ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 11
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 සාමුවෙල් පොතේ සාරාංශයක්

      • දාවිත් බැත්ෂෙබා එක්ක අනාචාරයේ යෙදෙයි (1-13)

      • දාවිත් උරියාව මරන්න සැලසුම් කරයි (14-25)

      • දාවිත් බැත්ෂෙබාව විවාහ කරගනියි (26, 27)

2 සාමුවෙල් 11:1

පාදසටහන්

  • *

    ඒ කියන්නේ වසන්ත කාලේ.

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 12:26
  • +1ලේක 20:1

2 සාමුවෙල් 11:2

පාදසටහන්

  • *

    හෝ, “පැතලි වහලට.” ඒ කාලේ ගොඩක් ගෙවල්වල පැතලි වහලක් තිබුණා. සමහර අය නිදාගන්න, අමුත්තන් එක්ක එකට කෑම වේලක් ගන්න ඒක පාවිච්චි කළා.

2 සාමුවෙල් 11:3

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 12:24; 1රාජා 1:11
  • +1ලේක 3:5, 9
  • +උත් 10:15; ද්වි 20:17
  • +2සාමු 23:8, 39; 1රාජා 15:5

2 සාමුවෙල් 11:4

පාදසටහන්

  • *

    සමහරවිට ඔසප් කාලයෙන් පස්සේ කරන පිළිවෙතක් වෙන්න ඇති.

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 12:2; 15:19; 18:19
  • +නික් 20:14, 17
  • +ලෙවී 18:20; 20:10; හිතෝ 6:32; හෙබ්‍රෙ 13:4

2 සාමුවෙල් 11:8

පාදසටහන්

  • *

    මූ.අ., “කකුල් හෝදගන්න.”

  • *

    හෝ, “රජුගේ කොටස.” ඒ කියන්නේ ගෞරවනීය අමුත්තෙක්ට දෙන කොටස.

2 සාමුවෙල් 11:11

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 6:17; 7:2
  • +ලෙවී 15:16; 1සාමු 21:5

2 සාමුවෙල් 11:15

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 51:14; හිතෝ 3:29

2 සාමුවෙල් 11:17

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 12:9

2 සාමුවෙල් 11:21

පාදසටහන්

  • *

    ඒ කියන්නේ ඇඹරුම් ගලක උඩ කෑල්ල.

හරස් යොමු දැක්වීම්

  • +විනි 6:32; 7:1
  • +විනි 9:50-53

2 සාමුවෙල් 11:24

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 11:17

2 සාමුවෙල් 11:25

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 12:26

2 සාමුවෙල් 11:27

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 5:13; 12:9
  • +උත් 39:7-9; 1රාජා 15:5; ගීතා 5:6; 11:4; හෙබ්‍රෙ 13:4

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 සාමු. 11:12සාමු 12:26
2 සාමු. 11:11ලේක 20:1
2 සාමු. 11:32සාමු 12:24; 1රාජා 1:11
2 සාමු. 11:31ලේක 3:5, 9
2 සාමු. 11:3උත් 10:15; ද්වි 20:17
2 සාමු. 11:32සාමු 23:8, 39; 1රාජා 15:5
2 සාමු. 11:4ලෙවී 12:2; 15:19; 18:19
2 සාමු. 11:4නික් 20:14, 17
2 සාමු. 11:4ලෙවී 18:20; 20:10; හිතෝ 6:32; හෙබ්‍රෙ 13:4
2 සාමු. 11:112සාමු 6:17; 7:2
2 සාමු. 11:11ලෙවී 15:16; 1සාමු 21:5
2 සාමු. 11:15ගීතා 51:14; හිතෝ 3:29
2 සාමු. 11:172සාමු 12:9
2 සාමු. 11:21විනි 6:32; 7:1
2 සාමු. 11:21විනි 9:50-53
2 සාමු. 11:242සාමු 11:17
2 සාමු. 11:252සාමු 12:26
2 සාමු. 11:272සාමු 5:13; 12:9
2 සාමු. 11:27උත් 39:7-9; 1රාජා 15:5; ගීතා 5:6; 11:4; හෙබ්‍රෙ 13:4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 සාමුවෙල් 11:1-27

දෙවෙනි සාමුවෙල්

11 අලුත් අවුරුද්දක් පටන්ගන්නවත් එක්කම* දාවිත්, යෝවාබ්වයි, එයාගේ සේවකයන්වයි, මුළු ඊශ්‍රායෙල් හමුදාවයි අම්මොන්වරුන්ට පහර දෙන්න පිටත් කරලා යැව්වා. එයාලා ගිහින් රබ්බා+ නගරය වැටලුවා. (සාමාන්‍යයෙන් රජවරු යුද්දෙට ගියේ අවුරුද්දේ මුල් කාලයේදී.) ඒත් දාවිත් යෙරුසලමේ නැවතුණා.+

2 දවසක් හැන්දෑ වරුවක දාවිත් එයාගේ ඇඳෙන් නැඟිටලා රජමාලිගාවේ උඩුමහලට* ගිහින් ඒ මේ අත ඇවිද ඇවිද හිටියා. ඒ වෙලාවේ එයා දැක්කා කාන්තාවක් නානවා. ඒ කාන්තාව හුඟක් ලස්සනයි. 3 දාවිත් එයා ගැන තොරතුරු හොයලා බලද්දී එයාට මෙහෙම දැනගන්න ලැබුණා. “එයාගේ නම බැත්ෂෙබා.+ එයා එලියාම්ගේ+ දුව. එයා හිත්තී ජාතික+ උරියාගේ+ බිරිඳ.” 4 ඒ කාලයේදී බැත්ෂෙබා පවිත්‍ර වීමේ පිළිවෙතක් අනුගමනය කරමිනුයි හිටියේ.*+ දාවිත් මිනිස්සුන්ව යවලා බැත්ෂෙබාව මාලිගාවට ගෙන්නගෙන+ එයා එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා.+ ඊටපස්සේ බැත්ෂෙබා ගෙදර ගියා.

5 බැත්ෂෙබා දැනගත්තාම එයා ගැබ් අරන් කියලා “මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා” කියලා එයා දාවිත්ට දන්වලා යැව්වා. 6 ඒක දැනගත්තාම දාවිත් යෝවාබ්ට පණිවිඩයක් යවලා මෙහෙම කිව්වා. “හිත්තී ජාතික උරියාව මං ළඟට එවන්න.” ඉතින් යෝවාබ් උරියාව දාවිත් ළඟට යැව්වා. 7 උරියා ආවාම යෝවාබ්ගේ සහ සෙබළුන්ගේ සැප දුක් ගැනයි, යුද්ධයේ තොරතුරු ගැනයි දාවිත් එයාගෙන් ඇහුවා. 8 ඊටපස්සේ දාවිත් උරියාට කිව්වා “ඔයා දැන් ගෙදර ගිහින් ටිකක් විවේක ගන්න”* කියලා. උරියා මාලිගාවෙන් පිටත් වුණාට පස්සේ දාවිත් එයාගේ සේවකයන් අතේ උරියාට තෑග්ගක්* යැව්වා. 9 ඒත් උරියා ගෙදර ගියේ නැහැ. එයාගේ ස්වාමියාගේ අනිත් සේවකයන් එක්ක එයා රජමාලිගාවේ දොරකඩ ළඟ නිදාගත්තා. 10 “උරියා ගෙදර ගියේ නැහැ” කියලා රජට දැනගන්න ලැබුණාම එයා උරියාගෙන් මෙහෙම ඇහුවා. “ඔයා හුඟක් දුර ඉඳන් නේද ආවේ? ඉතින් ඇයි ඔයා ගෙදර යන්නේ නැත්තේ?” 11 එතකොට උරියා දාවිත්ට මෙහෙම කිව්වා. “ගිවිසුම් පෙට්ටිය+ තියෙන්නේ කූඩාරමක. ඊශ්‍රායෙල් පුරුෂයන් සහ යූදා පුරුෂයන් ඉන්නෙත් කූඩාරම්වල. මගේ ස්වාමියා වන යෝවාබ් සහ එයාගේ සේවකයන් එළිමහනේ කඳවුරු බැඳගෙන ඉන්නවා. මේ වගේ වෙලාවක මම කොහොමද ගෙදර ගිහින් කාලා බීලා මගේ බිරිඳත් එක්ක සතුටු වෙන්නේ?+ මං ඔබ ඉස්සරහා දිවුරලා කියන්නම් මට නම් කවදාවත් ඒ වගේ දෙයක් කරන්න බැහැ!”

12 ඉතින් දාවිත් උරියාට කිව්වා “එහෙනම් අදත් ඔයා මෙහේ ඉන්න. හෙට මම ඔයාව ආපහු යවන්නම්” කියලා. ඒ නිසා උරියා එදාත් ඊට පහුවෙනිදාත් යෙරුසලමේ නැවතිලා හිටියා. 13 දාවිත් උරියාට කිව්වා එයාත් එක්ක කෑම කන්න එන්න කියලා. එයා ආවාම දාවිත් උරියාට වෙරි වෙන කල්ම බොන්න දුන්නා. ඒත් උරියා එදා රෑත් ගෙදර ගියේ නැහැ. එයා එයාගේ ස්වාමියාගේ සේවකයන් නිදාගත්ත තැනම නිදාගත්තා. 14 පහුවෙනිදා උදේ දාවිත් යෝවාබ්ට ලිපියක් ලියලා ඒක උරියාගේ අතේ යැව්වා. 15 එයා ඒ ලිපියේ මෙහෙම ලියලා තිබුණා. “හුඟක් දරුණු විදිහට සටන් කරන තැනක් බලලා උරියාව සතුරන් ඉස්සරහටම යවන්න. ඊටපස්සේ ඔයාලා හැමෝම එතනින් අයින් වෙලා සතුරන් අතින් එයාට මැරුම් කන්න දෙන්න.”+

16 යෝවාබ් නගරය ගැන හොඳ අවධානයකින් හිටපු නිසා එයා දැනගෙන හිටියා දක්ෂතම සටන්කරුවන් ඉන්නේ කොහෙද කියලා. ඉතින් එයා ඒ වගේ තැනක් බලලා එතනට උරියාව යැව්වා. 17 ඒ නගරයේ හිටපු මිනිස්සු එළියට ඇවිත් යෝවාබ්ට විරුද්ධව සටන් කරන්න පටන්ගත්තා. ඒ වෙලාවේ දාවිත්ගේ සේවකයන් කීපදෙනෙක්ම මැරුණා. හිත්තී ජාතික උරියාත් මැරුම් කෑවා.+ 18 යෝවාබ් යුද්ධය ගැන හැම තොරතුරක්ම දාවිත්ට දන්වලා යැව්වා. 19 ඒ පණිවිඩය අරන් යන කෙනාට එයා මෙහෙම කිව්වා. “යුද්දේදී වුණ හැම දෙයක්ම රජට කිව්වාම 20 රජට කේන්ති ගිහින් මෙහෙම කියන්න ඉඩ තියෙනවා. ‘ඇයි නගරේ ළඟටම ගිහින් සටන් කෙරුවේ? එයාලා පවුර උඩ ඉඳන් පහර දෙයි කියලා ඔයාලා දැනන් හිටියේ නැද්ද? 21 ඇයි මතක නැද්ද තේබේෂ්වලදී යෙරුබ්බෙෂෙත්ගේ+ පුතා අබිමෙලෙක්ට+ වුණ දේ? ගෑනු කෙනෙක් පවුර උඩ ඉඳන් එයාගේ ඔළුවට ඇඹරුම් ගලක්* අතඇරලයි එයාව මැරුවේ. ඒක දැන දැනත් ඔයාලා පවුර ළඟටම ගියේ ඇයි?’ එතකොට ඔයා රජට මෙහෙම කියන්න. ‘ඔබේ සේවකයා වුණ උරියාත් මැරුණා.’”

22 ඉතින් පණිවිඩකරු යෝවාබ් කියපු හැම දෙයක්ම දාවිත්ට කිව්වා. 23 එයා දාවිත්ට කිව්වේ මෙහෙමයි. “ඒ මිනිස්සු අපිට වඩා බලවත්. එයාලා නගරෙන් එළියට ඇවිත් අපිත් එක්ක සටන් කළා. අපිත් නගරේ දොරටුව වෙන කල්ම එයාලව පන්නගෙන ගිහින් සටන් කළා. 24 ඒත් පවුර උඩ හිටපු දුනුවායෝ ඔබේ සේවකයන්ට පහර දුන්නා. ඒ වෙලාවේ රජගේ සේවකයන් කීපදෙනෙක්ම මැරුණා. ඔබේ සේවකයා වුණ හිත්තී ජාතික උරියාත් මැරුණා.”+ 25 ඒක ඇහුවාම දාවිත් පණිවිඩකරුට මෙහෙම කිව්වා. “ඔයා යෝවාබ්ට මෙහෙම කියන්න. ‘සිද්ධ වුණ දේ ගැන දුක් වෙන්න එපා. යුද්දෙකදී අනිවාර්යයෙන්ම ටිකදෙනෙක් හරි මැරෙනවා. ඒ නගරෙට ඊට වඩා දරුණු විදිහට පහර දීලා ඒක යටත් කරගන්න.’+ එහෙම කියලා යෝවාබ්ව දිරිගන්වන්න.”

26 තමන්ගේ සැමියා මැරුණා කියලා උරියාගේ බිරිඳට ආරංචි වුණාම එයා අඬඅඬ ඒ ගැන ගොඩක් දුක් වුණා. 27 වැලපෙන කාලය ඉවර වුණ ගමන්ම දාවිත් මිනිස්සුන්ව යවලා බැත්ෂෙබාව මාලිගාවට ගෙන්නගත්තා. පස්සේ දාවිත් එයාව විවාහ කරගත්තා.+ ටික කාලෙකින් බැත්ෂෙබාට පුතෙක් ලැබුණා. ඒත් යෙහෝවා දෙවියන් දාවිත් කරපු දේ සැලකුවේ හරිම දුෂ්ට දෙයක් විදිහටයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න