ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 8
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ක්‍රියා පොතේ සාරාංශයක්

      • සාවුල් ක්‍රිස්තියානීන්ට පීඩා කරයි (1-3)

      • ෆිලිප් සමාරියේ කරපු සේවය සාර්ථක වෙයි (4-13)

      • පේතෘස්වයි, යොහන්වයි සමාරියට යවයි (14-17)

      • සීමොන් දෙවියන්ගේ බලය සල්ලිවලට ගන්න හදයි (18-25)

      • ඉතියෝපියානු නිලධාරියා (26-40)

ක්‍රියා 8:1

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 7:58
  • +මතෙ 10:23; ක්‍රියා 11:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2020, 18 පි.

    මුරටැඹ,

    5/15/2008, 22-23 පි.

    10/15/2007, 22 පි.

    6/15/1999, 29-30 පි.

ක්‍රියා 8:3

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 9:1, 2; 22:4; 26:10; ගලා 1:13; ෆිලි 3:5, 6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 58 පි.

    මුරටැඹ,

    1/15/2013, 22-23 පි.

    5/15/2008, 22-23 පි.

    11/1/1998, 5 පි.

ක්‍රියා 8:4

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 11:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 58 පි.

ක්‍රියා 8:5

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “සමාරියේ නුවරකට.”

හරස් යොමු දැක්වීම්

  • +යොහ 4:39-42; ක්‍රියා 1:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 58 පි.

ක්‍රියා 8:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 59 පි.

ක්‍රියා 8:7

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 10:1; මාක් 6:7

ක්‍රියා 8:10

පාදසටහන්

  • *

    මූ.අ., “ලොකු කුඩා හැමෝම.”

ක්‍රියා 8:12

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 8:1
  • +මතෙ 28:19; ක්‍රියා 18:8

ක්‍රියා 8:13

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 6:5

ක්‍රියා 8:14

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 11:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 54 පාඩම

ක්‍රියා 8:15

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 16:19

ක්‍රියා 8:16

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 10:47, 48; 19:2, 3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 63 පි.

ක්‍රියා 8:17

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 6:5, 6; 19:6; 2තිමෝ 1:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 63 පි.

    මුරටැඹ,

    2/15/1998, 14 පි.

ක්‍රියා 8:20

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 10:8; ක්‍රියා 10:45

ක්‍රියා 8:22

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

ක්‍රියා 8:23

පාදසටහන්

  • *

    මූ.අ., “තිත්ත දියරයක්.”

ක්‍රියා 8:24

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

ක්‍රියා 8:25

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 9:35; ක්‍රියා 1:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 54 පාඩම

ක්‍රියා 8:26

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 1:7, 14; එළි 14:6

ක්‍රියා 8:27

පාදසටහන්

  • *

    මූ.අ., “නපුංසකයෙක්.”

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 6:32, 33

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2024, 19 පි.

    මුරටැඹ (පාඩම්),

    3/2023, 8-9 පි.

    මුරටැඹ (පාඩම්),

    3/2020, 2 පි.

    මුරටැඹ,

    7/15/1996, 8 පි.

ක්‍රියා 8:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2024, 19 පි.

    මුරටැඹ (පාඩම්),

    3/2023, 8 පි.

ක්‍රියා 8:30

පාදසටහන්

  • *

    හෝ, “ඔයා කියවන දේ ඔයාට තේරෙනවාද?”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2024, 19 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 1 පාඩම

    මුරටැඹ,

    5/15/1996, 18-19 පි.

ක්‍රියා 8:31

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2024, 19 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 1 පාඩම

ක්‍රියා 8:32

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 2:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1996, 8 පි.

ක්‍රියා 8:33

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 26:59
  • +යෙසා 53:7, 8; දානි 9:26; ෆිලි 2:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1996, 8 පි.

ක්‍රියා 8:36

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    3/2023, 8-9 පි.

    සාක්ෂියක් දෙමු, 13, 62-63, 65 පි.

    පිබිදෙව්!,

    9/2007, 12 පි.

    මුරටැඹ,

    4/1/2006, 26-27 පි.

    7/15/1996, 8-9 පි.

ක්‍රියා 8:37

පාදසටහන්

  • *

    උප. A3 බලන්න.

ක්‍රියා 8:38

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 62-63, 65 පි.

    මුරටැඹ,

    7/15/1996, 8-9 පි.

ක්‍රියා 8:39

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

ක්‍රියා 8:40

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 21:8

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ක්‍රියා 8:1ක්‍රියා 7:58
ක්‍රියා 8:1මතෙ 10:23; ක්‍රියා 11:19
ක්‍රියා 8:3ක්‍රියා 9:1, 2; 22:4; 26:10; ගලා 1:13; ෆිලි 3:5, 6
ක්‍රියා 8:4ක්‍රියා 11:19
ක්‍රියා 8:5යොහ 4:39-42; ක්‍රියා 1:8
ක්‍රියා 8:7මතෙ 10:1; මාක් 6:7
ක්‍රියා 8:12ලූක් 8:1
ක්‍රියා 8:12මතෙ 28:19; ක්‍රියා 18:8
ක්‍රියා 8:13ක්‍රියා 6:5
ක්‍රියා 8:14ක්‍රියා 11:1
ක්‍රියා 8:15මතෙ 16:19
ක්‍රියා 8:16ක්‍රියා 10:47, 48; 19:2, 3
ක්‍රියා 8:17ක්‍රියා 6:5, 6; 19:6; 2තිමෝ 1:6
ක්‍රියා 8:20මතෙ 10:8; ක්‍රියා 10:45
ක්‍රියා 8:25මතෙ 9:35; ක්‍රියා 1:8
ක්‍රියා 8:26හෙබ්‍රෙ 1:7, 14; එළි 14:6
ක්‍රියා 8:272ලේක 6:32, 33
ක්‍රියා 8:321පේතෘ 2:23
ක්‍රියා 8:33මතෙ 26:59
ක්‍රියා 8:33යෙසා 53:7, 8; දානි 9:26; ෆිලි 2:8
ක්‍රියා 8:40ක්‍රියා 21:8
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ක්‍රියා 8:1-40

යේසුස්ගේ නියෝජිතයන්ගේ ක්‍රියා

8 ස්තේපන්ව මරලා දාපු එක ගැන සාවුල්ට දැනුණේ ලොකු සතුටක්.+

එදා ඉඳන් යෙරුසලමේ තිබුණ සභාවේ අයට දරුණු විදිහට පීඩා විඳින්න වුණා. යේසුස්ගේ නියෝජිතයන් ඇරෙන්න අනිත් හැමෝම යුදය සහ සමාරිය පුරාම විසිරිලා ගියා.+ 2 දෙවියන් ගැන ගරුබියක් තිබුණ පුරුෂයන් කීපදෙනෙක් ස්තේපන්ගේ ශරීරය අරන් ගිහින් තැන්පත් කළා. එයාලා ස්තේපන් ගැන අඬඅඬ ගොඩක් දුක් වුණා. 3 ඒත් සාවුල් හරිම කුරිරු විදිහට සභාවේ අයට පීඩා කරන්න පටන්ගත්තා. එයා ගෙයක් ගෙයක් ගාණේ ගිහින් පුරුෂයන්වයි, ස්ත්‍රීන්වයි එළියට ඇදගෙන ඇවිල්ලා එයාලව හිරගෙට භාර දුන්නා.+

4 ඒත් දේශය පුරාම විසිරිලා ගිය ගෝලයන් එයාලා ගියගිය තැන්වල දෙවියන්ගෙන් ලැබුණ ශුභාරංචිය දැනුම් දුන්නා.+ 5 ෆිලිප් එයාලාගෙන් එක් කෙනෙක්. එයා සමාරිය කියන නුවරට* ගිහින්+ එහේ හිටපු අයට ක්‍රිස්තුස් ගැන දේශනා කළා. 6 රැස් වෙලා හිටපු සෙනඟ ෆිලිප් කියපු දේවල්වලට ඇහුම්කන් දෙන අතරේ එයා පෙන්නපු ලකුණු දිහා හොඳට බලාගෙනයි හිටියේ. එයාලා හැමෝම එයා කියපු කරපු දේවල්වලට කිට්ටු අවධානයක් දුන්නා. 7 එතන භූතයන් වැහුණ හුඟදෙනෙකුත් හිටියා. ඒ භූතයෝ හයියෙන් කෑගහගෙන ඒ අයගෙන් පිට වෙලා ගියා.+ අංශභාග රෝගීන් සහ කොර අය හුඟදෙනෙක්ටත් සුවය ලැබුණා. 8 ඒ නිසා නුවරේ හිටපු හැමෝම ගොඩක් සතුටු වුණා.

9 ඒ නුවරේ සීමොන් කියලා කෙනෙක් හිටියා. එයා කලින් මන්තර ගුරුකම් කරපු කෙනෙක්. එයා කිව්වේ එයා හරිම විශේෂ කෙනෙක් කියලා. එයා කරපු දේවල් නිසා සමාරියේ වැසියන් හුඟක් පුදුම වුණා. 10 හැම තරාතිරමකම හිටපු අය* එයා කියපු දේවල් පිළිගත්තා. එයාලා එයා ගැන කිව්වේ මෙහෙමයි. “දෙවියන්ගේ ශ්‍රේෂ්ඨ බලය තියෙන්නේ මේ කෙනාටයි!” 11 එයා සෑහෙන කාලයක් තිස්සේ එයාගේ මන්තර බලයෙන් එක එක දේවල් කරලා මිනිස්සුන්ව පුදුමයට පත් කරලයි තිබුණේ. ඒ නිසා මිනිස්සු එයා කියපු දේවල් ඉහළින්ම පිළිගත්තා. 12 ඒත් ෆිලිප් දෙවියන්ගේ රාජ්‍යය+ සහ යේසුස් ක්‍රිස්තුස් ගැන ශුභාරංචිය කිව්වාම එයාලා එයාව විශ්වාස කරන්න පටන්ගත්තා. එයා කියන දේ අහලා පුරුෂයන් සහ ස්ත්‍රීන් දෙගොල්ලන්ම බව්තීස්මත් වුණා.+ 13 සීමොනුත් පණිවිඩය ගැන විශ්වාසයක් ඇති කරගෙන බව්තීස්ම වුණා. එයා නිතරම හිටියේ ෆිලිප්+ එක්ක. ෆිලිප් කරන පුදුම දේවල් සහ එයා පෙන්නපු ලකුණු දැක්කාම එයාට ගොඩක් පුදුම හිතුණා.

14 සමාරියේ අය දෙවියන්ගේ පණිවිඩය පිළි අරන් තියෙනවා කියලා යෙරුසලමේ හිටපු නියෝජිතයන්ට ආරංචි වුණාම+ එයාලා පේතෘස්වයි, යොහන්වයි එහෙට යැව්වා. 15 ඒ දෙන්නා එහෙට ගිහින් එහේ හිටපු අයටත් දෙවියන්ගේ බලය දෙන්න කියලා යාච්ඤා කළා.+ 16 මොකද එයාලා ස්වාමීන් වන යේසුස්ගේ නමින් බව්තීස්ම වෙලා තිබුණත් එයාලාගෙන් එක් කෙනෙක්ටවත් දෙවියන්ගේ බලය ලැබිලා තිබුණේ නැහැ.+ 17 ඉතින් පේතෘස් සහ යොහන් එතනට ඇවිත් හිටපු අය පිට අත තිබ්බාම+ ඒ අයට දෙවියන්ගේ බලය ලැබුණා.

18 නියෝජිතයන් කෙනෙක් පිට අත තිබ්බාම ඒ කෙනාට දෙවියන්ගේ බලය ලැබෙනවා කියලා සීමොන් දැක්කා. ඉතින් එයා එයාලට සල්ලි දෙන්න පොරොන්දු වෙලා මෙහෙම කිව්වා. 19 “ඔයාලා කරන දේ කරන්න මටත් හැකියාව දෙන්න. එතකොට මටත් පුළුවන් ඕනෙම කෙනෙක් පිට අත තියලා එයාට දෙවියන්ගේ බලය දෙන්න.” 20 ඒත් පේතෘස් එයාට මෙහෙම කිව්වා. “ඔයාගේ සල්ලි එක්කම ඔයාත් විනාශ වෙලා යන්න ඕනේ! ඔයා හිතනවාද දෙවියන් නොමිලේ දෙන මේ දීමනාව සල්ලි දීලා ගන්න පුළුවන් කියලා?+ 21 ඔයාගේ හිත අවංක නැහැ කියලා දෙවියන්ට පේනවා. ඒ නිසා අපි කරන මේ වැඩේට ඔයාව කොහොමටවත් හවුල් කරගන්න බැහැ. 22 ඔයාගේ හිතේ තියෙන දුෂ්ට අදහස් ගැන පසුතැවිලි වෙලා යෙහෝවාට* කන්නලව් කරන්න. සමහරවිට ඔහු ඔයාට සමාව දෙයි. 23 ඔයා හරියට මාරාන්තික විසක්* වගේ. ඔයා අධර්මිෂ්ඨ දේවල්වලට වහල් වෙලා.” 24 එතකොට සීමොන් මෙහෙම කිව්වා. “අනේ, මං වෙනුවෙන් යෙහෝවාට* කන්නලව් කරන්න. ඔයාලා කියපු කිසිම දෙයක් මට වෙන්න දෙන්න එපා කියලා ඔහුගෙන් ඉල්ලන්න.”

25 නියෝජිතයන් දෙන්නා ඒ මුළු ප්‍රදේශය පුරාම යෙහෝවාගේ* පණිවිඩය දේශනා කරලා සම්පූර්ණ සාක්ෂියක් දුන්නා. ඊටපස්සේ එයාලා ආයෙත් යෙරුසලමට ගියා. එයාලා යන අතරේ සමරිතානුවන් ඉන්න හුඟක් ගම්වලට ගිහින් ශුභාරංචිය දේශනා කළා.+

26 ඔය අතරේ යෙහෝවාගේ* දූතයෙක්+ ෆිලිප්ට මෙහෙම කිව්වා. “දැන් දකුණු දිශාවට ගිහින් යෙරුසලමේ ඉඳන් ගාසාවලට යන පාරට යන්න.” (ඒක කාන්තාරයක් මැදින් යන පාරක්.) 27 ෆිලිප් ඒ පාරට ගියාම ඉතියෝපියානු නිලධාරියෙක්* ඒ පාරේ යනවා දැක්කා. එයා ඉතියෝපියානුවන්ගේ රැජින වුණ කන්දසී යටතේ සේවය කරපු රැජිනගේ මුළු වස්තුවම භාරව හිටපු නිලධාරියෙක්. එයා නමස්කාර කරන්න යෙරුසලමට ගිහින්+ 28 ආයෙත් තමන්ගේ රටට යන ගමන් හිටියේ. එයා අශ්ව රථයේ ඉඳගෙන අනාගතවක්තෘ යෙසායාගේ ලියවිල්ල ශබ්ද නඟලා කියව කියව හිටියා. 29 එතකොට දෙවියන් ඔහුගේ බලයෙන් ෆිලිප්ට කිව්වා “ඒ අශ්ව රථය ගාවට යන්න” කියලා. 30 ෆිලිප් එතනට දුවගෙන ගියාම එයාට ඇහුණා ඒ නිලධාරියා අනාගතවක්තෘ යෙසායාගේ ලියවිල්ල ශබ්ද නඟලා කියවනවා. ෆිලිප් එයාගෙන් මෙහෙම ඇහුවා. “ඔයා කියවන්නේ මොනවාද කියලා ඔයා දන්නවාද?”* 31 එතකොට එයා කිව්වා “කාගෙවත් උදව්වක් නැතුව මං කොහොමද මේක තේරුම්ගන්නේ” කියලා. ඉතින් එයා ෆිලිප්ගෙන් ඉල්ලුවා රථයට නැඟලා එයාත් එක්ක ඉඳගන්න කියලා. 32 එයා ශුද්ධ ලියවිල්ලෙන් කියව කියව හිටියේ මේ කොටසයි. “මරන්න ගෙනියන බැටළුවෙක් වගේ ඔහුව අරගෙන ගියා. ලොම් කපන කෙනෙක් ඉස්සරහා නිහඬව ඉන්න බැටළු පැටියෙක් වගේ ඔහු වචනයක්වත් කියන්නේ නැතුව නිහඬව හිටියා.+ 33 ඔහුව නින්දාවට පත් කරපු අවස්ථාවේදී ඔහුට ලැබුණේ අසාධාරණ විනිශ්චයක්.+ ඔහුගේ පෙළපතේ විස්තර ගැන කියන්නේ කවුද? මොකද ඔහු පොළොවේ ගත කරන ජීවිතය ඉක්මනින් නැති කරලා දානවා.”+

34 එතකොට නිලධාරියා ෆිලිප්ගෙන් මෙහෙම ඇහුවා. “අනාගතවක්තෘවරයා මෙතන කතා කරන්නේ කවුරු ගැනද? එයා එයා ගැනම කතා කරනවාද නැත්නම් වෙන කෙනෙක් ගැන කතා කරනවාද? අනේ ඔයාට පුළුවන්ද මට ඒක පැහැදිලි කරලා දෙන්න?” 35 ඊටපස්සේ ෆිලිප් ශුද්ධ ලියවිල්ලේ තියෙන ඒ පදයෙන් පටන් අරන් යේසුස් ගැන ශුභාරංචිය එයාට කියලා දුන්නා. 36 ඔහොම යන අතරේ එයාලා වතුර තියෙන තැනකට ආවා. එතකොට නිලධාරියා “මෙන්න වතුර තියෙනවා! මට බව්තීස්ම වෙන්න මොකක්ද තියෙන බාධාව” කියලා කිව්වා. 37* —— 38 ඒ ගමන්ම එයා අශ්ව රථය නවත්තන්න කියලා අණ කළා. ඊටපස්සේ ෆිලිප් සහ ඒ නිලධාරියා වතුරට බැස්සා. ෆිලිප් එයාව එතනදී බව්තීස්ම කළා. 39 එයාලා වතුරෙන් උඩට ඇවිත් ගොඩට ආව ගමන්ම යෙහෝවා* දෙවියන් ඔහුගේ බලයෙන් ෆිලිප්ට දැනුම් දුන්නා එතනින් යන්න කියලා. නිලධාරියාට එයාව ආයෙත් දකින්න ලැබුණේ නැහැ. ඒත් එයා හරිම සතුටින් එතනින් ගියා. 40 ෆිලිප් ගියේ අෂ්දොද් නුවරට. එයා ඒ ප්‍රදේශය පුරාම ගිහින් සිසේරියට යන කල් තියෙන හැම නගරයකම ශුභාරංචිය දේශනා කළා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න