ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 රාජාවලිය පොතේ සාරාංශයක්

      • අහසියාගේ මරණය ගැන එලියා කියයි (1-18)

2 රාජාවලිය 1:1

හරස් යොමු දැක්වීම්

  • +උත් 19:36, 37; 2සාමු 8:2; ගීතා 60:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (1රාජා–2ලේක), 9 පි.

2 රාජාවලිය 1:2

පාදසටහන්

  • *

    මෙතන කතා කරන්නේ හිරු එළිය වැටෙන්න ලී පටි ගහලා වහලේ හදලා තිබුණ විවෘත කොටසක් ගැන වෙන්න පුළුවන්.

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 13:2, 3; 1සාමු 5:10
  • +2රාජා 1:16

2 රාජාවලිය 1:3

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 17:1; 18:36
  • +යෙසා 8:19; යෙරෙ 2:11

2 රාජාවලිය 1:6

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 10:13, 14

2 රාජාවලිය 1:8

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 19:19; සෙක 13:4; හෙබ්‍රෙ 11:32, 37
  • +මතෙ 3:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්, 1 ලිපිය

2 රාජාවලිය 1:9

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 33:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්, 1 ලිපිය

2 රාජාවලිය 1:10

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 11:1; 16:35; ලූක් 9:54; යූද් 7

2 රාජාවලිය 1:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්, 1 ලිපිය

2 රාජාවලිය 1:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්, 1 ලිපිය

2 රාජාවලිය 1:16

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 13:2, 3
  • +2රාජා 1:3

2 රාජාවලිය 1:17

පාදසටහන්

  • *

    ඒ කියන්නේ අහසියාගේ මල්ලි.

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 3:1; 9:22
  • +2රාජා 8:16

2 රාජාවලිය 1:18

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 22:51

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 රාජා. 1:1උත් 19:36, 37; 2සාමු 8:2; ගීතා 60:8
2 රාජා. 1:2යොෂු 13:2, 3; 1සාමු 5:10
2 රාජා. 1:22රාජා 1:16
2 රාජා. 1:31රාජා 17:1; 18:36
2 රාජා. 1:3යෙසා 8:19; යෙරෙ 2:11
2 රාජා. 1:61ලේක 10:13, 14
2 රාජා. 1:81රාජා 19:19; සෙක 13:4; හෙබ්‍රෙ 11:32, 37
2 රාජා. 1:8මතෙ 3:4
2 රාජා. 1:9ද්වි 33:1
2 රාජා. 1:10ගණන් 11:1; 16:35; ලූක් 9:54; යූද් 7
2 රාජා. 1:16යොෂු 13:2, 3
2 රාජා. 1:162රාජා 1:3
2 රාජා. 1:172රාජා 3:1; 9:22
2 රාජා. 1:172රාජා 8:16
2 රාජා. 1:181රාජා 22:51
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 රාජාවලිය 1:1-18

දෙවෙනි රාජාවලිය

1 ආහබ්ගේ මරණයෙන් පස්සේ මෝවබ්වරු+ ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව කැරලිගැහුවා.

2 ඒ කාලේදී තමයි අහසියා සමාරියේ තිබුණ එයාගේ මාලිගාවේ උඩුමහල් කාමරයේ තැනකින්* වැටිලා හොඳටම තුවාල වුණේ. ඉතින් එයා පණිවිඩකරුවන් කීපදෙනෙක්ට එන්න කියලා එයාලට මෙහෙම කිව්වා. “එක්‍රොන්වල+ දෙවියන් වන බාල්සේබුබ් ළඟට ගිහින් මට සනීප වෙයිද කියලා අහන්න.”+ 3 ඒත් යෙහෝවා දෙවියන්ගේ දූතයෙක් තිෂ්බේවල හිටපු එලියාට+ මෙහෙම කිව්වා. “දැන් ගිහින් සමාරියේ රජගේ පණිවිඩකරුවන්ව හම්බ වෙලා එයාලාගෙන් මේක අහන්න. ‘ඊශ්‍රායෙල්වල දෙවි කෙනෙක් නැති හින්දාද ඔයාලා එක්‍රොන්වල බාල්සේබුබ් ගාවට යන්නේ?+ 4 ඒ නිසා යෙහෝවා දෙවියන් රජට මෙහෙම කියනවා. “ඔයා ඉන්න ඇඳෙන් කවදාවත් ඔයාට බහින්න වෙන්නේ නැහැ. ඔයා මැරෙනවා.”’” ඉතින් කියපු දේ එලියා කළා.

5 පණිවිඩකරුවන් ආපහු ඇවිල්ලා කියලා රජ දැක්ක ගමන්ම “ඔයාලා මෙච්චර ඉක්මනට ආවේ කොහොමද” කියලා ඇහුවා. 6 එතකොට එයාලා මෙහෙම කිව්වා. “මනුස්සයෙක් අපිව හම්බ වෙන්න ඇවිත් මෙහෙම කිව්වා. ‘ඔයාලව එව්ව රජ ළඟට ගිහිල්ලා කියන්න “‘ඊශ්‍රායෙල්වල දෙවි කෙනෙක් නැති හින්දාද ඔයා මේ අයව එක්‍රොන්වල බාල්සේබුබ් ගාවට යවන්නේ? ඔයා කරපු දේ නිසා ඔයා ඉන්න ඇඳෙන් කවදාවත් ඔයාට බහින්න වෙන්නේ නැහැ. ඔයා මැරෙනවා’ කියලා යෙහෝවා කියනවා.”’”+ 7 එතකොට අහසියා එයාලාගෙන් මෙහෙම ඇහුවා. “ඔයාලව හම්බ වෙලා මේ දේවල් කියපු මනුස්සයා මොන වගේද?” 8 එයාලා අහසියාට කිව්වා “ඒ මනුස්සයා ලොම් තියෙන ඇඳුමක් ඇඳගෙන,+ ඉණ වටේ හම් පටියක් බැඳගෙන හිටියා”+ කියලා. ඒක අහපු ගමන්ම අහසියා “ඒ නම් තිෂ්බේවල එලියා තමයි” කියලා කිව්වා.

9 ඊටපස්සේ රජ සෙබළු 50දෙනෙක්ව එයාලාගේ නායකයාත් එක්කම එලියාව හම්බ වෙන්න යැව්වා. ඒ වෙලාවේ එලියා හිටියේ කන්ද උඩ ඉඳගෙන. ඉතින් නායකයා කන්ද නැඟලා එලියා ළඟට ගිහිල්ලා මෙහෙම කිව්වා. “සැබෑ දෙවියන්ගේ පණිවිඩකරු+ වන ඔයාට ‘කන්දෙන් බැහැලා එන්න’ කියලා රජතුමා කියනවා.” 10 ඒත් එලියා ඒ 50දෙනාගේ නායකයාට මෙහෙම කිව්වා. “ඔයා කිව්වා හරි. මං ඇත්තටම දෙවියන්ගේ පණිවිඩකරුවෙක්. දැන් අහසෙන් ගින්නක් ඇවිත්+ ඔයාවයි, ඔයා එක්ක ඉන්න 50දෙනාවයි පුච්චලා දායි.” ඒ වෙලාවෙම අහසෙන් ගින්නක් ඇවිත් එයාවයි, සෙබළු 50දෙනාවයි පුච්චලා දැම්මා.

11 ඉතින් රජ තවත් සෙබළු 50දෙනෙක්ව එයාලාගේ නායකයාත් එක්කම එලියා ළඟට යැව්වා. ඒ නායකයාත් එලියාට මෙහෙම කිව්වා. “සැබෑ දෙවියන්ගේ පණිවිඩකරු වන ඔයාට ‘ඉක්මනට කන්දෙන් බැහැලා එන්න’ කියලා රජතුමා කියනවා.” 12 ඒත් එලියා එයාලට මෙහෙම කිව්වා. “ඔයා කිව්වා හරි. මං ඇත්තටම සැබෑ දෙවියන්ගේ පණිවිඩකරුවෙක්. දැන් අහසෙන් ගින්නක් ඇවිත් ඔයාවයි, ඔයා එක්ක ඉන්න 50දෙනාවයි පුච්චලා දායි.” ඒ වෙලාවෙම දෙවියන් අහසෙන් ගින්නක් එවලා එයාවයි, සෙබළු 50දෙනාවයි පුච්චලා දැම්මා.

13 ඊටපස්සේ රජ තුන්වෙනි පාරටත් සෙබළු 50දෙනෙක්ව එයාලාගේ නායකයාත් එක්ක යැව්වා. ඒ කණ්ඩායමේ නායකයා කන්ද උඩට ගිහින් එලියා ඉස්සරහා දණගහලා ඔළුව පහත් කරලා බැගෑපත් වෙලා එලියාට මෙහෙම කිව්වා. “අනේ, සැබෑ දෙවියන්ගේ පණිවිඩකරු වන ඔයාගෙන් මං ඉල්ලන්නේ මගේ ජීවිතෙයි, ඔයාගේ සේවකයන් වන මේ 50දෙනාගේ ජීවිතයි විනාශ කරන්න එපා කියලයි. 14 ඔයාව හම්බ වෙන්න කලින් සැරේ ආපු නායකයන් දෙන්නායි, එයාලාගේ කණ්ඩායම් දෙකේ හිටපු අයයි අහසෙන් ආපු ගින්නෙන් පිච්චිලා ගියා. අනේ, මට අනුකම්පා කරන්න. මගේ ජීවිතේට මුකුත් කරන්න එපා.”

15 ඒ වෙලාවෙම යෙහෝවා දෙවියන්ගේ දූතයා එලියාට මෙහෙම කිව්වා. “එයාට බය වෙන්න එපා. කන්දෙන් බැහැලා එයාත් එක්ක යන්න.” ඉතින් එලියා කන්දෙන් බැහැලා රජ ළඟට ගියා. 16 ඊටපස්සේ එලියා රජට මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියන් කියන්නේ මේකයි. ‘ඔයාට මොකද වෙන්නේ කියලා දැනගන්න ඔයා එක්‍රොන්වල+ බාල්සේබුබ් ළඟට මිනිස්සුන්ව යැව්වා. එහෙම කළේ ඊශ්‍රායෙල්වල දෙවි කෙනෙක් නැති හින්දාද?+ ඇයි ඔයා ඔහුගෙන් ඒ ගැන ඇහුවේ නැත්තේ? ඔයා කරපු ඒ දේ නිසා ඔයාට ඔය ඇඳෙන් කවදාවත් බහින්න වෙන්නේ නැහැ. ඔයා මැරෙනවා.’” 17 යෙහෝවා එලියා මාර්ගයෙන් කියපු විදිහටම රජ මැරුණා. එයාට පුතෙක් හිටියේ නැති නිසා එයාගෙන් පස්සේ යෙහෝරම්* රජකමට පත් වුණා.+ එයා රජකමට පත් වුණේ යූදාවල රජකම් කරපු යෙහෝෂපාට්ගේ පුතා වුණ යෙහෝරම් පාලනය කරපු දෙවෙනි අවුරුද්දේ.+

18 අහසියාගේ+ ජීවිතේ අනිත් සිදුවීම් ගැන ඒ කියන්නේ එයා කරපු දේවල් ගැන ඊශ්‍රායෙල්වල රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කරලා තියෙන ලියවිල්ලේ සඳහන් වෙනවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න