ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 29
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති පොතේ සාරාංශයක්

      • යාකොබ් රාකෙල්ව දකියි (1-14)

      • යාකොබ් රාකෙල්ට ආදරේ කරයි (15-20)

      • යාකොබ් ලෙයාවයි, රාකෙල්වයි විවාහ කරගනියි (21-29)

      • යාකොබ්ගෙන් ලෙයාට ඉපදෙන පුතාලා: රූබෙන්, සිමියොන්, ලෙවී, යූදා (30-35)

උත්පත්ති 29:1

පාදසටහන්

  • *

    ඒ කියන්නේ කානාන් දේශයට නැඟෙනහිරෙන් තියෙන දේශයකට.

උත්පත්ති 29:4

හරස් යොමු දැක්වීම්

  • +උත් 27:42, 43; ක්‍රියා 7:2

උත්පත්ති 29:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 24:24; 31:53
  • +උත් 24:29

උත්පත්ති 29:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 46:19; රූත් 4:11

උත්පත්ති 29:12

පාදසටහන්

  • *

    මූ.අ., “සහෝදරයෙක්.”

උත්පත්ති 29:13

හරස් යොමු දැක්වීම්

  • +උත් 24:29

උත්පත්ති 29:14

පාදසටහන්

  • *

    හෝ, “මගේම ලේ නෑයෙක්.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2003, 29 පි.

උත්පත්ති 29:15

පාදසටහන්

  • *

    මූ.අ., “සහෝදරයෙක්.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 28:5
  • +උත් 30:27, 28; 31:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2003, 29 පි.

උත්පත්ති 29:16

හරස් යොමු දැක්වීම්

  • +රූත් 4:11

උත්පත්ති 29:17

පාදසටහන්

  • *

    මූ.අ., “ලෙයාගේ ඇස්වල එච්චර එළියක් තිබුණේ නැහැ.”

උත්පත්ති 29:18

හරස් යොමු දැක්වීම්

  • +උත් 31:41

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2003, 29 පි.

උත්පත්ති 29:20

හරස් යොමු දැක්වීම්

  • +උත් 30:26; හොෂෙ 12:12

උත්පත්ති 29:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 3/2020, 3 පි.

    මුරටැඹ,

    10/1/2007, 8-9 පි.

උත්පත්ති 29:24

හරස් යොමු දැක්වීම්

  • +උත් 16:1, 2; 30:9; 46:18

උත්පත්ති 29:25

හරස් යොමු දැක්වීම්

  • +උත් 31:7, 42

උත්පත්ති 29:27

හරස් යොමු දැක්වීම්

  • +උත් 31:41

උත්පත්ති 29:29

හරස් යොමු දැක්වීම්

  • +උත් 35:22
  • +උත් 30:1, 3

උත්පත්ති 29:30

හරස් යොමු දැක්වීම්

  • +හොෂෙ 12:12

උත්පත්ති 29:31

හරස් යොමු දැක්වීම්

  • +උත් 46:15; රූත් 4:11
  • +උත් 30:22

උත්පත්ති 29:32

පාදසටහන්

  • *

    තේරුම, “මෙන්න, පුතෙක්!”

හරස් යොමු දැක්වීම්

  • +උත් 30:20; 1සාමු 1:5, 6; ලූක් 1:24, 25
  • +උත් 35:22; 37:22; 49:3, 4; නික් 6:14; 1ලේක 5:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/2007, 9 පි.

උත්පත්ති 29:33

පාදසටහන්

  • *

    තේරුම, “ඔහු මට සවන් දුන්නා.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 34:25; 49:5; 1ලේක 4:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/2007, 9 පි.

උත්පත්ති 29:34

පාදසටහන්

  • *

    තේරුම, “ළං වෙයි.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 34:25; 49:5; නික් 6:16; ගණන් 3:12; 1ලේක 6:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/2007, 9 පි.

උත්පත්ති 29:35

පාදසටහන්

  • *

    තේරුම, “ප්‍රශංසා ලබන කෙනා.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 35:23; 37:26; 44:18; 49:8; 1ලේක 2:3; එළි 5:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/2007, 9 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

උත්. 29:4උත් 27:42, 43; ක්‍රියා 7:2
උත්. 29:5උත් 24:24; 31:53
උත්. 29:5උත් 24:29
උත්. 29:6උත් 46:19; රූත් 4:11
උත්. 29:13උත් 24:29
උත්. 29:15උත් 28:5
උත්. 29:15උත් 30:27, 28; 31:7
උත්. 29:16රූත් 4:11
උත්. 29:18උත් 31:41
උත්. 29:20උත් 30:26; හොෂෙ 12:12
උත්. 29:24උත් 16:1, 2; 30:9; 46:18
උත්. 29:25උත් 31:7, 42
උත්. 29:27උත් 31:41
උත්. 29:29උත් 35:22
උත්. 29:29උත් 30:1, 3
උත්. 29:30හොෂෙ 12:12
උත්. 29:31උත් 46:15; රූත් 4:11
උත්. 29:31උත් 30:22
උත්. 29:32උත් 30:20; 1සාමු 1:5, 6; ලූක් 1:24, 25
උත්. 29:32උත් 35:22; 37:22; 49:3, 4; නික් 6:14; 1ලේක 5:1
උත්. 29:33උත් 34:25; 49:5; 1ලේක 4:24
උත්. 29:34උත් 34:25; 49:5; නික් 6:16; ගණන් 3:12; 1ලේක 6:1
උත්. 29:35උත් 35:23; 37:26; 44:18; 49:8; 1ලේක 2:3; එළි 5:5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
උත්පත්ති 29:1-35

උත්පත්ති

29 ඊටපස්සේ යාකොබ් පෙරදිග දේශය* දිහාවට ආයෙත් ගමන් කරන්න පටන්ගත්තා. 2 එහෙට ආවාම එයා දැක්කා බැටළු රැළවල් තුනක් තණබිමක තිබුණ ළිඳක් ළඟ ඉඳගෙන ඉන්නවා. එඬේරුන් සත්තුන්ට වතුර ඇදලා දුන්නේ ඒ ළිඳෙන්. ලොකු ගලකින් ළිං කට වහලා තිබුණා. 3 හැම සත්ව රැළක්ම එතනට ගෙනාවාට පස්සේ තමයි එඬේරු ළිං කටෙන් ගල අහකට පෙරළලා සත්තුන්ට බොන්න වතුර ඇදලා දුන්නේ. ඊටපස්සේ එයාලා ගලෙන් ළිං කට ආයෙත් වහලා දානවා.

4 යාකොබ් එයාලාගෙන් මෙහෙම ඇහුවා. “සහෝදරයෙනි, ඔයාලා කොහේ කට්ටියක්ද?” “අපි ඉන්නේ හාරාන්වල”+ කියලා එයාලා උත්තර දුන්නා. 5 යාකොබ් එයාලාගෙන් මෙහෙමත් ඇහුවා. “ඔයාලා නාහෝර්ගේ+ මුනුපුරා ලාබන්ව+ අඳුරනවාද?” එයාලා කිව්වා “ඔව්, අපි එයාව අඳුරනවා” කියලා. 6 එතකොට යාකොබ් “එයා සනීපෙන් ඉන්නවාද” කියලා එයාලාගෙන් ඇහුවා. එයාලා මෙහෙම කිව්වා. “ඔව්, එයා හොඳින් ඉන්නවා. අර බැටළුවන් එක්ක මේ පැත්තට එන්නේ එයාගේ දුව, රාකෙල්.”+ 7 ඊටපස්සේ යාකොබ් එයාලට මෙහෙම කිව්වා. “තාම හවස් වෙලාවත් නැහැනේ. රැළවල් එකතු කරගන්න තව ගොඩක් වෙලා තියෙනවා. බැටළුවන්ට වතුර බොන්න දීලා උන්ව ආපහු තණබිමට එක්කගෙන යන්න.” 8 එයාලා මෙහෙම උත්තර දුන්නා. “හැම සත්ව රැළක්ම මෙතනට ගෙනාවාට පස්සේ තමයි ළිං කටෙන් ගල අහකට පෙරළන්නේ. එතකල් බැටළුවන්ට වතුර බොන්න දෙන්න අපිට අවසර නැහැ.”

9 යාකොබ් එයාලා එක්ක කතා කරකර ඉද්දී රාකෙල් එයාගේ තාත්තාගේ බැටළුවන් එක්ක එතනට ආවා. රාකෙල් තමයි තාත්තාගේ බැටළුවන්ව බලාගත්තේ. 10 යාකොබ් එයාගේ මාමා වුණ ලාබන්ගේ දුවවයි, ලාබන්ගේ බැටළුවන්වයි දැක්ක ගමන්ම ළිඳ ළඟට ගිහිල්ලා ළිං කටෙන් ගල අහකට පෙරළුවා. ඊටපස්සේ එයා ලාබන්ගේ බැටළුවන්ට බොන්න වතුර ඇදලා දුන්නා. 11 යාකොබ් රාකෙල්ව ඉඹලා එයාව පිළි අරන් හයියෙන් අඬන්න පටන්ගත්තා. 12 යාකොබ් එයාට කිව්වා එයා රාකෙල්ගේ තාත්තාගේ නෑයෙක්* කියලා. එයා රෙබෙකාගේ පුතා කියලා. එතකොට රාකෙල් දුවගෙන ගිහින් එයාගේ තාත්තාට ඒ ගැන කිව්වා.

13 එයාගේ නංගිගේ පුතා වුණ යාකොබ් ඇවිත් ඉන්නවා කියලා ලාබන්+ දැනගත්ත ගමන්ම එයාව හම්බ වෙන්න දුවගෙන ගියා. එයා යාකොබ්ව බදාගෙන ඉඹලා, ඊටපස්සේ එයාව එයාගේ ගෙදරට එක්කගෙන ගියා. යාකොබ් ලාබන්ට ඔක්කොම විස්තර කිව්වා. 14 ලාබන් එයාට මෙහෙම කිව්වා. “ඔයා මගේම පවුලේ කෙනෙක්.”* ඉතින් යාකොබ් ලාබන්ගේ ගෙදර මාසයක් හිටියා.

15 ලාබන් යාකොබ්ට මෙහෙම කිව්වා. “ඔයා මගේ නෑයෙක්*+ වුණාට මට නිකං වැඩ කරන්න ඕනෙ නැහැ. ඔයාට කුලියක් ගෙවන්න මං කැමතියි. ඒක කීයද කියලා මට කියන්න.”+ 16 ලාබන්ට දුවලා දෙන්නෙක් හිටියා. ලොකු දුවගේ නම ලෙයා. බාල දුවගේ නම රාකෙල්.+ 17 ලෙයාට එච්චර ලස්සන පෙනුමක් තිබුණේ නැහැ.* හැබැයි රාකෙල් හරිම ලස්සනයි. 18 යාකොබ්ට රාකෙල් ගැන ආදරයක් ඇති වුණා. ඒ නිසා එයා ලාබන්ට මෙහෙම කිව්වා. “ඔයාගේ බාල දුව රාකෙල් වෙනුවෙන් ඔයාට අවුරුදු හතක් සේවය කරන්න මං කැමතියි.”+ 19 ලාබන් මෙහෙම කිව්වා. “එයාව වෙන කෙනෙක්ට දෙනවාට වඩා ඔයාට දෙන්න මං කැමතියි. දිගටම අපිත් එක්ක ජීවත් වෙන්න.” 20 යාකොබ් රාකෙල් වෙනුවෙන් අවුරුදු හතක් සේවය කළා.+ ඒත් එයා රාකෙල්ට ගොඩක් ආදරේ කරපු හින්දා ඒක ටික දවසක් වගෙයි එයාට දැනුණේ.

21 ඊටපස්සේ යාකොබ් ලාබන්ට මෙහෙම කිව්වා. “මම සේවය කරන්න පොරොන්දු වුණ කාලේ ඉවරයි. දැන් ඉතින් මගේ බිරිඳ එක්ක ඉන්න මට ඉඩ දෙන්න.” 22 ඉතින් ලාබන් එහේ හිටපු හැමෝටම එන්න කියලා උත්සවයක් ලෑස්ති කළා. 23 ඒත් රෑ වුණාට පස්සේ ලාබන් එයාගේ ලොකු දුව ලෙයාව තමයි යාකොබ් එක්ක ඉන්න එයා ළඟට යැව්වේ. 24 ලාබන් එයාගේ සේවිකාව වුණ ෂිල්පාව එයාගේ දුව වුණ ලෙයාට සේවිකාවක් විදිහට දුන්නා.+ 25 පහුවෙනිදා උදේ යාකොබ් දැක්කා එයාත් එක්ක ඉඳලා තියෙන්නේ ලෙයා කියලා. ඉතින් එයා ලාබන්ට මෙහෙම කිව්වා. “ඔයා මොනවාද මට මේ කළේ? මම ඔයාට සේවය කළේ රාකෙල් වෙනුවෙන් නේද? ඇයි ඔයා මාව රැවැට්ටුවේ?”+ 26 ලාබන් මෙහෙම උත්තර දුන්නා. “මේ පැත්තේ සාමාන්‍යයෙන් ලොකු දුවට කලින් බාල දුවව විවාහ කරලා දෙන්නේ නැහැ. 27 ලෙයාත් එක්ක මේ මංගල සතිය සමරන්න. ඊටපස්සේ මං එයාගේ නංගිවත් ඔයාට දෙන්නම්. එයා වෙනුවෙන් තව අවුරුදු හතක් ඔයා මට සේවය කරන්න.”+ 28 යාකොබ් ලාබන් කියපු විදිහට ලෙයාත් එක්ක මංගල සතිය සැමරුවා. ඊටපස්සේ ලාබන් එයාගේ දුව වුණ රාකෙල්වත් බිරිඳක් විදිහට යාකොබ්ට දුන්නා. 29 ලාබන් එයාගේ සේවිකාව වුණ බිල්හාව+ රාකෙල්ට සේවිකාවක් විදිහට දුන්නා.+

30 යාකොබ් රාකෙල්ව බිරිඳ විදිහට භාර අරන් එයාත් එක්ක හිටියා. එයා ලෙයාට වඩා රාකෙල්ට ආදරේ කළා. රාකෙල් වෙනුවෙන් එයා තව අවුරුදු හතක් ලාබන්ට සේවය කළා.+ 31 ලෙයාට ආදරේ ලැබෙන්නේ නැහැ කියලා යෙහෝවා දෙවියන් දැක්කා. ඒ නිසා දරුවන් බිහි කරන්න ඔහු එයාට ආශීර්වාද කළා.+ ඒත් රාකෙල්ට දරුවන් හම්බ වුණේ නැහැ.+ 32 ලෙයා ගැබ්ගෙන පුතෙක් බිහි කළා. එයා කිව්වා “මම විඳින දුක යෙහෝවා දැක්කා.+ දැන්වත් මගේ සැමියා මට ආදරේ කරයි” කියලා. ඒ නිසයි එයා පුතාට රූබෙන්*+ කියන නම දැම්මේ. 33 එයා ආයෙත් සැරයක් ගැබ්ගෙන පුතෙක් බිහි කළා. “යෙහෝවා මට සවන් දුන්නා. මට ආදරේ ලැබුණේ නැති නිසා ඔහු මට තවත් දරුවෙක් දුන්නා” කියලා එයා ඒ පුතාට සිමියොන්*+ කියන නම තිබ්බා. 34 ලෙයා ආයෙත් සැරයක් ගැබ්ගෙන පුතෙක් බිහි කළා. “මම දැන් මගේ සැමියාට පුත්තු තුන්දෙනෙක්ම දුන්නා. දැන් නං එයා මට ආදරේ කරයි” කියලා එයා කිව්වා. ඒ නිසයි ඒ පුතාට ලෙවී*+ කියන නම තිබ්බේ. 35 එයා තවත් සැරයක් ගැබ්ගෙන පුතෙක් බිහි කරලා මෙහෙම කිව්වා. “මේ පාර මම යෙහෝවාට ප්‍රශංසා කරනවා.” ඒ නිසා එයා පුතාට යූදා*+ කියන නම තිබ්බා. එයාව හම්බ වුණාට පස්සේ ටික කාලයක් යන කල් එයාට දරුවන් ලැබුණේ නැහැ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න