ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 37
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති පොතේ සාරාංශයක්

      • යෝසෙප් දැක්ක හීන (1-11)

      • යෝසෙප් සහ එයාට ඊර්ෂ්‍යා කරපු අයියලා (12-24)

      • යෝසෙප්ව වහලෙක් විදිහට විකුණයි (25-36)

උත්පත්ති 37:1

හරස් යොමු දැක්වීම්

  • +උත් 23:3, 4; 28:1, 4; හෙබ්‍රෙ 11:8, 9

උත්පත්ති 37:2

පාදසටහන්

  • *

    හෝ, “යාකොබ්ගේ ජීවිත කතාව තමයි මේ.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 30:25; 46:19
  • +උත් 35:25
  • +උත් 35:26
  • +උත් 47:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2014, 11 පි.

උත්පත්ති 37:3

පාදසටහන්

  • *

    ඊශ්‍රායෙල් කියන්නේ දෙවියන් යාකොබ්ට දුන්න නම.

  • *

    හෝ, “ලස්සන, දිග ඇඳුමක්.”

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 2:1, 2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2014, 12 පි.

උත්පත්ති 37:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2014, 12-13 පි.

උත්පත්ති 37:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 37:19

උත්පත්ති 37:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2014, 13 පි.

උත්පත්ති 37:7

හරස් යොමු දැක්වීම්

  • +උත් 42:6, 9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2014, 13 පි.

උත්පත්ති 37:8

හරස් යොමු දැක්වීම්

  • +උත් 45:8; 49:26

උත්පත්ති 37:9

හරස් යොමු දැක්වීම්

  • +උත් 44:14; 45:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2014, 13 පි.

උත්පත්ති 37:11

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 7:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2014, 13 පි.

උත්පත්ති 37:12

හරස් යොමු දැක්වීම්

  • +උත් 33:18

උත්පත්ති 37:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2014, 13 පි.

උත්පත්ති 37:14

පාදසටහන්

  • *

    හෝ, “තැනිතලාවේ.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 23:19; 35:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2014, 13 පි.

    ‘ඒ සරුසාර දේශය’, 7 පි.

උත්පත්ති 37:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ‘ඒ සරුසාර දේශය’, 7 පි.

උත්පත්ති 37:19

හරස් යොමු දැක්වීම්

  • +උත් 37:5

උත්පත්ති 37:21

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:3
  • +උත් 9:5; නික් 20:13

උත්පත්ති 37:22

හරස් යොමු දැක්වීම්

  • +උත් 4:8, 10; 42:22
  • +උත් 42:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 5/2020, 1 පි.

උත්පත්ති 37:23

හරස් යොමු දැක්වීම්

  • +උත් 37:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2014, 13-14 පි.

උත්පත්ති 37:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2014, 13-14 පි.

උත්පත්ති 37:25

පාදසටහන්

  • *

    මූ.අ., “ලැබ්ඩනම් මැලියම්, බෝල්සම් තෙල් සහ රුක්ලාටු.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 25:12
  • +උත් 43:11

උත්පත්ති 37:26

හරස් යොමු දැක්වීම්

  • +උත් 4:8, 10

උත්පත්ති 37:27

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 7:9

උත්පත්ති 37:28

පාදසටහන්

  • *

    පේන විදිහට මෙතන කතා කරන්නෙත් 25 සහ 27වෙනි පදවල කතා කරන ඉෂ්මායෙල්වරු ගැනමයි.

  • *

    ෂෙකෙලයක් කියන්නේ ග්‍රෑම් 11.4ක්. උප. B14 බලන්න.

  • *

    ඒ කියන්නේ ඉෂ්මායෙල්වරුන්ට.

හරස් යොමු දැක්වීම්

  • +උත් 25:1, 2
  • +උත් 40:15; 45:4; ගීතා 105:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2014, 13-14 පි.

    ‘ඒ සරුසාර දේශය’, 7 පි.

උත්පත්ති 37:29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 5/2020, 1 පි.

උත්පත්ති 37:30

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 5/2020, 1 පි.

උත්පත්ති 37:32

හරස් යොමු දැක්වීම්

  • +උත් 37:3

උත්පත්ති 37:33

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2010, 15 පි.

උත්පත්ති 37:34

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2010, 15 පි.

    6/1/1995, 7 පි.

උත්පත්ති 37:35

පාදසටහන්

  • *

    හෝ, “මං මිනී වළට යන කල්ම මගේ පුතා ගැන දුක් වෙනවා.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 42:38; 44:29; ගීතා 89:48; දේශ 9:10; හොෂෙ 13:14; ක්‍රියා 2:27; එළි 20:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/1995, 7 පි.

උත්පත්ති 37:36

හරස් යොමු දැක්වීම්

  • +උත් 39:1
  • +උත් 40:2, 3

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

උත්. 37:1උත් 23:3, 4; 28:1, 4; හෙබ්‍රෙ 11:8, 9
උත්. 37:2උත් 30:25; 46:19
උත්. 37:2උත් 35:25
උත්. 37:2උත් 35:26
උත්. 37:2උත් 47:3
උත්. 37:31ලේක 2:1, 2
උත්. 37:5උත් 37:19
උත්. 37:7උත් 42:6, 9
උත්. 37:8උත් 45:8; 49:26
උත්. 37:9උත් 44:14; 45:9
උත්. 37:11ක්‍රියා 7:9
උත්. 37:12උත් 33:18
උත්. 37:14උත් 23:19; 35:27
උත්. 37:19උත් 37:5
උත්. 37:21උත් 49:3
උත්. 37:21උත් 9:5; නික් 20:13
උත්. 37:22උත් 4:8, 10; 42:22
උත්. 37:22උත් 42:21
උත්. 37:23උත් 37:3
උත්. 37:25උත් 25:12
උත්. 37:25උත් 43:11
උත්. 37:26උත් 4:8, 10
උත්. 37:27ක්‍රියා 7:9
උත්. 37:28උත් 25:1, 2
උත්. 37:28උත් 40:15; 45:4; ගීතා 105:17
උත්. 37:32උත් 37:3
උත්. 37:35උත් 42:38; 44:29; ගීතා 89:48; දේශ 9:10; හොෂෙ 13:14; ක්‍රියා 2:27; එළි 20:13
උත්. 37:36උත් 39:1
උත්. 37:36උත් 40:2, 3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
උත්පත්ති 37:1-36

උත්පත්ති

37 යාකොබ් එයාගේ තාත්තා විදේශිකයෙක්+ හැටියට ජීවත් වුණ කානාන් දේශයේ දිගටම ජීවත් වුණා.

2 යාකොබ්ගේ පවුලේ අයගේ විස්තර තමයි මේ.*

යෝසෙප්ට+ අවුරුදු 17දී ඒ කියන්නේ එයා තරුණ වයසේ ඉද්දී එයාගේ තාත්තාගේ භාර්යාවන් වුණ බිල්හාගේ+ සහ ෂිල්පාගේ+ පුතාලා එක්ක රැළ බලාගත්තා.+ දවසක් එයා තාත්තා ළඟට ගිහින් එයාගේ අයියලා කරන නරක වැඩ ගැන තාත්තාට කිව්වා. 3 ඊශ්‍රායෙල්* එයාගේ හැම පුතෙක්ටම වඩා+ වැඩියෙන්ම ආදරේ කළේ යෝසෙප්ට. මොකද යෝසෙප් ඉපදුණේ එයා මහලු වයසේ ඉද්දී. එයා යෝසෙප්ට විශේෂ ඇඳුමක්* මස්සලා දුන්නා. 4 තාත්තා එයාලා හැමෝටම වඩා යෝසෙප්ට ආදරෙයි කියලා දැක්කාම යෝසෙප්ගේ අයියලා එයාට වෛර කරන්න පටන්ගත්තා. ඒ නිසා එයාලා හැම තිස්සේම යෝසෙප්ට කතා කළේ හරිම සැරෙන්.

5 දවසක් යෝසෙප් එයා දැක්ක හීනයක් ගැන අයියලට කිව්වා.+ ඒකෙන් පස්සේ අයියලට එයා ගැන තිබුණ වෛරය තවත් වැඩි වුණා. 6 එයා අයියලට මෙහෙම කිව්වා. “අනේ, මං දැක්ක හීනේ ගැන ඔයාලට කියන්න මට ඉඩ දෙන්න. 7 අපි ඔක්කොමලා කෙතේ ධාන්‍ය මිටි බඳිද්දී එකපාරටම මගේ මිටිය නැඟිටලා කෙළින් හිටගත්තා. ඊටපස්සේ ඔයාලා හැමෝගෙම මිටි මගේ මිටිය වටේට හිටගෙන ඒකට නැමිලා ගෞරව කළා.”+ 8 එතකොට එයාගේ අයියලා එයාට මෙහෙම කිව්වා. “රජ වෙලා අපිව පාලනය කරන්නද ඔයා හිතාගෙන ඉන්නේ?”+ එයා දැක්ක හීනේ සහ ඒ ගැන එයා කියපු දේවල් නිසා එයාලා තව වැඩියෙන් යෝසෙප්ට වෛර කළා.

9 ඊටපස්සේ යෝසෙප් තවත් හීනයක් දැක්කා. ඒ ගැනත් එයා අයියලට මෙහෙම කිව්වා. “මං තවත් හීනයක් දැක්කා. ඒ හීනේදී ඉරයි, හඳයි, තරු 11කුයි නැමිලා මට ගෞරව කළා.”+ 10 පස්සේ එයා ඒ ගැන එයාගේ තාත්තාටත් කිව්වා. ඒක කියද්දී අයියලත් එතන හිටියා. ඒක ගැන ඇහුවාට පස්සේ තාත්තා එයාට සැර කරලා මෙහෙම කිව්වා. “මොකක්ද ඔයා දැක්ක මේ හීනේ? ඔයා කියන්නේ මායි, ඔයාගේ අම්මායි, ඔයාගේ අයියලයි, මල්ලියි ඔයා ළඟට ඇවිල්ලා ඔයා ඉස්සරහා නැමිලා ඔයාට ගෞරව කරයි කියලද?” 11 යෝසෙප්ගේ අයියලට එයා ගැන ලොකු ඊර්ෂ්‍යාවක් ඇති වුණා.+ ඒත් එයාගේ තාත්තා එයා කියපු දේවල් හිතේ තියාගත්තා.

12 දවසක් එයාගේ අයියලා ෂීකෙම්වලට+ කිට්ටුවෙන් තියෙන තණබිමකට තාත්තාගේ රැළ අරගෙන ගියා. 13 ඊශ්‍රායෙල් යෝසෙප්ට කතා කරලා මෙහෙම කිව්වා. “අයියලා රැළත් එක්ක ෂීකෙම්වලට කිට්ටු තැනකට ගියා. ඔයාට පුළුවන්ද ගිහින් එයාලව බලලා එන්න?” එතකොට යෝසෙප් “හා තාත්තේ මං යන්නම්” කියලා කිව්වා. 14 ඉතින් ඊශ්‍රායෙල් පුතාට මෙහෙම කිව්වා. “අනේ එහෙනං ඔයා ගිහිල්ලා අයියලයි, රැළේ සත්තු ටිකයි හොඳින් ඉන්නවාද කියලා බලලා එන්න.” ඊටපස්සේ යෝසෙප් හෙබ්‍රොන් නිම්නයේ*+ ඉඳලා ෂීකෙම්වලට යන්න පිටත් වුණා. 15 පස්සේ යෝසෙප් තණබිමක ඇවිද ඇවිද ඉන්නවා දැකලා මනුස්සයෙක් එයාගෙන් ඇහුවා “ඔයා කාවද හොයන්නේ” කියලා. 16 “මං හොයන්නේ මගේ අයියලව. එයාලා සත්තු අරන් ගියේ කොහෙටද කියලා ඔයා දන්නවාද” කියලා යෝසෙප් එයාගෙන් ඇහුවා. 17 එතකොට ඒ මනුස්සයා එයාට මෙහෙම කිව්වා. “එයාලා කූඩාරම් අකුළගෙන මෙහෙන් ගියා. ‘අපි දොතාන්වලට යමු’ කියලා එයාලා කතා වෙනවා මට ඇහුණා.” ඉතින් යෝසෙප් දොතාන්වලට ගියා. එහෙට ගියාම අයියලා එහේ ඉන්නවා එයා දැක්කා.

18 යෝසෙප් ඈත එනවා දැකලා එයාගේ අයියලා එයාව මරන්න කතා වුණා. 19 එයාලා මෙහෙම කිව්වා. “ඔය එන්නේ අර හීන මවන්නා!+ 20 අපි එයාව මරලා වතුර වළකට දාමු. දරුණු සතෙක් එයාව කාලා දාලා කියමු. එතකොට බලමු එයාගේ හීනවලට මොකද වෙන්නේ කියලා.” 21 එයාලා කතා වුණ දේවල් රූබෙන්+ දැනගත්තාම යෝසෙප්ව බේරගන්න ඕන නිසා එයා මෙහෙම කිව්වා. “අපි එයාව මරන්නැතුව ඉමු.”+ 22 රූබෙන් එයාලට මෙහෙමත් කිව්වා. “එයාව මරන්නැතුව+ පාළුකරයේ තියෙන මේ වතුර වළට එයාව තල්ලු කරලා දාන්න. හැබැයි එයාට කිසි අනතුරක් කරන්න එපා.”+ එයා එහෙම කිව්වේ යෝසෙප්ව එයාලාගේ අතින් බේරගෙන ආයෙත් තාත්තාට භාර දෙන්න හිතාගෙනයි.

23 යෝසෙප් අයියලා ළඟට ආපු ගමන්ම එයාලා එයා ඇඳගෙන හිටපු විශේෂ ඇඳුම+ ඇදලා අරන් 24 යෝසෙප්ව අරගෙන ගිහින් වතුර වළට දැම්මා. ඒ කාලයේ ඒකේ වතුර හිඳිලා ගිහිල්ලයි තිබුණේ.

25 ඊටපස්සේ එයාලා කෑම කන්න ඉඳගත්තා. ටික වෙලාවකට පස්සේ එයාලා දැක්කා ඊජිප්තුවේ වෙළඳාම් කරන්න යන ඉෂ්මායෙල්වරුන්+ කණ්ඩායමක් එනවා. ඒ වෙළඳුන් ආවේ ගිලියද් ඉඳන්. එයාලාගේ ඔටුවන් පිටේ බෙහෙත්වලට ගන්න දේවල් සහ සුවඳ ද්‍රව්‍ය* පටවලා තිබුණා.+ 26 එතකොට යූදා එයාගේ අයියලටයි, මල්ලිලටයි මෙහෙම කිව්වා. “අපි අපේ මල්ලිව මරලා හැංගුවා කියලා මොකක්ද අපිට තියෙන ප්‍රයෝජනේ?+ 27 අපි එයාව ඉෂ්මායෙල්වරුන්ට විකුණමු.+ අපි මොකටද එයාට හානියක් කරන්නේ? අනික එයා අපේ මල්ලිනේ. අපේම පවුලේ කෙනෙක්නේ.” එයාලා යූදා කියපු දේට එකඟ වුණා. 28 ඒ මිදියන් ජාතික*+ වෙළෙන්දෝ එතනින් යද්දී අයියලා යෝසෙප්ව වතුර වළෙන් උඩට අරන් රිදී ෂෙකෙල්* 20කට එයාව ඒ වෙළෙන්දන්ට* විකුණුවා.+ ඉෂ්මායෙල්වරු යෝසෙප්ව ඊජිප්තුවට අරගෙන ගියා.

29 පස්සේ රූබෙන් වතුර වළ ළඟට ගිහිල්ලා බැලුවා. ඒත් යෝසෙප් ඒකේ නැහැ කියලා දැක්කාම එයා එයාගේ ඇඳුම් ඉරාගෙන ගොඩක් දුක් වුණා. 30 එයා අනිත් අය ළඟට ගිහින් මෙහෙම කිව්වා. “මල්ලි නැහැනේ! දැන් මං මොකද කරන්නේ?”

31 ඉතින් එයාලා එළුවෙක්ව මරලා යෝසෙප්ගේ ඇඳුම ඒ ලේවල පෙඟෙව්වා. 32 ඊටපස්සේ එයාලා යෝසෙප්ගේ විශේෂ ඇඳුම මේ පණිවිඩයත් එක්ක තාත්තාට යැව්වා. “අපිට මේක හම්බ වුණා. මේක ඔයාගේ පුතාගේ ඇඳුමද කියලා බලන්න.”+ 33 එයා ඒ ඇඳුම දිහා බලලා කෑගහලා මෙහෙම කිව්වා. “අනේ, මේ මගේ පුතාගේ ඇඳුමනේ! දරුණු සතෙක් එයාව අල්ලගන්න ඇති. ඌ යෝසෙප්ව කාලා දාන්න ඇති!” 34 ඊටපස්සේ යාකොබ් එයාගේ ඇඳුම් ඉරාගෙන, එයාගේ ඉණ වටේ ගෝණි රෙදි ඇඳගෙන දවස් ගාණක් යන කල්ම පුතා නිසා අඬා වැලපුණා. 35 එයාගේ දුවලා පුතාලා හැමෝම එයාව සනසන්න කොච්චර උත්සාහ කළත් ඒකෙන් වැඩක් වුණේ නැහැ. “මේ දුක මං මැරෙන කල්ම තියෙයි”*+ කියකිය යෝසෙප්ගේ තාත්තා දිගටම අඬා වැලපුණා.

36 මිදියන්වරු යෝසෙප්ව ඊජිප්තුවට අරන් ගිහින් පාරාවෝගේ මාලිගාවේ නිලධාරියෙක්+ වුණ පොතිෆර්ට වික්කා. පොතිෆර් ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා+ විදිහටත් වැඩ කළා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න