ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ද්විතීය කතාව පොතේ සාරාංශයක්

      • හොරෙබ්වලදී යෙහෝවා ඇති කරගත්ත ගිවිසුම (1-5)

      • ආඥා දහය ආයෙත් මතක් කරයි (6-22)

      • සීනයි කන්ද ළඟදී සෙනඟ බය වෙයි (23-33)

ද්විතීය කතාව 5:2

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:5; හෙබ්‍රෙ 9:19, 20

ද්විතීය කතාව 5:4

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:9, 18; ක්‍රියා 7:38

ද්විතීය කතාව 5:5

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:16
  • +නික් 20:19; ගලා 3:19

ද්විතීය කතාව 5:6

හරස් යොමු දැක්වීම්

  • +නික් 13:3; 20:2

ද්විතීය කතාව 5:7

පාදසටහන්

  • *

    හෝ, “මට පිටු පාලා.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:3-6; 2රාජා 17:35

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/2012, 23 පි.

ද්විතීය කතාව 5:8

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:1; ද්වි 4:15, 16, 23; 27:15; ක්‍රියා 17:29

ද්විතීය කතාව 5:9

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:24; 1කොරි 10:14
  • +නික් 34:14; ද්වි 4:24; යෙසා 42:8; මතෙ 4:10
  • +නික් 34:6, 7

ද්විතීය කතාව 5:10

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

ද්විතීය කතාව 5:11

හරස් යොමු දැක්වීම්

  • +නික් 22:28; ලෙවී 19:12
  • +නික් 20:7; ලෙවී 24:16

ද්විතීය කතාව 5:12

හරස් යොමු දැක්වීම්

  • +නික් 16:23; 20:8-10; 31:13

ද්විතීය කතාව 5:13

හරස් යොමු දැක්වීම්

  • +නික් 34:21

ද්විතීය කතාව 5:14

හරස් යොමු දැක්වීම්

  • +නික් 16:29
  • +නික් 23:12
  • +නෙහෙ 13:15
  • +ද්වි 10:17; එෆී 6:9

ද්විතීය කතාව 5:15

හරස් යොමු දැක්වීම්

  • +නික් 6:6; ද්වි 4:34

ද්විතීය කතාව 5:16

හරස් යොමු දැක්වීම්

  • +නික් 21:15; ලෙවී 19:3; ද්වි 27:16; හිතෝ 1:8; මාක් 7:10
  • +නික් 20:12; එෆී 6:2, 3

ද්විතීය කතාව 5:17

හරස් යොමු දැක්වීම්

  • +උත් 9:6; නික් 20:13; ගණන් 35:20, 21; මතෙ 5:21; රෝම 13:9

ද්විතීය කතාව 5:18

පාදසටහන්

  • *

    ඒ කියන්නේ බිරිඳට හරි සැමියාට හරි ද්‍රෝහි වෙන එක.

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:14; 1කොරි 6:18; හෙබ්‍රෙ 13:4

ද්විතීය කතාව 5:19

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:15; ලෙවී 19:11; හිතෝ 30:8, 9; 1කොරි 6:10; එෆී 4:28

ද්විතීය කතාව 5:20

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:16; 23:1; ලෙවී 19:16; ද්වි 19:16-19; හිතෝ 6:16, 19; 19:5

ද්විතීය කතාව 5:21

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 5:28
  • +නික් 20:17; ලූක් 12:15; රෝම 7:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    2/2019, 22 පි.

    මුරටැඹ,

    5/15/2012, 7 පි.

ද්විතීය කතාව 5:22

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:9, 18
  • +නික් 24:12; 31:18; ද්වි 4:12, 13

ද්විතීය කතාව 5:23

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:18; හෙබ්‍රෙ 12:18, 19

ද්විතීය කතාව 5:24

හරස් යොමු දැක්වීම්

  • +නික් 24:17
  • +ද්වි 4:33, 36

ද්විතීය කතාව 5:27

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:19; හෙබ්‍රෙ 12:18, 19

ද්විතීය කතාව 5:28

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 18:16, 17

ද්විතීය කතාව 5:29

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 10:12; යෝබ් 28:28; හිතෝ 1:7; මතෙ 10:28; 1පේතෘ 2:17
  • +හිතෝ 4:4; 7:2; දේශ 12:13; යෙසා 48:18; 1යොහ 5:3
  • +ගීතා 19:8, 11; යාකො 1:25

ද්විතීය කතාව 5:32

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 6:3, 25; 8:1
  • +ද්වි 12:32; යොෂු 1:7, 8

ද්විතීය කතාව 5:33

පාදසටහන්

  • *

    හෝ, “පෙන්නන මාර්ගයේම යන්න ඕනේ.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 10:12
  • +ද්වි 4:40; 12:28; රෝම 10:5

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ද්වි. 5:2නික් 19:5; හෙබ්‍රෙ 9:19, 20
ද්වි. 5:4නික් 19:9, 18; ක්‍රියා 7:38
ද්වි. 5:5නික් 19:16
ද්වි. 5:5නික් 20:19; ගලා 3:19
ද්වි. 5:6නික් 13:3; 20:2
ද්වි. 5:7නික් 20:3-6; 2රාජා 17:35
ද්වි. 5:8ලෙවී 26:1; ද්වි 4:15, 16, 23; 27:15; ක්‍රියා 17:29
ද්වි. 5:9නික් 23:24; 1කොරි 10:14
ද්වි. 5:9නික් 34:14; ද්වි 4:24; යෙසා 42:8; මතෙ 4:10
ද්වි. 5:9නික් 34:6, 7
ද්වි. 5:11නික් 22:28; ලෙවී 19:12
ද්වි. 5:11නික් 20:7; ලෙවී 24:16
ද්වි. 5:12නික් 16:23; 20:8-10; 31:13
ද්වි. 5:13නික් 34:21
ද්වි. 5:14නික් 16:29
ද්වි. 5:14නික් 23:12
ද්වි. 5:14නෙහෙ 13:15
ද්වි. 5:14ද්වි 10:17; එෆී 6:9
ද්වි. 5:15නික් 6:6; ද්වි 4:34
ද්වි. 5:16නික් 21:15; ලෙවී 19:3; ද්වි 27:16; හිතෝ 1:8; මාක් 7:10
ද්වි. 5:16නික් 20:12; එෆී 6:2, 3
ද්වි. 5:17උත් 9:6; නික් 20:13; ගණන් 35:20, 21; මතෙ 5:21; රෝම 13:9
ද්වි. 5:18නික් 20:14; 1කොරි 6:18; හෙබ්‍රෙ 13:4
ද්වි. 5:19නික් 20:15; ලෙවී 19:11; හිතෝ 30:8, 9; 1කොරි 6:10; එෆී 4:28
ද්වි. 5:20නික් 20:16; 23:1; ලෙවී 19:16; ද්වි 19:16-19; හිතෝ 6:16, 19; 19:5
ද්වි. 5:21මතෙ 5:28
ද්වි. 5:21නික් 20:17; ලූක් 12:15; රෝම 7:7
ද්වි. 5:22නික් 19:9, 18
ද්වි. 5:22නික් 24:12; 31:18; ද්වි 4:12, 13
ද්වි. 5:23නික් 20:18; හෙබ්‍රෙ 12:18, 19
ද්වි. 5:24නික් 24:17
ද්වි. 5:24ද්වි 4:33, 36
ද්වි. 5:27නික් 20:19; හෙබ්‍රෙ 12:18, 19
ද්වි. 5:28ද්වි 18:16, 17
ද්වි. 5:29ද්වි 10:12; යෝබ් 28:28; හිතෝ 1:7; මතෙ 10:28; 1පේතෘ 2:17
ද්වි. 5:29හිතෝ 4:4; 7:2; දේශ 12:13; යෙසා 48:18; 1යොහ 5:3
ද්වි. 5:29ගීතා 19:8, 11; යාකො 1:25
ද්වි. 5:32ද්වි 6:3, 25; 8:1
ද්වි. 5:32ද්වි 12:32; යොෂු 1:7, 8
ද්වි. 5:33ද්වි 10:12
ද්වි. 5:33ද්වි 4:40; 12:28; රෝම 10:5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ද්විතීය කතාව 5:1-33

ද්විතීය කතාව

5 මෝසෙස් මුළු ඊශ්‍රායෙල් සෙනඟටම කතා කරලා එයාලට මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල්වරුනි, අද මං ඔයාලට පැහැදිලි කරලා දෙන මේ තීන්දු සහ නීතිවලට හොඳින් සවන් දෙන්න. ඒවා හිතට අරන් ඒ විදිහටම පිළිපදින්න. 2 අපේ දෙවි වන යෙහෝවා හොරෙබ්වලදී අපි එක්ක ගිවිසුමක් ඇති කරගත්තා.+ 3 යෙහෝවා මේ ගිවිසුම ඇති කරගත්තේ අපේ මුතුන්මිත්තන් එක්ක නෙමෙයි අපි එක්කයි. මෙතන ඉන්න අපි හැමෝම එක්කයි. 4 යෙහෝවා ඒ කන්දේදී ගින්න මැදින් ඔයාලා එක්ක මූණට මූණ කතා කළා.+ 5 ගින්න දැකලා බය වුණ නිසා ඔයාලා කන්ද ළඟට ගියේ නැහැ.+ ඒ වෙලාවේ මං යෙහෝවායි, ඔයාලයි අතරේ මැදිහත්කරුවෙක් වෙලා+ යෙහෝවා කියපු දේවල් ඔයාලට කියලා දුන්නා. ඔහු මෙහෙම කිව්වා.

6 “‘ඔයාලාගේ දෙවි වන යෙහෝවා මමයි. ඔයාලා වහලුන් වෙලා හිටිය ඊජිප්තු දේශයෙන් ඔයාලව පිටතට ගෙනාවේ මමයි.+ 7 මං හැර* වෙන කිසිම දෙවි කෙනෙක්ට ඔයාලා කවදාවත් නමස්කාර කරන්න එපා.+

8 “‘රූප හදාගන්න එපා.+ අහසෙවත් පොළොවෙවත් ජලයෙවත් තියෙන කිසිම දේකට සමාන රූපයක් හදාගන්න එපා. 9 ඒවා ඉදිරියේ වැඳ වැටෙන්න එපා. ඒවාට නමස්කාර කරන්න ඔයාලව පොලඹවන්න කිසිම කෙනෙක්ට ඉඩ දෙන්නත් එපා.+ මම ඔයාලාගේ දෙවි වන යෙහෝවා. ඔයාලා මට මුළු හදවතින්ම ආදරේ කරලා මට විතරක් නමස්කාර කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.+ මට වෛර කරන අයගේ වැරදිවලට මම එයාලාගේ දරුවන්ටත් එයාලාගෙන් පැවතෙන තුන්වෙනි සහ හතරවෙනි පරම්පරාවල අයටත් දඬුවම් කරනවා.+ 10 ඒත් මට ආදරේ කරන, මගේ ආඥාවලට කීකරු වෙන අයගේ පරම්පරා දහස් ගාණකට මම නොසැලෙන ආදරයක්* පෙන්නනවා.

11 “‘ඔයාලාගේ දෙවි වන යෙහෝවාගේ නමට අගෞරවයක් වෙන විදිහට ඒ නම පාවිච්චි කරන්න එපා.+ යෙහෝවා වන මම, මගේ නමට අපහාස කරන ඕනෙම කෙනෙක්ට අනිවාර්යයෙන්ම දඬුවම් කරනවා.+

12 “‘ඔයාලාගේ දෙවි වන යෙහෝවා අණ කරපු විදිහටම සබත් දවස පැවැත්විය යුතුයි. ඒක ශුද්ධ දවසක් විදිහට සලකන්න.+ 13 ඔයාලා දවස් හයක් වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න.+ 14 ඒත් හත්වෙනි දවස ඔයාලාගේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් කැප කරපු සබත් දවසක්.+ එදාට ඔයාලවත් ඔයාලාගේ දූපුතුන්වත් ඔයාලාගේ දාස දාසීන්වත් ඔයාලාගේ හරකාවත් බූරුවාවත් ඔයාලා ඇති කරන වෙන කිසිම සතෙක්වත් ඔයාලාගේ නුවරේ ජීවත් වෙන විදේශිකයන්වත්+ කිසිම වැඩක් කරන්න එපා.+ එතකොට ඔයාලට වගේම ඔයාලාගේ දාස දාසීන්ටත් විවේකයක් ලැබෙයි.+ 15 ඔයාලා ඊජිප්තු දේශයේ වහලුන් වෙලා හිටියා කියලත් ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔහුගේ මහත් බලය හරිම පුදුම විදිහට පාවිච්චි කරලා ඔයාලව ඊජිප්තුවෙන් නිදහස් කළා කියලත් මතක් කරගන්න.+ ඒ නිසයි ඔයාලාගේ දෙවි වන යෙහෝවා සබත් දවස පවත්වන්න කියලා ඔයාලට අණ කළේ.

16 “‘ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට අණ කරපු විදිහටම ඔයාලාගේ පියාටත් මවටත් ගෞරව කරන්න.+ එතකොට ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට දෙන දේශයේ කිසිම අඩුවක් නැතුව, සතුටින් ගොඩක් කල් ජීවත් වෙන්න ඔයාලට පුළුවන්.+

17 “‘මිනී මරන්න එපා.+

18 “‘අනාචාරයේ* යෙදෙන්නත් එපා.+

19 “‘හොරකම් කරන්නත් එපා.+

20 “‘වෙන කෙනෙක්ට විරුද්ධව බොරු සාක්ෂි දෙන්නත් එපා.+

21 “‘වෙන කෙනෙක්ගේ බිරිඳට ආශාවක් ඇති කරගන්නත් එපා.+ වෙන කෙනෙක්ගේ නිවසටවත් එයාට අයිති ඉඩමටවත් එයාගේ දාසයාටවත් දාසියටවත් ගවයාටවත් බූරුවාටවත් එයාට අයිති වෙන කිසිම දේකටවත් ආශාවක් ඇති කරගන්න එපා.’+

22 “කන්ද ළඟ රැස් වෙලා හිටපු ඔයාලා හැමෝටම යෙහෝවා ගින්න මැදින් මහත් හඬකින් කතා කරලා මේ ආඥා දුන්නා. ඒ වෙලාවේ ඒ අවට මුළු ප්‍රදේශයම ගන වලාකුළකින් වැහිලා ගියා.+ ඒ ආඥාවලට ඔහු තව දේවල් එකතු කළේ නැහැ. ඊටපස්සේ ඔහු ඒවා ගල් පුවරු දෙකක ලියලා මට දුන්නා.+

23 “කන්ද ගිනි ගද්දී අඳුරු වලාකුළෙන් ඒ කටහඬ ඇහුණාම+ ඔයාලාගේ ගෝත්‍රවල ප්‍රධානීන් සහ වැඩිමහල්ලන් හැමෝම මං ළඟට ආවා. 24 එයාලා මට මෙහෙම කිව්වා. ‘අපේ දෙවි වන යෙහෝවා අද අපිට ඔහුගේ තේජස සහ මහත් බලය පෙන්නුවා. ගින්න මැදින් ඔහුගේ හඬත් අපිට ඇහුණා.+ දෙවියන් මිනිස්සු වන අපිත් එක්ක කතා කළත් අපෙන් කවුරුත් මැරුණේ නැහැ.+ 25 ඒත් අපේ ජීවිත අනතුරේ දාගන්න අපි කැමති නැහැ. අපේ දෙවි වන යෙහෝවාගේ හඬ මේ විදිහට දිගටම අපිට ඇහුණොත් අපි අනිවාර්යයෙන්ම මැරිලා යයි. මේ මහ ගින්න අපිව පුච්චලා දායි. 26 අපිට ඇහුණා වගේ ගින්නක් මැදින් ජීවමාන දෙවියන්ගේ හඬ ඇහිලා බේරුණ වෙන කිසිම කෙනෙක් ඉන්නවාද? 27 ඒ නිසා අපේ දෙවි වන යෙහෝවා කතා කරද්දී ඔහු කියන දේවල් අහන්න ඔයා විතරක් යන්න. යෙහෝවා දෙවියන් ඔයාට කියන හැම දෙයක්ම ඔයා ඇවිත් අපිට කියන්න. අපි ඒවා අහලා ඒ විදිහටම කරන්නම්.’+

28 “ඔයාලා මට කියපු දේවල් ඒ වෙලාවේ යෙහෝවා අහගෙනයි හිටියේ. ඉතින් යෙහෝවා මට මෙහෙම කිව්වා. ‘මේ සෙනඟ ඔයා ළඟට ඇවිත් කියපු දේවල් මට ඇහුණා. එයාලා කියපු දේට මං එකඟයි.+ 29 එයාලාගේ හිතේ හැමදාටම මං ගැන මේ වගේ ගරුබියක් තියෙනවා නම්,+ මගේ හැම ආඥාවක්ම පිළිපදිනවා නම්+ කොච්චර හොඳද! එතකොට එයාලටයි, එයාලාගේ දරුවන්ටයි හැමදාටම සාර්ථක ජීවිත ගත කරන්න පුළුවන් වෙයි.+ 30 දැන් ගිහින් එයාලට කියන්න එයාලාගේ කූඩාරම්වලට යන්න කියලා. 31 ඒත් ඔයා මෙතනට වෙලා ඉන්න. ඔයා සෙනඟට කියලා දෙන්න ඕනෙ ආඥා, නියෝග සහ තීන්දු හැම එකක්ම මම ඔයාට කියන්නම්. මම එයාලට උරුමයක් හැටියට දෙන දේශයට ගියාට පස්සේ එයාලා ඒවා පිළිපදින්න ඕනේ.’ 32 ඔයාලාගේ දෙවි යෙහෝවා ඔයාලට අණ කරපු හැම දෙයක්ම ඒ විදිහටම කරන්න වගබලා ගන්න.+ ඔහු ඔයාලට පෙන්නන මාර්ගයෙන් දකුණටවත් වමටවත් හැරෙන්න එපා.+ 33 ඔයාලාගේ දෙවි යෙහෝවා ඔයාලට අණ කරපු හැම දෙයක්ම ඒ විදිහටම පිළිපදින්න ඕනේ.*+ එහෙම කළොත් ඔයාලට උරුම වෙන දේශයේ කිසිම අඩුවක් නැතුව, සතුටින්, ගොඩක් කල් ජීවත් වෙන්න ඔයාලට පුළුවන් වෙයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න