ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 16
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ද්විතීය කතාව පොතේ සාරාංශයක්

      • පාස්කුව; මුහුන් දාපු නැති රොටි උත්සවය (1-8)

      • සති උත්සවය (9-12)

      • පැල් උත්සවය (13-17)

      • විනිශ්චයකරුවන්ව පත් කරයි (18-20)

      • නමස්කාරයට පාවිච්චි කරන්න බැරි දේවල් (21, 22)

ද්විතීය කතාව 16:1

පාදසටහන්

  • *

    උප. B15 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:14; ලෙවී 23:5; ගණන් 9:2; 28:16; 1කොරි 5:7
  • +නික් 34:18

ද්විතීය කතාව 16:2

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 26:17
  • +නික් 12:5, 6; 2ලේක 35:7
  • +1රාජා 8:29

ද්විතීය කතාව 16:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 13:3; ලෙවී 23:6; ගණන් 28:17; 1කොරි 5:8
  • +නික් 12:33
  • +නික් 12:14; 13:8, 9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 1/2021, 2 පි.

ද්විතීය කතාව 16:4

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:15; 13:7
  • +නික් 12:10; 34:25

ද්විතීය කතාව 16:6

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:3, 6; ගණන් 9:2, 3; මතෙ 26:19, 20

ද්විතීය කතාව 16:7

හරස් යොමු දැක්වීම්

  • +යොහ 2:13; 11:55
  • +නික් 12:8; 2ලේක 35:13

ද්විතීය කතාව 16:8

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:16; ලෙවී 23:8

ද්විතීය කතාව 16:9

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:16; 34:22; ලෙවී 23:15

ද්විතීය කතාව 16:10

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 28:26
  • +ද්වි 16:17; 1කොරි 16:2; 2කොරි 8:12

ද්විතීය කතාව 16:11

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 12:5-7

ද්විතීය කතාව 16:12

හරස් යොමු දැක්වීම්

  • +නික් 3:7; ද්වි 5:15

ද්විතීය කතාව 16:13

පාදසටහන්

  • *

    හෝ, “තාවකාලික මඩු.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:16; ලෙවී 23:34; ගණන් 29:12; ද්වි 31:10, 11; යොහ 7:2

ද්විතීය කතාව 16:14

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 12:12; නෙහෙ 8:10, 17; දේශ 5:18

ද්විතීය කතාව 16:15

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 23:36, 40; නෙහෙ 8:18
  • +ද්වි 7:13; 28:8; 30:16
  • +ෆිලි 4:4; 1තෙස 5:16

ද්විතීය කතාව 16:16

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:14, 15
  • +ද්වි 16:10
  • +ද්වි 16:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    3/2022, 24 පි.

    මුරටැඹ,

    3/1/1998, 8-9 පි.

    9/15/1995, 22 පි.

ද්විතීය කතාව 16:17

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 8:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 46 පාඩම

    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!, 196 පි.

ද්විතීය කතාව 16:18

හරස් යොමු දැක්වීම්

  • +නික් 18:25, 26; ද්වි 1:16; 2ලේක 19:4, 5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 7/2021, 4 පි.

ද්විතීය කතාව 16:19

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:2; ලෙවී 19:15
  • +ද්වි 1:17
  • +නික් 23:8; 1සාමු 12:3; දේශ 7:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 7/2021, 2-3 පි.

ද්විතීය කතාව 16:20

හරස් යොමු දැක්වීම්

  • +මීකා 6:8

ද්විතීය කතාව 16:21

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +නික් 34:13

ද්විතීය කතාව 16:22

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:24; ලෙවී 26:1; ද්වි 12:3

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ද්වි. 16:1නික් 12:14; ලෙවී 23:5; ගණන් 9:2; 28:16; 1කොරි 5:7
ද්වි. 16:1නික් 34:18
ද්වි. 16:2මතෙ 26:17
ද්වි. 16:2නික් 12:5, 6; 2ලේක 35:7
ද්වි. 16:21රාජා 8:29
ද්වි. 16:3නික් 13:3; ලෙවී 23:6; ගණන් 28:17; 1කොරි 5:8
ද්වි. 16:3නික් 12:33
ද්වි. 16:3නික් 12:14; 13:8, 9
ද්වි. 16:4නික් 12:15; 13:7
ද්වි. 16:4නික් 12:10; 34:25
ද්වි. 16:6නික් 12:3, 6; ගණන් 9:2, 3; මතෙ 26:19, 20
ද්වි. 16:7යොහ 2:13; 11:55
ද්වි. 16:7නික් 12:8; 2ලේක 35:13
ද්වි. 16:8නික් 12:16; ලෙවී 23:8
ද්වි. 16:9නික් 23:16; 34:22; ලෙවී 23:15
ද්වි. 16:10ගණන් 28:26
ද්වි. 16:10ද්වි 16:17; 1කොරි 16:2; 2කොරි 8:12
ද්වි. 16:11ද්වි 12:5-7
ද්වි. 16:12නික් 3:7; ද්වි 5:15
ද්වි. 16:13නික් 23:16; ලෙවී 23:34; ගණන් 29:12; ද්වි 31:10, 11; යොහ 7:2
ද්වි. 16:14ද්වි 12:12; නෙහෙ 8:10, 17; දේශ 5:18
ද්වි. 16:15ලෙවී 23:36, 40; නෙහෙ 8:18
ද්වි. 16:15ද්වි 7:13; 28:8; 30:16
ද්වි. 16:15ෆිලි 4:4; 1තෙස 5:16
ද්වි. 16:16නික් 23:14, 15
ද්වි. 16:16ද්වි 16:10
ද්වි. 16:16ද්වි 16:13
ද්වි. 16:172කොරි 8:12
ද්වි. 16:18නික් 18:25, 26; ද්වි 1:16; 2ලේක 19:4, 5
ද්වි. 16:19නික් 23:2; ලෙවී 19:15
ද්වි. 16:19ද්වි 1:17
ද්වි. 16:19නික් 23:8; 1සාමු 12:3; දේශ 7:7
ද්වි. 16:20මීකා 6:8
ද්වි. 16:21නික් 34:13
ද්වි. 16:22නික් 23:24; ලෙවී 26:1; ද්වි 12:3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ද්විතීය කතාව 16:1-22

ද්විතීය කතාව

16 “ආබීබ්* මාසේ වැදගත් මාසයක් කියලා මතක තියාගන්න. ඒ මාසේදී ඔයාලාගේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් පාස්කු උත්සවය පවත්වන්න ඕනේ.+ මොකද ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනාවේ ආබීබ් මාසේ රෑක.+ 2 ඔයාලාගේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් පවත්වන පාස්කු උත්සවයට+ අවශ්‍ය පූජාව ඔයාලාගේ රැළවල්වලින්+ අරගන්න. යෙහෝවා ඔහුගේ නම දරන්න තෝරගන්න තැනට ගිහින් ඒ පූජාව ඔප්පු කරන්න.+ 3 ඊටපස්සේ මුහුන් දාපු නැති රොටි එක්ක ඒ සතාව කෑමට ගන්න.+ එදා ඉඳන් දවස් හතක් යන කල් මුහුන් දාපු කිසිම දෙයක් කන්න අවසර නැහැ. ඔයාලා ඊජිප්තුවෙන් හදිස්සියේම+ පිටත් වෙලා ආපු දවසේ කළා වගේ මුහුන් දාපු නැති රොටි විතරක් කෑමට ගන්න. එහෙම කරද්දී ඔයාලා අද්දැක්ක දුක් පීඩා ඔයාලට මතක් වෙයි. ඒ වගේම ඊජිප්තුවෙන් ඔයාලා නිදහස් වෙලා ආපු විදිහත් ඔයාලට කවදාවත් අමතක වෙන එකක් නැහැ.+ 4 ඒ දවස් හත ඉවර වෙන කල් ඔයාලා ජීවත් වෙන ප්‍රදේශයේ කිසිම තැනක පිපුණු පිටි තියාගන්න එපා.+ පළවෙනි දවසේ හවස ඔප්පු කරන සතාගේ මස් ඊළඟ දවසේ උදේ වෙන කල් තියාගන්න එපා.+ 5 ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට ලබා දෙන දේශයේ ඔයාලා කැමති කැමති නගරවලදී පාස්කු උත්සවයට ගන්න සතාව ඔප්පු කරන්න අවසර නැහැ. 6 ඒ වෙනුවට සතාව ඔප්පු කරන්න ඕනෙ ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔහුගේ නම දරන්න තෝරගන්න තැනට ගිහිල්ලයි. ඌව මරන්න ඕනෙ ඉර බැහැලා යනවාත් එක්කමයි.+ මොකද ඔයාලා ඊජිප්තුවෙන් පිටත් වෙලා ආපු දවසේ වුණෙත් ඒ වගේ දෙයක්. 7 ඔයාලාගේ දෙවි වන යෙහෝවා තෝරගන්න තැනට ගිහින්+ ඒ සතාව ගින්නෙන් පුච්චලා කෑමට ගන්න.+ පහුවෙනිදා උදේට ඔයාලාගේ කූඩාරම්වලට යන්න පුළුවන්. 8 දවස් හයක් යන කල් මුහුන් දාපු නැති රොටි කන්න. හත්වෙනි දවසේදී ඔයාලාගේ දෙවි වන යෙහෝවාට නමස්කාර කරන්න ශුද්ධ එක්රැස්වීමක් පවත්වන්න. ඒ දවසේදී කිසිම වැඩක් කරන්න ඔයාලට අවසර නැහැ.+

9 “දෑකැත්තෙන් අස්වැන්න නෙළන්න පටන්ගන්න දවසේ ඉඳන් සති හතක් ගණන් කරන්න.+ 10 ඊටපස්සේ ඔයාලාගේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් සති උත්සවය පවත්වන්න.+ ඒ උත්සවයේදී ඔයාලාගේ දෙවි වන යෙහෝවාට ඔයාලාගේ අස්වැන්නෙන් කොටසක් කැමැත්තෙන්ම දෙන්න. ඔහු ඔයාලා එක් එක් කෙනාට ආශීර්වාද කරලා තියෙන විදිහට ඒක දෙන්න පුළුවන්.+ 11 ඔයාලයි, ඔයාලාගේ දූපුතුනුයි, ඔයාලාගේ දාස දාසීනුයි, ඔයාලාගේ නගරේ ජීවත් වෙන ලෙවීවරුනුයි, ඔයාලා අතරේ ඉන්න විදේශිකයනුයි, තාත්තා නැති දරුවනුයි, වැන්දඹුවනුයි ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඉස්සරහා සතුටු වෙන්න ඕනේ. ඒ විදිහට ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔහුගේ නම දරන්න තෝරගන්න තැනට ගිහින් සතුටු වෙන්න ඔයාලට පුළුවන්.+ 12 ඔයාලත් ඊජිප්තුවේ වහලුන් විදිහට හිටියා කියලා මතක තියාගන්න.+ ඒ නිසා මේ හැම නියෝගයක්ම ඒ විදිහටම පිළිපදින්න වගබලා ගන්න.

13 “ඔයාලාගේ අස්වැන්න කමතෙන් ගෙනල්ලා රැස් කරගත්තාට පස්සේ සහ ඔයාලාගේ වතුවල පලදාවෙන් තෙලුයි, වයිනුයි රැස් කරගත්තාට පස්සේ දවස් හතක් පුරා පැල්* උත්සවය+ පවත්වන්න ඕනේ. 14 මේ උත්සව කාලේදී ඔයාලා ඔයාලාගේ දූපුතුන්, ඔයාලාගේ දාස දාසීන්, ඔයාලාගේ නගරවල ජීවත් වෙන ලෙවීවරුන්, විදේශිකයන්, තාත්තා නැති දරුවන් සහ වැන්දඹුවන් එක්ක සතුටු වෙන්න.+ 15 යෙහෝවා තෝරගන්න තැනට ගිහිල්ලා ඔයාලාගේ දෙවි වන යෙහෝවාට ගෞරව කරන්න දවස් හතක් ඔයාලා මේ උත්සවය පවත්වයි.+ ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලාගේ අස්වැන්නටත් ඔයාලා කරන හැම දේකටමත් ආශීර්වාද+ කරන නිසා ඔයාලා නිමක් නැති සතුටක් අද්දකියි.+

16 “සෙනඟ අතරේ ඉන්න හැම පුරුෂයෙක්ම ඔයාලාගේ දෙවි වන යෙහෝවා තෝරගන්න තැනට අවුරුද්දකට තුන් පාරක් යන්න ඕනේ. මුහුන් නොදැමූ රොටි උත්සවයේදී,+ සති උත්සවයේදී+ සහ පැල් උත්සවයේදී+ එයාලා යෙහෝවා ඉස්සරහට යන්න ඕනේ. එහෙම යද්දී කිසිම කෙනෙක් හිස් අතින් යන්න එපා. 17 ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලා එක් එක් කෙනාට ආශීර්වාද කරලා තියෙන විදිහට ඔයාලා පරිත්‍යාග කරන දේ ගෙනියන්න.+

18 “ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට ලබා දෙන හැම නගරෙකටම විනිශ්චයකරුවන්වයි,+ නිලධාරීන්වයි පත් කරන්න. එක එක ගෝත්‍ර වෙනුවෙන් පත් කරන ඒ අය සෙනඟව විනිශ්චය කරද්දී සාධාරණය ඉටු කරන්න ඕනේ. 19 එයාලා අතින් කිසිම අසාධාරණයක් වෙන්න බැහැ.+ එයාලා හැමෝටම එක වගේ සලකන්න ඕනේ.+ අල්ලස් ගන්න එකෙනුත් වළකින්න ඕනේ. මොකද ඥානවන්තව විනිශ්චය කරන කෙනෙක් වුණත් අල්ලසක් නිසා නොමඟ යන්න පුළුවන්.+ ධර්මිෂ්ඨ කෙනෙක් වුණත් අල්ලසක් නිසා තමා දෙන තීන්දුව වෙනස් කරන්න පෙලඹෙන්න පුළුවන්. 20 එයාලා විනිශ්චය කරද්දී යුක්තිය, සාධාරණය ඉටු කරන්නම ඕනේ.+ එහෙම කරනවා නම් එයාලාගේ ජීවිතේ රැකගන්නත් ඔයාලාගේ දෙවි වන යෙහෝවා ලබා දෙන දේශයේ දිගටම ජීවත් වෙන්නත් එයාලට පුළුවන් වෙයි.

21 “ඔයාලාගේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් හදන පූජාසනය ළඟ නමස්කාර කරන්න කණුවක්*+ විදිහට කිසිම ගහක් පැළ කරන්න එපා.

22 “නමස්කාර කරන්න කුලුනක් ඉදි කරන්නත් එපා.+ ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඒ වගේ දේවල් පිළිකුල් කරනවා.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න