ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 50
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති පොතේ සාරාංශයක්

      • යෝසෙප් යාකොබ්ව කානාන් දේශයේ තැන්පත් කරයි (1-14)

      • යෝසෙප් සමාව දුන්නා කියලා ස්ථිර කරයි (15-21)

      • යෝසෙප්ගේ ජීවිතේ අන්තිම දවස් සහ මරණය (22-26)

        • යෝසෙප්ගේ ඇටකටු ගැන එයා කරපු ඉල්ලීම (25)

උත්පත්ති 50:1

හරස් යොමු දැක්වීම්

  • +උත් 46:4

උත්පත්ති 50:2

පාදසටහන්

  • *

    හෝ, “මිනිය එම්බාම් කරන්න.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 50:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2002, 29-30 පි.

උත්පත්ති 50:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2002, 29-30 පි.

උත්පත්ති 50:4

පාදසටහන්

  • *

    හෝ, “ගෙයි වැසියන්ට.”

උත්පත්ති 50:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 48:21
  • +උත් 23:17, 18; 49:29, 30
  • +උත් 46:4; 47:29
  • +උත් 47:29-31

උත්පත්ති 50:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 47:31

උත්පත්ති 50:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 105:21, 22

උත්පත්ති 50:8

හරස් යොමු දැක්වීම්

  • +උත් 46:27

උත්පත්ති 50:9

හරස් යොමු දැක්වීම්

  • +උත් 41:43; 46:29

උත්පත්ති 50:11

පාදසටහන්

  • *

    තේරුම, “ඊජිප්තුවරුන්ගේ වැලපීම.”

උත්පත්ති 50:12

හරස් යොමු දැක්වීම්

  • +උත් 47:29

උත්පත්ති 50:13

හරස් යොමු දැක්වීම්

  • +උත් 23:17, 18; 25:9, 10; 35:27; 49:29, 30

උත්පත්ති 50:15

හරස් යොමු දැක්වීම්

  • +උත් 37:18, 28; 42:21; ගීතා 105:17

උත්පත්ති 50:18

හරස් යොමු දැක්වීම්

  • +උත් 37:7, 9

උත්පත්ති 50:20

හරස් යොමු දැක්වීම්

  • +උත් 37:18
  • +උත් 45:5; ගීතා 105:17

උත්පත්ති 50:21

හරස් යොමු දැක්වීම්

  • +උත් 47:12

උත්පත්ති 50:23

පාදසටහන්

  • *

    මූ.අ., “එයාලා යෝසෙප්ගේ දණිස් මත ඉපදුණා.”

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 7:20
  • +යොෂු 17:1; 1ලේක 7:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/1995, 21 පි.

උත්පත්ති 50:24

හරස් යොමු දැක්වීම්

  • +නික් 4:31
  • +උත් 12:7; 17:8; 26:3; 28:13

උත්පත්ති 50:25

හරස් යොමු දැක්වීම්

  • +නික් 13:19; යොෂු 24:32; හෙබ්‍රෙ 11:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2007, 28 පි.

උත්පත්ති 50:26

හරස් යොමු දැක්වීම්

  • +උත් 50:2

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

උත්. 50:1උත් 46:4
උත්. 50:2උත් 50:26
උත්. 50:5උත් 48:21
උත්. 50:5උත් 23:17, 18; 49:29, 30
උත්. 50:5උත් 46:4; 47:29
උත්. 50:5උත් 47:29-31
උත්. 50:6උත් 47:31
උත්. 50:7ගීතා 105:21, 22
උත්. 50:8උත් 46:27
උත්. 50:9උත් 41:43; 46:29
උත්. 50:12උත් 47:29
උත්. 50:13උත් 23:17, 18; 25:9, 10; 35:27; 49:29, 30
උත්. 50:15උත් 37:18, 28; 42:21; ගීතා 105:17
උත්. 50:18උත් 37:7, 9
උත්. 50:20උත් 37:18
උත්. 50:20උත් 45:5; ගීතා 105:17
උත්. 50:21උත් 47:12
උත්. 50:231ලේක 7:20
උත්. 50:23යොෂු 17:1; 1ලේක 7:14
උත්. 50:24නික් 4:31
උත්. 50:24උත් 12:7; 17:8; 26:3; 28:13
උත්. 50:25නික් 13:19; යොෂු 24:32; හෙබ්‍රෙ 11:22
උත්. 50:26උත් 50:2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
උත්පත්ති 50:1-26

උත්පත්ති

50 යෝසෙප් එයාගේ තාත්තාව බදාගෙන ඇඬුවා.+ 2 ඊටපස්සේ යෝසෙප් එයාගේ තාත්තාගේ මිනියට බෙහෙත් ගල්වන්න*+ කියලා එයා යටතේ සේවය කරපු වෛද්‍යවරුන්ට අණ කළා. වෛද්‍යවරු එයා කිව්ව විදිහටම කළා. 3 ඊශ්‍රායෙල්ගේ මිනියට බෙහෙත් ගල්වන්න දවස් 40ක් ගත වුණා. සාමාන්‍යයෙන් මිනියකට බෙහෙත් ගල්වන්න ඒ වගේ කාලයක් යනවා. ඊජිප්තුවරු ඊශ්‍රායෙල් වෙනුවෙන් දවස් 70ක් වැලපුණා.

4 වැලපෙන කාලේ ඉවර වුණාම යෝසෙප් පාරාවෝගේ නිලධාරීන්ට* කතා කරලා මෙහෙම කිව්වා. “මං වෙනුවෙන් පාරාවෝට මේ පණිවිඩය කියන්න පුළුවන්ද? 5 ‘මගේ තාත්තා මට මෙහෙම කිව්වා. “මං තව වැඩි දවසක් ඉන්නේ නැහැ.+ මං මැරුණාම මාව කානාන් දේශයේ+ මං සූදානම් කරපු සොහොන් බිමේ තැන්පත් කරනවා+ කියලා පොරොන්දු වෙන්න.”+ තාත්තාට වුණ පොරොන්දුව ඉටු කරන්න මට යන්න අවසර දෙන්න කියලා මං ඔබෙන් ඉල්ලනවා. මං ගිහින් තාත්තාව තැන්පත් කරලා ආපහු එන්නම්.’” 6 පාරාවෝ එයාට මෙහෙම දැන්නුවා. “ඔයාගේ තාත්තාට පොරොන්දු වුණ විදිහටම ගිහිල්ලා එයාව තැන්පත් කරන්න.”+

7 යෝසෙප් එයාගේ තාත්තාව තැන්පත් කරන්න පිටත් වෙලා ගියා. පාරාවෝගේ සේවකයෝ ඒ කියන්නේ රජමාලිගාවේ නිලධාරීනුයි,+ ඊජිප්තු දේශයේ හිටපු ප්‍රධානියෝයි එයා එක්ක ගියා. 8 යෝසෙප්ගේ ගෙදර හිටපු හැමෝමයි, එයාගේ සහෝදරයෝයි, එයාලාගේ ගෙවල්වල හිටපු හැමෝමයි, එයාගේ තාත්තාගේ ගෙදර හිටපු හැමෝමයි+ එයා එක්ක ගියා. එයාලා ගෝෂෙන් දේශයේ තියලා ගියේ කුඩා දරුවන් සහ සත්ව රැළවල් විතරයි. 9 අශ්ව රථ,+ අසරුවෝ ඇතුළු විශාල සෙනඟක් එයා එක්ක ගියා. 10 ඊටපස්සේ එයාලා ආතද්වල තිබුණ කමතට ආවා. ඒක තියෙන්නේ යොර්දාන් ගඟ ළඟ. එතනදී එයාලා හරිම දුකෙන් කෑගහලා ඇඬුවා. යෝසෙප් දවස් හතක් පුරා එයාගේ තාත්තා වෙනුවෙන් වැලපුණා. 11 දේශයේ පදිංචි වෙලා හිටපු කානානිවරු ආතද්වල තිබුණ කමතේ සෙනඟ වැලපෙන විදිහ දැකලා මෙහෙම කිව්වා. “ඊජිප්තුවරුන් වැලපෙන හැටි බලන්නකෝ.” යොර්දාන් ගඟ ළඟ තියෙන ඒ තැනට ආබෙල්මිෂ්‍රායිම්* කියන නම තිබ්බේ ඒ නිසයි.

12 යාකොබ් කියපු විදිහටම එයාගේ පුතාලා කළා.+ 13 එයාලා කානාන් දේශයට එයාගේ මිනිය අරගෙන ගිහින් මක්පේලාවල ඉඩමේ තිබුණ ගුහාවේ තැන්පත් කළා. සොහොන් බිමක් විදිහට පාවිච්චි කරන්න ආබ්‍රහම් හිත්තීවරයෙක් වුණ එෆ්‍රොන්ගෙන් මිල දීලා ගත්ත ඒ ඉඩම තිබුණේ මම්රේට කිට්ටුවෙන්.+ 14 යෝසෙප් එයාගේ තාත්තාව තැන්පත් කළාට පස්සේ එයාගේ සහෝදරයෝයි, අනිත් හැමෝමයි එක්ක ආපහු ඊජිප්තුවට ආවා.

15 තාත්තාගේ මරණයෙන් පස්සේ යෝසෙප්ගේ අයියලා මෙහෙම කතා වුණා. “යෝසෙප්ගේ හිතේ තාමත් අපි ගැන තරහක් තියෙනවාද දන්නෑ. එහෙම වුණොත් අපි එයාට කරපු දේට එයා අපෙන් පළිගනී.”+ 16 ඒ නිසා එයාලා යෝසෙප්ට මේ පණිවිඩය යැව්වා. “ඔයාගේ තාත්තා මැරෙන්න කලින් අණක් දුන්නා. 17 ‘ඔයාලා යෝසෙප්ට මෙහෙම කියන්න. “අනේ පුතේ, මගේ මේ ඉල්ලීම ඉටු කරන්න. ඔයාගේ අයියලා ඔයාට කරපු දේ වැරදියි. ඒත් එයාලට සමාව දෙන්න.”’ ඔයාගේ තාත්තාගේ දෙවියන්ගේ සේවකයන් වන අපි ඔයාගෙන් බැගෑපත්ව ඉල්ලන්නේ අපි කරපු වරදට සමාව දෙන්න කියලයි.” ඒක ඇහුවාම යෝසෙප් අඬන්න පටන්ගත්තා. 18 ඊටපස්සේ යෝසෙප්ගේ සහෝදරයෝ එයා ළඟට ඇවිල්ලා බිම වැටිලා “අපි ඔයාගේ දාසයෝ.+ ඔයා කැමති දෙයක් අපිට කරන්න” කියලා කිව්වා. 19 යෝසෙප් එයාලට මෙහෙම කිව්වා. “බය වෙන්න එපා. දෙවියන්ගේ තැන ගන්න මං කවුද? 20 ඔයාලා මට නපුරු දෙයක් කරන්න හැදුවත්+ දෙවියන් ඒකට ඉඩ දුන්නේ හොඳ හේතුවකට. ඔහු එහෙම කළේ ගොඩක් අයගේ ජීවිත බේරගන්න. ඒක හොඳටම පැහැදිලියි.+ 21 ඉතින් බය වෙන්න එපා. මම ඔයාලටයි, ඔයාලාගේ දරුවන්ටයි දිගටම කෑම දෙන්නම්.”+ ඒ විදිහට යෝසෙප් එයාලව සනසලා එයාලාගේ බය සැක නැති කළා.

22 යෝසෙප් සහ එයාගේ තාත්තාගේ පවුලේ අය දිගටම ඊජිප්තුවේ ජීවත් වුණා. යෝසෙප් අවුරුදු 110ක් ජීවත් වුණා. 23 යෝසෙප් එෆ්‍රායිම්ගේ දරු පරම්පරා තුනක් දැක්කා.+ මනස්සේගේ පුතා වුණ මාකීර්ගේ+ පුතාලාවත් දැක්කා. යෝසෙප් ඒ දරුවන්ව සැලකුවේ එයාගෙම දරුවන් විදිහට.* 24 කාලයක් ගියාම යෝසෙප් එයාගේ සහෝදරයන්ට මෙහෙම කිව්වා. “මං තව වැඩි කල් ජීවත් වෙන එකක් නැහැ. ඒත් දෙවියන් අනිවාර්යයෙන්ම ඔයාලට උදව් කරයි.+ ඔහු ඔයාලව මේ දේශයෙන් පිටතට අරන් යයි. ආබ්‍රහම්ටයි, ඊසාක්ටයි, යාකොබ්ටයි දෙන්න පොරොන්දු වුණ දේශයට අනිවාර්යයෙන්ම ඔයාලව ගෙනියයි.”+ 25 යෝසෙප් ඊශ්‍රායෙල්ගේ පුතාලට මෙහෙම කිව්වා. “දෙවියන් අනිවාර්යයෙන්ම ඔයාලට උදව් කරයි. ඔයාලා මේ දේශයෙන් පිටත් වෙලා යද්දී මගේ ඇටකටුත් මෙහෙන් අරන් යනවා කියලා මට පොරොන්දු වෙන්න.”+ 26 යෝසෙප් ඊජිප්තුවේදී මැරුණා. එතකොට එයාගේ වයස අවුරුදු 110යි. එයාලා එයාගේ මිනියට බෙහෙත් ගල්වලා+ මිනී පෙට්ටියක තිබ්බා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න