ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 12
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගණන් කතාව පොතේ සාරාංශයක්

      • මිරියම් සහ ආරොන් මෝසෙස්ව විවේචනය කරයි (1-3)

        • මෝසෙස්, ඒ කාලේ හිටපු නිහතමානීම කෙනා (3)

      • යෙහෝවා මෝසෙස් වෙනුවෙන් කතා කරයි (4-8)

      • මිරියම්ට කුෂ්ඨයකින් පහර දෙයි (9-16)

ගණන් කතාව 12:1

හරස් යොමු දැක්වීම්

  • +නික් 2:16, 21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්, 7 ලිපිය

    මුරටැඹ,

    8/1/2009, 26 පි.

    8/1/2004, 26 පි.

    10/15/2002, 28-29 පි.

ගණන් කතාව 12:2

හරස් යොමු දැක්වීම්

  • +නික් 4:14-16, 30; 15:20; 28:30; මීකා 6:4
  • +ගණන් 11:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්, 7 ලිපිය

    මුරටැඹ,

    10/15/2002, 28-29 පි.

ගණන් කතාව 12:3

පාදසටහන්

  • *

    හෝ, “මෘදු.”

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 11:29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    2/2019, 8 පි.

    මුරටැඹ,

    5/15/2005, 20 පි.

    4/1/2003, 17-18 පි.

ගණන් කතාව 12:5

හරස් යොමු දැක්වීම්

  • +නික් 34:5; ගණන් 11:25

ගණන් කතාව 12:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 31:10, 11
  • +උත් 15:1; 46:2; නික් 24:9-11

ගණන් කතාව 12:7

පාදසටහන්

  • *

    මූ.අ., “මගේ ගෘහයේදී එයා විශ්වාසවන්තව වැඩ කරනවා.”

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 3:2, 5

ගණන් කතාව 12:8

හරස් යොමු දැක්වීම්

  • +නික් 33:11; ද්වි 34:10

ගණන් කතාව 12:10

පාදසටහන්

  • *

    හෝ, “ලාදුරු රෝගය.”

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 26:19
  • +ද්වි 24:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්, 7 ලිපිය

    මුරටැඹ,

    8/1/2004, 26 පි.

ගණන් කතාව 12:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්, 7 ලිපිය

ගණන් කතාව 12:13

හරස් යොමු දැක්වීම්

  • +නික් 32:11; යාකො 5:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්, 7 ලිපිය

ගණන් කතාව 12:14

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 13:45, 46; ගණන් 5:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්, 7 ලිපිය

ගණන් කතාව 12:15

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 24:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්, 7 ලිපිය

ගණන් කතාව 12:16

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 11:35; 33:18
  • +ගණන් 10:12

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගණන්. 12:1නික් 2:16, 21
ගණන්. 12:2නික් 4:14-16, 30; 15:20; 28:30; මීකා 6:4
ගණන්. 12:2ගණන් 11:1
ගණන්. 12:3මතෙ 11:29
ගණන්. 12:5නික් 34:5; ගණන් 11:25
ගණන්. 12:6උත් 31:10, 11
ගණන්. 12:6උත් 15:1; 46:2; නික් 24:9-11
ගණන්. 12:7හෙබ්‍රෙ 3:2, 5
ගණන්. 12:8නික් 33:11; ද්වි 34:10
ගණන්. 12:102ලේක 26:19
ගණන්. 12:10ද්වි 24:9
ගණන්. 12:13නික් 32:11; යාකො 5:16
ගණන්. 12:14ලෙවී 13:45, 46; ගණන් 5:2
ගණන්. 12:15ද්වි 24:9
ගණන්. 12:16ගණන් 11:35; 33:18
ගණන්. 12:16ගණන් 10:12
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගණන් කතාව 12:1-16

ගණන් කතාව

12 මෝසෙස්ගේ බිරිඳ නිසා මිරියම් සහ ආරොන් මෝසෙස්ගේ වැරදි කියන්න පටන්ගත්තා. මොකද මෝසෙස් විවාහ වෙලා හිටියේ කූෂ් ජාතික කාන්තාවක් එක්කයි.+ 2 ඒ දෙන්නා “යෙහෝවා කතා කරන්නේ මෝසෙස් මාර්ගයෙන් විතරද? අපි මාර්ගයෙනුත් ඔහු කතා කරන්නේ නැද්ද”+ කියකිය මෝසෙස්ව විවේචනය කරන්න පටන්ගත්තා. එයාලා කියපු හැම දේම යෙහෝවා අහගෙනයි හිටියේ.+ 3 මෝසෙස් හුඟක් නිහතමානී* කෙනෙක්. එයා තරම් නිහතමානී කෙනෙක් ඒ කාලේ හිටියේ නැහැ.+

4 යෙහෝවා දෙවියන් ඒ වෙලාවෙම මෝසෙස්ට, ආරොන්ට සහ මිරියම්ට කතා කරලා මෙහෙම කිව්වා. “ඔය තුන්දෙනාම දැන්මම හමු වීමේ කූඩාරම ළඟට යන්න.” ඉතින් ඒ තුන්දෙනා එතනට ගියා. 5 යෙහෝවා වලා ටැඹකින් හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට ඇවිත්+ ආරොන්ටයි, මිරියම්ටයි කිව්වා ඉස්සරහට එන්න කියලා. ඒ දෙන්නා ඉස්සරහට ගියා. 6 එතකොට දෙවියන් එයාලට මෙහෙම කිව්වා. “දැන් මං කියන දේ හොඳට අහගන්න. යෙහෝවා වන මාව නියෝජනය කරන අනාගතවක්තෘවරුන් එක්ක මං සාමාන්‍යයෙන් කතා කරන්නේ සිහිනවලින්.+ මං කවුද කියලා එයාලට දන්වන්නේ දර්ශනවලින්.+ 7 ඒත් මගේ සේවකයා වන මෝසෙස් එක්ක මං වැඩ කරන්නේ ඒ විදිහට නෙමෙයි. මං ලොකු විශ්වාසයකින් මගේ මුළු සෙනඟවම එයාට භාර දුන්නා.*+ 8 මං එයාත් එක්ක කතා කරන්නේ හරියට යාළුවෙක් එක්ක මූණට මූණ බලාගෙන කතා කරනවා වගේ.+ මට කියන්න තියෙන දේ මං එයාට පැහැදිලිවම කියනවා. තේරුම්ගන්න බැරි දේවල් මං එයාට කවදාවත් කියලා නැහැ. ඒ විතරක් නෙමෙයි, යෙහෝවා වන මං එයා ඉස්සරහා පෙනී ඉන්නවා. එහෙනම් ඇයි ඔයාලා කිසි බයක් නැතුව මගේ සේවකයා වන මෝසෙස්ව විවේචනය කළේ?”

9 ඊටපස්සේ යෙහෝවා ඒ දෙන්නා එක්ක ලොකු කේන්තියකින් එතනින් පිටත් වෙලා ගියා. 10 ඒ එක්කම කූඩාරමට ඉහළින් තිබුණ වලා ටැඹත් එතනින් අයින් වෙලා ගියා. ආරොන් හැරිලා බලද්දී එයා දැක්කා මිරියම්ගේ ඇඟ පුරා කුෂ්ඨයක්* ඇති වෙලා තියෙනවා.+ ඒක හිම වගේ සුදුවට පේන්න තිබුණා.+ 11 ඒක දැක්ක ගමන්ම ආරොන් මෝසෙස්ට මෙහෙම කිව්වා. “අනේ මගේ ස්වාමීනි, අපි මේ වගේ දෙයක් කළේ අපේ මෝඩකමට. අපි කරපු වරදට සමාව දෙන්න. අපිට දඬුවම් කරන්න එපා. 12 අම්මාගේ කුසේදීම මැරිලා බිහි වුණ දරුවෙක්ගේ ශරීරය වගේ මිරියම්ගේ ශරීරය මේ රෝගය නිසා කුණු වෙලා යන්න ඉඩ දෙන්න එපා.” 13 එතකොට මෝසෙස් “අනේ දෙවියනි, එයාව සුව කරන්න” කියලා අඬඅඬ යෙහෝවාගෙන් ඉල්ලුවා.+

14 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. “එයාගේ තාත්තා එයාගේ මූණට කෙළ ගැහුවොත් එයාට දවස් හතක් ලැජ්ජාවෙන් ඉන්න වෙනවා. ඉතින් දවස් හතක් යන කල් එයාට කඳවුරෙන් එළියට වෙලා ඉන්න කියන්න.+ දවස් හතක් පහු වුණාට පස්සේ එයාට ආයෙත් කඳවුරට එන්න පුළුවන්.” 15 ඒ නිසා මිරියම්ව දවස් හතකට කඳවුරෙන් එළියට යැව්වා.+ දවස් හත ඉවර වෙන කල් සෙනඟ එතනින් පිටත් වෙලා ගියේ නැහැ. 16 ඊටපස්සේ සෙනඟ හෂේරොත්+ ඉඳන් පාරාන් පාළුකරයට ගිහින් එහේ කඳවුරු බැඳගත්තා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න