දෙවෙනි සාමුවෙල්
16 දාවිත් කඳු මුදුනේ ඉඳන් ටික දුරක් බැහැගෙන+ යද්දී මෙෆිබොෂෙත්ගේ+ සේවකයා වන ෂීබා+ එයාව හම්බ වෙන්න එතනට ආවා. ෂීබා ආවේ ගමනට සූදානම් කරපු බූරුවන් දෙන්නෙක් එක්කයි. රොටි 200කුත් වියළි මිදි කුට්ටි 100කුත් වෙනත් වියළි පලතුරු* කුට්ටි 100කුත් විශාල වයින් භාජනයකුත් ඒ බූරුවන් පිටේ පටවලා තිබුණා.+ 2 රජ ෂීබාගෙන් ඇහුවා “ඔයා මේවා ගෙනාවේ ඇයි” කියලා. එතකොට ෂීබා මෙහෙම කිව්වා. “මේ බූරුවන්ව අරගෙන ආවේ ඔබේ පවුලේ අයට. එයාලට පුළුවන් උන් පිට නැඟලා යන්න. මේ රොටියි, පලතුරු කුට්ටියි අරන් ආවේ ඔබත් එක්ක ආපු තරුණයන්ට කන්න දෙන්න. පාළුකරයේදී හොඳටම මහන්සි වෙලා ඉන්න වෙලාවට හැමෝටම බොන්න වයිනුත් මම ගෙනාවා.”+ 3 එතකොට රජ ෂීබාගෙන් ඇහුවා “ඔයාගේ ස්වාමියාගේ පුතා මෙෆිබොෂෙත් කොහෙද”+ කියලා. ෂීබා, රජට මෙහෙම කිව්වා. “‘අද ඊශ්‍රායෙල්වරු මගේ තාත්තාගේ රාජ්‍යය ආයෙත් මට භාර දෙයි’ කියලා එයා යෙරුසලමේම නතර වුණා.”+ 4 ඒක අහලා රජ, ෂීබාට කිව්වා “මෙෆිබොෂෙත්ට අයිති හැම දෙයක්ම අද මම ඔයාට දෙනවා”+ කියලා. එතකොට ෂීබා, රජට මෙහෙම කිව්වා. “මගේ ස්වාමීනි, රජ්ජුරුවනි, මං හැමදාටම ඔබට ණයගැතියි. මට හැමදාමත් මේ විදිහට කරුණාවෙන් සලකන්න කියලා මම ඔබෙන් බැගෑපත්ව ඉල්ලනවා.”+
5 දාවිත් රජ බහුරීම් කියන ගමට ආවාම ගෙරාගේ පුතා වන ෂිමෙයි+ දාවිත් ළඟට ආවා. එයා සාවුල්ගේ පවුලට අයිති කෙනෙක්. ෂිමෙයි එතනට ඇවිත් කෑගගහා දාවිත්ට අපහාස කරන්න පටන්ගත්තා.+ 6 එයා දාවිත්ටයි, දාවිත්ගේ සේවකයන්ටයි, රජගේ දෙපැත්තේ හිටපු ශක්තිමත් පුරුෂයන්ටයි, අනිත් හැමෝටමයි ගල් ගැහුවා. 7 ෂිමෙයි, දාවිත්ට අපහාස කරකර මෙහෙම කිව්වා. “මිනීමරුවා! මෙහෙන් පලයං. උඹ කිසි කමකට නැති මිනිහෙක්! 8 උඹ සාවුල්වයි, එයාගේ පවුලේ අයවයි විනාශ කරලා දැම්මා. ඒ මදිවට රජකමත් පැහැරගත්තා. අද යෙහෝවා උඹට මෙහෙම දඬුවම් කරන්නේ ඒ නිසයි. උඹ මිනීමරුවෙක්!+ යෙහෝවා රජකම උඹේ පුතා අබ්සලොම්ට දීලා මේ හැම විපතක්ම උඹට ගෙනාවේ ඒ නිසයි.”
9 එතකොට ෂෙරුයියාගේ+ පුතා වන අබිෂයි රජට මෙහෙම කිව්වා. “රජ්ජුරුවනි, මගේ ස්වාමීනි, ඔබට අපහාස කරන්න මේ බල්ලාට*+ ඉඩ දෙන්නේ මොකටද?+ මම දැන්මම ගිහින් මේකාගේ බෙල්ල කපලා දාන්නම්!”+ 10 ඒත් රජ මෙහෙම කිව්වා. “ෂෙරුයියාගේ+ පුත්‍රයෙනි, මේ මනුස්සයා මොනවා කිව්වත් ඔයාලා කලබල වෙන්න ඕනෙ නැහැ. එයා ඕනෙ දෙයක් කියපුදෙන්. මට අපහාස කරන්න+ කියලා එයාට කියලා තියෙන්නේ යෙහෝවා දෙවියන්.+ ඉතින් ‘ඇයි ඔයා මෙහෙම කරන්නේ’ කියලා එයාගෙන් අහන්න අපිට අයිතියක් තියෙනවාද?” 11 දාවිත් අබිෂයිටයි, එයාගේ සේවකයන්ටයි මෙහෙමත් කිව්වා. “මගේම පුතා මාව මරන්න හදද්දී+ බෙන්ජමින් ගෝත්‍රයේ+ කෙනෙක් මට මේ විදිහට කතා කරන එක පුදුමයක්ද? එයාට මුකුත් කරන්න යන්න එපා. එයා මට අපහාස කරපුදෙන්. මොකද යෙහෝවායි එයාට එහෙම කරන්න කියලා තියෙන්නේ. 12 ෂිමෙයි මට ශාප කළත් සමහරවිට යෙහෝවා මගේ දුක දකියි.+ එතකොට මට හානියක් වෙන්න නොදී යෙහෝවා මට ආශීර්වාද කරයි.”+ 13 ඊටපස්සේ දාවිත් සහ එයාගේ සෙනඟ දිගටම ඇවිදගෙන ගියා. ෂිමෙයි ඒ ළඟ තිබුණ කන්දක් දිගේ එයාලා එක්කම ඇවිදගෙන ආවා. එයා කෑගගහා දාවිත්ට ශාප කරකර+ ගල් ගැහුවා. වැලිත් වීසි කළා.
14 හුඟ වෙලාවකට පස්සේ දාවිත් සහ එයාගේ සෙනඟ යන්න ඕනෙ තැනට ආවා. හුඟක් මහන්සියෙන් හිටපු නිසා එයාලා එතන නතර වෙලා ටිකක් විවේක ගත්තා.
15 ඒ අතරේ අබ්සලොම් සහ ඊශ්‍රායෙල් පුරුෂයන් යෙරුසලමට ආවා. අහිතොෆෙලුත්+ එයාලා එක්ක හිටියා. 16 එයාලා ආවාම දාවිත්ගේ යාළුවෙක් වුණ, අර්කීවරයෙක්+ වන හූෂයි+ අබ්සලොම් ළඟට ඇවිත් මෙහෙම කිව්වා. “රජ දිගු කල් ජීවත් වේවා!+ රජ දිගු කල් ජීවත් වේවා!” 17 එතකොට අබ්සලොම් හූෂයිගෙන් මෙහෙම ඇහුවා. “ඔයා මෙහෙමද ඔයාගේ යාළුවාට ආදරේ පෙන්නන්නේ? ඇයි ඔයාගේ යාළුවා එක්ක ගියේ නැත්තේ?” 18 එතකොට හූෂයි අබ්සලොම්ට මෙහෙම කිව්වා. “මම ඇයි එයාත් එක්ක යන්නේ? මම සේවය කරන්න ඕනෙ යෙහෝවා දෙවියන් තෝරගත්ත කෙනාටයි. මේ සෙනඟයි, ඊශ්‍රායෙල්වරු හැමෝමයි තෝරගත්තේ ඔබවයි. මම සේවය කරන්නෙත් ඔබටයි. 19 මම ආයෙත් ඔබට මේ දේ කියනවා. මම සේවය කරන්නේ ඔබටයි. ඔබේ තාත්තාට සේවය කළා වගේම මම දැන් ඔබටත් සේවය කරනවා.”+
20 ඊටපස්සේ අබ්සලොම් අහිතොෆෙල්ට මෙහෙම කිව්වා. “මම දැන් මොනවාද කරන්න ඕනෙ කියලා මට කියන්න.”+ 21 එතකොට අහිතොෆෙල් එයාට මෙහෙම කිව්වා. “ඔයාගේ තාත්තා මාලිගාව බලාගන්න එයාගේ උපභාර්යාවන්ව+ තියලා ගියානේ.+ දැන් ඔයා එයාලා එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වන්න. ඔයා තාත්තාට ඒ විදිහට නින්දා කළා කියලා ඊශ්‍රායෙල් සෙනඟ දැනගත්තාම ඔයාගේ පැත්තේ ඉන්න අය තව වැඩියෙන් ඔයාට සහය දෙයි.” 22 අහිතොෆෙල්ගේ උපදෙස්වලට අනුව අබ්සලොම්ගේ සේවකයෝ රජමාලිගාවේ උඩුමහලේ*+ කූඩාරමක් ගැහුවා. ඊටපස්සේ අබ්සලොම් එළිපිටම එයාගේ තාත්තාගේ උපභාර්යාවන්+ එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා. ඒ ගැන මුළු ඊශ්‍රායෙල් සෙනඟම දැනගත්තා.+
23 ඒ කාලයේදී මිනිස්සු අහිතොෆෙල්ගේ+ උපදෙස් කොච්චර ඉහළින් සැලකුවාද කියනවා නම් එයාලා ඒවා සැලකුවේ සැබෑ දෙවියන්ගෙන්ම ලැබුණ උපදෙස් විදිහටයි. දාවිත් වගේම අබ්සලොමුත් එයාගේ උපදෙස් සැලකුවේ ඒ විදිහටයි.