ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

විනිශ්චයකරුවෝ පොතේ සාරාංශයක්

      • තෝලා සහ යායිර් (1-5)

      • ඊශ්‍රායෙල්වරු දෙවියන් අකමැති දේවල් කරයි. පස්සේ දුක් වෙයි (6-16)

      • අම්මොන්වරු යුද්දෙට එයි (17, 18)

විනිශ්චයකරුවෝ 10:1

හරස් යොමු දැක්වීම්

  • +විනි 2:16

විනිශ්චයකරුවෝ 10:4

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 3:14

විනිශ්චයකරුවෝ 10:6

පාදසටහන්

  • *

    හෝ, “සිරියාවේ.”

හරස් යොමු දැක්වීම්

  • +විනි 2:19; 4:1; 6:1; නෙහෙ 9:28
  • +විනි 3:7; ගීතා 106:36-38
  • +ගණන් 25:1, 2
  • +1රාජා 11:5; 2රාජා 23:13
  • +විනි 16:23; 1සාමු 5:4; 2රාජා 1:2

විනිශ්චයකරුවෝ 10:7

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:15, 48; 31:17; විනි 2:14; 4:2

විනිශ්චයකරුවෝ 10:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2007, 8 පි.

විනිශ්චයකරුවෝ 10:10

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:30
  • +විනි 2:13; 3:7; 1සාමු 12:9, 10

විනිශ්චයකරුවෝ 10:11

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:30
  • +ගණන් 21:23-25
  • +විනි 3:31

විනිශ්චයකරුවෝ 10:13

හරස් යොමු දැක්වීම්

  • +විනි 2:12
  • +2ලේක 15:2; මීකා 3:4

විනිශ්චයකරුවෝ 10:14

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 18:27
  • +යෙරෙ 2:28

විනිශ්චයකරුවෝ 10:16

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 7:26
  • +2ලේක 7:14; 33:13, 15; ගීතා 106:44; යෙසා 63:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 254-255 පි.

විනිශ්චයකරුවෝ 10:17

හරස් යොමු දැක්වීම්

  • +උත් 19:36, 38; විනි 3:13

විනිශ්චයකරුවෝ 10:18

හරස් යොමු දැක්වීම්

  • +විනි 11:1

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

විනි. 10:1විනි 2:16
විනි. 10:4ද්වි 3:14
විනි. 10:6විනි 2:19; 4:1; 6:1; නෙහෙ 9:28
විනි. 10:6විනි 3:7; ගීතා 106:36-38
විනි. 10:6ගණන් 25:1, 2
විනි. 10:61රාජා 11:5; 2රාජා 23:13
විනි. 10:6විනි 16:23; 1සාමු 5:4; 2රාජා 1:2
විනි. 10:7ද්වි 28:15, 48; 31:17; විනි 2:14; 4:2
විනි. 10:10ද්වි 4:30
විනි. 10:10විනි 2:13; 3:7; 1සාමු 12:9, 10
විනි. 10:11නික් 14:30
විනි. 10:11ගණන් 21:23-25
විනි. 10:11විනි 3:31
විනි. 10:13විනි 2:12
විනි. 10:132ලේක 15:2; මීකා 3:4
විනි. 10:141රාජා 18:27
විනි. 10:14යෙරෙ 2:28
විනි. 10:16ද්වි 7:26
විනි. 10:162ලේක 7:14; 33:13, 15; ගීතා 106:44; යෙසා 63:9
විනි. 10:17උත් 19:36, 38; විනි 3:13
විනි. 10:18විනි 11:1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
විනිශ්චයකරුවෝ 10:1-18

විනිශ්චයකරුවෝ

10 අබිමෙලෙක්ගේ කාලෙන් පස්සේ ඊශ්‍රායෙල්වරුන්ව බේරගන්න දෙවියන් තෝලාව විනිශ්චයකරුවෙක් විදිහට පත් කළා.+ ඉසකාර් ගෝත්‍රයේ කෙනෙක් වුණ එයා දෝදෝගේ මුනුපුරෙක්. තෝලාගේ තාත්තාගේ නම පුවා. තෝලා ජීවත් වුණේ එෆ්‍රායිම් කඳුකරයේ ෂාමීර්වල. 2 එයා අවුරුදු 23ක් විනිශ්චයකරුවෙක් විදිහට ඊශ්‍රායෙල් දේශයේ සේවය කළා. එයා මැරුණාම එයාව තැන්පත් කළේ ෂාමීර්වලයි.

3 තෝලාට පස්සේ විනිශ්චයකරුවෙක් විදිහට සේවය කළේ ගිලියද්වල කෙනෙක් වුණ යායිර්. එයා අවුරුදු 22ක් ඊශ්‍රායෙල් දේශය විනිශ්චය කළා. 4 යායිර්ට පුතාලා 30දෙනෙක් හිටියා. ඒ හැම කෙනෙක්ටම ගමන්බිමන් යන්න බූරුවෙක් ගාණේ හිටියා. එයාලට නගර 30කුත් තිබුණා. ගිලියද් දේශයේ තියෙන ඒ නගර අද වෙන කල්ම හව්වෝත්යායිර්+ කියලා හඳුන්වනවා. 5 යායිර් මැරුණාට පස්සේ එයාව කාමොන්වල තැන්පත් කළා.

6 ඊශ්‍රායෙල්වරු ආයෙත් යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් කරන්න පටන්ගත්තා.+ එයාලා බාල් දෙවිවරුන්ටයි,+ අෂ්ටොරෙත් රූපවලටයි, ආරම්වල* දෙවිවරුන්ටයි, සීදොන්වරුන්ගේ, මෝවබ්වරුන්ගේ,+ අම්මොන්වරුන්ගේ+ සහ පිලිස්තිවරුන්ගේ දෙවිවරුන්ටයි+ වන්දනාමාන කරන්න පටන්ගත්තා. ඒ විදිහට ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවියන්ව අත්හැරලා ඔහුට නමස්කාර කරන එක නතර කළා. 7 ඒ නිසා යෙහෝවාට එයාලා එක්ක ගොඩක් කේන්ති ගියා. ඉතින් ඔහු පිලිස්තිවරුන්ටයි, අම්මොන්වරුන්ටයි එයාලව යටත් කරගන්න ඉඩහැරියා.+ 8 ඒ අවුරුද්දේ එයාලා ඊශ්‍රායෙල්වරුන්ට ගොඩක් හිංසා පීඩා කළා. ඒ විදිහට එයාලා අවුරුදු 18ක් පුරා යොර්දාන් ගඟෙන් එහා පැත්තේ, අමෝරිවරුන්ට අයිති වෙලා තිබුණ දේශයේ ඒ කියන්නේ ගිලියද් දේශයේ හිටපු ඊශ්‍රායෙල්වරු හැමෝටම දරුණු විදිහට පීඩා කළා. 9 අම්මොන්වරු යොර්දාන් ගඟෙන් මෙහා පැත්තටත් ඇවිත් යූදා, බෙන්ජමින් සහ එෆ්‍රායිම් ගෝත්‍රවල අයට විරුද්ධව සටන් කළා. ඒ නිසා ඊශ්‍රායෙල්වරු ගොඩක් හිරිහැර වින්දා. 10 ඉතින් ඊශ්‍රායෙල්වරු යෙහෝවාගේ උදව් ඉල්ලලා+ ඔහුට මෙහෙම යාච්ඤා කළා. “අපේ දෙවියනි, අපි ඔයාව අත්හැරලා බාල් දෙවිවරුන්ට නමස්කාර කළා. අපි ඔයාට විරුද්ධව කළේ ලොකු වරදක්.”+

11 ඒත් යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට මෙහෙම කිව්වා. “මං ඔයාලව ඊජිප්තුවරුන් අතිනුත්+ අමෝරිවරුන්,+ අම්මොන්වරුන් සහ පිලිස්තිවරුන් අතිනුත්+ බේරගත්තේ නැද්ද? 12 සීදොන්වරුන්, අමලෙක්වරුන් සහ මිදියන්වරුන්ගේ අතිනුත් ඔයාලව බේරගත්තේ නැද්ද? ඒ ජාතීන් ඔයාලට හිංසා පීඩා කරද්දී ඔයාලා මගෙන් උදව් ඉල්ලලා අඬා වැලපුණාම මං ඔයාලව බේරගත්තා නේද? 13 ඒත් ඔයාලා මාව අත්හැරලා ගිහින් වෙනත් දෙවිවරුන්ට නමස්කාර කළා.+ ඒ නිසා මම ආයෙත් ඔයාලව බේරගන්නේ නැහැ.+ 14 ගිහිල්ලා ඔයාලා තෝරගත්ත දෙවිවරුන්ගෙන්ම උදව් ඉල්ලන්න.+ මේ හිංසා පීඩාවලින් ඔයාලව බේරගන්න කියලා එයාලටම කියන්න.”+ 15 ඒත් ඊශ්‍රායෙල්වරු යෙහෝවාට මෙහෙම කිව්වා. “දෙවියනි, අපි කළේ ලොකු වරදක්. ඔයා කැමති දෙයක් අපිට කරන්න. අනේ, ඒත් මේ සැරේ විතරක් අපිව බේරගන්න.” 16 ඊශ්‍රායෙල්වරු එයාලා නමස්කාර කරපු වෙනත් දෙවිවරුන්ව අයින් කරලා යෙහෝවාට නමස්කාර කරන්න පටන්ගත්තා.+ ඉතින් ඔහුට ඊශ්‍රායෙල්වරුන් වින්ද දුක තවත් බලාගෙන ඉන්න බැරි වුණා.+

17 ඊටපස්සේ අම්මොන්වරු+ එයාලාගේ හමුදාව රැස් කරගෙන ගිලියද් දේශයේ කඳවුරු බැඳගත්තා. ඊශ්‍රායෙල්වරුත් යුද්දෙට ලෑස්ති වෙලා මිෂ්පාවල කඳවුරු බැඳගත්තා. 18 ඒ වෙලාවේ ගිලියද්වල ඉන්න මිනිස්සුයි, එයාලාගේ අධිපතීනුයි මෙහෙම කතා වුණා. “අම්මොන්වරුන් එක්ක කරන මේ යුද්දේදී කවුද අපේ නායකයා වෙන්නේ?+ එයාට පුළුවන් ගිලියද්වල ඉන්න හැමෝගෙම ප්‍රධානියා වෙන්න.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න