ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 20
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 සාමුවෙල් පොතේ සාරාංශයක්

      • ෂෙබා කැරලිගහයි; යෝවාබ් අමාසාව මරයි (1-13)

      • ෂෙබාව පන්නගෙන යයි. එයාගේ බෙල්ල කපලා දායි (14-22)

      • දාවිත් පත් කරපු නිලධාරීන් (23-26)

2 සාමුවෙල් 20:1

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ඔයාලාගේ කූඩාරම්වලට යන්න.”

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 20:21
  • +විනි 3:26, 27; 2සාමු 15:10
  • +1රාජා 12:16
  • +2සාමු 19:43

2 සාමුවෙල් 20:2

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 24:21
  • +2සාමු 19:15, 41, 42

2 සාමුවෙල් 20:3

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 5:11
  • +2සාමු 15:16
  • +2සාමු 16:21, 22

2 සාමුවෙල් 20:4

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 17:25; 19:13; 1ලේක 2:17

2 සාමුවෙල් 20:6

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 26:6; 2සාමු 10:10; 23:18; 1ලේක 18:12
  • +2සාමු 20:1
  • +2සාමු 15:12

2 සාමුවෙල් 20:7

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 8:16
  • +2සාමු 8:18; 15:18; 1රාජා 1:38

2 සාමුවෙල් 20:8

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 18:21, 25; 21:8, 17
  • +2සාමු 17:25; 19:13

2 සාමුවෙල් 20:10

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 3:27; 1රාජා 2:5

2 සාමුවෙල් 20:13

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 20:1

2 සාමුවෙල් 20:14

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 15:20; 2රාජා 15:29

2 සාමුවෙල් 20:19

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:5; ද්වි 32:9

2 සාමුවෙල් 20:21

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 17:14, 15; විනි 2:8, 9
  • +2සාමු 20:1

2 සාමුවෙල් 20:22

හරස් යොමු දැක්වීම්

  • +දේශ 9:14, 15, 18

2 සාමුවෙල් 20:23

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 8:16; 19:13
  • +2සාමු 8:18; 15:18; 1රාජා 1:38, 44
  • +1ලේක 12:27
  • +2සාමු 23:20; 1ලේක 27:5

2 සාමුවෙල් 20:24

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 4:6; 12:18
  • +1රාජා 4:3

2 සාමුවෙල් 20:25

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 15:27
  • +2සාමු 17:15; 19:11; 1රාජා 4:4

2 සාමුවෙල් 20:26

පාදසටහන්

  • *

    මූ.අ., “පූජකයෙක්.”

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 සාමු. 20:12සාමු 20:21
2 සාමු. 20:1විනි 3:26, 27; 2සාමු 15:10
2 සාමු. 20:11රාජා 12:16
2 සාමු. 20:12සාමු 19:43
2 සාමු. 20:2හිතෝ 24:21
2 සාමු. 20:22සාමු 19:15, 41, 42
2 සාමු. 20:32සාමු 5:11
2 සාමු. 20:32සාමු 15:16
2 සාමු. 20:32සාමු 16:21, 22
2 සාමු. 20:42සාමු 17:25; 19:13; 1ලේක 2:17
2 සාමු. 20:61සාමු 26:6; 2සාමු 10:10; 23:18; 1ලේක 18:12
2 සාමු. 20:62සාමු 20:1
2 සාමු. 20:62සාමු 15:12
2 සාමු. 20:72සාමු 8:16
2 සාමු. 20:72සාමු 8:18; 15:18; 1රාජා 1:38
2 සාමු. 20:8යොෂු 18:21, 25; 21:8, 17
2 සාමු. 20:82සාමු 17:25; 19:13
2 සාමු. 20:102සාමු 3:27; 1රාජා 2:5
2 සාමු. 20:132සාමු 20:1
2 සාමු. 20:141රාජා 15:20; 2රාජා 15:29
2 සාමු. 20:19නික් 19:5; ද්වි 32:9
2 සාමු. 20:21යොෂු 17:14, 15; විනි 2:8, 9
2 සාමු. 20:212සාමු 20:1
2 සාමු. 20:22දේශ 9:14, 15, 18
2 සාමු. 20:232සාමු 8:16; 19:13
2 සාමු. 20:232සාමු 8:18; 15:18; 1රාජා 1:38, 44
2 සාමු. 20:231ලේක 12:27
2 සාමු. 20:232සාමු 23:20; 1ලේක 27:5
2 සාමු. 20:241රාජා 4:6; 12:18
2 සාමු. 20:241රාජා 4:3
2 සාමු. 20:252සාමු 15:27
2 සාමු. 20:252සාමු 17:15; 19:11; 1රාජා 4:4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 සාමුවෙල් 20:1-26

දෙවෙනි සාමුවෙල්

20 බෙන්ජමින් ගෝත්‍රයේ ෂෙබා කියලා කෙනෙක් හිටියා. එයාගේ තාත්තාගේ නම බික්‍රි. ෂෙබා+ කියන්නේ යනයන තැන ප්‍රශ්න ඇති කරපු කෙනෙක්. එයා හොරණෑව පිඹලා+ මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල් ජනයෙනි,+ දාවිත්ගේ රාජ්‍යයත් එක්ක අපිට කිසිම සම්බන්ධයක් නැහැ. යෙස්සේගේ පුතාගෙන් අපිට උරුමයක් ලැබෙයි කියලා හිතන්නත් බැහැ.+ ඉතින් දැන් ඔයාලා ගිහින් ඔයාලාගේ දෙවිවරුන්ට නමස්කාර කරන්න.”* 2 එතකොට ඊශ්‍රායෙල් සෙනඟ දාවිත් රජව අත්හැරලා බික්‍රිගේ+ පුතා වුණ ෂෙබාගේ පැත්තට ගියා. ඒත් යොර්දාන් ඉඳන් යෙරුසලම වෙන කල් ජීවත් වුණ යූදාවල සෙනඟ හැමෝම එයාලාගේ රජට පක්ෂව හිටියා.+

3 දාවිත් යෙරුසලමේ තිබුණ එයාගේ මාලිගාවට ගියා.+ එයා මාලිගාව බලාගන්න තියලා ගිය උපභාර්යාවන් දහදෙනාව වෙනම ගෙදරකට යවලා+ ඒක මුර කරන්න සෙබළුන්ව පත් කළා. ඒ දහදෙනාට ඕන කරන කෑම බීම දුන්නත් දාවිත් එයාලා එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවේ නැහැ.+ ස්වාමිපුරුෂයෙක් හිටියත් එයාලා මැරෙන කල්ම වැන්දඹුවන් වගේ අනිත් අයගෙන් වෙන් වෙලා ජීවත් වුණා.

4 රජ අමාසාට+ කතා කරලා මෙහෙම කිව්වා. “දවස් තුනක් ඇතුළත යූදා පුරුෂයන්ව රැස් කරගෙන එයාලා එක්ක මං ළඟට එන්න.” 5 ඉතින් අමාසා යූදා පුරුෂයන්ව රැස් කරගන්න ගියා. ඒත් රජ එයාට එන්න කියපු දවස පහු වෙලයි එයා ආවේ. 6 ඒ නිසා දාවිත් අබිෂයිට+ මෙහෙම කිව්වා. “අබ්සලොම්ට වඩා බික්‍රිගේ පුතා වන ෂෙබා+ අපිට තර්ජනයක්.+ අපි තවත් බලාගෙන හිටියොත් එයා මෙහෙන් පැනලා ගිහින් ආරක්ෂිත නුවරක හැංගෙයි. ඒ නිසා ඔයාගේ ස්වාමියාගේ සේවකයන් එක්ක ගිහින් ෂෙබාව අල්ලගන්න.” 7 ඉතින් අබිෂයි යෝවාබ්ගේ+ සේවකයෝ, කෙරෙතිවරු, පෙලෙතිවරු+ සහ සටනට දක්ෂ පුරුෂයෝ හැමෝම එක්ක යෙරුසලමෙන් පිටත් වෙලා බික්‍රිගේ පුතා වන ෂෙබාව හොයාගෙන ගියා. 8 එයාලා ගිබියොන්වල+ තියෙන ලොකු ගල ළඟට ආවාම අමාසාත්+ එයාලව හම්බ වෙන්න එතනට ආවා. ඒ වෙලාවේ යුද ඇඳුමක් ඇඳගෙන හිටිය යෝවාබ් එයාගේ කඩුව කොපුවේ දාගෙනයි හිටියේ. එයා අමාසා ළඟට ඇවිදගෙන යද්දී කඩුව බිමට වැටුණා.

9 යෝවාබ් අමාසාගෙන් මෙහෙම ඇහුවා. “මගේ සහෝදරයා, ඔයා හොඳින් ඉන්නවාද?” ඊටපස්සේ එයා අමාසාව සිපගන්න යනවා වගේ එයාගේ දකුණු අතින් අමාසාගේ මූණ ඇල්ලුවා. 10 යෝවාබ්ගේ අනිත් අතේ කඩුව තිබුණත් අමාසා ඒ ගැන එච්චර හිතුවේ නැහැ. යෝවාබ් එකපාරටම කඩුවෙන් අමාසාගේ බඩට ඇන්නා.+ අමාසාගේ බඩවැලුත් එළියට ආවා. එයා පණ ඇදඇද හිටපු නිසා එයාට ආයෙත් අනින්න ඕනෙ වුණේ නැහැ. ඊටපස්සේ යෝවාබ් එයාගේ සහෝදරයා වන අබිෂයි එක්ක බික්‍රිගේ පුතා වන ෂෙබාව හොයාගෙන ගියා.

11 යෝවාබ්ගේ සේවකයන්ගෙන් එක් කෙනෙක් අමාසා ළඟ හිටගෙන මෙහෙම කිව්වා. “දාවිත්ගෙයි, යෝවාබ්ගෙයි පැත්තේ ඉන්න හැමෝම දැන් යෝවාබ් එක්ක යන්න.” 12 ඒ වෙලාවේ අමාසා පාර මැද පණ ඇදඇද හිටියා. ලේ විලක් මැද දඟල දඟල හිටිය අමාසාව දැක්ක හැමෝම එතන නතර වෙලා ඒ දිහා බලන් හිටියා. ඒ නිසා යෝවාබ්ගේ සේවකයා අමාසාව පාරෙන් උස්සගෙන ගිහින් කෙතක තියලා අමාසාව රෙද්දකින් වැහුවා. 13 එයා අමාසාව පාරෙන් අයින් කළාට පස්සේ සෙනඟ බික්‍රිගේ පුතා වන ෂෙබාව+ හොයන්න යෝවාබ් එක්ක ගියා.

14 ෂෙබා, ඊශ්‍රායෙල් ගෝත්‍රවලට අයිති හැම පළාතක්ම පහු කරගෙන ගිහින් ආබෙල් බෙත්මයකා+ කියන නුවරට ආවා. බික්‍රිවරුත් එතනට ඇවිත් එයාත් එක්ක නුවරට ඇතුල් වුණා.

15 යෝවාබ් සහ එයාගේ සේවකයන් ආබෙල් බෙත්මයකාවලට ඇවිත් නුවර වැටලුවා. ඒ නුවරේ බලකොටුව වටේ පවුරක් තිබුණා. ඉතින් එයාලා ඒ පවුර වටේ පස් ගොඩගහලා බැම්මක් වගේ එකක් ඉදි කරලා නුවරට පහර දෙන්න ලෑස්ති වුණා. ඊටපස්සේ යෝවාබ්ගේ සේවකයන් පවුර බිඳලා දාන්න හිතාගෙන ඒක වටේ හාරන්න පටන්ගත්තා. 16 ඒ වෙලාවේ නුවරේ හිටිය බුද්ධිමත් කාන්තාවක් එයාලට කතා කරලා මෙහෙම කිව්වා. “පුරුෂයෙනි, මේ අහන්න. යෝවාබ්ට කියන්න මෙතනට එන්න කියලා. මට එයාත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ.” 17 යෝවාබ් එතනට ගියාම ඒ කාන්තාව ඇහුවා “ඔයා යෝවාබ්ද” කියලා. යෝවාබ් කිව්වා “ඔව්, මම තමයි යෝවාබ්” කියලා. එතකොට එයා යෝවාබ්ට මෙහෙම කිව්වා. “ඔයාගේ දාසිය කියන දේ අහන්න.” යෝවාබ් කිව්වා “කියන්න. මම අහගෙනයි ඉන්නේ” කියලා. 18 කාන්තාව මෙහෙම කිව්වා. “ඒ කාලේ ඉඳන් කියමනක් තියෙනවා ‘ප්‍රශ්නයක් විසඳගන්න හොඳ උපදෙසක් ගන්න ඕනෙ නම් ආබෙල් නුවරට යන්න’ කියලා. 19 මම කතා කරන්නේ ඊශ්‍රායෙල් දේශයේ ඉන්න විශ්වාසවන්ත, සාමකාමී ජනතාව වෙනුවෙන්. ඔයා හදන්නේ ඊශ්‍රායෙල්වල තියෙන ප්‍රධාන නුවරක් විනාශ කරන්න. ඔයා යෙහෝවා දෙවියන්ගේ උරුමය නැති කරන්න හදන්නේ ඇයි?”+ 20 එතකොට යෝවාබ් එයාට මෙහෙම කිව්වා. “මේ නුවර විනාශ කරන්න මට කිසිම අදහසක් නැහැ. 21 අපි මෙහෙට ආවේ දාවිත් රජට විරුද්ධ වුණ කෙනෙක්ව අල්ලගන්න. එයා එෆ්‍රායිම්+ කඳුකර පළාතේ කෙනෙක්. එයාගේ නම ෂෙබා.+ එයා බික්‍රිගේ පුතා. එයාව අපිට භාර දුන්නොත් අපි මේ නුවර අත්හැරලා යන්නම්.” ඒක ඇහුවාම ඒ කාන්තාව කිව්වා “අපි එයාගේ බෙල්ල කපලා ඔළුව තාප්පෙන් එහා පැත්තට දාන්නම්” කියලා.

22 ඒ බුද්ධිමත් කාන්තාව ගිහින් සෙනඟ එක්ක කතා කළා. එයාලා බික්‍රිගේ පුතා වන ෂෙබාගේ බෙල්ල කපලා එයාගේ ඔළුව යෝවාබ්ගේ පැත්තට වීසි කළා. ඊටපස්සේ යෝවාබ් හොරණෑව පිඹලා එයාගේ සේවකයන්ව එතනින් පිටත් කරලා යැව්වා. ඒ හැමෝම එයාලාගේ ගෙවල්වලට ගියා.+ යෝවාබ් යෙරුසලමේ හිටිය රජ ළඟට ආවා.

23 ඒ කාලේ ඊශ්‍රායෙල්වල හමුදාපති වෙලා හිටියේ යෝවාබ්.+ කෙරෙතිවරුන්ගේ සහ පෙලෙතිවරුන්ගේ+ අධිපතියා වෙලා හිටියේ යෙහෝයාදාගේ+ පුතා වුණ බෙනායා.+ 24 වහලුන්ගේ අධිපතියා වුණේ අදොරාම්.+ අහිලුද්ගේ පුතා වුණ යෙහෝෂපාට්+ වාර්තාකරු විදිහට සේවය කළා. 25 ෂෙවා ලේකම් විදිහටත් සාදොක්+ සහ අබියාතර්+ පූජකයන් විදිහටත් වැඩ කළා. 26 ඊරා දාවිත් යටතේ වැඩ කරපු ප්‍රධාන අධිපතියෙක්.* එයා යායිර්ගෙන් පැවතෙන කෙනෙක්.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න