ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එසකියෙල් පොතේ සාරාංශයක්

      • යෙරුසලම වටලන විදිහ රඟ දක්වයි (1-17)

        • දවස් 390ක් සහ දවස් 40ක් පුරා සෙනඟගේ වැරදි එසකියෙල් පිට තියෙයි (4-7)

එසකියෙල් 4:2

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 24:11; යෙරෙ 39:1
  • +2රාජා 25:1
  • +යෙරෙ 6:6; 32:24
  • +එස 21:22

එසකියෙල් 4:3

හරස් යොමු දැක්වීම්

  • +එස 12:6; 24:24

එසකියෙල් 4:4

පාදසටහන්

  • *

    ඒ කියන්නේ එසකියෙල්ගේ වම් පැත්තට.

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 17:21

එසකියෙල් 4:5

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 14:34; 1රාජා 12:19, 20

එසකියෙල් 4:6

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 23:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 32 පාඩම

එසකියෙල් 4:7

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 52:4

එසකියෙල් 4:9

හරස් යොමු දැක්වීම්

  • +එස 4:5

එසකියෙල් 4:10

පාදසටහන්

  • *

    ඒ කියන්නේ ග්‍රෑම් 230ක් විතර. උප. B14 බලන්න.

එසකියෙල් 4:11

පාදසටහන්

  • *

    ඒ කියන්නේ ලීටර් 0.6ක් විතර. උප. B14 බලන්න.

එසකියෙල් 4:13

හරස් යොමු දැක්වීම්

  • +හොෂෙ 9:3

එසකියෙල් 4:14

හරස් යොමු දැක්වීම්

  • +නික් 22:31; ලෙවී 7:24; 11:40
  • +ද්වි 14:3; යෙසා 65:4; 66:17

එසකියෙල් 4:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/1994, 13 පි.

එසකියෙල් 4:16

පාදසටහන්

  • *

    මූ.අ., “රොටි එල්ලලා තියන ලී කඩනවා.”

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:26; යෙසා 3:1; එස 5:16
  • +2රාජා 25:3; යෙරෙ 37:21; විලා 1:11; 4:9; 5:9, 10
  • +එස 12:18

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එස. 4:22රාජා 24:11; යෙරෙ 39:1
එස. 4:22රාජා 25:1
එස. 4:2යෙරෙ 6:6; 32:24
එස. 4:2එස 21:22
එස. 4:3එස 12:6; 24:24
එස. 4:42රාජා 17:21
එස. 4:5ගණන් 14:34; 1රාජා 12:19, 20
එස. 4:62රාජා 23:27
එස. 4:7යෙරෙ 52:4
එස. 4:9එස 4:5
එස. 4:13හොෂෙ 9:3
එස. 4:14නික් 22:31; ලෙවී 7:24; 11:40
එස. 4:14ද්වි 14:3; යෙසා 65:4; 66:17
එස. 4:16ලෙවී 26:26; යෙසා 3:1; එස 5:16
එස. 4:162රාජා 25:3; යෙරෙ 37:21; විලා 1:11; 4:9; 5:9, 10
එස. 4:16එස 12:18
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එසකියෙල් 4:1-17

එසකියෙල්

4 “මනුෂ්‍ය පුත්‍රය, ගඩොල් කැටයක් අරගෙන ඒක ඔයා ඉස්සරහින් තියාගන්න. යෙරුසලමේ පින්තූරයක් ඒකේ කැටයම් කරන්න. 2 ඊටපස්සේ ඒක වටලන්න.+ ඒක වටලන්න පවුරක් ගොඩනඟන්න.+ නගරයට පහර දෙන්න බැම්මක් බඳින්න.+ සෙබළුන්ට කූඩාරම් හදන්න. පවුරු බිඳලා දාන යුධෝපකරණ නගරය වටේටම තියන්න.+ 3 ඊළඟට යකඩ තැටියක් අරගෙන නගරයයි, ඔයායි අතරේ තියෙන යකඩ පවුරක් වගේ ඒක තියන්න. ඒක දිහා රවාගෙන බලන් ඉන්න. නගරය වටලන විදිහ ඔයා පෙන්නන්න ඕනේ. ඊශ්‍රායෙල් සෙනඟට ඒක ලකුණක් වෙයි.+

4 “ඊටපස්සේ ඔයා වම් පැත්තට හැරිලා* දිගා වෙලා ඊශ්‍රායෙල් සෙනඟගේ වැරදි ඔයා පිටට ගන්න.+ වම් පැත්තට හැරිලා දිගා වෙලා ඉන්න දවස් ගාණ පුරාම සෙනඟගේ වැරදි ඔයා පිට තියෙයි. 5 ඔයාට ඒ විදිහට දවස් 390ක් ඉන්න වෙනවා. ඒ දවස් ගාණ එයාලා වැරදි කරපු අවුරුදු ගාණට සමානයි.+ ඒ දවස් ගාණ පුරාම ඊශ්‍රායෙල් සෙනඟගේ වැරදි ඔයා පිට තියෙයි. 6 ඒ දවස් ගාණ සම්පූර්ණ වෙන කල් ඔයාට ඒ විදිහට ඉන්න වෙනවා.

“ඊටපස්සේ දකුණු පැත්තට හැරිලා දවස් 40ක් දිගා වෙලා ඉන්න. ඒ විදිහට යූදා සෙනඟගේ වැරදි ඔයා පිටට ගන්න.+ ඒ එක දවසකින් අවුරුද්දක් නියෝජනය වෙනවා. ඒ එක අවුරුද්දක් වෙනුවෙන් එක දවස ගාණේ ඉන්න මං ඔයාට නියම කරනවා. 7 ඔයාගේ ඇඳුමේ අත නවලා වටලලා තියෙන යෙරුසලම දිහා+ රවලා බලාගෙන ඉන්න ගමන් ඒකට විරුද්ධව අනාවැකි කියන්න.

8 “බලන්න! මම ඔයාව ලණුවලින් බඳිනවා. එහෙම කරන්නේ ඔයා නගරය වටලගෙන ඉන්න දවස් ඉවර වෙන කල් ඔයාට අනිත් පැත්තට හැරෙන්න බැරි වෙන්නයි.

9 “ඔයා තිරිඟු, බාර්ලි, බෝංචි ඇට, පරිප්පු, මෙනේරි සහ තණ හාල් අරගෙන ඒවා භාජනයකට දාලා ඒවාවලින් රොටි හදාගන්න. ඔයා වම් පැත්තට හැරිලා දිගා වෙලා ඉන්න දවස් 390 පුරාම ඒ රොටි කන්න.+ 10 ඔයා ෂෙකෙල් 20ක* බර ප්‍රමාණයක් තමයි දවසකට කන්න ඕනේ. ඒ ප්‍රමාණය කිරලා නියමිත වෙලාවලදී කන්න.

11 “වතුරත් මැනලා බොන්න. හැම දවසකම හින මිනුමෙන් හයෙන් එකක්* බොන්න ඕනේ. ඒක නියමිත වෙලාවලදී බොන්න.

12 “රවුම් බාර්ලි රොටියක් හදාගන්න විදිහට ඔයා ඒ රොටි හදලා ඒවා කන්න. ඒ රොටි පුච්චන්න ඕනෙ සෙනඟ ඉස්සරහමයි. රොටි පුච්චගන්න වේළුණු මිනිස් අසූචි පාවිච්චි කරන්න.” 13 යෙහෝවා මෙහෙම කිව්වා. “මම ඊශ්‍රායෙල්වරුන්ව ජාතීන් අතරට විසුරුවාහැරියාම එයාලට මේ විදිහට අපවිත්‍ර රොටි කන්න වෙනවා.”+

14 එතකොට මම මෙහෙම කිව්වා. “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා, අනේ ඒක නම් මට කරන්න බැහැ. තරුණ කාලේ ඉඳන් මේ වෙන කල් මම මැරුණ සතෙක්ගේ හරි වෙනත් සතෙක් මරලා දාපු සතෙක්ගේ හරි මස් කාලා අපවිත්‍ර වෙලා නැහැ.+ ඒ වගේ අපවිත්‍ර මස් මම කටේවත් තියලා නැහැ.”+

15 ඉතින් ඔහු මට මෙහෙම කිව්වා. “මිනිස් අසූචි වෙනුවට ගොම පාවිච්චි කරලා රොටි පුච්චගන්න මම ඔයාට අවසර දෙනවා.” 16 ඊටපස්සේ ඔහු මට මෙහෙම කිව්වා. “මනුෂ්‍ය පුත්‍රය, මම යෙරුසලමට ආහාර ලැබෙන එක නවත්තනවා.*+ දැනෙන කනස්සල්ල නිසා මිනිස්සු ලැබෙන රොටි පංගුව කිරලා මැනලා කයි.+ දැනෙන බය නිසා ලැබෙන වතුර ටික ඔවුන් මැනලා බොයි.+ 17 එතකොට රොටියි, වතුරයි නැතුව එයාලා එකිනෙකා දිහා පුදුමයෙන් බලාගෙන ඉඳියි. එයාලා කරපු වැරදි නිසා එයාලා වැහැරිලා යයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න