඔයාලාගෙන් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එයා මං වගේම ඔයාලා වෙනුවෙන් සේවය කරන මගේ හවුල් සේවකයෙක් කියලා ඒ කෙනාට කියන්න. එයාත් එක්ක එන අපේ අනිත් සහෝදරයන් ගැන කවුරු හරි ප්‍රශ්න කරනවා නම් එයාලා සභාවන් නියෝජනය කරන අය* කියලත් එයාලා ක්‍රිස්තුස්ට ගෞරවයක් ගේන විදිහට සේවය කරන අය කියලත් කියන්න. 24 ඉතින් ඒ සහෝදරයන්ට ඔයාලා ආදරෙයි කියලා ඔප්පු කරලා පෙන්නන්න.+ ඒ වගේම අපි ඔයාලා ගැන ආඩම්බරයෙන් කියපු දේවල් බොරු නෙමෙයි කියලත් පෙන්නන්න. එතකොට සභාවන්වලටත් ඒ ගැන දැනගන්න ලැබෙයි.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න