ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දානියෙල් 1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

දානියෙල් පොතේ සාරාංශයක්

      • බැබිලෝනිවරුන් යෙරුසලම වටලයි (1, 2)

      • වංශවත් පවුල්වල තරුණයන්ට විශේෂ පුහුණුවක් (3-5)

      • හෙබ්‍රෙව්වරුන් හතරදෙනෙක්ගේ විශ්වාසය සෝදිසියට ලක් වෙයි (6-21)

දානියෙල් 1:1

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 36:4; යෙරෙ 22:18, 19; 36:30
  • +ද්වි 28:49, 50; 2රාජා 24:1; 2ලේක 36:5, 6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙරෙමියා, 32 පි.

    දානියෙල්ගේ අනාවැකි, 18-19, 31-32 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 8-9 පි.

දානියෙල් 1:2

පාදසටහන්

  • *

    ඒ කියන්නේ බැබිලෝනියාව.

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 42:24
  • +උත් 10:9, 10
  • +2ලේක 36:7; එස්රා 1:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙරෙමියා, 32 පි.

    දානියෙල්ගේ අනාවැකි, 32-33 පි.

දානියෙල් 1:3

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 20:16, 18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 33 පි.

දානියෙල් 1:4

හරස් යොමු දැක්වීම්

  • +දානි 1:17, 20; 5:11, 12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 7, 33-34 පි.

    මුරටැඹ,

    7/15/1997, 15 පි.

දානියෙල් 1:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2005, 27 පි.

    දානියෙල්ගේ අනාවැකි, 34-35 පි.

දානියෙල් 1:6

පාදසටහන්

  • *

    තේරුම, “දෙවියන් මගේ විනිශ්චයකරු.”

  • *

    තේරුම, “යෙහෝවා කරුණාව පෙන්නුවා.”

  • *

    තේරුම, “දෙවියන්ට සමාන තවත් කෙනෙක් ඉන්නවාද” වෙන්න පුළුවන්.

  • *

    තේරුම, “යෙහෝවා උදව් කළා.”

හරස් යොමු දැක්වීම්

  • +දානි 2:48; 5:13, 29
  • +දානි 2:17, 18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 33-34 පි.

දානියෙල් 1:7

පාදසටහන්

  • *

    ඒ කියන්නේ බැබිලෝනිවරුන්ගේ නම්.

හරස් යොමු දැක්වීම්

  • +දානි 4:8; 5:12
  • +දානි 2:49; 3:12, 28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2016, 14 පි.

    දානියෙල්ගේ අනාවැකි, 34-36 පි.

දානියෙල් 1:8

පාදසටහන්

  • *

    මෙතන කතා කරන්නේ දෙවියන්ගේ නීතියට අනුව අපවිත්‍ර කෑම බීම ගැන.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    8/2023, 3-4 පි.

    දානියෙල්ගේ අනාවැකි, 36-39 පි.

දානියෙල් 1:9

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 8:49, 50; ගීතා 106:44, 46

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 39 පි.

දානියෙල් 1:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/2007, 19 පි.

    දානියෙල්ගේ අනාවැකි, 39 පි.

දානියෙල් 1:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/2007, 19 පි.

    දානියෙල්ගේ අනාවැකි, 39 පි.

දානියෙල් 1:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/2007, 18 පි.

    7/15/2005, 27-28 පි.

    දානියෙල්ගේ අනාවැකි, 40 පි.

දානියෙල් 1:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/2007, 18 පි.

    දානියෙල්ගේ අනාවැකි, 40-41 පි.

දානියෙල් 1:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 41 පි.

දානියෙල් 1:17

හරස් යොමු දැක්වීම්

  • +දානි 1:20; 4:9; 5:11, 12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 41-42 පි.

දානියෙල් 1:18

හරස් යොමු දැක්වීම්

  • +දානි 1:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 42 පි.

දානියෙල් 1:19

හරස් යොමු දැක්වීම්

  • +දානි 1:3, 6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 42-43 පි.

දානියෙල් 1:20

හරස් යොමු දැක්වීම්

  • +දානි 2:2; 4:7; 5:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 43-44 පි.

දානියෙල් 1:21

හරස් යොමු දැක්වීම්

  • +දානි 6:28; 10:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 44-45 පි.

    මුරටැඹ,

    7/15/1997, 15 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

දානි. 1:12ලේක 36:4; යෙරෙ 22:18, 19; 36:30
දානි. 1:1ද්වි 28:49, 50; 2රාජා 24:1; 2ලේක 36:5, 6
දානි. 1:2යෙසා 42:24
දානි. 1:2උත් 10:9, 10
දානි. 1:22ලේක 36:7; එස්රා 1:7
දානි. 1:32රාජා 20:16, 18
දානි. 1:4දානි 1:17, 20; 5:11, 12
දානි. 1:6දානි 2:48; 5:13, 29
දානි. 1:6දානි 2:17, 18
දානි. 1:7දානි 2:49; 3:12, 28
දානි. 1:7දානි 4:8; 5:12
දානි. 1:91රාජා 8:49, 50; ගීතා 106:44, 46
දානි. 1:17දානි 1:20; 4:9; 5:11, 12
දානි. 1:18දානි 1:5
දානි. 1:19දානි 1:3, 6
දානි. 1:20දානි 2:2; 4:7; 5:8
දානි. 1:21දානි 6:28; 10:1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
දානියෙල් 1:1-21

දානියෙල්

1 යූදා දේශයේ රජ වුණ යෙහෝයාකිම්+ පාලනය කරපු තුන්වෙනි අවුරුද්දේ බැබිලෝනියේ රජ වුණ නෙබුකද්නෙෂර් යෙරුසලමට ඇවිත් ඒක වැටලුවා.+ 2 පස්සේ යෙහෝවා දෙවියන් යූදා දේශයේ රජ වුණ යෙහෝයාකිම්ව එයාගේ අතට අල්ලලා දුන්නා.+ සැබෑ දෙවියන් තමන්ගේ මාලිගාවේ තිබුණු සමහර භාණ්ඩ අරගෙන යන්නත් ඉඩහැරියා. නෙබුකද්නෙෂර් රජ ඒ භාණ්ඩ ෂීනාර්*+ දේශයේ තිබුණ එයාගේ දෙවියන්ගේ දේවාලයට අරන් ගිහින් ඒකේ භාණ්ඩාගාරයේ තිබ්බා.+

3 දවසක් රජ එයාගේ ප්‍රධාන නිලධාරියා වුණ අෂ්පෙනස්ට කතා කරලා ඊශ්‍රායෙල් සෙනඟ අතරින් සමහරදෙනෙක්ව එයා ඉස්සරහට ගේන්න කියලා අණ කළා. රජ පවුලට සහ වංශවත් පවුල්වලට අයිති අය+ ඒ අයට ඇතුළත් වෙන්න ඕනෙ කියලත් රජ කිව්වා. 4 එයාලා නිරෝගී, කඩවසම් පෙනුමක් තියෙන, තරුණ අය වෙන්න ඕනෙ කියලත් රජමාලිගාවේ සේවය කරන්න හැකියාවක් තියෙන, දැනුම් තේරුම් ඇති, ඥානවන්ත අය+ වෙන්න ඕනෙ කියලත් රජ අණ කළා. ඒ අයට කල්දිවරුන්ගේ පොත් පත් සහ ලියවිලි ගැන අවබෝධයක් ලබා දෙන්න කියලත් එයාලාගේ භාෂාව උගන්නන්න කියලත් රජ අෂ්පෙනස්ට කිව්වා. 5 රජ වෙනුවෙන් හදන කෑමවලින් සහ වයින්වලින් කොටසක් හැමදාම ඒ තරුණයන්ට දෙන්න කියලත් රජ අණ කළා. අවුරුදු තුනක් එයාලව පුහුණු කළාට පස්සේ එයාලා රජට සේවය කරන්න ඕනෙ කියලා රජ නියම කළා.

6 එයාලා අතරේ යූදා ගෝත්‍රයට අයිති තරුණයෝ කීපදෙනෙකුත් හිටියා. ඒ දානියෙල්,*+ හනනියා,* මිෂායෙල්* සහ අෂරියා.*+ 7 රජගේ ප්‍රධාන නිලධාරියා එයාලට අලුත් නම් දුන්නා.* දානියෙල්ව බෙල්ටෂසර්+ කියලත් හනනියාව ෂද්‍රක් කියලත් මිෂායෙල්ව මේෂක් කියලත් අෂරියාව අබෙද්නෙගෝ+ කියලත් නම් කළා.

8 රජ වෙනුවෙන් හදන කෑමවලින් සහ වයින්වලින් අපවිත්‍ර* වෙන්නේ නැතුව ඉන්න දානියෙල් හදවතින්ම අදිටන් කරගත්තා. ඒ නිසා ඒ දේවල් කන්නේ බොන්නේ නැතුව ඉන්න අවසර දෙන්න කියලා දානියෙල් රජගේ ප්‍රධාන නිලධාරියාගෙන් ඉල්ලුවා. 9 දානියෙල්ට අනුකම්පා කරලා කරුණාවන්තව සලකන්න සැබෑ දෙවියන් රජගේ ප්‍රධාන නිලධාරියාගේ හිත පෙලඹුවා.+ 10 ඒත් එයා දානියෙල්ට මෙහෙම කිව්වා. “මගේ ස්වාමියා වන රජ්ජුරුවන් තමයි ඔයාට ඒ කෑම බීම දෙන්න කියලා මට අණ කළේ. එතුමාගේ අණට විරුද්ධ වෙන්න මට බයයි. ඔයාගේ වයසේ ඉන්න අනිත් තරුණයන්ට වඩා ඔයා දුර්වලයි කියලා රජතුමා දැක්කොත් එතුමා මගේ හිස ගසා දමයි.” 11 රජගේ ප්‍රධාන නිලධාරියා දානියෙල්වයි, හනනියාවයි, මිෂායෙල්වයි, අෂරියාවයි බලාගන්න වෙන නිලධාරියෙක්ව පත් කරලා තිබුණා. දානියෙල් එයා ළඟට ගිහිල්ලා මෙහෙම කිව්වා. 12 “ඔබේ සේවකයන් වන අපි කරන මේ ඉල්ලීම සලකලා බලන්න කියලා ඔබෙන් ඉල්ලනවා. අපිට දවස් දහයක් යන කල් කන්න එළවළු විතරක් දෙන්න. බොන්න වතුර විතරක් දෙන්න. 13 දවස් දහය ඉවර වුණාම බලන්න රජ්ජුරුවන්ගේ කෑම කන තරුණයන්ගේ පෙනුමයි, අපේ පෙනුමයි අතරේ වෙනසක් තියෙනවාද කියලා. ඊටපස්සේ ඔබට පුළුවන් අපි ගැන තීරණයක් ගන්න.”

14 එයාලාගේ ඒ ඉල්ලීමට නිලධාරියා එකඟ වුණා. 15 දවස් දහයකට පස්සේ පැහැදිලි වුණා රජ වෙනුවෙන් හදපු කෑම කාපු තරුණයන්ට වඩා මේ හතරදෙනා නිරෝගීව හොඳට ඉන්නවා කියලා. 16 ඉතින් එයාලව බලාගත්ත නිලධාරියා රජ නියම කරපු කෑම සහ වයින් වෙනුවට එයාලට කන්න දිගටම එළවළු දුන්නා. 17 සැබෑ දෙවියන් එයාලා හතරදෙනාට ප්‍රඥාව වගේම පොත් පත් සහ ලියවිලි ගැන හොඳ දැනුමක්, අවබෝධයක් ලබා දුන්නා. දානියෙල්ට ඕනෙම දර්ශනයක සහ සිහිනයක තේරුම පැහැදිලි කරලා දෙන්න පුළුවන් හැකියාවත් දෙවියන් දුන්නා.+

18 තරුණයන්ව පුහුණු කරන්න නෙබුකද්නෙෂර් රජ නියම කරපු කාලේ ඉවර වුණාට පස්සේ රජගේ ප්‍රධාන නිලධාරියා එයාලව රජ ඉස්සරහට ගෙනාවා.+ 19 තරුණයන් එක්ක කතා කළාට පස්සේ දානියෙල්, හනනියා, මිෂායෙල් සහ අෂරියා+ තරම් දක්ෂ වෙන කවුරුත් ඒ තරුණයන් අතරේ නැහැ කියලා රජට තේරුණා. එයාලා දිගටම එහේ ඉඳලා රජට සේවය කළා. 20 හොඳට හිතලා ඥානවන්තව උත්තර දෙන්න ඕන ප්‍රශ්න රජ එයාලාගෙන් ඇහුවාම එයාලා දක්ෂ විදිහට උත්තර දුන්නා. රාජධානියේ හිටපු මන්තර ගුරුකම් කරන පූජකයන්ට සහ පේන කියන අයට+ වඩා එයාලා දහ ගුණයකින් දක්ෂයි කියලා රජට තේරුණා. 21 සයිරස් රජ පාලනය කරපු පළවෙනි අවුරුද්ද වෙන කල්ම දානියෙල් එහේ හිටියා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න