ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දානියෙල් 5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

දානියෙල් පොතේ සාරාංශයක්

      • බෙල්ෂසර් රජගේ උත්සවය (1-4)

      • අතක් බිත්තියේ ලියයි (5-12)

      • ලියපු දේ පැහැදිලි කරන්න දානියෙල්ව ගෙන්නයි (13-25)

      • තේරුම: බැබිලෝනියේ වැටීම (26-31)

දානියෙල් 5:1

හරස් යොමු දැක්වීම්

  • +දානි 7:1; 8:1
  • +යෙසා 21:5; යෙරෙ 51:39

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 15-16, 22-23, 100-101 පි.

දානියෙල් 5:2

පාදසටහන්

  • *

    සමහරවිට එයාගේ සීයා වෙන්න පුළුවන්.

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 25:15; 2ලේක 36:18; එස්රා 1:7; යෙරෙ 52:19; දානි 1:1, 2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 101 පි.

දානියෙල් 5:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 22-23, 101 පි.

දානියෙල් 5:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 101 පි.

දානියෙල් 5:5

පාදසටහන්

  • *

    මූ.අ., “කපරාරු කරපු බිත්තියේ.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 102 පි.

දානියෙල් 5:6

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 21:2, 3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 102-104 පි.

දානියෙල් 5:7

පාදසටහන්

  • *

    ඒ කියන්නේ ජ්‍යෝතිෂයට සහ පේන කියන්න දක්ෂ පිරිසක්.

හරස් යොමු දැක්වීම්

  • +දානි 2:2; 4:6
  • +උත් 41:39, 42; එස්ත 8:15
  • +දානි 2:6, 48

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 16-17, 102-104 පි.

දානියෙල් 5:8

හරස් යොමු දැක්වීම්

  • +දානි 2:27; 4:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 104-105 පි.

දානියෙල් 5:9

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 13:1, 7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 105 පි.

දානියෙල් 5:10

පාදසටහන්

  • *

    පේන විදිහට මෙතන කතා කරන්නේ මව් රැජින ගැනයි.

  • *

    මූ.අ., “මූණ සුදුමැලි වෙලා තියෙන්නේ.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 105-106 පි.

දානියෙල් 5:11

පාදසටහන්

  • *

    ඒ කියන්නේ ජ්‍යෝතිෂයට සහ පේන කියන්න දක්ෂ පිරිසක්.

හරස් යොමු දැක්වීම්

  • +දානි 4:8, 9
  • +දානි 2:47, 48

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 105-106 පි.

දානියෙල් 5:12

පාදසටහන්

  • *

    මූ.අ., “ගැට ලිහන්න.”

හරස් යොමු දැක්වීම්

  • +දානි 1:7; 4:8
  • +දානි 1:17, 20; 6:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 105-106 පි.

දානියෙල් 5:13

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 24:11, 14
  • +දානි 1:3, 6; 2:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2016, 14 පි.

    දානියෙල්ගේ අනාවැකි, 106 පි.

දානියෙල් 5:14

හරස් යොමු දැක්වීම්

  • +දානි 4:9
  • +දානි 1:17, 20

දානියෙල් 5:15

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 47:12, 13; දානි 2:10, 11; 5:8

දානියෙල් 5:16

හරස් යොමු දැක්වීම්

  • +දානි 2:28
  • +දානි 2:6; 5:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 193 ලිපිය

    දානියෙල්ගේ අනාවැකි, 106 පි.

දානියෙල් 5:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 106-107 පි.

දානියෙල් 5:18

හරස් යොමු දැක්වීම්

  • +දානි 2:37, 38

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 15, 16-17 පි.

දානියෙල් 5:19

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 25:9; දානි 3:4, 5; 4:22
  • +දානි 2:12; 3:6, 29

දානියෙල් 5:20

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 14:13, 14; දානි 4:30

දානියෙල් 5:21

හරස් යොමු දැක්වීම්

  • +දානි 4:31-35

දානියෙල් 5:22

පාදසටහන්

  • *

    සමහරවිට ඔහුගේ මුනුපුරා වෙන්න පුළුවන්.

දානියෙල් 5:23

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 50:29
  • +දානි 5:2, 3
  • +ගීතා 115:4-7; යෙසා 46:6, 7
  • +ගීතා 104:29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 22-23, 107 පි.

දානියෙල් 5:24

හරස් යොමු දැක්වීම්

  • +දානි 5:5

දානියෙල් 5:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 107-108 පි.

දානියෙල් 5:26

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 13:11; යෙරෙ 25:12; 27:6, 7; 50:1, 2; 51:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 108 පි.

දානියෙල් 5:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 108-109 පි.

දානියෙල් 5:28

හරස් යොමු දැක්වීම්

  • +එස්රා 1:1, 2; යෙසා 21:2; 45:1; යෙරෙ 50:9; දානි 6:28; 9:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 109 පි.

දානියෙල් 5:29

හරස් යොමු දැක්වීම්

  • +දානි 5:7, 16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 109-110 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 9 පි.

දානියෙල් 5:30

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 21:9; යෙරෙ 51:8, 31, 39, 57

දානියෙල් 5:31

හරස් යොමු දැක්වීම්

  • +දානි 6:1; 9:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 6/2017, 1 පි.

    දානියෙල්ගේ අනාවැකි, 17-18 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

දානි. 5:1දානි 7:1; 8:1
දානි. 5:1යෙසා 21:5; යෙරෙ 51:39
දානි. 5:22රාජා 25:15; 2ලේක 36:18; එස්රා 1:7; යෙරෙ 52:19; දානි 1:1, 2
දානි. 5:6යෙසා 21:2, 3
දානි. 5:7දානි 2:2; 4:6
දානි. 5:7උත් 41:39, 42; එස්ත 8:15
දානි. 5:7දානි 2:6, 48
දානි. 5:8දානි 2:27; 4:7
දානි. 5:9යෙසා 13:1, 7
දානි. 5:11දානි 4:8, 9
දානි. 5:11දානි 2:47, 48
දානි. 5:12දානි 1:7; 4:8
දානි. 5:12දානි 1:17, 20; 6:3
දානි. 5:132රාජා 24:11, 14
දානි. 5:13දානි 1:3, 6; 2:25
දානි. 5:14දානි 4:9
දානි. 5:14දානි 1:17, 20
දානි. 5:15යෙසා 47:12, 13; දානි 2:10, 11; 5:8
දානි. 5:16දානි 2:28
දානි. 5:16දානි 2:6; 5:7
දානි. 5:18දානි 2:37, 38
දානි. 5:19යෙරෙ 25:9; දානි 3:4, 5; 4:22
දානි. 5:19දානි 2:12; 3:6, 29
දානි. 5:20යෙසා 14:13, 14; දානි 4:30
දානි. 5:21දානි 4:31-35
දානි. 5:23යෙරෙ 50:29
දානි. 5:23දානි 5:2, 3
දානි. 5:23ගීතා 115:4-7; යෙසා 46:6, 7
දානි. 5:23ගීතා 104:29
දානි. 5:24දානි 5:5
දානි. 5:26යෙසා 13:11; යෙරෙ 25:12; 27:6, 7; 50:1, 2; 51:11
දානි. 5:28එස්රා 1:1, 2; යෙසා 21:2; 45:1; යෙරෙ 50:9; දානි 6:28; 9:1
දානි. 5:29දානි 5:7, 16
දානි. 5:30යෙසා 21:9; යෙරෙ 51:8, 31, 39, 57
දානි. 5:31දානි 6:1; 9:1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
දානියෙල් 5:1-31

දානියෙල්

5 බෙල්ෂසර් රජ+ එයාගේ රාජ්‍යයේ හිටපු වංශවත් අය දාහකට එන්න කියලා ලොකු උත්සවයක් පැවැත්තුවා. ඒ හැමෝම ඉස්සරහා රජ වයින් බිබී හිටියා.+ 2 වෙරි වෙලා හිටපු බෙල්ෂසර් රජ යෙරුසලමේ දේවමාලිගාවෙන් ගෙනාව රන් රිදී භාජන එතනට අරන් එන්න කියලා නියෝග කළා. එයා ඒවා ගේන්න කිව්වේ එයාටයි, වංශවත් අයටයි, එයාගේ භාර්යාවන් සහ උපභාර්යාවන්ටයි ඒවායින් වයින් බොන්න. ඒ භාජන එයාගේ පියා* වුණ නෙබුකද්නෙෂර් රජ තමයි යෙරුසලමේ ඉඳන් ගෙනත් තිබුණේ.+ 3 යෙරුසලමේ තිබුණ දෙවියන්ගේ මාලිගාවෙන් ගෙනාව ඒ රන් භාජන එතනට ගෙනාවා. රජයි, වංශවත් අයයි, රජගේ භාර්යාවන් සහ උපභාර්යාවනුයි ඒවායින් වයින් බොන්න පටන්ගත්තා. 4 එයාලා වයින් බිබී රන්, රිදී, තඹ, යකඩ, ලී සහ ගල්වලින් හදාගත්ත දෙවිවරුන්ට ප්‍රශංසා කළා.

5 එතකොටම මනුස්සයෙක්ගේ අතක් පෙනුණා. ඒ අත රජමාලිගාවේ පහන් රුක ඉස්සරහා තිබුණ බිත්තියේ* ලියන්න පටන්ගත්තා. ඒ අත බිත්තියේ ලියනවා රජත් දැක්කා. 6 එතකොට රජ හොඳටම බය වුණා. එයාගේ මූණත් සුදුමැලි වෙලා ගියා. රජගේ කකුල් පණ නැති වෙලා+ දණිස් දෙක එකට වදින්න පටන්ගත්තා.

7 රජ කෑගහලා කිව්වා පේන කියන්නන්, කල්දිවරුන්* සහ ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයන්ව+ එතනට ගේන්න කියලා. බැබිලෝනියේ හිටපු උගත් අයට රජ මෙහෙම කිව්වා. “බිත්තියේ ලියලා තියෙන මේ අකුරු කියවලා ඒකේ තේරුම මට කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවාද? එහෙම ඉන්නවා නම් මම එයාට දම් පාට ඇඳුමක් අන්දවලා එයාගේ කරට රත්තරන් මාලයක් දාලා+ එයාව රාජ්‍යයේ තුන්වෙනි තැනට පත් කරනවා.”+

8 රජට සේවය කරපු උගත් අය හැමෝම එතනට ආවා. ඒත් එයාලට ඒ අකුරු කියවන්නවත් ඒකේ තේරුම රජට පැහැදිලි කරලා දෙන්නවත් බැරි වුණා.+ 9 ඒ නිසා බෙල්ෂසර් රජ තවත් බය වුණා. එයාගේ මූණ සම්පූර්ණයෙන්ම සුදුමැලි වෙලා ගියා. එතන හිටපු වංශවත් අයටත් කරන්නේ මොනවාද කියලා හිතාගන්න බැරි වුණා.+

10 රජ සහ වංශවත් අය අතර ඇති වෙච්ච කතාබහ රැජිනට* ආරංචි වුණාම එයා උත්සවය තිබුණ තැනට ආවා. එයා රජට මෙහෙම කිව්වා. “රජතුමනි, ඔබ සදහටම ජීවත් වේවා! ඔබ බය වෙලා ඉන්නේ* ඇයි? බය වෙන්න කිසිම හේතුවක් නැහැ. 11 ශුද්ධ දෙවිවරුන්ගේ බලය තියෙන කෙනෙක් ඔබේ රාජධානියේ ඉන්නවා. දෙවිවරුන්ට සමාන ප්‍රඥාවක්, හොඳ දැනුමක් සහ අවබෝධයක් එයාට තියෙනවා+ කියලා ඔබේ පියාගේ කාලයේදී පැහැදිලි වුණා. ඔබේ පියා වුණ නෙබුකද්නෙෂර් රජ එයාව මන්තර ගුරුකම් කරන පූජකයන්, පේන කියන්නන්, කල්දිවරුන්* සහ ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයන්ගේ+ ප්‍රධානියා විදිහට පත් කළා. ඔව් රජතුමනි, ඔබේ පියා එහෙම කළා. 12 බෙල්ටෂසර් කියලා රජ නම් කරපු දානියෙල්+ හරිම දක්ෂ කෙනෙක්. හීනවල තේරුම පැහැදිලි කරන්න, තේරුම්ගන්න අමාරු හරිම සංකීර්ණ ගැටලු විසඳන්න*+ එයාට හොඳ දැනුමක්, අවබෝධයක් තියෙනවා. දැන් දානියෙල්ට මෙතනට එන්න කියන්න. බිත්තියේ ලියලා තියෙන මේ දේවල තේරුම එයා ඔබට කියලා දෙයි.”

13 ඉතින් දානියෙල්ව රජ ඉස්සරහට ගෙනාවා. රජ දානියෙල්ගෙන් මෙහෙම ඇහුවා. “රජ්ජුරුවන් වුණ මගේ පියා යූදා දේශයේ ඉඳන් ගෙනාපු+ දානියෙල් ඔබද?+ 14 මට දැනගන්න ලැබුණා දෙවිවරුන්ගේ බලය ඔබට තියෙනවා කියලා.+ හොඳ දැනුමක්, අවබෝධයක් වගේම පුදුම ප්‍රඥාවක් ඔබට තියෙනවා කියලත් මං දැනගත්තා.+ 15 උගත් අයවයි, පේන කියන අයවයි මං ඉස්සරහට ගෙනාවත් බිත්තියේ ලියලා තියෙන මේ අකුරු කියවලා ඒකේ තේරුම මට පැහැදිලි කරලා දෙන්න එයාලට බැරි වුණා.+ 16 රහස් හෙළි කරලා දෙන්නත් හරිම සංකීර්ණ ගැටලු විසඳන්නත් ඔබට පුළුවන්+ කියලා මට දැනගන්න ලැබුණා. මේ අකුරු කියවලා ඒකේ තේරුම මට පැහැදිලි කරන්න ඔබට පුළුවන් වුණොත් මම ඔබට දම් පාට ඇඳුමක් අන්දවලා, ඔබේ කරට රත්තරන් මාලයක් දානවා. ඔබව රාජ්‍යයේ තුන්වෙනි තැනට පත් කරනවා.”+

17 එතකොට දානියෙල් රජට මෙහෙම කිව්වා. “රජතුමනි, ඔබේ තෑගිබෝග මට එපා. ඔබ දෙන්න හදන මේ දේවල් වෙන අයට දෙන්න. ඒ වුණාට ලියලා තියෙන මේ අකුරු කියවලා ඒකේ තේරුම මම ඔබට පැහැදිලි කරලා දෙන්නම්. 18 රජතුමනි, උසස්ම දෙවියන් ඔබේ පියා වුණ නෙබුකද්නෙෂර් රජට රාජ්‍යයත් බලයත් ගෞරවයත් තේජසත් ලබා දුන්නා.+ 19 දෙවියන් ඔහුව බලවත් කරපු නිසා විවිධ ජාතීන්ට අයිති, විවිධ භාෂා කතා කරන ජනයා ඔහු ඉදිරියේ බයෙන් වෙවුලුවා.+ ඔහුට ඕනෙ වුණාම ඕන කෙනෙක්ව මැරුවා. ඔහු කැමති අයට ජීවත් වෙන්න ඉඩ දුන්නා. කැමති අයව උසස් කළා. කෙනෙක්ව පහත් කරන්න ඕනෙ වුණාම ඔහු ඒකත් කළා.+ 20 ඒත් ඔහු උඩඟු වුණා. අහංකාර විදිහට හිතුමනාපෙට වැඩ කරන්න පටන්ගත්තා.+ ඒ නිසා දෙවියන් ඔහුව සිංහාසනයෙන් අයින් කළා. ඔහුට තිබුණ ගෞරවයත් නැති කළා. 21 ඔහුව මිනිස්සු අතරින් එළවලා දාලා ඔහුට සතෙක්ගේ හිතක් දුන්නා. ඔහු බූරුවන් එක්ක කැලේ ජීවත් වුණා. පින්නට තෙමුණා. හරක් වගේ තණකොළ කෑවා. උසස්ම තැනැත්තාණන් වන දෙවියන් මිනිස් ආණ්ඩුවලට වඩා ඉහළින් ඉන්නවා කියලත් දෙවියන් කැමති කෙනෙක්ට පාලනය භාර දෙනවා+ කියලත් නෙබුකද්නෙෂර් රජ තේරුම්ගන්න කල් ඔහුට ඒ විදිහට ඉන්න වුණා.

22 “ඔහුගේ පුතා* බෙල්ෂසර් වන ඔබ, ඒ හැම දෙයක්ම දැනන් හිටියත් ඔබ යටහත්පහත් විදිහට වැඩ කළේ නැහැ. 23 ඔබ ස්වර්ගයේ ස්වාමීන් වන දෙවියන්ටත් වඩා ඉහළින් යන්න හැදුවා.+ දෙවියන්ගේ මාලිගාවේ භාජන මෙතනට ගෙන්නගෙන+ ඔබ වංශවත් අයයි, ඔබේ භාර්යාවන් සහ උපභාර්යාවනුයි එක්ක ඒවායින් වයින් බිව්වා. වයින් බිබී ඔබ කිසිම දෙයක් පේන්නේ නැති, ඇහෙන්නේ නැති, මුකුත්ම දන්නේ නැති රන්, රිදී, තඹ, යකඩ, ලී සහ ගල්වලින් හදාගත්ත දෙවිවරුන්ට+ ප්‍රශංසා කළා. ඒත් ඔබේ මුළු ජීවිතයම රැඳිලා තියෙන දෙවියන්ව+ ඔබට අමතක වුණා. ඔබ ඔහුට ගෞරව කළේ නැහැ. 24 ඉතින් දෙවියන් තමයි මේ අකුරු ලියන්න මඟ පෙන්නුවේ.+ 25 ලියලා තියෙන්නේ මේකයි. මෙනේ, මෙනේ, තෙකෙල් සහ පර්සීන්.

26 “ඒ වචනවල තේරුම මේකයි. මෙනේ කියන්නේ දෙවියන් ඔබේ රාජ්‍යය අවසන් කරන්න දවසක් නියම කරලා තියෙනවා කියන එකයි. ඒ දවස දැන් ඇවිල්ලා.+

27 “තෙකෙල් කියන්නේ දෙවියන් ඔබව කිරලා බලලා තියෙනවා කියන එකයි. ඔබේ අඩුවක් තියෙනවා කියලා පැහැදිලියි.

28 “පෙරෙස් කියන්නේ ඔබේ රාජ්‍යය බෙදලා ඒක මේදියවරුන්ට සහ පර්සියානුවන්ට+ දීලා තියෙනවා කියන එකයි.”

29 ඊටපස්සේ බෙල්ෂසර් රජ දානියෙල්ට දම් පාට ඇඳුමක් අන්දවලා එයාගේ කරට රත්තරන් මාලයක් දාන්න කියලා නියෝග කළා. දානියෙල්ව රාජ්‍යයේ තුන්වෙනි තැනට පත් කළා කියලත් දැනුම් දුන්නා.+

30 එදා රෑම කල්දිවරුන්ගේ රජ වුණ බෙල්ෂසර්ව මැරුවා.+ 31 රාජ්‍යය මේදිය ජාතික දාරියුස්ට+ ලැබුණා. එතකොට දාරියුස්ට අවුරුදු 62ක් විතර ඇති.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න