ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 47
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති පොතේ සාරාංශයක්

      • යාකොබ් පාරාවෝ ඉස්සරහට යයි (1-12)

      • යෝසෙප් ඥානවන්තව පාලනය කරයි (13-26)

      • ඊශ්‍රායෙල් ගෝෂෙන්වල පදිංචි වෙයි (27-31)

උත්පත්ති 47:1

හරස් යොමු දැක්වීම්

  • +උත් 46:31
  • +උත් 45:10; නික් 8:22

උත්පත්ති 47:2

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 7:13

උත්පත්ති 47:3

හරස් යොමු දැක්වීම්

  • +උත් 12:16; 26:12, 14; 31:17, 18; 46:33, 34

උත්පත්ති 47:4

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 7:11
  • +උත් 15:13; ද්වි 26:5; ගීතා 105:23; ක්‍රියා 7:6
  • +උත් 45:10

උත්පත්ති 47:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 45:17, 18

උත්පත්ති 47:9

පාදසටහන්

  • *

    හෝ, “විදේශිකයෙක් විදිහට.”

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 14:1, 2
  • +උත් 25:7; 35:28

උත්පත්ති 47:11

හරස් යොමු දැක්වීම්

  • +උත් 45:10; නික් 1:8, 11; 12:37; ගණන් 33:3

උත්පත්ති 47:13

හරස් යොමු දැක්වීම්

  • +උත් 41:30, 31

උත්පත්ති 47:14

හරස් යොමු දැක්වීම්

  • +උත් 41:56; 44:25

උත්පත්ති 47:21

හරස් යොමු දැක්වීම්

  • +උත් 41:48, 49

උත්පත්ති 47:22

හරස් යොමු දැක්වීම්

  • +උත් 41:45

උත්පත්ති 47:24

හරස් යොමු දැක්වීම්

  • +උත් 41:34

උත්පත්ති 47:25

හරස් යොමු දැක්වීම්

  • +උත් 45:5; ක්‍රියා 7:11
  • +උත් 47:19

උත්පත්ති 47:26

හරස් යොමු දැක්වීම්

  • +උත් 47:22

උත්පත්ති 47:27

හරස් යොමු දැක්වීම්

  • +උත් 47:4
  • +නික් 1:7; ද්වි 10:22; ගීතා 105:24; ක්‍රියා 7:17

උත්පත්ති 47:28

හරස් යොමු දැක්වීම්

  • +උත් 47:9

උත්පත්ති 47:29

පාදසටහන්

  • *

    හෝ, “නොසැලෙන ආදරයකින් කරනවා.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:33
  • +උත් 46:4; 50:13; ක්‍රියා 7:15, 16

උත්පත්ති 47:30

පාදසටහන්

  • *

    මූ.අ., “මගේ මුතුන්මිත්තන් එක්ක සැතපුණාම.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 25:9, 10; 49:29, 30

උත්පත්ති 47:31

හරස් යොමු දැක්වීම්

  • +උත් 50:5
  • +හෙබ්‍රෙ 11:21

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

උත්. 47:1උත් 46:31
උත්. 47:1උත් 45:10; නික් 8:22
උත්. 47:2ක්‍රියා 7:13
උත්. 47:3උත් 12:16; 26:12, 14; 31:17, 18; 46:33, 34
උත්. 47:4ක්‍රියා 7:11
උත්. 47:4උත් 15:13; ද්වි 26:5; ගීතා 105:23; ක්‍රියා 7:6
උත්. 47:4උත් 45:10
උත්. 47:6උත් 45:17, 18
උත්. 47:9යෝබ් 14:1, 2
උත්. 47:9උත් 25:7; 35:28
උත්. 47:11උත් 45:10; නික් 1:8, 11; 12:37; ගණන් 33:3
උත්. 47:13උත් 41:30, 31
උත්. 47:14උත් 41:56; 44:25
උත්. 47:21උත් 41:48, 49
උත්. 47:22උත් 41:45
උත්. 47:24උත් 41:34
උත්. 47:25උත් 45:5; ක්‍රියා 7:11
උත්. 47:25උත් 47:19
උත්. 47:26උත් 47:22
උත්. 47:27උත් 47:4
උත්. 47:27නික් 1:7; ද්වි 10:22; ගීතා 105:24; ක්‍රියා 7:17
උත්. 47:28උත් 47:9
උත්. 47:29උත් 49:33
උත්. 47:29උත් 46:4; 50:13; ක්‍රියා 7:15, 16
උත්. 47:30උත් 25:9, 10; 49:29, 30
උත්. 47:31උත් 50:5
උත්. 47:31හෙබ්‍රෙ 11:21
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
උත්පත්ති 47:1-31

උත්පත්ති

47 යෝසෙප් පාරාවෝ ළඟට ගිහිල්ලා මෙහෙම කිව්වා.+ “මගේ තාත්තායි, මගේ සහෝදරයනුයි කානාන් දේශයේ ඉඳන් ඇවිත් ඉන්නවා. එයාලා එද්දී එළු බැටළු ගව රැළවල් සහ එයාලට අයිති හැම දෙයක්ම අරන් ආවා. එයාලා දැන් ඉන්නේ ගෝෂෙන්+ දේශයේ.” 2 ඊටපස්සේ එයා එයාගේ සහෝදරයන්ගෙන් පස්දෙනෙක්ව පාරාවෝ ඉස්සරහට එක්කගෙන ගියා.+

3 පාරාවෝ එයාලාගෙන් ඇහුවා “ඔයාලාගේ රස්සාව මොකක්ද” කියලා. එතකොට එයාලා කිව්වා “ඔබේ සේවකයන් වන අපි එඬේරු. අපේ මුතුන්මිත්තන් කළෙත් ඒ රස්සාවමයි” කියලා.+ 4 එයාලා පාරාවෝට මෙහෙමත් කිව්වා. “කානාන් දේශයට සාගතය දරුණු විදිහට බලපාලා තියෙන හින්දා+ අපේ සත්තුන්ට එහේ තණබිම් නැහැ. ඔබේ සේවකයන් වන අපි මේ දේශයේ විදේශිකයන් විදිහට ජීවත් වෙන්න ආවේ ඒ නිසයි.+ ඔබේ සේවකයන් වන අපිට ගෝෂෙන් දේශයේ ජීවත් වෙන්න ඉඩ දෙන්න කියලා ඔබෙන් බැගෑපත්ව ඉල්ලනවා.”+ 5 එතකොට පාරාවෝ යෝසෙප්ට මෙහෙම කිව්වා. “ඔයාගේ තාත්තායි, සහෝදරයනුයි දැන් ඔයා ළඟට ඇවිත් ඉන්නවානේ. 6 ඉතින් ඔයාට පුළුවන් ඊජිප්තු දේශයේ ඕනම පළාතක් එයාලට දෙන්න. එයාලට දේශයේ හොඳම පළාත දෙන්න.+ එයාලට ගෝෂෙන් දේශයේ ජීවත් වෙන්න පුළුවන්. එයාලා අතරේ හොඳට සත්තු බලාගන්න දන්න අය ඉන්නවා නං මට අයිති සත්තු බලාගන්න එයාලව පත් කරන්න.”

7 ඊටපස්සේ යෝසෙප් එයාගේ තාත්තා වුණ යාකොබ්ව පාරාවෝ ඉස්සරහට එක්කගෙන ගියා. ඒ වෙලාවේ යාකොබ් පාරාවෝට ආශීර්වාද කළා. 8 පාරාවෝ යාකොබ්ගෙන් ඇහුවා “ඔයාගේ වයස කීයද” කියලා. 9 යාකොබ් පාරාවෝට මෙහෙම කිව්වා. “මට දැන් අවුරුදු 130ක් වෙනවා. මං ගත කළේ හරිම කටුක ජීවිතයක්.+ මගේ ජීවිත කාලේ පුරාම මං ජීවත් වුණේ තැනින් තැනට ගිහින්.* මගේ මුතුන්මිත්තනුත් තැනින් තැනට ගිහින් තමයි ජීවත් වුණේ. හැබැයි එයාලාගේ ජීවිත කාලේ එක්ක බලද්දී මගේ ජීවිතේ හරිම කෙටියි.”+ 10 ඊටපස්සේ යාකොබ් පාරාවෝට ආශීර්වාද කරලා එතනින් ගියා.

11 පාරාවෝ අණ කරපු විදිහටම යෝසෙප් එයාගේ තාත්තාවයි, සහෝදරයන්වයි දේශයේ හොඳම පළාත වුණ රමෙසේස්වල පදිංචි කරවලා එයාලට ඊජිප්තු දේශයේ බිම් කොටසක් දුන්නා.+ 12 යෝසෙප් එයාගේ තාත්තාටයි, සහෝදරයන්ටයි, තාත්තාගේ ගෙදර අනිත් හැමෝටමයි ඕනෙ කරන කෑම දිගටම ලබා දුන්නා. එයාලාගේ පවුල්වල හිටපු දරුවන්ගේ ගාණට අනුව එයා කෑම දුන්නා.

13 සාගතය ගොඩක් දරුණු වුණ නිසා දේශයේ කොහෙවත් කෑම තිබුණේ නැහැ. කානාන් දේශයේ සහ ඊජිප්තු දේශයේ හිටපු මිනිස්සු ගොඩක් දුක් වින්දා.+ 14 ඊජිප්තු දේශයේ සහ කානාන් දේශයේ මිනිස්සු ධාන්‍ය මිල දීලා ගන්න යෝසෙප් ළඟට ආවා.+ ධාන්‍ය විකුණලා එකතු කරපු සල්ලි යෝසෙප් පාරාවෝගේ ගෙදරට ගෙනාවා. එයා ඒක දිගටම කළා. 15 ඔහොම යද්දී ඊජිප්තු දේශයේ සහ කානාන් දේශයේ හිටපු මිනිස්සුන්ගේ සල්ලි ඔක්කොම ඉවර වුණා. ඊජිප්තුවේ මිනිස්සු හැමෝම යෝසෙප් ළඟට ඇවිල්ලා මෙහෙම කිව්වා. “කෑම ගන්න අපිට සල්ලි නෑ. අනේ, අපිට කෑම දෙන්න! අපිට බඩගින්නේ මැරිලා යන්න ඉඩ දෙන්න එපා.” 16 එතකොට යෝසෙප් මෙහෙම කිව්වා. “ඔයාලට සල්ලි නැත්තං ඔයාලාගේ සත්තු දෙන්න. ඒකට හරියන්න මම ඔයාලට කෑම දෙන්නං.” 17 එයාලා යෝසෙප් කියපු විදිහට එයාලාගේ සත්තු යෝසෙප්ට ගෙනත් දෙන්න පටන්ගත්තා. යෝසෙප් එයාලා ගෙනාපු අශ්වයන්, එළුවන්, බැටළුවන්, ගවයන් සහ බූරුවන් අරගෙන ඒ වෙනුවට එයාලට කෑම දුන්නා. ඔය විදිහට එයාලා ඒ අවුරුද්දේදී එයාලට අයිති හැම සතෙක්ම යෝසෙප්ට ගෙනත් දුන්නා. යෝසෙප් දිගටම එයාලට කෑම දුන්නා.

18 ඒ අවුරුද්ද ඉවර වුණාම මිනිස්සු යෝසෙප් ළඟට ඇවිල්ලා මෙහෙම කිව්වා. “අපේ ස්වාමීනි, මේක අපිට ඔබෙන් හංගන්න බැහැ. අපේ ඔක්කොම සල්ලි ඉවරයි. අපිට දෙන්න තව සත්තුත් නැහැ. ඒ ඔක්කොම අපි ඔබට දුන්නා. දැන් ඉතුරු වෙලා තියෙන්නේ අපියි, අපේ ඉඩකඩම් ටිකයි විතරයි. 19 බඩගින්නේ අපිට මැරෙන්න ඉඩ දෙන්න එපා. අපේ ඉඩකඩම් පාළුවට යන්නත් ඉඩ දෙන්න එපා. අපිවයි, අපේ ඉඩකඩනුයි අරගෙන ඒ වෙනුවට අපිට කෑම දෙන්න. අපි පාරාවෝගේ දාසයෝ වෙන්නම්. අපේ ඉඩකඩනුත් පාරාවෝට අයිති කරගන්න පුළුවන්. අපිට මැරෙන්න ඕනෙ නැහැ. අපේ ඉඩකඩම් පාළුවට යනවා දකින්නත් අපි කැමති නෑ. අනේ, අපිට බීජ දෙන්න.” 20 සාගතය ගොඩක් දරුණු වුණ නිසා ඊජිප්තුවරු හැමෝම එයාලාගේ ඉඩම් වික්කා. යෝසෙප් එයාලට කෑම දීලා ඒ ඉඩම් පාරාවෝගේ නමට පවරගත්තා. ඒ විදිහට මුළු දේශයම පාරාවෝට අයිති වුණා.

21 ඊජිප්තුව පුරාම හිටපු මිනිස්සුන්ට යෝසෙප් කිව්වා නගරවලට ඇවිල්ලා පදිංචි වෙන්න කියලා.+ 22 යෝසෙප් පූජකයන්ට අයිති ඉඩම් විතරයි ගත්තේ නැත්තේ.+ මොකද පූජකයන්ට කෑම හම්බ වුණේ පාරාවෝගෙන්. පාරාවෝ එයාලට කන්න කෑම දුන්න නිසා එයාලාගේ ඉඩම් විකුණන්න ඕනෙ වුණේ නැහැ. 23 යෝසෙප් මිනිස්සුන්ට මෙහෙම කිව්වා. “මං ඔයාලවයි, ඔයාලට අයිති ඉඩනුයි ගත්තා. දැන් ඔයාලයි, ඒ ඉඩනුයි අයිති පාරාවෝට. මං ඔයාලට බීජ දෙන්නම්. ඔයාලා වගා කරන්න ඕනේ. 24 ඔයාලට ලැබෙන අස්වැන්නෙන් පහෙන් එකක් පාරාවෝට දෙන්න ඕනේ.+ ඉතුරු කොටස් හතර ඔයාලට තියාගන්න පුළුවන්. කෙත් වපුරන්නත් ඔයාලටයි, ඔයාලාගේ ගෙදර අයටයි, දරුවන්ටයි කෑමට ගන්නත් ඒවා පාවිච්චි කරන්න පුළුවන්.” 25 ඉතින් එයාලා මෙහෙම කිව්වා. “ස්වාමීනි, ඔබ අපේ ජීවිත බේරගත්තා.+ ඔබ කැමති නම් අපි පාරාවෝගේ දාසයෝ වෙන්නම්.”+ 26 ඊජිප්තු දේශයෙන් ලැබෙන අස්වැන්නෙන් පහෙන් එකක් පාරාවෝට දෙන්න ඕනෙ කියලා නියෝගයක් යෝසෙප් පැනෙව්වා. ඒ නියෝගය අද වෙන කල්ම තියෙනවා. පූජකයන්ගේ ඉඩම් විතරයි පාරාවෝට අයිති වුණේ නැත්තේ.+

27 ඊශ්‍රායෙල්ගේ පවුලේ අය ඊජිප්තු දේශයේ ගෝෂෙන් කියන පළාතේ+ දිගටම ජීවත් වුණා. එයාලා එහේ පදිංචි වෙලා දරුමල්ලෝ හදාගෙන ගණනින් ගොඩක් වැඩි වුණා.+ 28 යාකොබ් ඊජිප්තු දේශයේ අවුරුදු 17ක් ජීවත් වුණා. එයා ජීවත් වුණ මුළු අවුරුදු ගාණ 147යි.+

29 එයා තව වැඩි දවසක් ජීවත් වෙන්නේ නැහැ කියලා ඊශ්‍රායෙල්ට තේරුණාම+ එයා යෝසෙප්ට කතා කරලා මෙහෙම කිව්වා. “පුතේ, ඔයා මට ආදරේ නං මට විශ්වාසවන්තව ඉන්නවා කියලත් මං ඔයාගෙන් ඉල්ලන මේ දේ කොහොමහරි කරනවා* කියලත් මට පොරොන්දු වෙන්න. මගේ කළවය යටින් ඔයාගේ අත තියලා පොරොන්දු වෙන්න, මං මැරුණාට පස්සේ මාව ඊජිප්තුවේ තැන්පත් කරන්නේ නැහැ කියලා.+ 30 මං මැරුණාම* මාව මෙහෙන් අරන් ගිහින් මගේ මුතුන්මිත්තන්ගේ සොහොනේ මාව තැන්පත් කරනවා කියලා.”+ යෝසෙප් එයාට මෙහෙම කිව්වා. “තාත්තේ, මං ඔයා කියන විදිහටම කරන්නම්.” 31 එතකොට යාකොබ් කිව්වා “මට දිවුරලා පොරොන්දු වෙන්න”+ කියලා. ඉතින් යෝසෙප් එයාට දිවුරලා පොරොන්දු වුණා. එතකොට ඇඳේ ඉඳගෙන හිටපු ඊශ්‍රායෙල් ඔළුව පහත් කරලා දෙවියන්ට ගෞරව කළා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න