ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 7
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති පොතේ සාරාංශයක්

      • නැවට ඇතුල් වෙයි (1-10)

      • ජලගැල්ම පොළොවටම බලපායි (11-24)

උත්පත්ති 7:1

හරස් යොමු දැක්වීම්

  • +උත් 6:9; හෙබ්‍රෙ 10:38; 11:7; 1පේතෘ 3:12; 2පේතෘ 2:5, 9

උත්පත්ති 7:2

පාදසටහන්

  • *

    මෙතන කතා කරන්නේ පූජා කරන්න සුදුසු සත්තු ගැන වෙන්න පුළුවන්.

  • *

    හෝ සමහරවිට, “ජෝඩු හත.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 8:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2007, 31 පි.

    1/1/2004, 29-30 පි.

උත්පත්ති 7:3

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ජෝඩු හත.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 7:23; 8:19

උත්පත්ති 7:4

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:5
  • +උත් 7:11, 12
  • +උත් 6:7, 17

උත්පත්ති 7:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 8:13

උත්පත්ති 7:7

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 17:27; හෙබ්‍රෙ 11:7

උත්පත්ති 7:8

හරස් යොමු දැක්වීම්

  • +උත් 6:19, 20

උත්පත්ති 7:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/1/2013, 14-15 පි.

    විශ්වාසය ආදර්ශයක්, 22-23 පි.

උත්පත්ති 7:11

පාදසටහන්

  • *

    පේන විදිහට මෙතන කතා කරන්නේ අවකාශයට ඉහළින් තිබුණු ජලය ගැනයි.

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:7; 8:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2004, 30 පි.

උත්පත්ති 7:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2013, 12 පි.

උත්පත්ති 7:13

හරස් යොමු දැක්වීම්

  • +උත් 9:18; 1ලේක 1:4
  • +උත් 6:18; 1පේතෘ 3:20; 2පේතෘ 2:5

උත්පත්ති 7:15

පාදසටහන්

  • *

    මූ.අ., “ජීවන හුස්ම ඇති හැම සතෙක්ම.”

උත්පත්ති 7:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2013, 13-14 පි.

උත්පත්ති 7:19

හරස් යොමු දැක්වීම්

  • +2පේතෘ 3:5, 6

උත්පත්ති 7:20

පාදසටහන්

  • *

    රියනක් කියන්නේ සෙ.මී. 44.5ක් (අඟල් 17.5ක්). ඒ කියන්නේ ජල මට්ටම මීටර් 6.5ක් විතර තිබුණා. උප. B14 බලන්න.

උත්පත්ති 7:21

පාදසටහන්

  • *

    පේන විදිහට මෙතන කතා කරන්නේ රංචු පිටින් ඉන්න පොඩි සත්තු ගැන.

හරස් යොමු දැක්වීම්

  • +උත් 6:7, 17
  • +ලූක් 17:27

උත්පත්ති 7:22

පාදසටහන්

  • *

    මූ.අ., “ජීවන හුස්ම ඇති හැම ජීවියෙක්ම.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:7; 7:15; දේශ 3:19; යෙසා 42:5

උත්පත්ති 7:23

හරස් යොමු දැක්වීම්

  • +උත් 6:7; 2පේතෘ 3:5, 6
  • +මතෙ 24:37-39; 1පේතෘ 3:20; 2පේතෘ 2:5, 9

උත්පත්ති 7:24

හරස් යොමු දැක්වීම්

  • +උත් 8:3

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

උත්. 7:1උත් 6:9; හෙබ්‍රෙ 10:38; 11:7; 1පේතෘ 3:12; 2පේතෘ 2:5, 9
උත්. 7:2උත් 8:20
උත්. 7:3උත් 7:23; 8:19
උත්. 7:4උත් 2:5
උත්. 7:4උත් 7:11, 12
උත්. 7:4උත් 6:7, 17
උත්. 7:6උත් 8:13
උත්. 7:7ලූක් 17:27; හෙබ්‍රෙ 11:7
උත්. 7:8උත් 6:19, 20
උත්. 7:11උත් 1:7; 8:2
උත්. 7:13උත් 9:18; 1ලේක 1:4
උත්. 7:13උත් 6:18; 1පේතෘ 3:20; 2පේතෘ 2:5
උත්. 7:192පේතෘ 3:5, 6
උත්. 7:21උත් 6:7, 17
උත්. 7:21ලූක් 17:27
උත්. 7:22උත් 2:7; 7:15; දේශ 3:19; යෙසා 42:5
උත්. 7:23උත් 6:7; 2පේතෘ 3:5, 6
උත්. 7:23මතෙ 24:37-39; 1පේතෘ 3:20; 2පේතෘ 2:5, 9
උත්. 7:24උත් 8:3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
උත්පත්ති 7:1-24

උත්පත්ති

7 ඊටපස්සේ යෙහෝවා දෙවියන් නෝවාට මෙහෙම කිව්වා. “මේ පරම්පරාවේ ඉන්න මිනිස්සු අතරින් ඔයාව තමයි මං ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට දකින්නේ.+ ඉතින් ඔයා, ඔයාගේ පවුලේ හැමෝම එක්ක දැන් නැවට ඇතුල් වෙන්න. 2 ඔයා හැම පවිත්‍ර සතෙක්ගෙන්ම* හත්දෙනා* ගාණේ ගෙනියන්න ඕනේ.+ ඒකට ගැහැනු සතුන් සහ පිරිමි සතුන් ඇතුළත් වෙන්න ඕනේ. හැම අපවිත්‍ර සතෙක්ගෙන්ම දෙන්නා ගාණේ, ඒ කියන්නේ පිරිමි සතෙක්වයි, ගැහැනු සතෙක්වයි ගෙනියන්න ඕනේ. 3 අහසේ පියාසර කරන ජීවීන්ගෙනුත් හත්දෙනා* ගාණේ ගෙනියන්න. ඒකට ගැහැනු සහ පිරිමි සතුන් ඇතුළත් වෙන්න ඕනේ. එතකොට උන් විනාශ නොවී වර්ගයා බෝ කරලා පොළොව පුරාම පැතිරිලා යයි.+ 4 තව දවස් හතකින් මම වැස්සක් ඇති කරනවා.+ ඒ වැස්ස දවල් 40ක් සහ රෑ 40ක් පුරා+ දිගටම පොළොවට ඇද හැලෙයි. මම හදපු මිනිස්සු, සත්තු හැමෝවම මම පොළොවෙන් නැති කරලා දානවා.”+ 5 යෙහෝවා අණ කරපු හැම දෙයක්ම නෝවා කළා.

6 මහ ජලගැල්ම පොළොවේ ඇති වෙද්දී නෝවාගේ වයස අවුරුදු 600යි.+ 7 ජලගැල්ම පටන්ගන්න කලින් නෝවායි, එයාගේ බිරිඳයි, එයාගේ පුතාලයි, පුතාලාගේ භාර්යාවනුයි නැවට ඇතුල් වුණා.+ 8 හැම පවිත්‍ර සතෙක්මයි, අපවිත්‍ර සතෙක්මයි, පියාසර කරන හැම ජීවියෙක්මයි, අනිත් හැම කුඩා සතෙක්මයි+ 9 නෝවා හිටපු නැවට ඇතුල් වුණා. දෙවියන් නෝවාට කියපු විදිහටම උන් නැවට ඇතුල් වුණේ ජෝඩු විදිහට. 10 දවස් හතකට පස්සේ ඇද හැලුණ වැස්ස නිසා පොළොව ජලයෙන් යට වෙන්න පටන්ගත්තා.

11 නෝවාගේ ජීවිතේ 600වෙනි අවුරුද්දේ දෙවෙනි මාසයේ 17වෙනි දවසේ මහා ජල කඳේ* සියලුම දිය උල්පත් බිඳිලා ගියා. අහසේ කවුළුත් ඇරුණා.+ 12 දවල් 40ක් සහ රෑ 40ක් පුරා දිගටම වැසි ඇද හැලුණා. 13 ඒ දවසේදී නෝවා, එයාගේ පුතාලා වුණ ෂෙම්, හාම්, යාෆෙත්+ වගේම නෝවාගේ බිරිඳ සහ එයාගේ පුතාලාගේ භාර්යාවන් තුන්දෙනාත් නැවට ඇතුල් වුණා.+ 14 ඒ ඒ වර්ග විදිහට බෝ වෙන හැම වනසතෙක්ම, හීලෑ සතෙක්ම, කුඩා සතෙක්ම, පියාසර කරන හැම ජීවියෙක්ම, ඒ කියන්නේ හැම කුරුල්ලෙක්ම සහ තටු තියෙන හැම සතෙක්ම එයාලා එක්ක නැවට ඇතුල් වෙලා හිටියා. 15 ඒ හැම සතෙක්ම* දෙන්නා ගාණේ නෝවා හිටපු නැවට ඇතුල් වුණා. 16 දෙවියන් නෝවාට කියපු විදිහටම ඒ හැම සතෙක්ම ජෝඩු විදිහට නැවට ඇතුල් වුණා. ඊටපස්සේ යෙහෝවා නැවේ දොර වැහුවා.

17 දවස් 40ක් එක දිගටම වැසි පොළොවට ඇද හැලුණ නිසා ජල මට්ටම එන්න එන්නම වැඩි වුණා. කොච්චරද කියනවා නම් නැව පාවෙන්න පටන්ගත්තා. 18 ජල මට්ටම හරිම වේගයෙන් වැඩි වුණා. නැව දිගටම ජලයේ පා වෙලා ගියා. 19 පොළොව සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වුණා. පොළොවේ තිබුණ හැම උස කන්දක්ම වතුරට යට වුණා.+ 20 කඳු මුදුන්වලට වඩා රියන් 15ක්* උසට ජල මට්ටම තිබුණා.

21 පොළොවේ හිටපු හැම ජීවියෙක්ම මැරුණා.+ පියාසර කරන ජීවීන්, හීලෑ සතුන්, වනසතුන්, අනිත් හැම පොඩි සතෙක්ම* සහ ඔක්කොම මිනිස්සු මැරුණා.+ 22 ගොඩබිමේ හිටපු හැම ජීවියෙක්ම* මැරුණා.+ 23 ඒ විදිහට දෙවියන් මිනිස්සුන්, සතුන්, කුඩා සතුන්, අහසේ පියාසර කරන ජීවීන් ඇතුළුව පොළොවේ හිටපු හැම ජීවියෙක්ම නැති කරලා දැම්මා.+ බේරුණේ නෝවායි, එයාගේ පවුලේ අයයි, එයාත් එක්ක නැවේ හිටපු සත්තුයි විතරයි.+ 24 දවස් 150ක් පුරා පොළොව සම්පූර්ණයෙන්ම වතුරට යට වෙලා තිබුණා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න