ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 8
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හිතෝපදේශ පොතේ සාරාංශයක්

      • ප්‍රඥාව කතා කරයි (1-36)

        • ‘දෙවියන්ගේ මුල්ම නිර්මාණය මමයි’ (22)

        • ‘දෙවියන්ගේ ළඟින්ම ඉඳන් ප්‍රධාන සේවකයා විදිහට වැඩ කළා’ (30)

        • “මට වැඩියෙන්ම ආදරේ දැනුණේ මනුෂ්‍ය පුත්‍රයන් ගැනයි” (31)

හිතෝපදේශ 8:1

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 1:20, 21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    5/2014, 16 පි.

    මුරටැඹ,

    3/15/2001, 25-26 පි.

හිතෝපදේශ 8:2

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 10:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2001, 25-26 පි.

හිතෝපදේශ 8:3

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 20:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    5/2014, 16 පි.

    මුරටැඹ,

    3/15/2001, 25-26 පි.

හිතෝපදේශ 8:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2001, 26 පි.

හිතෝපදේශ 8:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 19:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2001, 26 පි.

හිතෝපදේශ 8:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 19:9, 10; 119:72, 127; හිතෝ 3:13-15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2001, 26 පි.

හිතෝපදේශ 8:11

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2001, 26 පි.

හිතෝපදේශ 8:12

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 2:11; 5:1, 2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2001, 26-27 පි.

හිතෝපදේශ 8:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 97:10; 101:3; හිතෝ 16:6; රෝම 12:9
  • +ගීතා 101:5; 1පේතෘ 5:5
  • +හිතෝ 4:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2007, 8 පි.

    12/1/2001, 19-20 පි.

    3/15/2001, 26-27 පි.

    7/1/1992, 17-18 පි.

හිතෝපදේශ 8:14

පාදසටහන්

  • *

    මූ.අ., “තැනට සුදුසු නුවණ.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 2:7
  • +හිතෝ 24:5
  • +හිතෝ 4:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2001, 27 පි.

හිතෝපදේශ 8:15

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 72:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2001, 27 පි.

හිතෝපදේශ 8:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2001, 27 පි.

හිතෝපදේශ 8:17

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 2:4, 5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2001, 27 පි.

හිතෝපදේශ 8:18

පාදසටහන්

  • *

    හෝ, “හොඳ සාරධර්මත්.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2001, 27-28 පි.

හිතෝපදේශ 8:19

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 3:13, 14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2001, 27-28 පි.

හිතෝපදේශ 8:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2001, 27-28 පි.

හිතෝපදේශ 8:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2001, 27-28 පි.

හිතෝපදේශ 8:22

හරස් යොමු දැක්වීම්

  • +යොහ 1:1-3, 14
  • +කොලො 1:15-17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මගේ අනුගාමිකයෙක්”, 153-154 පි.

    මුරටැඹ,

    8/1/2006, 31 පි.

    3/15/2001, 28 පි.

හිතෝපදේශ 8:23

හරස් යොමු දැක්වීම්

  • +මීකා 5:2
  • +යොහ 8:58; 17:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2001, 28 පි.

හිතෝපදේශ 8:24

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:2

හිතෝපදේශ 8:27

පාදසටහන්

  • *

    හෝ, “නිම් වළල්ල.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 33:6; යෙරෙ 10:12
  • +උත් 1:6, 7; යෝබ් 26:10

හිතෝපදේශ 8:29

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 38:8-11; ගීතා 33:7; 104:6-9; යෙරෙ 5:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/1998, 8-9 පි.

හිතෝපදේශ 8:30

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:26; යොහ 1:1, 3; 17:5; කොලො 1:15, 16
  • +යෙසා 42:1; මතෙ 3:17
  • +යෝබ් 38:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මගේ අනුගාමිකයෙක්”, 153-155 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 15 පාඩම

    මුරටැඹ,

    9/15/2006, 17 පි.

    8/1/2006, 31 පි.

    3/15/2001, 28 පි.

    2/15/2000, 11 පි.

හිතෝපදේශ 8:31

පාදසටහන්

  • *

    හෝ, “මිනිස්සුන්ටයි.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 17 පාඩම

    මුරටැඹ,

    2/15/2008, 13-14 පි.

හිතෝපදේශ 8:32

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2001, 28 පි.

හිතෝපදේශ 8:33

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 3:11; 4:13; හෙබ්‍රෙ 12:7, 9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2001, 28 පි.

හිතෝපදේශ 8:34

පාදසටහන්

  • *

    හෝ, “මගේ දොර ළඟ අවදියෙන් ඉඳලා.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2001, 28 පි.

හිතෝපදේශ 8:35

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 13:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2001, 28 පි.

හිතෝපදේශ 8:36

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 5:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2001, 28 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

හිතෝ. 8:1හිතෝ 1:20, 21
හිතෝ. 8:2මතෙ 10:27
හිතෝ. 8:3ක්‍රියා 20:20
හිතෝ. 8:5ගීතා 19:7
හිතෝ. 8:10ගීතා 19:9, 10; 119:72, 127; හිතෝ 3:13-15
හිතෝ. 8:12හිතෝ 2:11; 5:1, 2
හිතෝ. 8:13ගීතා 97:10; 101:3; හිතෝ 16:6; රෝම 12:9
හිතෝ. 8:13ගීතා 101:5; 1පේතෘ 5:5
හිතෝ. 8:13හිතෝ 4:24
හිතෝ. 8:14හිතෝ 2:7
හිතෝ. 8:14හිතෝ 24:5
හිතෝ. 8:14හිතෝ 4:7
හිතෝ. 8:15ගීතා 72:1
හිතෝ. 8:17හිතෝ 2:4, 5
හිතෝ. 8:19හිතෝ 3:13, 14
හිතෝ. 8:22යොහ 1:1-3, 14
හිතෝ. 8:22කොලො 1:15-17
හිතෝ. 8:23මීකා 5:2
හිතෝ. 8:23යොහ 8:58; 17:5
හිතෝ. 8:24උත් 1:2
හිතෝ. 8:27ගීතා 33:6; යෙරෙ 10:12
හිතෝ. 8:27උත් 1:6, 7; යෝබ් 26:10
හිතෝ. 8:29යෝබ් 38:8-11; ගීතා 33:7; 104:6-9; යෙරෙ 5:22
හිතෝ. 8:30උත් 1:26; යොහ 1:1, 3; 17:5; කොලො 1:15, 16
හිතෝ. 8:30යෙසා 42:1; මතෙ 3:17
හිතෝ. 8:30යෝබ් 38:7
හිතෝ. 8:33හිතෝ 3:11; 4:13; හෙබ්‍රෙ 12:7, 9
හිතෝ. 8:35හිතෝ 13:14
හිතෝ. 8:36හිතෝ 5:23
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
හිතෝපදේශ 8:1-36

හිතෝපදේශ

8 ප්‍රඥාව ශබ්ද නඟලා අඬගහනවා.

වටහාගැනීමේ ශක්තිය හැමෝටම ඇහෙන්න කතා කරනවා.+

 2 උස් තැන්වල+ තියෙන පාරවල් දිගෙත්

හන්දිවලත් ප්‍රඥාවේ හඬ ඇහෙනවා.

 3 නුවරේ දොරටු ළඟත් ඒ අවට තැන්වලත්

ප්‍රඥාව කෑගහලා මෙහෙම කියනවා.+

 4 “මනුෂ්‍යයෙනි, මං කතා කරන්නේ ඔයාලටයි.

මං අඬගහන්නේ හැමෝටමයි.

 5 අද්දැකීම් අඩු හැමෝම සිහිබුද්ධියෙන් වැඩ කරන්න ඉගෙනගන්න.+

අඥානයෙනි, අවබෝධයෙන් වැඩ කරන්න ඉගෙනගන්න.

 6 මට ඇහුම්කන් දෙන්න. මං කියන දේ හුඟක් වැදගත්.

මගේ කටින් පිට වෙන්නේ හරි දේ විතරයි.

 7 මං හැම වෙලාවෙම කතා කරන්නේ සත්‍යය.

බොරුව මගේ තොල්වලට පිළිකුලක්.

 8 මං කියන හැම දේම ධර්මිෂ්ඨයි.

වංක, රැවටිලිකාර වචනයක්වත් මගේ කටින් පිට වෙන්නේ නැහැ.

 9 වටහාගැනීමේ හැකියාව තියෙන අය මං කියන දේවල් ඇත්ත කියලා පිළිගන්නවා.

දැනුම ලබාගෙන ඉන්න අය දන්නවා මගේ වචන සාධාරණයි කියලා.

10 රිදී වෙනුවට මගෙන් හික්මවීම් ලබාගන්න.

පවිත්‍ර රන් වෙනුවට දැනුම තෝරගන්න.+

11 මොකද ප්‍රඥාව කොරල්වලට* වඩා වටිනවා.

මිනිස්සු ආස කරන කිසිම දෙයක් ඒකට සමාන කරන්න බැහැ.

12 ප්‍රඥාව වන මම, සිහිකල්පනාව එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා.

දැනුම සහ හොඳින් සිතීමේ හැකියාව+ මං ළඟ තියෙනවා.

13 යෙහෝවාට ගරුබිය දක්වනවා කියන්නේ නපුරු දේ පිළිකුල් කරන එකටයි.+

තමන්වම උසස් කරගන්න එක, උඩඟුකම,+ දුෂ්ටකම් වගේම වංක, පහත් කතා+ මට පිළිකුලක්.

14 හොඳ උපදෙස් සහ බුද්ධිය*+ මගෙන් ලබාගන්න පුළුවන්.

ශක්තිය+ සහ තේරුම්ගැනීමේ හැකියාව+ තියෙන්නේ මං ළඟයි.

15 රජවරුන් පාලනය කරන්නේ මගේ උදව්වෙන්.

නිලධාරීන් ධර්මිෂ්ඨ නීති පනවන්නේ මං නිසයි.+

16 අධිපතීන් පාලනය කරන්නෙත්

ධර්මිෂ්ඨ විදිහට විනිශ්චය කරන්නෙත් මගේ උදව්වෙන්.

17 මට ආදරේ කරන අයට මමත් ආදරෙයි.

මාව හොයන අයට මාව හම්බ වෙයි.+

18 ධනය සහ ගෞරවය තියෙන්නේ මං ළඟයි.

කවදාවත් නැති වෙන්නේ නැති වස්තුත්* ධර්මිෂ්ඨකමත් මට අයිතියි.

19 මගෙන් ලැබෙන දේවල් රන්වලට වඩා වටිනවා.

ඒවා පිරිසිදු රන්වලටත් වඩා අනර්ඝයි.

මගෙන් නෙළාගන්න පලදාව ඉස්තරම්ම රිදීවලටත් වඩා වටිනවා.+

20 මං ගමන් කරන්නේ ධර්මිෂ්ඨ මාර්ගයේ.

යුක්තියේ මාවත් මැදින් මම ඇවිදන් යනවා.

21 මට ආදරේ කරන අයට මං වටිනා උරුමයක් දෙනවා.

මං නිතරම එයාලාගේ ගබඩා පුරවනවා.

22 “යෙහෝවාගේ මුල්ම නිර්මාණය මමයි.+

ඈත අතීතයේ, වෙන කිසිම දෙයක් හදන්න කලින් ඔහු මාව බිහි කළා.+

23 ඈත අතීතයේ ඉඳන්ම ඔහු මට ගෞරවනීය තැනක් ලබා දුන්නා.+

ඒ තැන ඔහු මට දුන්නේ මුල ඉඳන්මයි. පොළොව නිර්මාණය කරන්නත් කලින් ඉඳන්මයි.+

24 මාව බිහි කළේ මහා ජල කඳන් ඇති වෙන්න කලින්.+

ඒ කාලේදී ගැඹුරු දිය උල්පත් තිබුණෙත් නැහැ.

25 මාව බිහි කළේ කඳු හෙල් පිහිටුවන්නත් කලින්.

26 ඒ වෙනකොට පෘථිවියවත් ඒකේ කෙත්වතුවත්

භූමියේ එක පස් පිඩැල්ලක්වත් හදලා තිබුණේ නැහැ.

27 ඔහු අහස පිහිටුවද්දීත්+

ජල කඳේ ඈත කෙළවරේ ක්ෂිතිජය* ලකුණු කරද්දීත්+ මම හිටියා.

28 ඔහු ඉහළ අහසේ වලා පටලයන් තියද්දීත්

සාගරයේ දිය උල්පත් ස්ථිරව පිහිටුවද්දීත්

29 ඔහු මුහුදු රළට, දාපු සීමාවෙන් එහාට යන්න එපා කියලා අණ කරද්දීත්+

පොළොවේ අත්තිවාරම් දාද්දීත් මම හිටියා.

30 ඒ කාලේදී මම ඔහු ළඟින්ම ඉඳන් ඔහුගේ ප්‍රධාන සේවකයා විදිහට වැඩ කළා.+

හැම දවසකම ඔහු වැඩියෙන්ම සතුටු වුණේ මං ගැනයි.+

හැම තිස්සේම මම ඔහු ඉස්සරහා හිටියේ හරිම සතුටින්.+

31 මිනිස්සුන්ට ජීවත් වෙන්න ඔහු හදපු පොළොව දැක්කාම මට දැනුණේ ලොකු සතුටක්.

මට වැඩියෙන්ම ආදරේ දැනුණේ මනුෂ්‍ය පුත්‍රයන් ගැනයි.*

32 “මගේ පුතාලා, මට ඇහුම්කන් දෙන්න.

මොකද මං පෙන්වන මාර්ගයේ යන අය සන්තෝෂවත්.

33 හික්මවීම් පිළිගෙන+ ප්‍රඥාවන්ත වෙන්න.

කවදාවත් ඒවා ප්‍රතික්ෂේප කරන්න එපා.

34 හැම දවසකම උදෙන්ම මගේ ගෙදරට ඇවිත්*

දොරකඩ ළඟ බලන් ඉඳලා,

මට ඇහුම්කන් දෙන කෙනා සන්තෝෂවත්.

35 මාව හොයාගන්න කෙනාට ජීවනය ලැබෙනවා.+

එයාට යෙහෝවාගේ අනුමැතියත් ලැබෙනවා.

36 ඒත් මාව ගණන් ගන්නේ නැති කෙනා එයාටම හානියක් කරගන්නවා.

මට වෛර කරන අය මරණයට අත වනනවා.”+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න