යෝබ්
26 එතකොට යෝබ් මෙහෙම කිව්වා.
2 “කලකිරුණු කෙනාව ඔයා කොච්චර හොඳට ශක්තිමත් කළාද!
දුර්වල කෙනාට ඔයා අත දුන්න විදිහ නම් හරිම අපූරුයි!+
3 ප්රඥාව අඩු කෙනාට ඔයා මොන තරම් වටිනා උපදෙස්ද දුන්නේ!+
ඔයාගේ ඥානය මදි නොකියන්න අපිත් එක්ක බෙදාගත්තා!
4 ඔයා මේ දේවල් කියන්න හදන්නේ කාටද?
ඒ දේවල් කියන්න ඔයාව පෙලඹුවේ කවුද?
5 කිසි දෙයක් කරකියාගන්න බැරි, මිය ගිහින් ඉන්න අය කැලඹෙයි.
ඒ හැමෝම ඉන්නේ සාගරයටත් ඒකේ ජීවීන්ටත් වඩා පහළිනුයි.
7 ඔහු උතුරු අහස්තලය* හිස් අවකාශයේ දිගහැරියා.+
පොළොවත් හිස් අවකාශයේ තැබුවා.*
8 ඔහු ජල කඳ වලාකුළුවලින් ඔතනවා.+
ඒවා කොයි තරම් බර වුණත් බිඳී නොයන්නේ ඒ නිසයි.
9 ඔහු තමන්ගේ සිංහාසනය සඟවයි.
වලාකුළුවලින් ඒක වහලා තියයි.+
11 අහසේ කුලුනු දෙදරුම් කයි.
ඔහු තරවටු කරද්දී ඒවා තිගැස්සෙයි.
13 ඔහු තමන්ගේ හුස්ම* පිට කරලා පැහැදිලි නිල්වන් අහස දිස් වෙන්න සලස්වයි.
තමන්ගේ අතින් වේගවත්* සර්පයාව මරා දමයි.
14 ඒත් අපි මේ දකින්නේ දෙවියන්ගේ ක්රියාවලින් අල්පමාත්රයක් විතරයි.+
ඔහුගේ බලය ගැන අපේ දෙසවනට වැටෙන්නේ සිහින් නාදයක්
විතරයි.
එහෙමනම්, ඔහුගෙන් නික්මෙන මහත් ගිගුරුම් හඬ තේරුම්ගන්න පුළුවන් කාටද?”+