ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එසකියෙල් පොතේ සාරාංශයක්

      • එසකියෙල්ට කන්න දෙවියන්ගේ ලියවිල්ල දුන්නා (1-15)

      • එසකියෙල්ව මුරකරුවෙක් විදිහට පත් කළා (16-27)

        • දේවල් සැහැල්ලුවට ගත්තොත් ලේවලට වග කියන්න වෙයි (18-21)

එසකියෙල් 3:1

හරස් යොමු දැක්වීම්

  • +එළි 10:9, 10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2022, 6 පි.

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    6/2017, 5 පි.

එසකියෙල් 3:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:103; යෙරෙ 15:16; එළි 10:9, 10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2022, 6 පි.

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    6/2017, 5 පි.

    මුරටැඹ,

    7/15/2008, 8 පි.

    7/1/2007, 12 පි.

එසකියෙල් 3:6

හරස් යොමු දැක්වීම්

  • +යෝනා 3:4, 5; මතෙ 11:21

එසකියෙල් 3:7

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 10:16
  • +නික් 34:9; යෙරෙ 3:3; 5:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2022, 3-5 පි.

එසකියෙල් 3:8

පාදසටහන්

  • *

    මූ.අ., “එයාලාගේ මූණු සහ නළල් දැඩි වෙලා තියෙන විදිහටම මම ඔයාගේ මූණ සහ නළලත් දැඩි කරනවා.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 1:18, 19; 15:20; මීකා 3:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2022, 4-5 පි.

එසකියෙල් 3:9

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 50:7
  • +යෙරෙ 17:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2022, 4-5 පි.

    මුරටැඹ,

    7/15/1992, 31 පි.

එසකියෙල් 3:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2022, 6 පි.

එසකියෙල් 3:11

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 24:12, 14
  • +එස 2:5

එසකියෙල් 3:12

පාදසටහන්

  • *

    හෙබ්‍රෙව් භාෂාවේ මෙතන පාවිච්චි කරලා තියෙන වචනයෙන් දෙවියන්ගේ බලය නැත්නම් දේවදූතයෙක් අදහස් වෙන්න පුළුවන්.

හරස් යොමු දැක්වීම්

  • +එස 8:3

එසකියෙල් 3:13

හරස් යොමු දැක්වීම්

  • +එස 1:24
  • +එස 10:16

එසකියෙල් 3:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2022, 5 පි.

එසකියෙල් 3:15

හරස් යොමු දැක්වීම්

  • +එස 1:3
  • +යෙරෙ 23:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2022, 5 පි.

    මුරටැඹ,

    7/1/2007, 13 පි.

එසකියෙල් 3:17

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 21:8; 62:6; යෙරෙ 6:17
  • +යෙසා 58:1; එස 33:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 7 පි.

එසකියෙල් 3:18

පාදසටහන්

  • *

    හෝ, “එයාගේ ලේවලට වන්දිය ඔයාට ගෙවන්න වෙනවා.”

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 2:40; 1තිමෝ 4:16
  • +එස 33:4
  • +එස 33:8

එසකියෙල් 3:19

හරස් යොමු දැක්වීම්

  • +එස 33:9; ක්‍රියා 18:6; 20:26

එසකියෙල් 3:20

පාදසටහන්

  • *

    හෝ, “අසාධාරණ දේවල්.”

  • *

    හෝ, “එයාගේ ලේවලට වන්දිය ඔයාට ගෙවන්න වෙනවා.”

හරස් යොමු දැක්වීම්

  • +එස 18:24, 26; 33:12, 18
  • +ලෙවී 19:17; එස 33:6; හෙබ්‍රෙ 13:17

එසකියෙල් 3:21

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 17:10; එස 33:14, 15; යාකො 5:19, 20

එසකියෙල් 3:23

හරස් යොමු දැක්වීම්

  • +එස 1:27, 28
  • +එස 1:1

එසකියෙල් 3:24

හරස් යොමු දැක්වීම්

  • +එස 2:2; දානි 10:19

එසකියෙල් 3:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/2003, 29 පි.

එසකියෙල් 3:27

හරස් යොමු දැක්වීම්

  • +එස 24:27; 33:22
  • +මතෙ 11:15
  • +යෙසා 30:9

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එස. 3:1එළි 10:9, 10
එස. 3:3ගීතා 119:103; යෙරෙ 15:16; එළි 10:9, 10
එස. 3:6යෝනා 3:4, 5; මතෙ 11:21
එස. 3:7ලූක් 10:16
එස. 3:7නික් 34:9; යෙරෙ 3:3; 5:3
එස. 3:8යෙරෙ 1:18, 19; 15:20; මීකා 3:8
එස. 3:9යෙසා 50:7
එස. 3:9යෙරෙ 17:18
එස. 3:112රාජා 24:12, 14
එස. 3:11එස 2:5
එස. 3:12එස 8:3
එස. 3:13එස 1:24
එස. 3:13එස 10:16
එස. 3:15එස 1:3
එස. 3:15යෙරෙ 23:9
එස. 3:17යෙසා 21:8; 62:6; යෙරෙ 6:17
එස. 3:17යෙසා 58:1; එස 33:7
එස. 3:18ක්‍රියා 2:40; 1තිමෝ 4:16
එස. 3:18එස 33:4
එස. 3:18එස 33:8
එස. 3:19එස 33:9; ක්‍රියා 18:6; 20:26
එස. 3:20එස 18:24, 26; 33:12, 18
එස. 3:20ලෙවී 19:17; එස 33:6; හෙබ්‍රෙ 13:17
එස. 3:21හිතෝ 17:10; එස 33:14, 15; යාකො 5:19, 20
එස. 3:23එස 1:27, 28
එස. 3:23එස 1:1
එස. 3:24එස 2:2; දානි 10:19
එස. 3:27එස 24:27; 33:22
එස. 3:27මතෙ 11:15
එස. 3:27යෙසා 30:9
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එසකියෙල් 3:1-27

එසකියෙල්

3 එතකොට ඔහු මට මෙහෙම කිව්වා. “මනුෂ්‍ය පුත්‍රය, මේ ලියවිල්ල කන්න. ඔයා ඉස්සරහා තියෙන මේ ලියවිල්ල කාලා ඊශ්‍රායෙල් සෙනඟ ළඟට යන්න.+ ගිහින් එයාලට කතා කරන්න.”

2 ඉතින් මං මගේ කට ඇරියා. එතකොට ඔහු මට ඒ ලියවිල්ල කන්න දුන්නා. 3 ඊටපස්සේ ඔහු මට මෙහෙම කිව්වා. “මනුෂ්‍ය පුත්‍රය, මං දෙන මේ ලියවිල්ල කාලා ඔයාගේ බඩ පුරවගන්න.” ඉතින් මං ඒක කන්න පටන්ගත්තා. ඒක මීපැණි වගෙයි.+

4 ඔහු මට මෙහෙම කිව්වා. “මනුෂ්‍ය පුත්‍රය, ඊශ්‍රායෙල් සෙනඟ අතරට ගිහින් මගේ පණිවිඩය එයාලට දැනුම් දෙන්න. 5 මං ඔයාව යවන්නේ තේරුම්ගන්න අමාරු, ඔයා දන්නේ නැති භාෂාවක් කතා කරන සෙනඟක් ළඟට නෙමෙයි, ඊශ්‍රායෙල් සෙනඟ ළඟටයි. 6 ඔයාව යවන්නේ තේරුම්ගන්න අමාරු, දන්නේ නැති භාෂාවක් කතා කරන ජාතීන් ළඟට නෙමෙයි. මම ඔයාව ඒ වගේ අය ළඟට යැව්වා නම් එයාලා ඔයාට ඇහුම්කන් දෙයි.+ 7 ඒත් ඊශ්‍රායෙල් සෙනඟ නම් ඔයාට කොහොමටවත් ඇහුම්කන් දෙන්නේ නැහැ. මොකද මට ඇහුම්කන් දෙන්න එයාලට කිසිම කැමැත්තක් නැහැ.+ මුළු ඊශ්‍රායෙල් සෙනඟම හරිම මුරණ්ඩු, දැඩි හිත් තියෙන සෙනඟක්.+ 8 එයාලා හරිම මුරණ්ඩු විදිහට අධිෂ්ඨානයක් අරන් තියෙනවා. මේ පැවරුම කරන්න මම ඔයාගේ හිතෙත් ඒ වගේම අධිෂ්ඨානයක් ඇති කරනවා.*+ 9 මම ඔයාගේ නළල ගිනිගලකටත් වඩා දැඩි කරනවා.+ දියමන්තියක් වගේ ශක්තිමත් කරනවා. ඒ නිසා එයාලටවත් එයාලාගේ මූණුවලටවත් බය වෙන්න එපා.+ මොකද එයාලා කැරලිකාර සෙනඟක්.”

10 ඊටපස්සේ ඔහු මට මෙහෙම කිව්වා. “මනුෂ්‍ය පුත්‍රය, මං කියන හැම වචනයකටම හොඳින් සවන් දීලා ඒවා හිතට ගන්න. 11 වහලුන් විදිහට ඉන්න ඔයාගේ සෙනඟ අතරට ගිහින්+ කියන්න ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා’ කියලා. එයාලා ඇහුම්කන් දුන්නත් නැතත් මං කියන දේවල් ඔයා එයාලට කියන්න.”+

12 එතකොට යම් බලයක්* මාව උස්සගෙන යනවා මට දැනුණා.+ මට පිටිපස්සෙන් ලොකු ශබ්දයක් එක්ක මෙහෙම කියන හඬක් මට ඇහුණා. “යෙහෝවාගේ තේජස නිසා ඔහුට ප්‍රශංසාව ලැබේවා! ඔහු වාසය කරන තැනින් ඒ ප්‍රශංසාව ලැබේවා!” 13 ඒ ලොකු ශබ්දයත් එක්ක ජීවීන්ගේ පියාපත් එකිනෙකට වදින ශබ්දයත්+ ඔවුන් ළඟින් තිබුණ රෝදවල ශබ්දයත් මට ඇහුණා.+ 14 ඒ බලය මාව අරන් ගියා. මමත් ලොකු දුකකින් සහ කේන්තියකින් ගියා. හරිම බලවත් විදිහට වැඩ කරපු යෙහෝවාගේ බලය මට මඟ පෙන්නුවා. 15 ඉතින් මම කේබාර් ගඟ අසල+ ටෙල්ආබිබ්වල වහලුන් විදිහට හිටපු සෙනඟ ළඟට ගියා. එයාලා ජීවත් වෙන ඒ තැනට ගිය මම දවස් හතක් ගල්ගැහිලා වගේ+ එයාලා අතරේ හිටියා.

16 දවස් හතකට පස්සේ යෙහෝවා මට මෙහෙම කිව්වා.

17 “මනුෂ්‍ය පුත්‍රය, මම ඔයාව ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙන් මුරකරුවෙක් විදිහට පත් කළා.+ ඔයාට මගෙන් පණිවිඩයක් ලැබුණාම ඔයා මගේ අනතුරු ඇඟවීම එයාලට දැනුම් දෙන්න ඕනේ.+ 18 ‘ඔබ අනිවාර්යයෙන්ම මැරෙනවා’ කියලා මම දුෂ්ටයෙක්ට කිව්වා කියලා හිතන්න. ඒත් ඔයා ඒ ගැන එයාට අනතුරු ඇඟෙව්වේ නැත්නම්, දුෂ්ට වැඩ අතහැරලා ජීවිතේ බේරගන්න කියලා එයාට කිව්වේ නැත්නම් එයා කරපු වැරදි නිසා එයා මැරෙයි.+ මොකද එයා දුෂ්ටයි.+ ඒත් එයාගේ ලේවලට ඔයා මට වග කියන්න ඕනේ.*+ 19 ඔයා දුෂ්ට කෙනෙක්ට අනතුරු ඇඟෙව්වා කියලා හිතන්න. ඒත් එයා දුෂ්ට වැඩ අතහරින්නෙවත් එයා යන දුෂ්ට මාර්ගයෙන් හැරිලා එන්නෙවත් නැහැ. එහෙම වුණොත් එයාගේ වැරදි නිසා එයා මැරෙයි. ඒත් ඔයාගේ ජීවිතේ බේරෙයි.+ 20 ධර්මිෂ්ඨ කෙනෙක් හරි දේ කරන එක අතහැරලා දාලා වැරදි දේ* කරනවා නම් එයාගේ පය පැටලිලා වැටෙන දෙයක් මම එයා ඉස්සරහින් තියනවා. ඒ නිසා එයා මැරෙයි.+ ඔයා එයාට අනතුරු ඇඟෙව්වේ නැති නිසා එයා කරපු වැරදිවලට එයා මැරෙනවා. එයා කරපු ධර්මිෂ්ඨ දේවල් මතක් කරන්නෙත් නැහැ. ඒත් එයාගේ ලේවලට ඔයා මට වග කියන්න ඕනේ.*+ 21 ඒත් වැරදි කරන්න එපා කියලා ඔයා ධර්මිෂ්ඨ කෙනාට අනතුරු ඇඟෙව්වාම එයා වැරදි කරන එක නතර කළොත් එයාට එයාගේ ජීවිතේ බේරගන්න පුළුවන්. ඒ අනතුරු ඇඟවීම නිසා එයාගේ ජීවිතේ බේරෙයි.+ ඔයාගේ ජීවිතෙත් බේරෙයි.”

22 එතන ඉද්දී යෙහෝවාගේ බලය මට ලැබුණා. ඔහු මට මෙහෙම කිව්වා. “දැන් තැනිතලාවට යන්න. මම එතනදී ඔයාට කතා කරන්නම්.” 23 ඉතින් මම තැනිතලාවට ගියා. එතන යෙහෝවාගේ තේජසින් පිරිලා තිබුණා.+ ඒක හරියට කේබාර් ගඟ ළඟදී මං දැක්ක තේජස වගෙයි.+ ඒ තේජස දැක්කාම මම දණින් වැටිලා ඔළුව බිමටම පහත් කළා. 24 එතකොට මට දෙවියන්ගේ බලය ලැබුණා. කෙළින් හිටගන්න ඒ බලය මාව පෙලඹුවා.+ දෙවියන් මට මෙහෙම කිව්වා.

“යන්න. ගිහින් ඔයාගේ ගෙදරට වෙලා ඉන්න. 25 මනුෂ්‍ය පුත්‍රය, සෙනඟ අතරට යන්න බැරි වෙන විදිහට එයාලා ඔයාව ලණුවලින් බඳිනවා. 26 මමත් ඔයාගේ දිව උඩු තල්ලේ ඇලෙන්න සලස්වනවා. එයාලට අවවාද කරන්න බැරි වෙන විදිහට ඔයා ගොළු වෙයි. මොකද එයාලා කැරලිකාර සෙනඟක්. 27 ඒත් මම ඔයාට කතා කරද්දී කතා කරන හැකියාව ආපහු මම ඔයාට දෙනවා.+ එතකොට ඔයා ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා’ කියලා සෙනඟට කියන්න. ඇහුම්කන් දෙන්න කැමති කෙනා ඇහුම්කන් දෙයි.+ ඇහුම්කන් දෙන්න අකමැති කෙනා ඇහුම්කන් නොදී හිටපුදෙන්. මොකද එයාලා කැරලිකාර සෙනඟක්.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න