ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 26
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 සාමුවෙල් පොතේ සාරාංශයක්

      • සාවුල්ව මරන්න ආයෙත් අවස්ථාවක් ලැබුණත් දාවිත් ඒ දේ කළේ නැහැ (1-25)

        • යෙහෝවා අභිෂේක කරපු තැනැත්තාට දාවිත් ගෞරව කරයි (11)

1 සාමුවෙල් 26:1

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 15:20, 55
  • +විනි 19:14; 1සාමු 10:26
  • +1සාමු 23:14, 19, 24; ගීතා 54:පෙර සටහන

1 සාමුවෙල් 26:2

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 24:2

1 සාමුවෙල් 26:5

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 14:50; 17:55; 2සාමු 2:8; 3:27

1 සාමුවෙල් 26:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 10:15
  • +2සාමු 2:18; 1ලේක 2:15, 16
  • +2සාමු 16:9; 18:5; 23:18

1 සාමුවෙල් 26:8

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 24:4; 26:23

1 සාමුවෙල් 26:9

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 10:1
  • +1සාමු 24:6; 2සාමු 1:14; 1ලේක 16:22; ගීතා 20:6

1 සාමුවෙල් 26:10

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:35; 1සාමු 24:12; 25:38; ගීතා 94:1, 23
  • +ගීතා 37:12, 13
  • +1සාමු 31:3, 6

1 සාමුවෙල් 26:11

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:18; 1සාමු 24:6; 1ලේක 16:22; ගීතා 105:15

1 සාමුවෙල් 26:12

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 24:4

1 සාමුවෙල් 26:14

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 14:50; 17:55; 2සාමු 2:8; 3:8

1 සාමුවෙල් 26:15

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 26:8

1 සාමුවෙල් 26:16

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 9:16, 17; 10:1
  • +1සාමු 26:11

1 සාමුවෙල් 26:17

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 24:8, 16

1 සාමුවෙල් 26:18

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 35:7
  • +1සාමු 24:9, 11

1 සාමුවෙල් 26:19

පාදසටහන්

  • *

    මූ.අ., “උරුමයෙන්.” මේකෙන් යෙහෝවාගේ සෙනඟත් එයාලට අයිති දේශයත් අදහස් වෙන්න පුළුවන්.

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 24:9
  • +නික් 19:5; ද්වි 26:18

1 සාමුවෙල් 26:20

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 24:14

1 සාමුවෙල් 26:21

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 24:17
  • +1සාමු 24:10; 26:11

1 සාමුවෙල් 26:23

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 24:6; 26:9
  • +ගීතා 7:8; 18:20

1 සාමුවෙල් 26:24

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:19

1 සාමුවෙල් 26:25

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 24:19
  • +1සාමු 24:22; 27:4

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 සාමු. 26:1යොෂු 15:20, 55
1 සාමු. 26:1විනි 19:14; 1සාමු 10:26
1 සාමු. 26:11සාමු 23:14, 19, 24; ගීතා 54:පෙර සටහන
1 සාමු. 26:21සාමු 24:2
1 සාමු. 26:51සාමු 14:50; 17:55; 2සාමු 2:8; 3:27
1 සාමු. 26:6උත් 10:15
1 සාමු. 26:62සාමු 2:18; 1ලේක 2:15, 16
1 සාමු. 26:62සාමු 16:9; 18:5; 23:18
1 සාමු. 26:81සාමු 24:4; 26:23
1 සාමු. 26:91සාමු 10:1
1 සාමු. 26:91සාමු 24:6; 2සාමු 1:14; 1ලේක 16:22; ගීතා 20:6
1 සාමු. 26:10ද්වි 32:35; 1සාමු 24:12; 25:38; ගීතා 94:1, 23
1 සාමු. 26:10ගීතා 37:12, 13
1 සාමු. 26:101සාමු 31:3, 6
1 සාමු. 26:11ලෙවී 19:18; 1සාමු 24:6; 1ලේක 16:22; ගීතා 105:15
1 සාමු. 26:121සාමු 24:4
1 සාමු. 26:141සාමු 14:50; 17:55; 2සාමු 2:8; 3:8
1 සාමු. 26:151සාමු 26:8
1 සාමු. 26:161සාමු 9:16, 17; 10:1
1 සාමු. 26:161සාමු 26:11
1 සාමු. 26:171සාමු 24:8, 16
1 සාමු. 26:18ගීතා 35:7
1 සාමු. 26:181සාමු 24:9, 11
1 සාමු. 26:191සාමු 24:9
1 සාමු. 26:19නික් 19:5; ද්වි 26:18
1 සාමු. 26:201සාමු 24:14
1 සාමු. 26:211සාමු 24:17
1 සාමු. 26:211සාමු 24:10; 26:11
1 සාමු. 26:231සාමු 24:6; 26:9
1 සාමු. 26:23ගීතා 7:8; 18:20
1 සාමු. 26:24ගීතා 34:19
1 සාමු. 26:251සාමු 24:19
1 සාමු. 26:251සාමු 24:22; 27:4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 සාමුවෙල් 26:1-25

පළවෙනි සාමුවෙල්

26 කාලයක් ගියාට පස්සේ ෂිප්වල+ ජීවත් වුණ අය ගිබෙයාවලට+ ඇවිත් සාවුල්ට කිව්වා “යෙෂිමොන්+ ඉස්සරහා තියෙන හකීලා කන්දේ දාවිත් හැංගිලා ඉන්නවා” කියලා. 2 ඒක අහපු ගමන් සාවුල් ඊශ්‍රායෙල්වරුන් අතරින් තෝරගත්ත හොඳම සෙබළුන් 3,000ක් එක්ක දාවිත්ව හොයන්න ෂිප්+ පාළුකරයට ගියා. 3 සාවුල් යෙෂිමොන් ඉස්සරහා තියෙන හකීලා කන්දට නැඟලා කන්දට යන එන පාර අයිනේ කඳවුරු බැඳගත්තා. ඒ දවස්වල දාවිත් හිටියේ පාළුකරයේ. සාවුල් එයාව හොයාගෙන පාළුකරයට ඇවිත් කියලා දාවිත්ට ආරංචි වුණාම, 4 ඒක ඇත්තද කියලා දැනගන්න එයා ඔත්තුකාරයන් කීපදෙනෙක්ව යැව්වා. 5 පස්සේ දාවිත්, සාවුල් කඳවුරු බැඳගෙන ඉන්න තැනට ගියා. එතකොට එයා දැක්කා සාවුල් සහ එයාගේ හමුදාපති වුණ නේර්ගේ පුතා අබ්නේර්+ නිදාගෙන ඉන්නවා. සාවුල් නිදාගෙන හිටියේ කඳවුර මැද්දේ. එයාගේ ආරක්ෂාවට සෙබළු එයා වටේට හිටියා. 6 දාවිත් හිත්තීවරයෙක්+ වුණ අහිමෙලෙක්ගෙනුයි, ෂෙරුයියාගේ+ පුතා සහ යෝවාබ්ගේ සහෝදරයා වන අබිෂයිගෙනුයි+ මෙහෙම ඇහුවා. “මාත් එක්ක සාවුල්ගේ කඳවුර ඇතුළට යන්න එන්නේ කවුද?” එතකොට අබිෂයි කිව්වා “මං ඔයාත් එක්ක යන්න එන්නම්” කියලා. 7 එදා රෑ සාවුල් කඳවුරු බැඳගෙන හිටපු තැනට දාවිත් අබිෂයි එක්ක ගියා. එයාලා එතනට ගියාම දැක්කා සාවුල් නිදාගෙන ඉන්නවා. එයාගේ හෙල්ලය එයාගේ ඔළුව ළඟ බිමට ඇනලයි තිබුණේ. අබ්නේර් සහ සෙබළු හැමෝම එයා වටේට නිදාගෙන හිටියා.

8 අබිෂයි දාවිත්ට මෙහෙම කිව්වා. “දෙවියන් ඔයාගේ හතුරාව ඔයාගේ අත ළඟටම ගෙනල්ලා.+ මට එක සැරයක් විතරක් එයාට හෙල්ලෙන් අනින්න දෙන්න. මං එකපාරින්ම එයාව මරලා දාන්නම්.” 9 ඒත් දාවිත් අබිෂයිට මෙහෙම කිව්වා. “එයාට කිසිම අනතුරක් කරන්න එපා. කෙනෙක් යෙහෝවාගේ අභිෂේක ලත් රජට විරුද්ධව අත ඉස්සුවොත්+ දෙවියන් එයාට දඬුවම් නොකර ඉඳියි කියලා ඔයා හිතනවාද?+ 10 ජීවමාන දෙවි යෙහෝවා ඉස්සරහා මං මේ දේ දිවුරලා කියනවා. අපි මුකුත් කරන්න ඕනෙ නැහැ. යෙහෝවාම එයාට පහර දෙයි.+ නැත්නම් එයාගේ ආයු කාලය ඉවර වුණාම+ එයා මැරෙයි. එහෙමත් නැත්නම් යුද්දෙකදී එයාගේ ජීවිතේ නැති වෙයි.+ 11 යෙහෝවා අභිෂේක කරපු රජට විරුද්ධව අත උස්සනවා තියා මට ඒ ගැන හිතන්නවත් බැහැ!+ මොකද මං දන්නවා යෙහෝවා කවදාවත් ඒක අනුමත කරන්නේ නැහැ කියලා. අපි දැන් රජගේ ඔළුව ළඟ තියෙන හෙල්ලයත් වතුර භාජනයත් අරන් මෙහෙන් යං.” 12 දාවිත් සාවුල්ගේ ඔළුව ළඟ තිබුණ හෙල්ලයයි, වතුර භාජනයයි අරන් අබිෂයි එක්ක එතනින් ගියා. කඳවුරේ හිටපු කවුරුත් එයාලව දැක්කේ නැහැ.+ කවුරුත් ඇහැරුණෙත් නැහැ. මොකද එයාලා හැමෝම හිටියේ තද නින්දකයි. ඒ දේ වෙන්න සැලැස්සුවේ යෙහෝවා දෙවියන්. 13 ඊටපස්සේ දාවිත් එතනින් ගිහින් ටිකක් ඈතට වෙන්න තිබුණ කන්දක් මුදුනට නැග්ගා. ඒ කන්ද තිබුණේ සාවුල් කඳවුරු බැඳගෙන හිටපු තැනට ඉස්සරහින්.

14 දාවිත්, සාවුල් එක්ක හිටපු සෙබළුන්ටයි, නේර්ගේ පුතා වන අබ්නේර්ටයි+ කෑගහලා මෙහෙම කිව්වා. “අබ්නේර්, ඔයාට මං කියන දේ ඇහෙනවාද?” එතකොට අබ්නේර් කිව්වා “කවුද ඔය කතා කරන්නේ? රජතුමාට කතා කළේ කවුද” කියලා. 15 දාවිත් අබ්නේර්ට මෙහෙම කිව්වා. “ඔයා දක්ෂ සෙබළෙක් නේද? ඔයා වගේ සටන් කරන කෙනෙක් ඊශ්‍රායෙල් දේශයේ කොහෙවත් නැහැ. ඉතින් ඇයි ඔයාගේ ස්වාමියාව ඔයා ආරක්ෂා කළේ නැත්තේ? දැන් ටිකකට කලින් කෙනෙක් ඔයාගේ රජ ළඟට ඇවිත් එයාව මරන්න හැදුවා.+ 16 ඔයාගේ වගකීම ඔයා හරියට ඉටු කළේ නැහැ. ජීවමාන දෙවි යෙහෝවා ඉස්සරහා මං මේ දේ දිවුරලා කියනවා. ඔයාව මරන්න වටිනවා. මොකද යෙහෝවාගේ අභිෂේක ලත් රජ+ වන ඔයාගේ ස්වාමියාව ඔයා ආරක්ෂා කළේ නැහැ. කෝ රජගේ ඔළුව ළඟ තිබ්බ හෙල්ලයයි, වතුර භාජනයයි?+ ඒවා තාමත් එතනම තියෙනවාද කියලා බලන්න.”

17 දාවිත්ගේ කටහඬ අඳුරගෙන සාවුල් එයාගෙන් මෙහෙම ඇහුවා. “දාවිත්, මගේ පුතේ! මේ කතා කරන්නේ ඔයාද?”+ එතකොට දාවිත් “මගේ ස්වාමීන් වන රජ්ජුරුවනි, මේ දාවිත් තමයි” කියලා එයාට උත්තර දුන්නා. 18 දාවිත් මෙහෙමත් කිව්වා. “මගේ ස්වාමීනි, ඇයි ඔබේ සේවකයා පස්සේ ඔබ පන්නගෙන එන්නේ?+ මං මොනවාද කළේ? මං කරපු වරද මොකක්ද?+ 19 අනේ මගේ ස්වාමීනි, ඔබේ සේවකයා වන මං කියන දේ ටිකක් අහන්න. මගේ පස්සෙන් පන්නගෙන එන්න ඔබව පෙලඹුවේ යෙහෝවා නම් මං ඔහුට ධාන්‍ය පූජාවක් ඔප්පු කරලා සමාව ඉල්ලන්නම්. ඒත් එහෙම කරන්න ඔබව පෙලඹුවේ මිනිස්සු නම්+ එයාලට යෙහෝවාගෙන් දඬුවම් ලැබෙන්න ඕනේ! මොකද එයාලා යෙහෝවා දෙවියන්ගේ සෙනඟ+ අතරින්* මාව පන්නලා දැම්මා. ඒක හරියට ‘මෙහෙන් යන්න. ගිහින් වෙන දෙවිවරුන්ට නමස්කාර කරන්න’ කියලා එයාලා මට කිව්වා වගේ. 20 අනේ, මාව මෙහෙදී නම් මරන්න එපා. මොකද මං මැරෙනවා නම් මට මැරෙන්න ඕනෙ යෙහෝවා ඉන්න දේශයේ. ඊශ්‍රායෙල් රජතුමනි, ඔබ කාගේ පස්සෙන්ද මේ එළවගෙන එන්නේ? නිකම්ම නිකම් මැක්කෙක් පස්සේ නෙමෙයිද?+ කඳු මුදුන්වල ඉන්න වටුවෙක්ව එළවගෙන යනවා වගේ ඔබ මගේ පස්සෙන් පන්නගෙන එන්නේ ඇයි?”

21 එතකොට සාවුල් දාවිත්ට මෙහෙම කිව්වා. “අනේ දාවිත්, මගේ පුතේ! මං ඔයාට කළේ ලොකු වරදක්.+ දැන් ආයෙත් මං ළඟට එන්න. මං ආයේ කවදාවත් ඔයාට හිරිහැර කරන්නේ නැහැ. අද ඔයාට මාව මරන්න අවස්ථාවක් ලැබුණත් ඔයා එහෙම කළේ නැහැ.+ මං කළේ ලොකු වරදක්. මං හැසිරුණේ මෝඩයෙක් වගෙයි.” 22 ඊටපස්සේ දාවිත් මෙහෙම කිව්වා. “මේ තියෙන්නේ රජගේ හෙල්ලය. ඒක අරන් යන්න සේවකයෙක්ව එවන්න. 23 යෙහෝවා අද ඔබව මගේ අතටම අල්ලලා දුන්නත් මම යෙහෝවාගේ අභිෂේක ලත් රජට විරුද්ධව අත උස්සන්න කැමති වුණේ නැහැ.+ අපි එක් එක් කෙනා කරන ධර්මිෂ්ඨ දේවල් ගැන,+ අපේ විශ්වාසවන්තකම ගැන යෙහෝවා දන්නවා. ඔහු ඒ දේවල් දිහා බලලා අපිට ආශීර්වාද කරයි. 24 ඔබේ ජීවිතේ මට ගොඩක් වටිනවා. මං ඔබව අද මැරුවේ නැත්තේ ඒ නිසයි. ඉතින් මං දන්නවා යෙහෝවා මගේ ජීවිතෙත් ආරක්ෂා කරයි කියලා. මං ඔහුගෙන් ඉල්ලන්නේ හැම දුකකින්ම මාව බේරගෙන මාව වස්තුවක් වගේ ආරක්ෂා කරන්න කියලයි.”+ 25 ඒ වෙලාවේ සාවුල් දාවිත්ට මෙහෙම කිව්වා. “දාවිත් මගේ පුතේ, ඔයාට දෙවියන්ගෙන් ආශීර්වාද ලැබෙන්න ඕනේ! ඔයා ගොඩක් හොඳ දේවල් කරයි කියලා මං දන්නවා. ඔයා කරන හැම දෙයක්ම අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා.”+ ඊටපස්සේ දාවිත් එතනින් ගියා. සාවුල් රජත් ගෙදර ගියා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න