ගීතාවලිය
115 යෙහෝවා දෙවියනි, ගෞරවය ලැබෙන්න ඕනෙ අපිට නෙවෙයි ඔබටයි!
ඒ නිසා ඔබේ නම ගෞරවයට පත් කරන්න.+
ඔබේ නොසැලෙන ආදරේ නිසාත් ඔබේ විශ්වාසවන්තකම නිසාත් එහෙම කරන්න.+
2 “කෝ ඔවුන්ගේ දෙවියන්” කියලා අහන්න
ඔබ වෙනත් ජාතීන්ට ඉඩ දෙන්නේ ඇයි?+
3 අපේ දෙවියන් ඉන්නේ ස්වර්ගයේ.
ඔහු තමන් කැමති ඕනෙම දෙයක් කරනවා.
5 ඒවාට කටවල් තිබුණත් කතා කරන්න බැහැ.+
ඇස් තිබුණත් පේන්නේ නැහැ.
6 ඒවාට කන් තිබුණත් කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ.
නහයක් තිබුණත් ගඳ සුවඳ දැනෙන්නේ නැහැ.
7 ඒවාට අත් තියෙනවා. ඒත් කිසි දෙයක් අල්ලන්න බැහැ.
කකුල් තියෙනවා. ඒත් ඇවිදින්න බැහැ.+
උගුරෙන් කිසිම හඬක් පිට වෙන්නෙත් නැහැ.+
11 යෙහෝවා ගැන ගරුබියක් තියෙන තැනැත්තෙනි, යෙහෝවාව විශ්වාස කරන්න.+
ඔබේ උදව්වට එන්නේ ඔහුයි. ඔබේ පලිහත් ඔහුයි.+
12 යෙහෝවාට අපිව මතකයි. ඔහු අපිට ආශීර්වාද කරනවා.
ඔහු ඊශ්‍රායෙල්ගෙන් පැවතෙන්නන්ට ආශීර්වාද කරනවා.+
ආරොන්ගෙන් පැවතෙන්නන්ටත් ආශීර්වාද කරනවා.
13 යෙහෝවා ඔහු ගැන ගරුබියක් තියෙන
ලොකු කුඩා හැමෝටම ආශීර්වාද කරනවා.
18 ඒත් අපි යාහ්ට ප්‍රශංසා කරනවා.
දැනුත් සදහටමත් අපි ඔහුට ප්‍රශංසා කරනවා.
ජනයෙනි, යාහ්ට ප්‍රශංසා කරන්න!*