ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එළිදරව් 11
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එළිදරව් පොතේ සාරාංශයක්

      • සාක්ෂිකරුවන් දෙන්නා (1-13)

        • ගෝණි රෙදි ඇඳගෙන දවස් 1,260ක් අනාවැකි කියයි (3)

        • මරලා දාලා තැන්පත් කරන්නේ නැතුව තියයි (7-10)

        • දවස් තුනහමාරකින් පස්සේ ආයෙත් නැඟිට්ටවයි (11, 12)

      • දෙවෙනි විපත ඉවරයි. තුන්වෙනි එක එනවා (14)

      • හත්වෙනි හොරණෑව (15-19)

        • පාලනය දැන් අපේ දෙවියන්ගෙත් ඔහු ක්‍රිස්තුස් විදිහට තෝරපු තැනැත්තාගෙත් අතට පත් වෙලා (15)

        • පොළොව විනාශ කරන අයව විනාශ කරන්න නියමිතයි (18)

එළිදරව් 11:1

පාදසටහන්

  • *

    හෝ, “මනින ලීයක්.”

  • *

    ඒ කියන්නේ ශුද්ධස්ථානය සහ අතිශුද්ධස්ථානය තිබුණ දේවමාලිගාවේ ප්‍රධාන කොටස.

  • *

    හෝ, “ගණන් කරන්න.”

හරස් යොමු දැක්වීම්

  • +එස 40:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2014, 30 පි.

    එළිදරව්, 161-162 පි.

එළිදරව් 11:2

හරස් යොමු දැක්වීම්

  • +එළි 13:5
  • +එළි 21:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2014, 30 පි.

    එළිදරව්, 162-163 පි.

එළිදරව් 11:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    12/2019, 3 පි.

    මුරටැඹ,

    11/15/2014, 30 පි.

    8/1/1994, 31 පි.

    11/1/1993, 9-10 පි.

    එළිදරව්, 164 පි.

    දානියෙල්ගේ අනාවැකි, 296 පි.

එළිදරව් 11:4

හරස් යොමු දැක්වීම්

  • +සෙක 4:3, 11
  • +සෙක 4:12; මතෙ 5:14
  • +සෙක 4:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2014, 30 පි.

    එළිදරව්, 164 පි.

එළිදරව් 11:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2014, 30 පි.

    5/15/1997, 12 පි.

    එළිදරව්, 165-166 පි.

එළිදරව් 11:6

පාදසටහන්

  • *

    හෝ, “ස්වර්ගයේ.”

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 17:1; යාකො 5:17
  • +ලූක් 4:25
  • +නික් 7:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2014, 30 පි.

    5/15/1997, 12 පි.

    එළිදරව්, 165, 166-167, 208 පි.

එළිදරව් 11:7

හරස් යොමු දැක්වීම්

  • +එළි 12:17; 13:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2020, 6 පි.

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    12/2019, 3 පි.

    මුරටැඹ,

    11/15/2014, 30 පි.

    එළිදරව්, 167-169 පි.

එළිදරව් 11:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 167-169 පි.

එළිදරව් 11:9

හරස් යොමු දැක්වීම්

  • +එළි 11:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    12/2019, 3 පි.

    මුරටැඹ,

    11/15/2014, 30 පි.

    එළිදරව්, 167-169 පි.

එළිදරව් 11:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2014, 30 පි.

    එළිදරව්, 167-168 පි.

එළිදරව් 11:11

හරස් යොමු දැක්වීම්

  • +එස 37:5, 10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    12/2019, 3 පි.

    මුරටැඹ,

    11/15/2014, 30 පි.

    එළිදරව්, 168-170 පි.

එළිදරව් 11:12

පාදසටහන්

  • *

    හෝ, “බලාගෙන හිටියා.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 169-170, 199 පි.

එළිදරව් 11:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 170-171 පි.

එළිදරව් 11:14

හරස් යොමු දැක්වීම්

  • +එළි 9:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 158, 171 පි.

එළිදරව් 11:15

පාදසටහන්

  • *

    ඒ කියන්නේ යෙහෝවා දෙවියන්.

හරස් යොමු දැක්වීම්

  • +එළි 8:6
  • +1ලේක 29:11; ගීතා 22:28; දානි 4:17, 34; එළි 12:10
  • +ගීතා 2:6; දානි 7:13, 14; ලූක් 1:32, 33; 22:28, 29; 2පේතෘ 1:11
  • +ගීතා 145:13; දානි 2:44

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 158, 171-172, 176 පි.

    දෙවිට නමස්කාර කරන්න, 93-94 පි.

    මුරටැඹ,

    6/1/1991, 16 පි.

එළිදරව් 11:16

හරස් යොමු දැක්වීම්

  • +එළි 4:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 172-173 පි.

එළිදරව් 11:17

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +එළි 1:4; 16:5
  • +ගීතා 99:1; සෙක 14:9; එළි 19:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 172-173, 176 පි.

    මුරටැඹ,

    5/1/1993, 25-26 පි.

එළිදරව් 11:18

පාදසටහන්

  • *

    හෝ, “නාස්ති කරලා දාන.”

හරස් යොමු දැක්වීම්

  • +ආමො 3:7; හෙබ්‍රෙ 1:1; යාකො 5:10
  • +හෙබ්‍රෙ 11:6
  • +උත් 6:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 141 ලිපිය

    තවත් ලිපි, 55 ලිපිය

    මුරටැඹ,

    5/1/2015, 6-7 පි.

    9/1/2014, 3-4, 6 පි.

    5/1/2011, 8 පි.

    3/1/1993, 5-6 පි.

    9/1/1991, 4 පි.

    එළිදරව්, 173-176 පි.

    දැනුම, 105 පි.

එළිදරව් 11:19

පාදසටහන්

  • *

    ඒ කියන්නේ අතිශුද්ධස්ථානය.

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 8:1, 6; හෙබ්‍රෙ 8:1, 2; 9:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 175-176 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එළි. 11:1එස 40:3
එළි. 11:2එළි 13:5
එළි. 11:2එළි 21:2
එළි. 11:4සෙක 4:3, 11
එළි. 11:4සෙක 4:12; මතෙ 5:14
එළි. 11:4සෙක 4:14
එළි. 11:61රාජා 17:1; යාකො 5:17
එළි. 11:6ලූක් 4:25
එළි. 11:6නික් 7:19
එළි. 11:7එළි 12:17; 13:7
එළි. 11:9එළි 11:11
එළි. 11:11එස 37:5, 10
එළි. 11:14එළි 9:12
එළි. 11:15එළි 8:6
එළි. 11:151ලේක 29:11; ගීතා 22:28; දානි 4:17, 34; එළි 12:10
එළි. 11:15ගීතා 2:6; දානි 7:13, 14; ලූක් 1:32, 33; 22:28, 29; 2පේතෘ 1:11
එළි. 11:15ගීතා 145:13; දානි 2:44
එළි. 11:16එළි 4:10
එළි. 11:17එළි 1:4; 16:5
එළි. 11:17ගීතා 99:1; සෙක 14:9; එළි 19:6
එළි. 11:18ආමො 3:7; හෙබ්‍රෙ 1:1; යාකො 5:10
එළි. 11:18හෙබ්‍රෙ 11:6
එළි. 11:18උත් 6:11
එළි. 11:191රාජා 8:1, 6; හෙබ්‍රෙ 8:1, 2; 9:11
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එළිදරව් 11:1-19

යොහන්ට කරපු එළිදරව්ව

11 සැරයටියක්* වගේ තිබුණ බට දණ්ඩක්+ මට ලැබුණා. එතකොට ඔහු මට මෙහෙම කිව්වා. “නැඟිටලා දේවමාලිගාවේ ශුද්ධස්ථානයයි,* පූජාසනයයි, එතනට ඇවිත් නමස්කාර කරන අයවයි මනින්න.* 2 ඒත් දේවමාලිගාවේ ශුද්ධස්ථානයෙන් එළියේ තියෙන මළුව අත්හරින්න. ඒක මනින්න එපා. මොකද ඒක ජාතීන්ට දීලයි තියෙන්නේ. එයාලා මාස 42ක්+ තිස්සේ ශුද්ධ නුවර+ පාගනවා. 3 මං මගේ සාක්ෂිකරුවන් දෙන්නාට ගෝණි රෙදි ඇඳගෙන දවස් 1,260ක් අනාවැකි කියන්න සලස්වනවා.” 4 ඔලීව ගස් දෙකෙන්+ සහ පහන් රුක් දෙකෙන්+ නියෝජනය වෙන්නේ එයාලවයි. එයාලා හිටගෙන ඉන්නේ පොළොවට අධිපති දෙවියන්+ ඉස්සරහා.

5 කවුරු හරි කෙනෙක් එයාලට අනතුරක් කරන්න හැදුවොත් එයාලාගේ කටවල්වලින් ගින්දර පිට වෙලා එයාලාගේ සතුරන්ව විනාශ කරලා දානවා. කවුරු හරි එයාලට අනතුරක් කරන්න හැදුවොත් එයාව මරලා දාන්නේ ඒ විදිහටයි. 6 එයාලා අනාවැකි කියන කාලයේදී වැස්ස වැටෙන්නේ නැති වෙන්න+ අහසේ* කවුළු වහලා දාන්න එයාලට බලය+ ලැබිලා තියෙනවා. එයාලා කැමති ඕනෙම වෙලාවක වතුර ලේ කරන්නත්+ හැම පීඩාවකින්ම පොළොවට පහර දෙන්නත් එයාලට බලය දීලා තියෙනවා.

7 සාක්ෂි දරන්න එයාලට ලැබිලා තියෙන කාර්යය අවසන් කළාට පස්සේ අගාධයෙන් මතු වෙන මෘගයා එයාලත් එක්ක යුද්ධ කරයි. මෘගයා එයාලව පරාජය කරලා මරලා දායි.+ 8 එයාලාගේ මළ සිරුරු මහත් නුවරේ ප්‍රධාන පාරේ දකින්න තියෙයි. ඒ නුවර හඳුන්වන්නේ සොදොම් සහ ඊජිප්තුව කියන සංකේතවත් නම්වලින්. එයාලාගේ ස්වාමීන්ව වධකණුවේ ඇණ ගැහුවෙත් ඒ ස්ථානයෙදියි. 9 විවිධ ජනවර්ගවලට, ගෝත්‍රවලට සහ ජාතීන්ට අයිති, විවිධ භාෂා කතා කරන අය දවස් තුනහමාරක් පුරා+ එයාලාගේ මළ සිරුරු දිහා බලාගෙන ඉඳියි. ඒ මළ සිරුරු සොහොන් ගෙයක තැන්පත් කරන්න එයාලා ඉඩ දෙන්නේ නැහැ. 10 පොළොවේ ජීවත් වෙන අය ඒ දෙන්නාට වුණ දේ ගැන හුඟක් සතුටු වෙයි. ඒ සතුටට එයාලා එකිනෙකාට තෑගි යවලා විනෝද වෙයි. පොළොවේ ජීවත් වෙන අය එහෙම කරන්නේ ඒ අනාගතවක්තෘවරුන් දෙන්නා එයාලට ගොඩක් වධ දුන්න නිසයි.

11 ඒ දවස් තුනහමාරෙන් පස්සේ දෙවියන්ගෙන් ජීවන හුස්ම ලැබිලා+ ඒ අනාගතවක්තෘවරුන් දෙන්නා නැඟිට්ටා. එයාලා හිටගත්තාම ඒක දැකපු හැමෝම හොඳටම බය වුණා. 12 එතකොට “මෙතනට නැඟලා එන්න” කියලා ශබ්ද නඟලා කියන හඬක් ඒ දෙන්නාට ස්වර්ගයෙන් ඇහුණා. ඉතින් එයාලා වලාකුළු අතරින් ස්වර්ගයට නැඟලා ගියා. එයාලා ස්වර්ගයට යන එක එයාලාගේ සතුරොත් දැක්කා.* 13 ඒ පැයේදී මහත් භූමිකම්පාවක් ඇති වුණා. ඒක නිසා නුවරෙන් දහයෙන් කොටසක් විනාශ වුණා. ඒ භූමිකම්පාවෙන් මිනිස්සු 7,000ක් මැරුණා. ඉතුරු අය හොඳටම බය වෙලා ස්වර්ගය පාලනය කරන දෙවියන්ට ගෞරවය දුන්නා.

14 දෙවෙනි විපත+ ඉවර වුණා. බලන්න! තුන්වෙනි විපත ඉක්මනින්ම එනවා.

15 හත්වෙනි දේවදූතයා තමන්ගේ හොරණෑව පිම්බා.+ එතකොට ගොඩක් කටහඬවල් ස්වර්ගයේ ඉඳන් ශබ්ද නඟලා මෙහෙම කියනවා මට ඇහුණා. “මේ ලෝකයේ පාලනය දැන් අපේ දෙවියන්ගේ+ අතටත් ඔහු ක්‍රිස්තුස් විදිහට තෝරපු තැනැත්තාගේ+ අතටත් පත් වෙලා. ඔහු* සදාකාලයෙන් සදාකාලයටම රජකම් කරනවා.”+

16 එතකොට දෙවියන් ඉස්සරහා සිංහාසනවල ඉඳගෙන හිටපු වැඩිමහල්ලෝ 24දෙනා+ දණගහලා මූණ බිමටම පහත් කරලා දෙවියන්ට නමස්කාර කළා. 17 ඒ ගමන් එයාලා මෙහෙම කිව්වා. “දැනුත් ජීවමානව ඉන්න,+ අතීතයේ ඉඳන්ම හිටිය සියලු බලැති තැනැත්තා වන යෙහෝවා* දෙවියනි, අපි ඔබට ස්තුති කරනවා. මොකද ඔබ ඔබේ මහත් බලය අතට අරන් දැන් රජකම් කරන්න පටන් අරගෙන.+ 18 ඒත් ජාතීන්ගේ කේන්තිය ඇවිස්සුණා. ඔබේ උදහසත් ඇවිළුණා. මිය ගිය අයව විනිශ්චය කරන්න ඔබ නියම කරපු කාලය ආවා. උස් පහත් භේදයක් නැතුව ඔබේ දාසයන් වන අනාගතවක්තෘවරුන්ටයි,+ ශුද්ධ තැනැත්තන්ටයි, ඔබේ නමට ගරුබිය දක්වන හැමෝටමයි ආශීර්වාද කරන්නත්+ පොළොව විනාශ කරන* අයව+ විනාශ කරන්නත් කාලය ආවා.”

19 එතකොට ස්වර්ගයේ තියෙන දෙවියන්ගේ ශුද්ධස්ථානය* විවෘත කළා. ඔහුගේ ශුද්ධස්ථානය ඇතුළේ ඔහුගේ ගිවිසුම් පෙට්ටිය+ තියෙනවා මං දැක්කා. ඒත් එක්කම අකුණු සැර පිට වුණා. කටහඬවල් සහ ගිගුරුම් හඬවල් ඇහුණා. භූමිකම්පාවකුත් ලොකු හිම කැට වැස්සකුත් ඇති වුණා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න