ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 කොරින්ති 9
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 කොරින්ති පොතේ සාරාංශයක්

      • පරිත්‍යාග කරන්න පෙලඹෙන්න ඕනෙ හේතුව (1-15)

        • දෙවියන් ආදරේ කරන්නේ සතුටින් දෙන කෙනාටයි (7)

2 කොරින්ති 9:1

හරස් යොමු දැක්වීම්

  • +රෝම 15:26; 1කොරි 16:1; 2කොරි 9:12

2 කොරින්ති 9:6

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 11:24; 19:17; 22:9; දේශ 11:1; ලූක් 6:38

2 කොරින්ති 9:7

පාදසටහන්

  • *

    හෝ, “අදිමදි කරකරවත්.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 15:7, 10
  • +නික් 22:29; හිතෝ 11:25; ක්‍රියා 20:35; හෙබ්‍රෙ 13:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 155 ලිපිය

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 55 පාඩම

    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!, 196 පි.

    මුරටැඹ,

    9/1/2013, 13 පි.

    12/1/2012, 5 පි.

    11/1/1998, 26 පි.

    පිබිදෙව්!,

    5/2008, 21 පි.

2 කොරින්ති 9:8

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 28:27; මලා 3:10; ෆිලි 4:18, 19

2 කොරින්ති 9:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 112:9

2 කොරින්ති 9:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!, 210-212 පි.

2 කොරින්ති 9:12

හරස් යොමු දැක්වීම්

  • +රෝම 15:26, 27; 2කොරි 8:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!, 210-216 පි.

    මුරටැඹ,

    11/15/2000, 11-12 පි.

2 කොරින්ති 9:13

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 5:16; හෙබ්‍රෙ 13:16; යාකො 1:27; 1යොහ 3:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ, 2/15/1997, 30 පි.

    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!, 210-212 පි.

2 කොරින්ති 9:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!, 210-212, 216-217 පි.

2 කොරින්ති 9:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 2 2017 4 පි.

    මුරටැඹ (පාඩම්),

    1/2016, 12-13 පි.

    මුරටැඹ,

    11/15/2015, 14 පි.

    12/1/1993, 28 පි.

    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!, 210-212 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 කොරි. 9:1රෝම 15:26; 1කොරි 16:1; 2කොරි 9:12
2 කොරි. 9:6හිතෝ 11:24; 19:17; 22:9; දේශ 11:1; ලූක් 6:38
2 කොරි. 9:7ද්වි 15:7, 10
2 කොරි. 9:7නික් 22:29; හිතෝ 11:25; ක්‍රියා 20:35; හෙබ්‍රෙ 13:16
2 කොරි. 9:8හිතෝ 28:27; මලා 3:10; ෆිලි 4:18, 19
2 කොරි. 9:9ගීතා 112:9
2 කොරි. 9:12රෝම 15:26, 27; 2කොරි 8:14
2 කොරි. 9:13මතෙ 5:16; හෙබ්‍රෙ 13:16; යාකො 1:27; 1යොහ 3:17
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 කොරින්ති 9:1-15

දෙවෙනි කොරින්ති

9 ශුද්ධ අය වෙනුවෙන් කරන සේවය+ ගැන මම ඔයාලට ආයේ අමුතුවෙන් ලියන්න ඕනෙ නැහැ. 2 මොකද ඔයාලා උදව් කරන්න කැමැත්තෙන් ඉන්නවා කියලා මං දන්නවා. ඇකේයාවේ සහෝදරයෝ අවුරුද්දකට කලින් ඉඳන්ම උදව් කරන්න ලෑස්ති පිට ඉන්නවා කියලා මැසිඩෝනියාවේ ඉන්න අයට මං ආඩම්බරයෙන් කිව්වා. උදව් කරන්න ඔයාලට තිබුණ කැමැත්ත දැකලා එයාලාගෙන් හුඟදෙනෙකුත් ඒ දේම කරන්න පෙලඹුණා. 3 අපි ඔයාලා ගැන ආඩම්බරයෙන් කියපු දේවල් බොරුවක් නෙමෙයි කියලා ඔප්පු කරලා පෙන්නන්න ඔයාලට පුළුවන්. මම මේ සහෝදරයන්ව ඔයාලා ළඟට එවන්නෙත් ඒ නිසයි. ඉතින් මම කියපු විදිහටම උදව් කරන්න ඔයාලා සූදානමින් ඉන්නවා කියලා ඔප්පු කරලා පෙන්නන්න. 4 නැත්නම් මැසිඩෝනියාවේ අය මාත් එක්ක ආවාම එයාලා දකියි ඔයාලා ඉන්නේ උදව් කරන්න ලෑස්ති පිට නෙමෙයි කියලා. ඒකෙන් වෙන්නේ ඔයාලා ගැන විශ්වාසය තිබ්බ අපි ලැජ්ජාවට පත් වෙන එකයි. අපිට විතරක් නෙමෙයි ඔයාලටත් ලැජ්ජා වෙන්න වෙයි. 5 ඉතින් මං ඔයාලා ළඟට එන්න කලින් මේ සහෝදරයන්ට ඔයාලා ළඟට යන්න දිරිගන්වන එක හොඳයි කියලා මං හිතුවා. ඔයාලා ත්‍යාගශීලීව දෙනවා කියලා පොරොන්දු වුණ තෑග්ග වේලාසනින්ම එකතු කරලා තියන්න ඔයාලට පුළුවන්. එතකොට අපි එද්දී ඔයාලා දෙන තෑග්ග ලෑස්තියි. ඔයාලා ඒක දෙන්නේ අපි බල කරන නිසා නෙමෙයි ඔයාලාගෙම ත්‍යාගශීලීකම නිසයි කියලා ඒකෙන් පැහැදිලි වෙයි.

6 මේ කාරණය මතක තියාගන්න. ලෝභ විදිහට වපුරන කෙනා නෙළාගන්නේ පොඩි ප්‍රමාණයක්. ලෝභ නැතුව වපුරන කෙනා මදි නොකියන්න නෙළාගන්නවා.+ 7 එක් එක් කෙනා තමන් දෙනවා කියලා හිතින් තීරණය කරපු දේ දෙන්න. අකමැත්තෙන්වත්* තව කෙනෙක් බල කරන නිසාවත්+ දෙන එකෙන් වැඩක් නැහැ. මොකද දෙවියන් ආදරේ කරන්නේ සතුටින් දෙන කෙනාටයි.+

8 ඔයාලට තව වැඩියෙන් මහත් කරුණාව පෙන්නන්න දෙවියන්ට පුළුවන් කියලා මතක තියාගන්න. එතකොට ඔයාලට කිසිම දේකින් කිසිම අඩුවක් වෙන්නේ නැහැ. යහපත් දේවල් කරන්න අවශ්‍ය හැම දෙයක්මත් ඔයාලට තියෙයි.+ 9 (ශුද්ධ ලියවිලිවලත් ලියලා තියෙන්නේ මෙහෙමයි. “තමන් ළඟ තියෙන දේවල් ඔහු අදිමදි නොකර දෙනවා. දුප්පත් අයට ඇති තරම් දෙනවා. ඔහුගේ ධර්මිෂ්ඨ ක්‍රියා හැමදාටම පවතිනවා.”+ 10 වපුරන කෙනාට ඇති තරම් බීජත් කෑමට අවශ්‍ය දේත් ලබා දෙන තැනැත්තා, ඔයාලටත් වපුරන්න ඕනෙ කරන බීජ කිසිම අඩුවක් නැතුව ලබා දෙයි. ඔයාලා කරන ධර්මිෂ්ඨ දේවල්වලට ලැබෙන ප්‍රතිඵල ඔහු තව තවත් වැඩි කරයි.) 11 ඔයාලට ගොඩක් ආශීර්වාද ලැබිලා තියෙන්නේ හැම අතින්ම ත්‍යාගශීලී වෙන්න ඔයාලටත් පුළුවන් වෙන්නයි. ඔයාලා දෙන පරිත්‍යාගය අපි අනිත් අයට බෙදලා දෙද්දී එයාලා දෙවියන්ට ස්තුති කරයි. 12 අනිත් අය වෙනුවෙන් කරන මේ සේවයෙන් වෙන්නේ ශුද්ධ අයට අවශ්‍ය දේවල් ලබා දෙන එක විතරක් නෙමෙයි.+ මේ සේවය නිසා හුඟදෙනෙක් ගොඩක් විදිවලින් දෙවියන්ට ස්තුති කරන්න පෙලඹෙනවා. 13 සහන සේවා වැඩවලට හවුල් වෙලා ඔයාලා ඔප්පු කරලා පෙන්නනවා ඔයාලා ඇත්තටම මොන වගේ අයද කියලා. ක්‍රිස්තුස් ගැන දේශනා කරන ශුභාරංචියට එකඟව ඔයාලා වැඩ කරන නිසාත් ශුද්ධ අය වෙනුවෙන් වගේම අනිත් අය වෙනුවෙන් ඔයාලා ත්‍යාගශීලීව දේවල් දෙන නිසාත් ඒ හැමෝම දෙවියන්ට ප්‍රශංසා කරයි.+ 14 දෙවියන් ඔයාලට කියලා නිම කරන්න බැරි කරුණාවක් පෙන්නලා තියෙන නිසා ඔයාලා වෙනුවෙන් එයාලා දෙවියන්ට කන්නලව් කරයි. එයාලාගේ හිත්වල ඔයාලා ගැන තියෙන්නේ ලොකු සෙනෙහසක්.

15 වචනවලින් විස්තර කරන්න බැරි, දෙවියන් නොමිලේ ලබා දෙන තෑග්ගට අපි ඔහුට ස්තුති කරනවා.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න