ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 රාජාවලිය පොතේ සාරාංශයක්

      • යෙහෝරම් ඊශ්‍රායෙල්වල රජ වෙයි (1-3)

      • මෝවබ්වරු ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව කැරලිගහයි (4-25)

      • මෝවබ්වරුන්ව පරාජය කරයි (26, 27)

2 රාජාවලිය 3:1

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 1:17

2 රාජාවලිය 3:2

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 16:30-33

2 රාජාවලිය 3:3

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 12:28-30

2 රාජාවලිය 3:5

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 22:37
  • +2සාමු 8:2

2 රාජාවලිය 3:7

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 19:2
  • +1රාජා 22:3, 4

2 රාජාවලිය 3:8

පාදසටහන්

  • *

    යෙහෝෂපාට් වෙන්න පුළුවන්.

  • *

    යෙහෝරම් වෙන්න පුළුවන්.

2 රාජාවලිය 3:9

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 8:14

2 රාජාවලිය 3:11

පාදසටහන්

  • *

    හෝ, “එලියාට අත් හෝදන්න වතුර වක් කළේ.”

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 22:7
  • +1රාජා 19:16; 2රාජා 2:15
  • +1රාජා 19:19, 21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2013, 29 පි.

    11/1/1997, 30-31 පි.

    විශ්වාසය ආදර්ශයක්, 98 පි.

2 රාජාවලිය 3:13

පාදසටහන්

  • *

    හෝ, “ඔබට මාත් එක්ක තියෙන ගනු දෙනුව මොකක්ද?”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 2:30; එස 14:3
  • +විනි 10:14; 1රාජා 18:19; 22:6

2 රාජාවලිය 3:14

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 17:3, 4; 19:3, 4
  • +හිතෝ 15:29

2 රාජාවලිය 3:15

පාදසටහන්

  • *

    හෝ, “සංගීතඥයෙක්ව.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 10:5; 1ලේක 25:1
  • +1රාජා 18:46; එස 1:3; ක්‍රියා 11:21

2 රාජාවලිය 3:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 107:35

2 රාජාවලිය 3:18

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 32:17; මාක් 10:27
  • +ද්වි 28:7

2 රාජාවලිය 3:19

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 3:5
  • +2රාජා 3:25

2 රාජාවලිය 3:20

හරස් යොමු දැක්වීම්

  • +නික් 29:39, 40

2 රාජාවලිය 3:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2005, 10 පි.

2 රාජාවලිය 3:23

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:9, 10

2 රාජාවලිය 3:24

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:7

2 රාජාවලිය 3:25

හරස් යොමු දැක්වීම්

  • +උත් 26:15; 2ලේක 32:4
  • +2රාජා 3:19
  • +යෙසා 16:7

2 රාජාවලිය 3:26

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 3:9

2 රාජාවලිය 3:27

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 12:31; 2ලේක 28:1, 3; ගීතා 106:37, 38

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 රාජා. 3:12රාජා 1:17
2 රාජා. 3:21රාජා 16:30-33
2 රාජා. 3:31රාජා 12:28-30
2 රාජා. 3:51රාජා 22:37
2 රාජා. 3:52සාමු 8:2
2 රාජා. 3:72ලේක 19:2
2 රාජා. 3:71රාජා 22:3, 4
2 රාජා. 3:92සාමු 8:14
2 රාජා. 3:111රාජා 22:7
2 රාජා. 3:111රාජා 19:16; 2රාජා 2:15
2 රාජා. 3:111රාජා 19:19, 21
2 රාජා. 3:131සාමු 2:30; එස 14:3
2 රාජා. 3:13විනි 10:14; 1රාජා 18:19; 22:6
2 රාජා. 3:142ලේක 17:3, 4; 19:3, 4
2 රාජා. 3:14හිතෝ 15:29
2 රාජා. 3:151සාමු 10:5; 1ලේක 25:1
2 රාජා. 3:151රාජා 18:46; එස 1:3; ක්‍රියා 11:21
2 රාජා. 3:17ගීතා 107:35
2 රාජා. 3:18යෙරෙ 32:17; මාක් 10:27
2 රාජා. 3:18ද්වි 28:7
2 රාජා. 3:19ද්වි 3:5
2 රාජා. 3:192රාජා 3:25
2 රාජා. 3:20නික් 29:39, 40
2 රාජා. 3:23නික් 15:9, 10
2 රාජා. 3:24ලෙවී 26:7
2 රාජා. 3:25උත් 26:15; 2ලේක 32:4
2 රාජා. 3:252රාජා 3:19
2 රාජා. 3:25යෙසා 16:7
2 රාජා. 3:262රාජා 3:9
2 රාජා. 3:27ද්වි 12:31; 2ලේක 28:1, 3; ගීතා 106:37, 38
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 රාජාවලිය 3:1-27

දෙවෙනි රාජාවලිය

3 ආහබ්ගේ පුතා වුණ යෙහෝරම්+ ඊශ්‍රායෙල්වල රජකමට පත් වුණේ යූදාවල රජ වුණ යෙහෝෂපාට් පාලනය කරපු 18වෙනි අවුරුද්දේ. එයා සමාරියේ ඉඳන් අවුරුදු 12ක් රජකම් කළා. 2 එයා යෙහෝවා දෙවියන් වැරදියි කියලා සලකන දේවල් දිගටම කළා. ඒත් එයා එයාගේ අම්මායි, තාත්තායි තරම්ම නරක දේවල් කළේ නැහැ. මොකද එයාගේ තාත්තා බාල්ට නමස්කාර කරන්න හදපු කුලුන එයා අයින් කළා.+ 3 ඒත් ඊශ්‍රායෙල්වරුන්ව වරදට පොලඹවපු නෙබාත්ගේ පුතා වුණ යෙරොබොවම් කරපු වැරදිම එයාත් දිගින් දිගටම කළා.+ එයා ඒවා කොහොමටවත් අත්හැරියේ නැහැ.

4 ඒ වෙද්දී මෝවබ්වල රජ වෙලා හිටියේ මේෂා. එයා බැටළුවෝ ඇති කරපු කෙනෙක්. එයා සාමාන්‍යයෙන් බද්දක් විදිහට ඊශ්‍රායෙල්වල රජට බැටළු පැටව් ලක්ෂයකුයි, ලොම් කපපු නැති බැටළුවන් ලක්ෂයකුයි යවනවා. 5 ඒත් ආහබ් මැරුණ+ ගමන්ම මෝවබ්වල රජ ඊශ්‍රායෙල්වල රජට විරුද්ධව කැරලිගැහුවා.+ 6 ඉතින් ඒ කාලේ යෙහෝරම් රජ සමාරියෙන් පිටත් වෙලා ගිහින් ඊශ්‍රායෙල්වරු හැමෝවම සටනට යන්න එකතු කරගත්තා. 7 එයා යූදාවල යෙහෝෂපාට් රජටත් පණිවිඩයක් යවලා මෙහෙම කිව්වා. “මෝවබ්වල රජ මට විරුද්ධව කැරලිගහනවා. මෝවබ්වරුන්ට විරුද්ධව යුද්දෙට යන්න ඔයා මාත් එක්ක එනවාද?” ඒකට යෙහෝෂපාට් මෙහෙම කිව්වා. “මම ඔයාත් එක්ක එන්නම්.+ මගේ හමුදාව ඔයාගේ හමුදාව කියලා හිතන්න. මගේ අශ්වයන් ඔයාගේ අශ්වයන් කියලා හිතන්න.”+ 8 එයා* මෙහෙමත් ඇහුවා. “අපි මොන පාරෙන් ගියොත්ද හොඳ?” එතකොට රජ* “අපි ඒදොම් පාළුකරය මැදින් තියෙන පාරෙන් යමු” කියලා උත්තර දුන්නා.

9 ඊශ්‍රායෙල්වල රජ යූදාවල සහ ඒදොම්වල+ රජවරු එක්ක සටනට පිටත් වෙලා ගියා. එයාලා දවස් හතක් ගමන් කළාට පස්සේ සෙබළුන්ටයි, එයාලා එක්ක හිටපු සත්තුන්ටයි බොන්න වතුර නැති වුණා. 10 ඊශ්‍රායෙල්වල රජ මෙහෙම කිව්වා. “මේ මොන අපරාධයක්ද! යෙහෝවා අපි තුන්දෙනාව මෙහාට ගෙනල්ලා තියෙන්නේ මෝවබ්වරුන්ගේ අතට අපිව අල්ලලා දෙන්න.” 11 එතකොට යෙහෝෂපාට් මෙහෙම කිව්වා. “මෙහේ යෙහෝවාගේ අනාගතවක්තෘවරයෙක් නැද්ද? එහෙම කෙනෙක් ඉන්නවා නම් යෙහෝවා මේ ගැන මොනවාද කියන්නේ කියලා අපිට එයාගෙන් අහන්න පුළුවන්.”+ ඊශ්‍රායෙල්වල රජගේ සේවකයෙක් මෙහෙම උත්තර දුන්නා. “ෂාපාත්ගේ පුතා එලිෂා+ ඉන්නවා. එයා තමයි එලියාගේ+ සේවකයා විදිහට හිටියේ.”* 12 යෙහෝෂපාට් “එහෙනම් යෙහෝවා කියන දේ අපිට එයාගෙන් දැනගන්න පුළුවන්” කියලා කිව්වා. ඉතින් ඊශ්‍රායෙල්වල රජයි, යෙහෝෂපාට් රජයි, ඒදොම්වල රජයි එලිෂාව හම්බ වෙන්න ගියා.

13 එලිෂා ඊශ්‍රායෙල්වල රජට මෙහෙම කිව්වා. “ඔබ මොකටද මෙහෙට ආවේ?*+ ඔබේ අම්මායි, තාත්තායි ගිය අනාගතවක්තෘවරු ළඟටම යන්න තිබුණානේ.”+ ඒත් ඊශ්‍රායෙල්වල රජ එයාට මෙහෙම කිව්වා. “එහෙම කියන්න එපා. යෙහෝවා දෙවියන් අපි තුන්දෙනාව මෙහෙට ගෙනාවේ මෝවබ්වරුන්ගේ අතට අපිව අල්ලලා දෙන්නයි.” 14 එතකොට එලිෂා මෙහෙම කිව්වා. “මම සේවය කරන ස්වර්ගයේ සේනාවල අධිපති වන ජීවමාන දෙවි යෙහෝවා ඉස්සරහා දිවුරලා මං මේ දේ කියනවා. යූදාවල රජ වන යෙහෝෂපාට්+ අද ඔයාත් එක්ක හිටියේ නැත්තං මං ඔයාගේ මූණවත් බලන්නේ නැහැ. ඔයාව ගණන් ගන්නෙවත් නැහැ.+ 15 දැන් ගිහින් වීණා වාදනය කරන කෙනෙක්ව* ගේන්න.”+ ඒ කෙනා ඇවිත් වීණාව වාදනය කරන්න පටන්ගත්ත ගමන්ම යෙහෝවාගේ බලය එලිෂාට ලැබුණා.+ 16 එයා මෙහෙම කිව්වා. “යෙහෝවා කියන්නේ මේකයි. ‘මේ නිම්නයේ හැම තැනකම කාණු කපන්න. 17 මොකද යෙහෝවා මෙහෙම කියනවා. “ඔයා හුළඟක්වත් වැස්සක්වත් දකින්නේ නැහැ. ඒත් මේ නිම්නය වතුරෙන් පිරිලා යයි.+ ඔයාටයි, ඔයාලා ළඟ ඉන්න ඔක්කොම සත්තුන්ටයි ඒ වතුර බොන්න පුළුවන්.”’ 18 එහෙම දෙයක් කරන එක යෙහෝවාට මහ ලොකු දෙයක් නෙමෙයි.+ ඒ විතරක් නෙමෙයි ඔහු මෝවබ්වරුන්වත් ඔයාට අල්ලලා දෙයි.+ 19 එයාලට අයිති බලකොටු තියෙන හැම නගරයක්ම විනාශ කරලා දාන්න.+ හොඳ නගරවලින් එකක්වත් ඉතුරු කරන්න එපා. හොඳ ගස් හැම එකක්ම කපලා දාන්න. ඔක්කොම දිය උල්පතුත් වහලා දාන්න. හැම හොඳ ඉඩමකටම ගල් දාලා නාස්ති කරන්න.”+

20 පහුවදා උදේ ධාන්‍ය පූජාව+ ඔප්පු කරන වෙලාවේදී ඒදොම් පැත්තෙන් එකපාරටම වතුර ගලාගෙන ආවා. ඒ වතුරෙන් නිම්නය පිරිලා ගියා.

21 එයාලට විරුද්ධව සටන් කරන්න රජවරු ඇවිත් ඉන්නවා කියලා මෝවබ්වරුන්ට ආරංචි වුණා. ඉතින් එයාලා යුද්ධ කරන්න පුළුවන් වයසේ හිටපු පුරුෂයන් හැමෝවම එකතු කරගෙන දේශ සීමාව ළඟට ගියා. 22 එදා උදේ හිරු එළිය වතුරට වැටිලා තිබුණ නිසා විරුද්ධ පැත්තේ හිටපු මෝවබ්වරු පාන්දර ඇහැරිලා බලද්දී නිම්නයේ තිබුණ වතුර එයාලා දැක්කේ ලේ වගේ. 23 ඉතින් එයාලා මෙහෙම කතා වුණා. “මේ නම් ලේ තමයි! රජවරු කඩුවලින් එකිනෙකාව මරාගන්න ඇති. ඉතින් මෝවබ්වරුනි, දැන් ගිහින් එයාලට අයිති හැම දෙයක්ම අපි ගමු!”+ 24 මෝවබ්වරු ඊශ්‍රායෙල් කඳවුරට ආවාම ඊශ්‍රායෙල්වරු එයාලට පහර දෙන්න පටන්ගත්තා. ඉතින් මෝවබ්වරු පැනලා දිව්වා.+ ඊශ්‍රායෙල්වරු මෝවබ්වලට යන කල්ම එයාලා පස්සේ එළවගෙන ගිහිල්ලා එයාලට පහර දුන්නා. 25 එයාලා මෝවබ්වල තිබුණ නගර විනාශ කරලා දැම්මා. හැම කෙනෙක්ම ගලක් ගාණේ අරගෙන ගිහින් දේශයේ තිබුණ හොඳ ඉඩම් හැම එකකටම වීසි කළා. එයාලා හොඳ ඉඩම් ඔක්කොටම ගල් පිරෙව්වා. එයාලා දිය උල්පත් හැම එකක්ම වහලා දැම්මා.+ හොඳ ගස් ඔක්කොමත් කපලා දැම්මා.+ අන්තිමට ඉතුරු වුණේ කිර්හරෙසෙත්වල+ ගල් පවුරු විතරයි. ගල්පටිවලින් විදින අය ඒක වට කරලා ඒකට හොඳටම පහර දුන්නා.

26 සටන පරදිනවා කියලා මෝවබ්වල රජට තේරුණාම එයා කඩු ගත්ත මිනිස්සු 700ක් එක්ක ඒදොම්වල+ රජ ඉන්න පැත්තෙන් සතුරු සේනා බිඳගෙන යන්න උත්සාහ කළා. ඒත් එයාලට ඒක කරන්න බැරි වුණා. 27 ඉතින් එයා එයාට පස්සේ රජකම ලබාගන්න හිටපු එයාගේ කුලුඳුල් පුතාව පවුර උඩ තියලා දවන පූජාවක්+ විදිහට ඔප්පු කළා. ඒ නිසා මිනිස්සුන්ට ඊශ්‍රායෙල්වරු ගැන ලොකු කේන්තියක් ඇති වුණා. ඉතින් එයාලා සටන් කරන එක අත්හැරලා ආපහු එයාලාගේ දේශවලට හැරිලා ගියා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න