ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 18
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එසකියෙල් පොතේ සාරාංශයක්

      • තමන් කරන වැරදිවලට වග කියන්න ඕනෙ තමන්මයි (1-32)

        • වැරැද්ද කරන කෙනා තමයි මැරෙන්නේ (4)

        • තාත්තා කරපු වරදට පුතාට දඬුවම් දෙන්නේ නැහැ (19, 20)

        • දුෂ්ට කෙනෙක් මැරෙනවා දැකලා සතුටු වෙන්නේ නැහැ (23)

        • වැරදි අතහරිනවා නම් ජීවිතේ රැකගන්න පුළුවන් (27, 28)

එසකියෙල් 18:2

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 31:29, 30

එසකියෙල් 18:4

පාදසටහන්

  • *

    හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. “පැහැදිලි කිරීමක්” බලන්න.

  • *

    හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. “පැහැදිලි කිරීමක්” බලන්න.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/1997, 19 පි.

එසකියෙල් 18:6

පාදසටහන්

  • *

    හෙබ්‍රෙව් භාෂාවෙන් ඒ රූප කොච්චර පිළිකුල් දේවල්ද කියලා විස්තර කරන්න ඒවාට “ගොම” කියන වචනය පාවිච්චි කරලා තියෙනවා.

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 12:2; යෙරෙ 3:6
  • +ලෙවී 20:10
  • +ලෙවී 18:19; 20:18

එසකියෙල් 18:7

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 14:21
  • +ද්වි 24:12, 13
  • +ලෙවී 6:2, 4
  • +ද්වි 15:11
  • +යෙසා 58:6, 7; යාකො 2:15, 16

එසකියෙල් 18:8

හරස් යොමු දැක්වීම්

  • +නික් 22:25; ගීතා 15:5; ලූක් 6:34, 35
  • +ලෙවී 19:35
  • +ලෙවී 19:15; 25:14; ද්වි 1:16

එසකියෙල් 18:9

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 18:5

එසකියෙල් 18:10

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:13
  • +උත් 9:6; නික් 21:12

එසකියෙල් 18:12

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 15:7, 8
  • +ලෙවී 26:30
  • +2රාජා 21:11

එසකියෙල් 18:13

හරස් යොමු දැක්වීම්

  • +එස 22:12

එසකියෙල් 18:19

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 16:20; රෝම 10:5

එසකියෙල් 18:20

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 24:16; යෙරෙ 31:30; එස 18:4
  • +යෙසා 3:10, 11; ගලා 6:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2010, 28-29 පි.

    10/1/1997, 19 පි.

එසකියෙල් 18:21

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 55:7; එස 3:21; 33:12, 19; ක්‍රියා 3:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/2012, 18 පි.

එසකියෙල් 18:22

පාදසටහන්

  • *

    මූ.අ., “කිසිම වරදක් ආයේ මතක් කරන්නේ නැහැ.”

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 33:12, 13; ගීතා 25:7; යෙසා 43:25
  • +එස 33:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/2012, 18 පි.

එසකියෙල් 18:23

හරස් යොමු දැක්වීම්

  • +විලා 3:33; එස 33:11; 1තිමෝ 2:3, 4; 2පේතෘ 3:9
  • +මීකා 7:18

එසකියෙල් 18:24

හරස් යොමු දැක්වීම්

  • +එස 33:12, 18; හෙබ්‍රෙ 10:38; 2යොහ 8
  • +හිතෝ 21:16; එස 3:20

එසකියෙල් 18:25

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 35:2; හිතෝ 19:3; එස 33:17, 20
  • +ද්වි 32:4
  • +යෙසා 55:9; යෙරෙ 2:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2010, 3-4 පි.

එසකියෙල් 18:27

පාදසටහන්

  • *

    හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 55:7; 1තිමෝ 4:16

එසකියෙල් 18:29

හරස් යොමු දැක්වීම්

  • +උත් 18:25; ගීතා 145:17; යෙසා 40:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2013, 11 පි.

එසකියෙල් 18:30

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 34:11; රෝම 2:6

එසකියෙල් 18:31

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:14; යෙසා 1:16
  • +ගීතා 51:10; යෙරෙ 32:39; එස 11:19; එෆී 4:23, 24
  • +ද්වි 30:15; හිතෝ 8:36; ක්‍රියා 13:46

එසකියෙල් 18:32

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 29:11; විලා 3:33; එස 33:11; ලූක් 15:10; 2පේතෘ 3:9
  • +ද්වි 30:16

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එස. 18:2යෙරෙ 31:29, 30
එස. 18:6ද්වි 12:2; යෙරෙ 3:6
එස. 18:6ලෙවී 20:10
එස. 18:6ලෙවී 18:19; 20:18
එස. 18:7හිතෝ 14:21
එස. 18:7ද්වි 24:12, 13
එස. 18:7ලෙවී 6:2, 4
එස. 18:7ද්වි 15:11
එස. 18:7යෙසා 58:6, 7; යාකො 2:15, 16
එස. 18:8නික් 22:25; ගීතා 15:5; ලූක් 6:34, 35
එස. 18:8ලෙවී 19:35
එස. 18:8ලෙවී 19:15; 25:14; ද්වි 1:16
එස. 18:9ලෙවී 18:5
එස. 18:10ලෙවී 19:13
එස. 18:10උත් 9:6; නික් 21:12
එස. 18:12ද්වි 15:7, 8
එස. 18:12ලෙවී 26:30
එස. 18:122රාජා 21:11
එස. 18:13එස 22:12
එස. 18:19ද්වි 16:20; රෝම 10:5
එස. 18:20ද්වි 24:16; යෙරෙ 31:30; එස 18:4
එස. 18:20යෙසා 3:10, 11; ගලා 6:7
එස. 18:21යෙසා 55:7; එස 3:21; 33:12, 19; ක්‍රියා 3:19
එස. 18:222ලේක 33:12, 13; ගීතා 25:7; යෙසා 43:25
එස. 18:22එස 33:16
එස. 18:23විලා 3:33; එස 33:11; 1තිමෝ 2:3, 4; 2පේතෘ 3:9
එස. 18:23මීකා 7:18
එස. 18:24එස 33:12, 18; හෙබ්‍රෙ 10:38; 2යොහ 8
එස. 18:24හිතෝ 21:16; එස 3:20
එස. 18:25යෝබ් 35:2; හිතෝ 19:3; එස 33:17, 20
එස. 18:25ද්වි 32:4
එස. 18:25යෙසා 55:9; යෙරෙ 2:17
එස. 18:27යෙසා 55:7; 1තිමෝ 4:16
එස. 18:29උත් 18:25; ගීතා 145:17; යෙසා 40:14
එස. 18:30යෝබ් 34:11; රෝම 2:6
එස. 18:31ගීතා 34:14; යෙසා 1:16
එස. 18:31ගීතා 51:10; යෙරෙ 32:39; එස 11:19; එෆී 4:23, 24
එස. 18:31ද්වි 30:15; හිතෝ 8:36; ක්‍රියා 13:46
එස. 18:32යෙරෙ 29:11; විලා 3:33; එස 33:11; ලූක් 15:10; 2පේතෘ 3:9
එස. 18:32ද්වි 30:16
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එසකියෙල් 18:1-32

එසකියෙල්

18 යෙහෝවා දෙවියන් ආයෙත් මට කතා කරලා මෙහෙම කිව්වා. 2 “ඊශ්‍රායෙල් දේශයේ කියමනක් තියෙනවා ‘අමු මිදි කෑවේ තාත්තලා. ඒත් හිරි වැටුණේ දරුවන්ගේ දත්’+ කියලා. මොකක්ද ඒකේ තේරුම?

3 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. ‘ජීවමාන දෙවි වන මම මං ගැනම දිවුරලා කියන්නේ මේ කියමන ඔබ ආයේ ඊශ්‍රායෙල් දේශයේ කියන්නේ නැහැ කියලයි. 4 හැම ජීවිතයක්ම* අයිති මටයි. තාත්තාගේ ජීවිතේ වගේම පුතාගේ ජීවිතෙත් අයිති මටයි. වැරැද්ද කරන කෙනා* තමයි මැරෙන්නේ.

5 “‘යුක්තිය, සාධාරණය ඉටු කරන ධර්මිෂ්ඨ මිනිසෙක් ගැන හිතන්න. 6 ඔහු කඳු මුදුන්වල තියෙන රූපවලට පූජා කරපු කෑම කන්නේ නැහැ.+ ඊශ්‍රායෙල් සෙනඟගේ පිළිකුල්සහගත රූප* ගැන ඔහු විශ්වාසය තියන්නේ නැහැ. ඔහුගේ අසල්වැසියාගේ බිරිඳ එක්ක අනාචාරයේ යෙදෙන්නේ නැහැ.+ ස්ත්‍රියකගේ ඔසප් දවස්වලදී ඇය එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වන්නේ නැහැ.+ 7 ඔහු කාටවත් හිරිහැර කරන්නේ නැහැ.+ ණයකට ඇපයක් විදිහට ගත්ත දේ ඔහු ආපහු භාර දෙනවා.+ ඔහු කාගෙන්වත් හොරකම් කරන්නේ නැහැ.+ බඩගින්නේ ඉන්න අයට තමන්ගේ කෑම වේල වුණත් දෙනවා.+ ඇඳුම් නැති අයට ඇඳුම් දෙනවා.+ 8 ඔහු පොලී අය කරන්නෙවත් අසාධාරණ විදිහට ලාභ උපයන්නෙවත් නැහැ.+ කිසිම කෙනෙක්ට ඔහු අසාධාරණයක් කරන්නේ නැහැ.+ නඩුවක් විභාග කරද්දී ඔහු දෙන්නේ සාධාරණ විනිශ්චයක්.+ 9 ඔහු මගේ අණපනත්වලට එකඟව වැඩ කරනවා. විශ්වාසවන්තව වැඩ කරන්න තියෙන කැමැත්ත නිසා ඔහු මගේ තීන්දුවලට කීකරු වෙනවා. ඒ වගේ කෙනෙක් ධර්මිෂ්ඨයි. ඔහුට තමන්ගේ ජීවිතේ රැකගන්න පුළුවන්’+ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.

10 “‘ඒත් හිතන්න, ඒ කෙනාගේ පුතා හොරෙක්,+ මිනීමරුවෙක්+ නැත්නම් මේ කියන ඕනෙම දෙයක් කරනවා කියලා. 11 (ඒත් තාත්තා ඒ වගේ දේවල් කරන්නේ නැහැ.) ඒ පුතා කඳු මුදුන්වල තියෙන රූපවලට පූජා කරපු කෑම කනවා. ඔහුගේ අසල්වැසියාගේ බිරිඳ එක්ක අනාචාරයේ යෙදෙනවා. 12 නැති බැරි අසරණ අයට ඔහු හිරිහැර කරනවා.+ අනිත් අයගේ දේවල් හොරකම් කරනවා. ණයකට ඇපයක් විදිහට ගත්ත දේ ඔහු ආපහු දෙන්නේ නැහැ. ඔහු පිළිකුල්සහගත රූප ගැන විශ්වාසය තියලා වැඩ කරනවා.+ ඔහු කරන්නේ හරිම පහත් දේවල්.+ 13 ඔහු පොලී අය කරනවා. අසාධාරණ විදිහට ලාභ උපයනවා.+ ඒ වගේ පුතෙක්ට තමන්ගේ ජීවිතේ රැකගන්න ලැබෙන්නේ නැහැ. ඔහු කරපු ඒ හැම පිළිකුල්සහගත දේකටම ඔහුව අනිවාර්යයෙන්ම මරලා දානවා. ඔහුගේ ලේවලට වග කියන්න ඕනෙ ඔහුමයි.

14 “‘ඒත් තාත්තා කරපු හැම වරදක්ම දැකලා ඒ වැරදිවලින් ඈත් වෙලා ඉන්න පුතෙක් ගැන හිතන්න. 15 ඔහු කඳු මුදුන්වල තියෙන රූපවලට පූජා කරපු කෑම කන්නේ නැහැ. ඊශ්‍රායෙල් සෙනඟගේ පිළිකුල්සහගත රූප ගැන ඔහු විශ්වාසය තියන්නේ නැහැ. ඔහුගේ අසල්වැසියාගේ බිරිඳ එක්ක අනාචාරයේ යෙදෙන්නේ නැහැ. 16 ඔහු කාටවත් හිරිහැර කරන්නේ නැහැ. ණයකට ඇපයක් විදිහට ගත්ත දේ ඔහු ආපහු භාර දෙනවා. ඔහු කාගෙන්වත් හොරකම් කරන්නේ නැහැ. බඩගින්නේ ඉන්න අයට තමන්ගේ කෑම වේල වුණත් දෙනවා. ඇඳුම් නැති අයට ඇඳුම් දෙනවා. 17 ඔහු දුප්පත් අයට හිරිහැර කරන්නේ නැහැ. ඔහු පොලී අය කරන්නෙවත් අසාධාරණ විදිහට ලාභ උපයන්නෙවත් නැහැ. ඔහු මගේ තීන්දුවලට කීකරු වෙනවා. මගේ අණපනත්වලට එකඟව වැඩ කරනවා. ඒ වගේ කෙනෙක් ඔහුගේ තාත්තා කරපු වැරදි නිසා මැරෙන්නේ නැහැ. ඔහුට තමන්ගේ ජීවිතේ රැකගන්න පුළුවන් වෙනවා. 18 ඒත් ඔහුගේ තාත්තා තමන්ගේ සහෝදරයාගෙන් හොරකම් කළා. අනිත් අයට වංචා කළා. ඔහුගෙම ජාතියේ අය ඉස්සරහා වැරදි වැඩ කළා. ඔහු කරපු වැරදිවලට ඔහුට ඔහුගේ ජීවිතෙන් වන්දි ගෙවන්න වෙනවා.

19 “‘ඒත් ඔබ අහයි “තාත්තා කරපු වරදට පුතාට දඬුවම් දෙන්නේ නැත්තේ ඇයි” කියලා. පුතා යුක්තිය, සාධාරණය ඉටු කරලා මගේ අණපනත් හැම එකකටම කීකරු වුණා. ඒවාට එකඟව වැඩ කළා. ඒ නිසා ඔහුට තමන්ගේ ජිවිතේ රැකගන්න පුළුවන් වෙනවා.+ 20 වැරදි කරන කෙනා තමයි මැරෙන්නේ.+ තාත්තා කරපු වැරදිවලට ප්‍රතිඵල විඳින්න පුතාටවත් පුතා කරපු වැරදිවලට ප්‍රතිඵල විඳින්න තාත්තාටවත් වෙන්නේ නැහැ. කෙනෙක් කරන ධර්මිෂ්ඨ දේවල්වලට යහපත් ප්‍රතිඵල ලැබෙන්නේ ධර්මිෂ්ඨව වැඩ කරන ඒ කෙනාටමයි. කෙනෙක් කරන දුෂ්ට දේවල්වලට ප්‍රතිඵල ලැබෙන්නේ දුෂ්ට විදිහට වැඩ කරන ඒ කෙනාටමයි.+

21 “‘දුෂ්ට කෙනෙක් තමන් කරපු හැම වරදක්ම අතහැරලා මගේ අණපනත්වලට එකඟව වැඩ කරනවා නම් යුක්තිය, සාධාරණය ඉටු කරනවා නම් තමන්ගේ ජීවිතේ රැකගන්න ඔහුට පුළුවන් වෙනවා. ඔහු මැරෙන්නේ නැහැ.+ 22 ඔහු අතින් වුණ එක වරදකටවත් ඔහුට දඬුවම් කරන්නේ නැහැ.*+ ඔහු ධර්මිෂ්ඨ දේවල් කරන නිසා ඔහුගේ ජීවිතේ රැකෙයි.’+

23 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම අහනවා. ‘දුෂ්ට කෙනෙක් මැරෙනවා දැකලා මම සතුටු වෙනවා කියලා ඔබ හිතනවාද?+ ඔහු තමන්ගේ වැරදි අතහැරලා දිගටම ජීවත් වෙනවා දකින්න මම කැමති නැද්ද?’+

24 “‘ඒත් ධර්මිෂ්ඨ කෙනෙක් හරි දේ කරන එක අතහැරලා දාලා වැරදි දේ කරනවා නම් දුෂ්ට මිනිස්සු කරන හැම පහත් දෙයක්ම කරනවා නම් ඔහුට තමන්ගේ ජීවිතේ රැකගන්න පුළුවන් වෙයිද? ඔහු කරපු කිසිම ධර්මිෂ්ඨ දෙයක් මතක් කරන්නේ නැහැ.+ ඔහු අවිශ්වාසවන්තව වැඩ කරලා වැරදි දේ කරපු නිසා ඔහු මැරෙනවා.+

25 “‘ඒත් ඔබ කියයි “යෙහෝවා වැඩ කරන විදිහ සාධාරණ නැහැ”+ කියලා. අනේ ඊශ්‍රායෙල් සෙනඟෙනි, මම කියන දේ අහන්න. මම වැඩ කරන විදිහද අසාධාරණ?+ අසාධාරණ විදිහට වැඩ කරන්නේ ඔබ නෙමෙයිද?+

26 “‘ධර්මිෂ්ඨ කෙනෙක් හරි දේ කරන එක අතහැරලා වැරදි දේ කළොත් ඔහු කරන වැරදි නිසා ඔහුට මැරෙන්න වෙනවා. ඔහු මැරෙන්නේ ඔහුගෙම වැරදි නිසයි.

27 “‘දුෂ්ට කෙනෙක් ඔහු කරපු දුෂ්ට වැඩ අතහැරලා යුක්තිය, සාධාරණය ඉටු කරන්න පටන්ගන්නවා නම් ඔහුට තමන්ගේ ජීවිතේ* රැකගන්න පුළුවන් වෙනවා.+ 28 ඔහු කරපු වැරදි තේරුම් අරගෙන ඒ හැම එකක්ම අතහරිනවා නම් ඔහුට අනිවාර්යයෙන්ම ජීවිතේ රැකගන්න පුළුවන් වෙනවා. ඔහු මැරෙන්නේ නැහැ.

29 “‘ඒත් ඊශ්‍රායෙල් සෙනඟ මෙහෙම කියයි. “යෙහෝවා වැඩ කරන විදිහ සාධාරණ නැහැ.” ඊශ්‍රායෙල් සෙනඟෙනි, ඇත්තටම මම වැඩ කරන විදිහද අසාධාරණ?+ අසාධාරණ විදිහට වැඩ කරන්නේ ඔබ නෙමෙයිද?’

30 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මේකයි. ‘ඊශ්‍රායෙල් සෙනඟෙනි, ඔබව විනිශ්චය කරන්නේ ඔබ එක් එක් කෙනා වැඩ කරපු විදිහට අනුවයි.+ ඉතින් ඔබේ වැරදිවලින් අයින් වෙන්න. ඔබ කරපු හැම වරදකින්ම සම්පූර්ණයෙන්ම ඈත් වෙන්න. එතකොට ඔබේ පය පැටලිලා ඔබ වැටෙන්නේ නැහැ. මං ඉස්සරහා ඔබ වරදකරුවන් වෙන්නෙත් නැහැ. 31 ඔබ කරපු හැම වරදකින්ම අයින් වෙන්න.+ හදවත අලුත් කරගන්න. අලුත් විදිහකට හිතන්න.+ ඊශ්‍රායෙල් සෙනඟෙනි, ඔබ නිකම්ම මැරිලා යන්න හදන්නේ ඇයි?’+

32 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. ‘කිසිම කෙනෙක් මැරෙනවා දකින්න මම කැමති නැහැ.+ ඒ නිසා වැරදි අතහැරලා ජීවත් වෙන්න.’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න