ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 39
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එසකියෙල් පොතේ සාරාංශයක්

      • ගොග්ගෙත් ඔහුගේ සේනාවෙත් විනාශය (1-10)

      • හාමොන්ගොග් නිම්නයේ මිනී වළලයි (11-20)

      • ඊශ්‍රායෙල් සෙනඟව ආපහු රැස් කරයි (21-29)

        • දෙවියන්ගේ බලය ඊශ්‍රායෙල් සෙනඟට ලැබෙනවා (29)

එසකියෙල් 39:1

හරස් යොමු දැක්වීම්

  • +එස 38:2
  • +එස 27:13; 32:26

එසකියෙල් 39:2

හරස් යොමු දැක්වීම්

  • +එස 38:4, 15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 282-283 පි.

එසකියෙල් 39:4

හරස් යොමු දැක්වීම්

  • +එස 38:21
  • +එළි 19:17, 18

එසකියෙල් 39:5

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 25:33

එසකියෙල් 39:6

හරස් යොමු දැක්වීම්

  • +එස 38:22

එසකියෙල් 39:7

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 6:3
  • +එස 38:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/2012, 21 පි.

එසකියෙල් 39:9

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “සැරයටි.” යුධ අවියක් විදිහට පාවිච්චි කරපු උලක් තියෙන දණ්ඩක්.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 46:9

එසකියෙල් 39:11

පාදසටහන්

  • *

    හෝ, “ගොග්ගේ සෙනඟගේ නිම්නය.”

හරස් යොමු දැක්වීම්

  • +එස 38:2
  • +එස 39:15

එසකියෙල් 39:12

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 21:22, 23

එසකියෙල් 39:13

හරස් යොමු දැක්වීම්

  • +එස 38:16

එසකියෙල් 39:15

හරස් යොමු දැක්වීම්

  • +එස 39:11

එසකියෙල් 39:16

පාදසටහන්

  • *

    තේරුම, “සෙනඟ.”

හරස් යොමු දැක්වීම්

  • +එස 39:12

එසකියෙල් 39:17

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 34:6-8; යෙරෙ 46:10; ශෙප 1:7
  • +එළි 19:17, 18

එසකියෙල් 39:20

හරස් යොමු දැක්වීම්

  • +එස 38:4-6; හග් 2:22; එළි 19:17, 18

එසකියෙල් 39:21

හරස් යොමු දැක්වීම්

  • +නික් 7:4; 14:4; යෙසා 37:20; එස 38:16; මලා 1:11

එසකියෙල් 39:23

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 7:21, 22
  • +ද්වි 31:18; යෙසා 59:2
  • +ලෙවී 26:24, 25; ද්වි 32:30; ගීතා 106:40, 41

එසකියෙල් 39:25

පාදසටහන්

  • *

    හෝ, “මගේ ශුද්ධ නමට මුල් තැන දෙන්න.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 30:3; එස 34:13
  • +හොෂෙ 1:11; සෙක 1:16
  • +එස 36:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 7 පි.

එසකියෙල් 39:26

හරස් යොමු දැක්වීම්

  • +දානි 9:16
  • +ලෙවී 26:5, 6

එසකියෙල් 39:27

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 30:10; ආමො 9:14; ශෙප 3:20
  • +යෙසා 5:16; එස 36:23

එසකියෙල් 39:28

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 30:4

එසකියෙල් 39:29

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 45:17; 54:8; යෙරෙ 29:14
  • +යෙසා 32:14, 15; යෝවෙ 2:28

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එස. 39:1එස 38:2
එස. 39:1එස 27:13; 32:26
එස. 39:2එස 38:4, 15
එස. 39:4එස 38:21
එස. 39:4එළි 19:17, 18
එස. 39:5යෙරෙ 25:33
එස. 39:6එස 38:22
එස. 39:7යෙසා 6:3
එස. 39:7එස 38:16
එස. 39:9ගීතා 46:9
එස. 39:11එස 38:2
එස. 39:11එස 39:15
එස. 39:12ද්වි 21:22, 23
එස. 39:13එස 38:16
එස. 39:15එස 39:11
එස. 39:16එස 39:12
එස. 39:17යෙසා 34:6-8; යෙරෙ 46:10; ශෙප 1:7
එස. 39:17එළි 19:17, 18
එස. 39:20එස 38:4-6; හග් 2:22; එළි 19:17, 18
එස. 39:21නික් 7:4; 14:4; යෙසා 37:20; එස 38:16; මලා 1:11
එස. 39:232ලේක 7:21, 22
එස. 39:23ද්වි 31:18; යෙසා 59:2
එස. 39:23ලෙවී 26:24, 25; ද්වි 32:30; ගීතා 106:40, 41
එස. 39:25යෙරෙ 30:3; එස 34:13
එස. 39:25හොෂෙ 1:11; සෙක 1:16
එස. 39:25එස 36:21
එස. 39:26දානි 9:16
එස. 39:26ලෙවී 26:5, 6
එස. 39:27යෙරෙ 30:10; ආමො 9:14; ශෙප 3:20
එස. 39:27යෙසා 5:16; එස 36:23
එස. 39:28ද්වි 30:4
එස. 39:29යෙසා 45:17; 54:8; යෙරෙ 29:14
එස. 39:29යෙසා 32:14, 15; යෝවෙ 2:28
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එසකියෙල් 39:1-29

එසකියෙල්

39 “මනුෂ්‍ය පුත්‍රය, ගොග්ට විරුද්ධව ඔයා මේ අනාවැකිය කියන්න.+ ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. “මෙෂෙක් සහ තූබල්වල+ ප්‍රධාන අධිපතියා වන ගොග්, මම ඔබේ සතුරෙක් වෙනවා. 2 මම ඔබ යන දිශාව වෙනස් කරලා වෙන පැත්තකට ඔබව ඇදගෙන යනවා. උතුරේ දුර ඈත කෙළවරේ ඉඳන් පිටත් වෙලා එන්න මම ඔබව පොලඹවනවා.+ ඊශ්‍රායෙල් කඳුකරයට මම ඔබව ගේනවා. 3 මම ඔබේ වම් අතේ තියෙන දුන්නටත් දකුණු අතේ තියෙන ඊතලවලටත් ගහලා ඒවා බිමට වට්ටනවා. 4 ඊශ්‍රායෙල් කඳුකරයේ ඔබ මැරිලා වැටෙයි.+ ඔබත් එක්කම ඔබේ හමුදාවනුයි, ඔබට එකතු වුණ සෙනඟයි මැරිලා වැටෙයි. මම ඔබව මළ කුණු කන හැම කුරුල්ලෙක්ටමයි, හැම වනසතෙක්ටමයි කෑම විදිහට දෙනවා.”’+

5 “‘ඔබ එළිමහනේ ඇදගෙන වැටෙයි.+ මොකද ඒ දේ කිව්වේ මමයි’ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.

6 “‘මම මාගොග් දේශයටත් දූපත්වල බයක් සැකක් නැතුව ජීවත් වෙන සෙනඟටත් විරුද්ධව ගින්නක් එවනවා.+ එතකොට මම යෙහෝවා කියලා පිළිගන්න සෙනඟට සිද්ධ වෙනවා. 7 මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ට මගේ ශුද්ධ නම ගැන මම දැනගන්න සලස්වනවා. මගේ ශුද්ධ නම තවදුරටත් නින්දාවට පත් වෙන්න මම ඉඩ දෙන්නේ නැහැ. ඊශ්‍රායෙල් දේශයේ ශුද්ධ තැනැත්තා+ වන මම යෙහෝවා කියලා පිළිගන්න ජාතීන්ට සිද්ධ වෙනවා.’+

8 “‘මම කියපු ඒ දවස අනිවාර්යයෙන්ම එනවා. කියපු දේ අනිවාර්යයෙන්ම ඉටු වෙනවා’ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා. ‘මම කතා කළේ මේ දවස ගැනයි. 9 ඊශ්‍රායෙල් දේශයේ නගරවල ඉන්න අය එළියට ඇවිත් ගිනි අවුළුවන්න විශාල පලිස්, කුඩා පලිස්, දුනු, ඊතල, හෙල්ල සහ මුගුරු* එකතු කරයි. ඔවුන් අවුරුදු හතක් තිස්සේ ඒ ආයුධවලින් ගිනි අවුළුවයි.+ 10 ගිනි අවුළුවන්න එළිමහනට ගිහින් කෝටු කෑලි එකතු කරන්නවත් කැලෑවලට ගිහින් දර හොයන්නවත් ඔවුන්ට ඕනෙ වෙන්නේ නැහැ. මොකද ඔවුන් ගිනි අවුළුවන්න පාවිච්චි කරන්නේ යුධායුධ.’

“‘තමන්ගෙන් කොල්ල කාපු අයගෙන් ඔවුන් කොල්ල කනවා. තමන්ගෙන් දේවල් පැහැරගත්ත අයගෙන් ඔවුන් දේවල් පැහැරගන්නවා’ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.

11 “‘ඒ දවසේදී මම ගොග්ව+ වළලන්න තැනක් ඊශ්‍රායෙල් දේශයේ ලෑස්ති කරනවා. ඒක මුහුදට නැඟෙනහිරෙන් තියෙන, මිනිස්සු ගමන්බිමන් යන්න පාවිච්චි කරන නිම්නයයි. ඒත් එදාට කාටවත් ඒක හරහා යන්න බැරි වෙයි. ගොග්වයි, ඔහුගේ සෙනඟවයි වළලන්නේ එතනයි. ඔවුන් එතනට හාමොන්ගොග් නිම්නය* කියලා කියයි.+ 12 දේශය පවිත්‍ර කරන්න ඊශ්‍රායෙල් සෙනඟට මාස හතක් තිස්සේ ඔවුන්ව වළලන්න වෙයි.+ 13 ඔවුන්ව වළලන්න දේශයේ ඉන්න හැමෝම හවුල් වෙයි. මම මාව ගෞරවයට පත් කරන දවසේදී ඔවුන් කරන ඒ වැඩේ නිසා ඔවුන්ටත් ගෞරවයක් ලැබෙයි’+ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.

14 “‘නිතරම දේශය පුරා ගිහිල්ලා මළ කඳන් ඉතුරු වෙලා තියෙනවාද කියලා බලලා ඒවා වළලන්න පුරුෂයන්ව පත් කරයි. එහෙම කරන්නේ දේශය පවිත්‍ර කරන්නයි. ඔවුන් මාස හතක් තිස්සේ ඒ විදිහට මළ කඳන් හොයයි. 15 දේශය පුරා යන ඒ අයට මිනිසෙක්ගේ ඇටකටුවක් හම්බ වුණාම ඔවුන් ඒක ළඟ ලකුණක් දායි. ඊටපස්සේ වළලන වැඩේට පත් කරලා තියෙන අය ඒවා හාමොන්ගොග් නිම්නයේ වළලයි.+ 16 එතන හාමොනා* කියන නමින් නගරයකුත් තියෙනවා. ඔවුන් දේශය පවිත්‍ර කරයි.’+

17 “මනුෂ්‍ය පුත්‍රය, ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. ‘හැම ජාතියකම කුරුල්ලන්ටයි, වනසතුන්ටයි මෙහෙම කියන්න. “රංචු පිටින් එන්න. මම ඔබ වෙනුවෙන් ලෑස්ති කරන මගේ පූජාව වටේට එක් රොක් වෙන්න. ඒක ඊශ්‍රායෙල් කඳුකරයේ තියෙන අතිවිශාල පූජාවක්.+ ඔබ මස් කාලා, ලේ බොයි.+ 18 බැටළුවන්, බැටළු පැටව්, එළුවන් සහ ගවයන් වන බලවත් අයගේ මස් ඔබ කයි. පොළොවේ ඉන්න අධිපතීන්ගේ ලේ බොයි. ඔවුන් හැමෝම බාෂාන්වල හොඳ මහතට හැදුණු සත්තු. 19 ඔබ තෙල් කෑලි ඔක්කොම ගිලලා දාලා, ලේ බොයි. මම ඔබට ලෑස්ති කරන පූජාවෙන් ඔබ ඒ විදිහට කාලා බීලා මත් වෙයි.”’

20 “‘ඔබ මගේ මේසයේදී අශ්වයන්ගේ, අශ්ව රථ පදවන්නන්ගේ, බලවතුන්ගේ සහ යුධ දක්ෂයන්ගේ මස්වලින් බඩ කට පුරවගනියි’+ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.

21 “‘මම මගේ තේජස ජාතීන් අතරේ දකින්න සලස්වනවා. මම තීන්දුවක් දීලා ඒක ඉටු කරපු විදිහ හැම ජාතියක්ම දකියි. මම ඔවුන් අතරේ කරන දේ නිසා මගේ බලය මොන තරම්ද කියලා ඔවුන් තේරුම්ගනියි.+ 22 ඒ දවසේ ඉඳන් ඊශ්‍රායෙල් සෙනඟට පිළිගන්න සිද්ධ වෙනවා යෙහෝවා වන මම ඔවුන්ගේ දෙවියන් කියලා. 23 ඊශ්‍රායෙල් සෙනඟ වහල්කමට ගියේ ඔවුන්ගෙම වැරදි නිසයි කියලත් ඔවුන් මට ද්‍රෝහි වුණ නිසයි කියලත් ජාතීන්ට තේරුම්ගන්න වෙනවා.+ ඉතින් මම මගේ මූණ ඔවුන්ගෙන් අහකට හරවගෙන+ ඔවුන්ව සතුරන්ගේ අතට භාර දුන්නා.+ ඒ නිසා ඔවුන් හැමෝම කඩුවෙන් මැරුම් කෑවා. 24 ඔවුන් කරපු අපවිත්‍ර දේවල් සහ වැරදි වැඩවලට ලැබෙන්න ඕනෙ දඬුවම මම ඔවුන්ට දුන්නා. මම මගේ මූණත් ඔවුන්ගෙන් අහකට හරවගත්තා.’

25 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා දැන් මෙහෙම කියනවා. ‘වහල්ලු වෙලා ඉන්න යාකොබ්ගෙන් පැවතෙන අයව මම ආපහු ඔවුන්ගේ දේශයට අරන් එනවා.+ මම මුළු ඊශ්‍රායෙල් සෙනඟටම දයාව පෙන්නනවා.+ මම හරිම උද්‍යෝගයෙන් මගේ ශුද්ධ නම ආරක්ෂා කරන්න* පියවර ගන්නවා.+ 26 මට අවිශ්වාසවන්ත වෙලා කරපු හැම දේකටම ඔවුන් නින්දා විඳියි.+ ඒත් ඊටපස්සේ ඔවුන් බයක් සැකක් නැතුව ඔවුන්ගේ දේශයේ ජීවත් වෙයි. කවුරුත් ඔවුන්ව බයගන්වන්නේ නැහැ.+ 27 ජාතීන් අතරෙනුත් ඔවුන්ගේ සතුරන්ගේ දේශවලිනුත් මම ඔවුන්ව එකට එකතු කරලා ආපහු අරගෙන එනවා.+ මම ඔවුන් වෙනුවෙන් කරන ඒ දේ දකිද්දී මම ශුද්ධ දෙවි කෙනෙක් කියලා හුඟක් ජාතීන් තේරුම්ගනියි.’+

28 “‘මම ඊශ්‍රායෙල් සෙනඟව ජාතීන් අතරට වහල්ලු විදිහට යවද්දීත් ඔවුන්ගෙන් එක් කෙනෙක්වත් අතහරින්නේ නැතුව ආපහු ඔවුන්ගේ දේශයට ගේද්දීත් මම ඔවුන්ගේ දෙවි වන යෙහෝවා කියලා පිළිගන්න ඔවුන්ට සිද්ධ වෙනවා.+ 29 මම කලින් වගේ ඔවුන්ගෙන් මගේ මූණ අහකට හරවගන්නේ නැහැ.+ මොකද මම මගේ බලය ඊශ්‍රායෙල් සෙනඟට දෙනවා’+ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න