ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 38
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • වැරදි ගැන පසුතැවෙන කෙනෙක්ගේ යාච්ඤාවක්

        • “වේදනාව දරාගන්න බැරුව මම බිම වැතිරිලා ඉන්නවා” (6)

        • යෙහෝවා ගැන බලන් ඉන්න කෙනාට ඔහු උදව් කරයි (15)

        • “මං කරපු පාපය නිසා මගේ හිත මට වධ දුන්නා” (18)

ගීතාවලිය 38:1

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 10:24

ගීතාවලිය 38:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 32:4

ගීතාවලිය 38:3

පාදසටහන්

  • *

    මූ.අ., “ඇටකටුවලට.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 6:2; 41:4; 51:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ, 3/1/2003, 30 පි.

ගීතාවලිය 38:4

හරස් යොමු දැක්වීම්

  • +එස්රා 9:6; ගීතා 40:12

ගීතාවලිය 38:7

පාදසටහන්

  • *

    මූ.අ., “මගේ තුනටිය.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 38:3

ගීතාවලිය 38:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    12/8/1994, 25 පි.

ගීතාවලිය 38:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 6:7

ගීතාවලිය 38:12

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 16:7; ගීතා 62:4

ගීතාවලිය 38:13

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 16:11
  • +ගීතා 39:2, 9

ගීතාවලිය 38:15

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 16:12; ගීතා 123:2
  • +ගීතා 138:3

ගීතාවලිය 38:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 77:2

ගීතාවලිය 38:18

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 32:5
  • +ගීතා 51:3

ගීතාවලිය 38:21

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:11; 35:22

ගීතාවලිය 38:22

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 27:1; 62:2; යෙසා 12:2

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 38:1යෙරෙ 10:24
ගීතා. 38:2ගීතා 32:4
ගීතා. 38:3ගීතා 6:2; 41:4; 51:8
ගීතා. 38:4එස්රා 9:6; ගීතා 40:12
ගීතා. 38:7ගීතා 38:3
ගීතා. 38:10ගීතා 6:7
ගීතා. 38:122සාමු 16:7; ගීතා 62:4
ගීතා. 38:132සාමු 16:11
ගීතා. 38:13ගීතා 39:2, 9
ගීතා. 38:152සාමු 16:12; ගීතා 123:2
ගීතා. 38:15ගීතා 138:3
ගීතා. 38:17ගීතා 77:2
ගීතා. 38:18ගීතා 32:5
ගීතා. 38:18ගීතා 51:3
ගීතා. 38:21ගීතා 22:11; 35:22
ගීතා. 38:22ගීතා 27:1; 62:2; යෙසා 12:2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 38:1-22

ගීතාවලිය

මතක් කිරීමක් විදිහට දාවිත් රචනා කරපු ගීතයක්.

38 අනේ යෙහෝවා, කේන්තියෙන් ඉද්දී මට අවවාද කරන්න එපා.

කේන්තියෙන් මාව හික්මවන්නත් එපා.+

 2 ඔබේ ඊතල මගේ ඇඟ පසාරු කරගෙන ගිහින්.

ඔබ මාව ඔබේ අතින් පොඩි කරලා දැම්මා.+

 3 ඔබ දුන්න හික්මවීම නිසා මගේ මුළු ඇඟම රිදුම් දෙනවා.

මං කරපු වරද නිසා මගේ හිතට* කිසිම සැනසීමක් නැහැ.+

 4 මං කරපු වැරදි ගොඩගැහුවොත් ඒවා මගේ හිසටත් ඉහළින් තියෙයි.+

ඒවා මං පිට පටවලා තියෙන ලොකු බරක් වගේ. මට ඒ බර දරාගන්න බැහැ.

 5 මං කරපු මෝඩකම් නිසා

මගේ තුවාල පැසවලා ඒවායින් දුගඳක් හමනවා.

 6 වේදනාව දරාගන්න බැරුව මම බිම වැතිරිලා ඉන්නවා.

දවස පුරාම මම දුකින් ඇවිදිනවා.

 7 මට දැනෙන්නේ මාව* පිච්චෙනවා වගෙයි.

මගේ මුළු ඇඟම ඇදුම් කනවා.+

 8 මං ඉන්නේ හොඳටම හෙම්බත් වෙලා.

මාව තළලා පොඩි කරලා දාලා වගේ. වේදනාවෙන් මම

කෙඳිරිගානවා.

 9 අනේ යෙහෝවා, මගේ හිතේ තියෙන හැම ආශාවක්ම ඔබ දන්නවා.

මං සුසුම්ලන හැම වතාවකදීම ඔබට ඒක ඇහෙනවා.

10 මගේ හදවත වේගයෙන් ගැහෙනවා.

මගේ ඇඟට කිසි පණක් නැහැ. මගේ ඇස් අඳුරු වෙලා ගිහින්.+

11 මගේ යාළුවෝ මගේ විපත දැකලා මගෙන් ඈත් වෙලා ඉන්නවා.

මං ළඟින්ම හිටපු අයත් දැන් මගෙන් දුරස් වෙලා.

12 මාව මරන්න හොයන අය මාව අල්ලගන්න උගුල් අටවනවා.

මට හානියක් කරන්න හදන අය මාව විනාශ කරන්න කතා වෙනවා.+

මාව රවට්ටලා අල්ලගන්න ඔවුන් දවස තිස්සේම කුමන්ත්‍රණය කරනවා.

13 ඒත් බිහිරි කෙනෙක් වගේ මං ඇහුණේ නැති ගාණට ඉන්නවා.+

ගොළු කෙනෙක් වගේ මම කතා නොකර ඉන්නවා.+

14 මම කන් ඇහෙන්නේ නැති කෙනෙක් වගේ ඉන්නවා.

මගේ නිර්දෝෂකම ඔප්පු කරන්න කිසිම දෙයක් නොකියා ඉන්නවා.

15 යෙහෝවා, මම බලන් හිටියේ ඔබ මට උදව් කරන කල්.+

යෙහෝවා මගේ දෙවියනි, මම හිතුව විදිහටම ඔබ මට උදව් කළා.+

16 “ඔබ මගේ උදව්වට ආවේ නැත්නම් මගේ විපත දැකලා ඔවුන් සතුටු වෙයි.

මගේ කකුල පැටලිලා වැටුණොත් ඔවුන් මට නින්දා කරයි” කියලා මම කිව්වා.

17 මං හිටියේ වැටෙන්න ඔන්න මෙන්න.

හැම මොහොතකම මම හිටියේ හිතේ වේදනාවෙන්.+

18 මං කරපු වරද ගැන මම හංගන්නේ නැතුව කිව්වා.+

මං කරපු පාපය නිසා මගේ හිත මට වධ දුන්නා.+

19 මගේ සතුරෝ හොඳ සවිශක්තියක් තියෙන, බලවත් අය.

කිසිම හේතුවක් නැතුව මට වෛර කරන අයගේ ගාණ තව තවත් වැඩි වුණා.

20 මම ඔවුන්ට හොඳින් සැලකුවත් ඔවුන් මට සැලකුවේ නරක විදිහට.

මං හරි දේ කරන්න හදද්දී ඔවුන් ඒකට බාධා කළා.

21 අනේ යෙහෝවා, මාව අත්හරින්න එපා.

මගේ දෙවියනි, මගෙන් ඈත් වෙලා ඉන්න එපා.+

22 යෙහෝවා දෙවියනි, මගේ ගැලවුම්කරු ඔබයි.+

ඉක්මනින්ම මගේ උදව්වට එන්න.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න