ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 16
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 සාමුවෙල් පොතේ සාරාංශයක්

      • සාමුවෙල් ඊළඟ රජ විදිහට දාවිත්ව අභිෂේක කරයි (1-13)

        • ‘යෙහෝවා හිතේ තියෙන දේ දකිනවා’ (7)

      • දෙවියන්ගේ බලය සාවුල්ගෙන් අයින් කරයි (14-17)

      • දාවිත් සාවුල් වෙනුවෙන් වීණාව වාදනය කරයි (18-23)

1 සාමුවෙල් 16:1

පාදසටහන්

  • *

    මූ.අ., “තෙල් පුරවපු අඟ.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 15:35
  • +1සාමු 15:23, 26
  • +1රාජා 1:39
  • +රූත් 4:17; 1ලේක 2:12
  • +උත් 49:10; 1සාමු 13:14; ගීතා 78:70; ක්‍රියා 13:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/2010, 23 පි.

1 සාමුවෙල් 16:2

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 22:17

1 සාමුවෙල් 16:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 89:20

1 සාමුවෙල් 16:4

හරස් යොමු දැක්වීම්

  • +රූත් 4:11; 1සාමු 20:6

1 සාමුවෙල් 16:5

පාදසටහන්

  • *

    හෝ, “පවිත්‍ර වෙන්න.”

1 සාමුවෙල් 16:6

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 17:28; 1ලේක 2:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/2010, 23 පි.

1 සාමුවෙල් 16:7

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 10:21, 23
  • +1රාජා 8:39; 1ලේක 28:9; ගීතා 7:9; හිතෝ 24:12; යෙරෙ 17:10; ක්‍රියා 1:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/2010, 23 පි.

    11/15/2004, 20 පි.

    3/15/2003, 15 පි.

    6/15/1999, 22 පි.

1 සාමුවෙල් 16:8

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 17:13; 1ලේක 2:13

1 සාමුවෙල් 16:9

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 13:3

1 සාමුවෙල් 16:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/2005, 9 පි.

    9/15/2002, 31 පි.

1 සාමුවෙල් 16:11

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 17:14
  • +2සාමු 7:8; ගීතා 78:70

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/2011, 28-29 පි.

    10/1/2005, 9 පි.

    9/15/2002, 31 පි.

1 සාමුවෙල් 16:12

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 17:42
  • +1සාමු 13:14; ගීතා 89:20; ක්‍රියා 13:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 5 2016 9 පි.

1 සාමුවෙල් 16:13

පාදසටහන්

  • *

    මූ.අ., “තෙල් පුරවපු අඟ.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 16:1; 1රාජා 1:39
  • +ගණන් 11:17; විනි 3:9, 10; 1සාමු 10:6; 2සාමු 23:2
  • +1සාමු 1:1, 19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 5 2016 9 පි.

1 සාමුවෙල් 16:14

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 18:12; 28:15
  • +1සාමු 18:10; 19:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 3/2022, 1 පි.

    මුරටැඹ,

    3/15/2005, 23 පි.

1 සාමුවෙල් 16:16

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 22:29

1 සාමුවෙල් 16:18

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 16:12
  • +1සාමු 17:32, 36, 45, 46
  • +1සාමු 18:12

1 සාමුවෙල් 16:19

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 17:15

1 සාමුවෙල් 16:21

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 22:29

1 සාමුවෙල් 16:23

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 16:14; 18:10; 19:9

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 සාමු. 16:11සාමු 15:35
1 සාමු. 16:11සාමු 15:23, 26
1 සාමු. 16:11රාජා 1:39
1 සාමු. 16:1රූත් 4:17; 1ලේක 2:12
1 සාමු. 16:1උත් 49:10; 1සාමු 13:14; ගීතා 78:70; ක්‍රියා 13:22
1 සාමු. 16:21සාමු 22:17
1 සාමු. 16:3ගීතා 89:20
1 සාමු. 16:4රූත් 4:11; 1සාමු 20:6
1 සාමු. 16:61සාමු 17:28; 1ලේක 2:13
1 සාමු. 16:71සාමු 10:21, 23
1 සාමු. 16:71රාජා 8:39; 1ලේක 28:9; ගීතා 7:9; හිතෝ 24:12; යෙරෙ 17:10; ක්‍රියා 1:24
1 සාමු. 16:81සාමු 17:13; 1ලේක 2:13
1 සාමු. 16:92සාමු 13:3
1 සාමු. 16:111සාමු 17:14
1 සාමු. 16:112සාමු 7:8; ගීතා 78:70
1 සාමු. 16:121සාමු 17:42
1 සාමු. 16:121සාමු 13:14; ගීතා 89:20; ක්‍රියා 13:22
1 සාමු. 16:131සාමු 16:1; 1රාජා 1:39
1 සාමු. 16:13ගණන් 11:17; විනි 3:9, 10; 1සාමු 10:6; 2සාමු 23:2
1 සාමු. 16:131සාමු 1:1, 19
1 සාමු. 16:141සාමු 18:12; 28:15
1 සාමු. 16:141සාමු 18:10; 19:9
1 සාමු. 16:16හිතෝ 22:29
1 සාමු. 16:181සාමු 16:12
1 සාමු. 16:181සාමු 17:32, 36, 45, 46
1 සාමු. 16:181සාමු 18:12
1 සාමු. 16:191සාමු 17:15
1 සාමු. 16:21හිතෝ 22:29
1 සාමු. 16:231සාමු 16:14; 18:10; 19:9
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 සාමුවෙල් 16:1-23

පළවෙනි සාමුවෙල්

16 යෙහෝවා දෙවියන් සාමුවෙල්ට මෙහෙම කිව්වා. “ඔයා තව කොච්චර කාලයක් සාවුල් ගැන දුක් වෙවී ඉන්නද හදන්නේ?+ මම තවත් නම් එයාව ඊශ්‍රායෙල්වරුන්ගේ රජ විදිහට පිළිගන්නේ නැහැ.+ ඒ නිසා ඔයා දැන් තෙල් බඳුන*+ අරගෙන බෙත්ලෙහෙමේ ඉන්න යෙස්සේ+ ළඟට යන්න. මං එයාගේ පුතාලාගෙන් කෙනෙක්ව රජ විදිහට තෝරගත්තා.”+ 2 ඒත් සාමුවෙල් මෙහෙම කිව්වා. “මම කොහොමද එහෙට යන්නේ? සාවුල්ට ඒ ගැන ආරංචි වුණොත් එයා මාව මරලා දායි.”+ එතකොට යෙහෝවා එයාට මෙහෙම කිව්වා. “ගව රැළෙන් වැස්සියක්ව තෝරගෙන ඌවත් අරගෙන එහෙට යන්න. එහේ ඉන්න අයට කියන්න ‘මම ආවේ යෙහෝවාට පූජාවක් ඔප්පු කරන්නයි’ කියලා. 3 ඒ පූජාවට එන්න කියලා යෙස්සේටත් කියන්න. ඊටපස්සේ කරන්න ඕනෙ දේ මං ඔයාට කියන්නම්. මං ඔයාට පෙන්නන කෙනාව අභිෂේක කරන්න.”+

4 සාමුවෙල්, යෙහෝවා දෙවියන් කියපු විදිහටම කළා. එයා බෙත්ලෙහෙමට ආවාම+ ඒ නගරයේ හිටිය වැඩිමහල්ලෝ හොඳටම බය වුණා. සාමුවෙල්ව හම්බ වුණාම එයාලා මෙහෙම ඇහුවා. “ඔයා මෙහෙට ආවේ අපේ අතින් මොකක් හරි වරදක් වුණ නිසාද?” 5 එතකොට සාමුවෙල් “නැහැ, එහෙම ප්‍රශ්නයක් නැහැ. මං ආවේ යෙහෝවාට පූජාවක් ඔප්පු කරන්න. දැන් පවිත්‍ර වෙලා මාත් එක්ක පූජාව ඔප්පු කරන තැනට යමු.” ඊටපස්සේ සාමුවෙල් යෙස්සේ ඉන්න තැනට ගිහින් එයාටයි, එයාගේ පුතාලටයි පූජාවට ලෑස්ති වෙන්න* උදව් කරලා එයාලටත් පූජාවට එන්න කිව්වා. 6 එයාලා පූජාව ඔප්පු කරන තැනට ආවාම සාමුවෙල් එලියාබ්ව+ දැකලා මෙහෙම හිතුවා. “යෙහෝවා අභිෂේක කරපු කෙනා මෙයා වෙන්න ඕනේ.” 7 ඒත් යෙහෝවා සාමුවෙල්ට මෙහෙම කිව්වා. “එයාගේ පෙනුම දිහාවත් එයාගේ උස මහත දිහාවත් බලන්න එපා.+ මං තෝරගෙන තියෙන්නේ එයාව නෙමෙයි. දෙවියන් දේවල් දිහා බලන්නේ මිනිස්සු බලන විදිහට නෙමෙයි. මිනිස්සු දකින්නේ කෙනෙක්ගේ පිටින් පේන්න තියෙන දේ විතරයි. ඒත් යෙහෝවා වන මම ඒ කෙනාගේ හිතේ තියෙන දේ දකිනවා.”+ 8 ඊටපස්සේ යෙස්සේ අබිනාදාබ්ව+ සාමුවෙල් ඉස්සරහට එක්කගෙන ආවා. ඒත් සාමුවෙල් “යෙහෝවා එයාවත් තෝරගෙන නැහැ” කියලා කිව්වා. 9 යෙස්සේ ෂම්මාහ්වත්+ එතනට එක්කන් ආවා. ඒත් සාමුවෙල් “නැහැ, යෙහෝවා දෙවියන් එයාවත් තෝරගෙන නැහැ” කියලා කිව්වා. 10 යෙස්සේ ඒ විදිහට එයාගේ පුතාලා හත්දෙනෙක්ව සාමුවෙල් ළඟට අරගෙන ආවා. ඒත් සාමුවෙල් යෙස්සේට කිව්වා “යෙහෝවා මේ එක් කෙනෙක්වවත් තෝරගෙන නැහැ” කියලා.

11 අන්තිමට සාමුවෙල් යෙස්සේගෙන් ඇහුවා “ඔයාගේ පුතාලා හැමෝම මෙතන ඉන්නවාද” කියලා. එතකොට යෙස්සේ “බාලම පුතා+ මෙතන නැහැ. එයා බැටළුවන්ව බලාගන්න ගිහින්”+ කියලා කිව්වා. ඒක ඇහුවාම සාමුවෙල් මෙහෙම කිව්වා. “ඉක්මනට කාව හරි යවලා එයාව එක්කගෙන එන්න. එයා එන කල් අපි කෑම කන්නේ නැහැ.” 12 ඉතින් යෙස්සේ කෙනෙක්ව යවලා එයාව එතනට ගෙන්නගත්තා. යෙස්සේගේ බාල පුතා හුඟක් කඩවසම් කෙනෙක්.+ එයාගේ ඇස් හරිම ලස්සනයි. එයාට තිබුණේ රතු පාටට හුරු හමක්. එයා එතනට ආවාම යෙහෝවා සාමුවෙල්ට මෙහෙම කිව්වා. “දැන් නැඟිටලා එයාව අභිෂේක කරන්න. මං තෝරගත්ත කෙනා මෙයායි.”+ 13 ඒක අහපු ගමන් සාමුවෙල් තෙල් භාජනය*+ අරගෙන, දාවිත්ව එයාගේ අයියලා ඉස්සරහා අභිෂේක කළා. ඒ වෙලාවේ ඉඳන් යෙහෝවා දෙවියන්ගේ බලය දාවිත් තුළ ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තා.+ ඊටපස්සේ සාමුවෙල් රාමාවලට යන්න පිටත් වුණා.+

14 ඔය අතරේ යෙහෝවා දෙවියන් ඔහුගේ බලය සාවුල්ගෙන් අයින් කළා.+ ඒ නිසා සාවුල්ගේ මනස අවුල්සහගත සිතුවිලිවලින් පිරිලා එයා ඒකෙන් හුඟක් පීඩා විඳින්න පටන්ගත්තා. යෙහෝවාත් එහෙම වෙන්න ඉඩහැරියා.+ 15 සාවුල්ගේ සේවකයෝ එයාට මෙහෙම කිව්වා. “ස්වාමීනි, දෙවියන් ඔබේ හිත අවුල් කරලයි තියෙන්නේ. ඔබ මේ විදිහට පීඩා විඳින්නේ ඒ නිසයි. 16 ඔබේ සේවකයන්ට කියන්න දක්ෂ විදිහට වීණාව වාදනය කරන කෙනෙක්ව හොයාගෙන ඔබ ළඟට එක්කගෙන එන්න කියලා.+ දෙවියන් ඔබේ හිත අවුල් කරන වෙලාවලදී එයාට පුළුවන් වීණාව වාදනය කරලා ඔබේ හිත සන්සුන් කරන්න.” 17 ඉතින් සාවුල් රජ එයාගේ සේවකයන්ට මෙහෙම අණ කළා. “හොඳට වීණාව වාදනය කරන්න පුළුවන් කෙනෙක්ව හොයාගෙන එයාව මං ළඟට ගේන්න.”

18 එතකොට එතන හිටිය සේවකයෙක් රජට මෙහෙම කිව්වා. “බෙත්ලෙහෙමේ යෙස්සේ කියලා කෙනෙක් ඉන්නවා. එයාගේ එක පුතෙක් හරිම ලස්සනට වීණාව වාදනය කරනවා මං අහලා තියෙනවා. එයා හරි කඩවසම්,+ නිර්භීත තරුණයෙක්.+ එයාට හොඳට සටන් කරන්නත් දක්ෂ විදිහට කතා කරන්නත් පුළුවන්. යෙහෝවාගේ ආශීර්වාදයත් එයාට තියෙනවා.”+ 19 සාවුල් පණිවිඩකරුවන් අතේ යෙස්සේට මෙහෙම දන්වලා යැව්වා. “ඔයාගේ බැටළුවෝ ටික බලාගෙන ඉන්න ඔයාගේ පුතා දාවිත්ව මං ළඟට එවන්න.”+ 20 ඉතින් යෙස්සේ එයාගේ පුතා වුණ දාවිත්ව සාවුල් ළඟට යැව්වා. යෙස්සේ බූරුවෙක් පිටේ රොටියි, වයින් පිරුණු හම් භාජනයකුයි පටවලා ඒවා එක්ක එළු පැටියෙක්වත් දාවිත් අතේ සාවුල්ට යැව්වා. 21 දාවිත් සාවුල් ළඟට ඇවිත් එයාට සේවය කරන්න පටන්ගත්තා.+ සාවුල්ට දාවිත් ගැන ඇති වුණේ ලොකු ආදරයක්. එයා සාවුල්ගේ ආයුධ අරන් යන කෙනා විදිහටත් සේවය කළා. 22 ටික කාලයක් ගියාම සාවුල් යෙස්සේට මෙහෙම දන්වලා යැව්වා. “දාවිත් මගේ හිත දිනාගත්තා. ඒ නිසා එයාට දිගටම මාත් එක්ක ඉන්න අවසර දෙන්න.” 23 අවුල්සහගත සිතුවිලිවලින් සාවුල්ට පීඩා විඳින්න දෙවියන් ඉඩහැරිය වෙලාවලදී දාවිත් වීණාව අරන් ඇවිත් එයාට ඇහෙන්න ඒක වාදනය කළා. එතකොට සාවුල්ගේ මනසෙන් ඒ සිතුවිලි අයින් වෙලා එයාගේ හිත සන්සුන් වුණා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න