ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • සෙකරියා 13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

සෙකරියා පොතේ සාරාංශයක්

      • වෙනත් දෙවිවරුන්ගේ රූප සහ බොරු අනාගතවක්තෘවරුන්ව නැති කරලා දායි (1-6)

        • බොරු අනාගතවක්තෘවරු ලැජ්ජා වෙයි (4-6)

      • එඬේරාට පහර දෙයි (7-9)

        • තුනෙන් එකක් පවිත්‍ර කරයි (9)

සෙකරියා 13:1

හරස් යොමු දැක්වීම්

  • +එස 36:25, 29

සෙකරියා 13:2

පාදසටහන්

  • *

    මූ.අ., “අපවිත්‍ර බලවේගයන්.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:13
  • +ද්වි 13:5

සෙකරියා 13:3

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 13:6-9; 18:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/2007, 11 පි.

සෙකරියා 13:4

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 1:8; මතෙ 3:4

සෙකරියා 13:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2015, 15 පි.

සෙකරියා 13:6

පාදසටහන්

  • *

    මූ.අ., “අත් දෙක අතරේ.” ඒ කියන්නේ පිටේ නැත්නම් පපුවේ.

  • *

    හෝ, “මට ආදරේ කරන අයගේ.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 30 පි.

සෙකරියා 13:7

හරස් යොමු දැක්වීම්

  • +එස 34:23; මීකා 5:4; යොහ 10:11; හෙබ්‍රෙ 13:20
  • +යෙසා 53:8; දානි 9:26; ක්‍රියා 3:18
  • +මතෙ 26:31, 55, 56; මාක් 14:27, 50; යොහ 16:32

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 146 ලිපිය

    මුරටැඹ,

    8/15/2011, 13 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 29-30 පි.

සෙකරියා 13:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/2007, 11 පි.

සෙකරියා 13:9

හරස් යොමු දැක්වීම්

  • +මලා 3:2, 3
  • +යෙරෙ 30:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/2007, 11 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

සෙක. 13:1එස 36:25, 29
සෙක. 13:2නික් 23:13
සෙක. 13:2ද්වි 13:5
සෙක. 13:3ද්වි 13:6-9; 18:20
සෙක. 13:42රාජා 1:8; මතෙ 3:4
සෙක. 13:7එස 34:23; මීකා 5:4; යොහ 10:11; හෙබ්‍රෙ 13:20
සෙක. 13:7යෙසා 53:8; දානි 9:26; ක්‍රියා 3:18
සෙක. 13:7මතෙ 26:31, 55, 56; මාක් 14:27, 50; යොහ 16:32
සෙක. 13:9මලා 3:2, 3
සෙක. 13:9යෙරෙ 30:22
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
සෙකරියා 13:1-9

සෙකරියා

13 “ඒ කාලයේදී, දාවිත්ගේ පෙළපතේ අයයි, යෙරුසලමේ වැසියනුයි කරපු අපවිත්‍ර දේවල් සහ පව් සෝදාහරින්න ළිඳක් හාරයි.”+

2 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. “ඒ කාලයේදී මම දේශයේ තියෙන වෙනත් දෙවිවරුන්ගේ රූප+ නැත්තටම නැති කරලා දානවා. මිනිසුන්ට ඒ දෙවිවරුන්ව අමතක වෙලාම යයි. බොරු අනාගතවක්තෘවරුන්වත්+ භූතයන්ගේ බලපෑමත්* මම දේශයෙන් නැති කරලා දානවා. 3 ඒකෙන් පස්සේ කවුරු හරි බොරු අනාවැකි කිව්වොත් ඔහුගේ අම්මායි, තාත්තායි ඔහුට මෙහෙම කියයි. ‘ඔයා යෙහෝවාගේ නමින් බොරු අනාවැකි කිව්ව නිසා ඔයා ජීවත් වෙන්න වටින්නේ නැහැ.’ ඊටපස්සේ ඔහුගේ අම්මායි, තාත්තායි ඔහුට පිහියකින් ඇනලා ඔහුව මරලා දායි.+

4 “ඒ කාලයේදී, බොරු අනාගතවක්තෘවරු අනාවැකි කියද්දී තමන් දැක්ක දර්ශන ගැන ලැජ්ජා වෙයි. ඔවුන් කලින් කළා වගේ මිනිසුන්ව රවට්ටන්න ලොම්වලින් හදපු නිලඇඳුම්+ අඳින්නේ නැහැ. 5 ඔවුන් මෙහෙම කියයි. ‘මම අනාගතවක්තෘවරයෙක් නෙවෙයි. මම ගොවියෙක්. මං තරුණ කාලේ කෙනෙක් සල්ලි දීලා මාව දාසකමට ගත්තා.’ 6 කෙනෙක් එයාගෙන් ඇහුවොත් ‘ඔයාගේ ඇඟේ* මේ වගේ තුවාල තියෙන්නේ ඇයි’ කියලා එයා මෙහෙම කියයි. ‘මගේ යාළුවන්ගේ* ගෙදර ඉද්දියි මට මෙහෙම වුණේ.’”

 7 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා.

“කඩුව, මං පත් කරපු එඬේරාට+ විරුද්ධව නැඟී ඉන්න.

මාත් එක්ක කිට්ටුවෙන් වැඩ කරපු යාළුවාට පහර දෙන්න.

එඬේරාට පහර දීලා+ රැළේ බැටළුවන්ට හැම තැනටම විසිරිලා යන්න හරින්න.+

වැදගත්කමින් අඩු අයව මම හික්මවනවා.”

 8 යෙහෝවා දෙවියන් මෙහෙමත් කියනවා.

“දේශයේ ඉන්න අයගෙන් තුනෙන් දෙකක් විනාශ වෙයි.

බේරිලා ජීවත් වෙන්නේ තුනෙන් එකක් විතරයි.

 9 ඒ තුනෙන් එක මම ගිනි මැදින් අරන් එනවා.

මම ඔවුන්ව රිදී පවිත්‍ර කරනවා වගේ පවිත්‍ර කරනවා.

රන් සෝදිසි කරනවා වගේ සෝදිසි කරනවා.+

ඔවුන් මගේ නම කියලා දිගටම මට කන්නලව් කරයි.

මමත් ඔවුන්ට උත්තර දෙනවා.

‘මේ මගේ සෙනඟ’ කියලා මම ඔවුන් ගැන කියනවා.+

ඔවුනුත් ‘යෙහෝවායි අපේ දෙවියන්’ කියලා කියයි.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න