ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 40
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති පොතේ සාරාංශයක්

      • හිරකරුවන් දැක්ක හීනවල තේරුම යෝසෙප් කියලා දෙයි (1-19)

        • “හීනවල තේරුම කියලා දෙන්න පුළුවන් දෙවියන්ට විතරයි” (8)

      • පාරාවෝගේ උපන් දින උත්සවය (20-23)

උත්පත්ති 40:1

හරස් යොමු දැක්වීම්

  • +උත් 40:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2015, 12 පි.

උත්පත්ති 40:2

පාදසටහන්

  • *

    ඊජිප්තුවේ රජට දීපු නම.

හරස් යොමු දැක්වීම්

  • +උත් 40:20-22

උත්පත්ති 40:3

හරස් යොමු දැක්වීම්

  • +උත් 37:36
  • +උත් 39:20; ගීතා 105:17, 18

උත්පත්ති 40:4

හරස් යොමු දැක්වීම්

  • +උත් 39:22

උත්පත්ති 40:7

පාදසටහන්

  • *

    මූ.අ., “එයාත් එක්ක එයාගේ ස්වාමියා යටතේ තිබුණ හිරගෙදර හිටපු නිලධාරීන්ගෙන්.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2015, 12-13 පි.

උත්පත්ති 40:8

හරස් යොමු දැක්වීම්

  • +උත් 41:15, 16; දානි 2:28, 45

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2015, 13 පි.

    12/1/2011, 12-13 පි.

    එළිදරව්, 9, 119, 246-248 පි.

උත්පත්ති 40:13

හරස් යොමු දැක්වීම්

  • +උත් 41:12, 13
  • +උත් 40:20, 21

උත්පත්ති 40:14

පාදසටහන්

  • *

    හෝ, “නොසැලෙන ආදරයක්.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    4/2017, 20-21 පි.

උත්පත්ති 40:15

පාදසටහන්

  • *

    මූ.අ., “වළේ.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 37:28
  • +උත් 39:7, 8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2023, 14-16 පි.

    මුරටැඹ (පාඩම්),

    4/2017, 20-21 පි.

    මුරටැඹ,

    11/1/2014, 14-15 පි.

උත්පත්ති 40:19

හරස් යොමු දැක්වීම්

  • +උත් 40:20, 22

උත්පත්ති 40:20

හරස් යොමු දැක්වීම්

  • +මාක් 6:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 44 පාඩම

    මුරටැඹ,

    10/15/1998, 31 පි.

උත්පත්ති 40:22

පාදසටහන්

  • *

    ඒ කියන්නේ එයාගේ හිස ගසා දාලා එයාව එල්ලුවා.

හරස් යොමු දැක්වීම්

  • +උත් 40:8

උත්පත්ති 40:23

හරස් යොමු දැක්වීම්

  • +උත් 40:14

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

උත්. 40:1උත් 40:11
උත්. 40:2උත් 40:20-22
උත්. 40:3උත් 37:36
උත්. 40:3උත් 39:20; ගීතා 105:17, 18
උත්. 40:4උත් 39:22
උත්. 40:8උත් 41:15, 16; දානි 2:28, 45
උත්. 40:13උත් 41:12, 13
උත්. 40:13උත් 40:20, 21
උත්. 40:15උත් 37:28
උත්. 40:15උත් 39:7, 8
උත්. 40:19උත් 40:20, 22
උත්. 40:20මාක් 6:21
උත්. 40:22උත් 40:8
උත්. 40:23උත් 40:14
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
උත්පත්ති 40:1-23

උත්පත්ති

40 කාලයක් ගියාට පස්සේ ඊජිප්තුවේ රජගේ කුසලාන දරන අයගේ ප්‍රධානියා+ සහ රොටි හදන අයගේ ප්‍රධානියා එයාලාගේ ස්වාමියා අකමැති දෙයක් කළා. 2 ඉතින් පාරාවෝට* ඒ සේවකයන් දෙන්නා+ එක්ක හොඳටම කේන්ති ගියා. 3 ඒ නිසා රජ ඒ දෙන්නාව ප්‍රධාන ආරක්ෂක නිලධාරියා+ භාරයේ තිබුණ හිරගෙදරට භාර දුන්නා. යෝසෙප් හිටියෙත් ඒ හිරගෙදරමයි.+ 4 ප්‍රධාන ආරක්ෂක නිලධාරියා යෝසෙප්ව ඒ දෙන්නාගේ සේවකයා විදිහට පත් කළා.+ එයාලා ඔහොම කාලයක් හිරගෙදර හිටියා.

5 හිරගෙදර ඉද්දී රජගේ කුසලාන දරන කෙනා සහ රොටි හදන කෙනා එකම රෑ හීන දෙකක් දැක්කා. ඒ හීන දෙකට තේරුම් දෙකක් තිබුණා. 6 පහුවෙනිදා උදේ යෝසෙප් එයාලා ළඟට ආවාම එයාලා ඉන්නේ දුකෙන් කියලා එයාට තේරුණා. 7 ඉතින් එයා ඒ දෙන්නාගෙන්* මෙහෙම ඇහුවා. “මොකද අද ඔයාලා දෙන්නා දුකෙන් ඉන්නේ?” 8 එතකොට එයාලා මෙහෙම කිව්වා. “අපි දෙන්නා හීන දෙකක් දැක්කා. ඒත් ඒ හීනවල තේරුම අපිට කියලා දෙන්න කවුරුත් නෑ.” යෝසෙප් එයාලට මෙහෙම කිව්වා. “හීනවල තේරුම කියලා දෙන්න පුළුවන් දෙවියන්ට විතරයි.+ ඔයාලා දැක්ක හීන ගැන කියන්නකෝ.”

9 කුසලාන දරන්නන්ගේ ප්‍රධානියා එයා දැක්ක හීනය යෝසෙප්ට මෙහෙම විස්තර කළා. “මම දැක්කා මිදිවැලක්. 10 ඒ මිදිවැලේ රිකිලි තුනක් තිබුණා. රිකිලිවල දලු දානවත් එක්කම මල් පිපිලා, මිදිපොකුරු හොඳට හැදුණා. 11 මම මිදි කඩලා මගේ අතේ තිබුණ පාරාවෝගේ කුසලානයට ඒවා මිරිකලා දැම්මා. ඊටපස්සේ මං කුසලානය පාරාවෝගේ අතට දුන්නා.” 12 යෝසෙප් එයාට මෙහෙම කිව්වා. “ඒ හීනේ තේරුම මේකයි. රිකිලි තුන කියන්නේ දවස් තුනක්. 13 තව දවස් තුනකින් පාරාවෝ ඔයාව නිදහස් කරනවා. ඔයාට ආපහු ඔයාගේ තනතුර හම්බ වෙනවා.+ කුසලාන දරන්නා විදිහට කලින් වගේම ආයෙත් ඔයා පාරාවෝගේ අතට කුසලානය දෙනවා.+ 14 හැබැයි ඔයාව නිදහස් කළාම මාව අමතක කරන්න එපා. අනේ, මට කරුණාව* පෙන්නන්න. මං ගැන පාරාවෝට කියලා මාව මේ හිරගෙදරින් නිදහස් කරන්න බලන්න. 15 ඇත්තටම මාව හෙබ්‍රෙව්වරුන්ගේ දේශයෙන්+ පැහැරගෙනයි මෙහෙට ගෙනාවේ. මාව මෙහෙම හිරේ* දාන්න මං කිසිම වරදක් කළේ නැහැ.”+

16 ඒ හීනෙන් අදහස් කරපු දේ හොඳයි කියලා යෝසෙප් කියපු දේවලින් රොටි හදන අයගේ ප්‍රධානියා තේරුම්ගත්තා. ඉතින් එයා යෝසෙප්ට මෙහෙම කිව්වා. “මාත් හීනයක් දැක්කා. මං මගේ ඔළුව උඩ කූඩ තුනක් තියාගෙන හිටියා. ඒ කූඩවල හොඳම රොටි තිබුණා. 17 උඩම කූඩේ පාරාවෝට කන්න එක එක වර්ගයේ රොටි ජාති තිබුණා. කුරුල්ලෝ ඇවිල්ලා ඒ කූඩයේ තිබුණ දේවල් කෑවා.” 18 එතකොට යෝසෙප් මෙහෙම කිව්වා. “ඔයාගේ හීනේ තේරුම මේකයි. කූඩ තුන කියන්නේ දවස් තුනක්. 19 තව දවස් තුනකින් පාරාවෝ ඔයාගේ හිස ගසා දාලා ඔයාව කණුවක එල්ලනවා. කුරුල්ලෝ ඇවිල්ලා ඔයාගේ මිනිය කනවා.”+

20 තුන්වෙනි දවසේ පාරාවෝගේ උපන් දිනය තිබුණා.+ එයා එයාගේ ඔක්කොම සේවකයන්ට එන්න කියලා ලොකු උත්සවයක් ලෑස්ති කළා. ඊටපස්සේ එයාගේ සේවකයන් ඉස්සරහට කුසලාන දරන්නන්ගේ ප්‍රධානියාවයි, රොටි හදන අයගේ ප්‍රධානියාවයි ගෙනාවා. 21 පාරාවෝ කුසලාන දරන්නන්ගේ ප්‍රධානියාව එයාගේ කලින් තනතුරටම ආයේ පත් කළා. එයා පාරාවෝගේ අතට ආයෙත් කුසලාන දෙන්න පටන්ගත්තා. 22 ඒත් පාරාවෝ රොටි හදන අයගේ ප්‍රධානියාව එල්ලලා දැම්මා.* යෝසෙප් හීනවල තේරුම පැහැදිලි කරලා දුන්න විදිහටම හැම දෙයක්ම වුණා.+ 23 ඒත් කුසලාන දරන්නන්ගේ ප්‍රධානියාට යෝසෙප්ව අමතක වෙලාම ගියා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න