ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 135
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • යාහ් ශ්‍රේෂ්ඨ නිසා ඔහුට ප්‍රශංසා කරන්න

        • ඊජිප්තුවේදී කරපු පුදුම දේවල් සහ පෙන්නපු ලකුණු (8, 9)

        • “ඔබේ නම සදාකල් පවතිනවා” (13)

        • පණ නැති රූප (15-18)

ගීතාවලිය 135:1

පාදසටහන්

  • *

    හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 113:1; එළි 19:5

ගීතාවලිය 135:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 96:8; 116:19

ගීතාවලිය 135:3

පාදසටහන්

  • *

    හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:68; මතෙ 19:17

ගීතාවලිය 135:4

පාදසටහන්

  • *

    හෝ, “වටිනා වස්තුවක්.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:5; ද්වි 7:6

ගීතාවලිය 135:5

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 10:17; ගීතා 97:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 125 ලිපිය

ගීතාවලිය 135:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 115:3; යෙසා 46:10

ගීතාවලිය 135:7

පාදසටහන්

  • *

    හෝ, “ජල වාෂ්ප.”

  • *

    හෝ සමහරවිට, “වැස්ස ලබා දෙන්න ඔහු අහසේ කවුළු හදනවා.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:21; ගණන් 11:31; යෙරෙ 10:13; 51:16; යෝනා 1:4

ගීතාවලිය 135:8

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:12, 29

ගීතාවලිය 135:9

හරස් යොමු දැක්වීම්

  • +නික් 7:20; 8:6, 17; 9:6, 10, 23; 10:12, 21
  • +ගීතා 136:15

ගීතාවලිය 135:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 44:2
  • +යොෂු 12:7, 8

ගීතාවලිය 135:11

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 21:23, 24
  • +ගණන් 21:33-35

ගීතාවලිය 135:12

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 11:23

ගීතාවලිය 135:13

පාදසටහන්

  • *

    හෝ, “ඔබේ නම ගැන.”

  • *

    මූ.අ., “ඔබව සිහි කරනවා.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 3:15; ගීතා 102:12

ගීතාවලිය 135:14

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:31
  • +ද්වි 32:36

ගීතාවලිය 135:15

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 115:4-8; යෙසා 46:6; ක්‍රියා 17:29; 1කොරි 10:19

ගීතාවලිය 135:16

හරස් යොමු දැක්වීම්

  • +හබ 2:19

ගීතාවලිය 135:17

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 10:14

ගීතාවලිය 135:18

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 97:7
  • +යෙසා 44:9

ගීතාවලිය 135:20

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 10:8

ගීතාවලිය 135:21

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 3:17
  • +ගීතා 48:1; 132:13
  • +එළි 19:6

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 135:1ගීතා 113:1; එළි 19:5
ගීතා. 135:2ගීතා 96:8; 116:19
ගීතා. 135:3ගීතා 119:68; මතෙ 19:17
ගීතා. 135:4නික් 19:5; ද්වි 7:6
ගීතා. 135:5ද්වි 10:17; ගීතා 97:9
ගීතා. 135:6ගීතා 115:3; යෙසා 46:10
ගීතා. 135:7නික් 14:21; ගණන් 11:31; යෙරෙ 10:13; 51:16; යෝනා 1:4
ගීතා. 135:8නික් 12:12, 29
ගීතා. 135:9නික් 7:20; 8:6, 17; 9:6, 10, 23; 10:12, 21
ගීතා. 135:9ගීතා 136:15
ගීතා. 135:10ගීතා 44:2
ගීතා. 135:10යොෂු 12:7, 8
ගීතා. 135:11ගණන් 21:23, 24
ගීතා. 135:11ගණන් 21:33-35
ගීතා. 135:12යොෂු 11:23
ගීතා. 135:13නික් 3:15; ගීතා 102:12
ගීතා. 135:14නික් 14:31
ගීතා. 135:14ද්වි 32:36
ගීතා. 135:15ගීතා 115:4-8; යෙසා 46:6; ක්‍රියා 17:29; 1කොරි 10:19
ගීතා. 135:16හබ 2:19
ගීතා. 135:17යෙරෙ 10:14
ගීතා. 135:18ගීතා 97:7
ගීතා. 135:18යෙසා 44:9
ගීතා. 135:20ද්වි 10:8
ගීතා. 135:21යෙරෙ 3:17
ගීතා. 135:21ගීතා 48:1; 132:13
ගීතා. 135:21එළි 19:6
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 135:1-21

ගීතාවලිය

135 යාහ්ට ප්‍රශංසා කරන්න!*

යෙහෝවාගේ නමට ප්‍රශංසා කරන්න.

යෙහෝවා දෙවියන්ගේ සේවකයෙනි, ස්තුති ප්‍රශංසා ඔප්පු කරන්න.+

 2 යෙහෝවාගේ ගෘහයේ ඉන්න සියල්ලෙනි,

අපේ දෙවියන්ගේ ගෘහයේ මළුවේ ඉන්න සියල්ලෙනි,+

ඔහුට ප්‍රශංසා කරන්න!

 3 යෙහෝවා දෙවියන් යහපත්.+ ඒ නිසා යාහ්ට ප්‍රශංසා කරන්න!

ඔහුගේ නමට ප්‍රශංසා ගී ගයන්න.* මොකද ඒක ප්‍රසන්න දෙයක්.

 4 යාහ් තෝරගත්තේ යාකොබ්වයි.

තමන්ට අයිති විශේෂ සෙනඟක්* විදිහට ඔහු ඊශ්‍රායෙල්ව තෝරගත්තා.+

 5 යෙහෝවා ශ්‍රේෂ්ඨයි කියලා මම හොඳින්ම දන්නවා.

අනිත් හැම දෙවි කෙනෙක්ටම වඩා අපේ ස්වාමීන් හුඟක් ශ්‍රේෂ්ඨයි!+

 6 යෙහෝවා තමන් කැමති හැම දේම කරනවා.+

ඔහු අහසෙත් පොළොවෙත් මුහුදෙත් ගැඹුරු තැන්වලත් තමන් කැමති දේ කරනවා.

 7 ඔහු පොළොවේ හතර කොනෙන්ම වලාකුළු* ඉහළට නඟින්න සලස්වනවා.

ඔහු වැස්සත් එක්ක අකුණු සැර එවනවා.*

ඔහුගේ ගබඩාවලින් හුළං හමා එන්න සලස්වනවා.+

 8 ඔහු ඊජිප්තුවරුන්ගේ කුලුඳුල් දරුවන්ටත්

කුලුඳුල් සතුන්ටත් පහර දුන්නා.+

 9 ඔහු ඊජිප්තුවේදී පුදුම දේවල් කළා. ලකුණුත් පෙන්නුවා.+

පාරාවෝටත් ඔහුගේ සියලු සේවකයන්ටත් විරුද්ධවයි ඒ හැම දේම කළේ.+

10 ඔහු හුඟක් ජාතීන්ට පහර දුන්නා.+

බලවත් රජවරුන්වත් විනාශ කළා.+

11 අමෝරිවරුන්ගේ රජ වුණ සීහොන්වත්+

බාෂාන්වල රජ වුණ ඕග්වත්+

කානාන්වල තිබුණ හැම රාජ්‍යයක්මත් ඔහු විනාශ කළා.

12 ඔවුන්ට අයිති දේශය ඔහු උරුමයක් විදිහට

තමන්ගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ට දුන්නා.+

13 යෙහෝවා දෙවියනි, ඔබේ නම සදාකල් පවතිනවා.

යෙහෝවා දෙවියනි, හැම පරම්පරාවකම අය ඔබ ගැන* කතා කරනවා.*+

14 යෙහෝවා තමන්ගේ සෙනඟ වෙනුවෙන් යුක්තිය ඉටු කරයි.+

ඔහුගේ සේවකයන් ගැන ඔහුට ලොකු අනුකම්පාවක් දැනෙයි.+

15 වෙනත් ජාතීන් නමස්කාර කරන දෙවිවරුන්ගේ රූප හදලා තියෙන්නේ රන් රිදීවලින්.

මිනිසුන්මයි ඒවා හදලා තියෙන්නේ.+

16 ඒවාට කටවල් තිබුණත් කතා කරන්න බැහැ.+

ඇස් තිබුණත් පේන්නේ නැහැ.

17 ඒවාට කන් තිබුණත් කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ.

කටින් හුස්ම පිට කරන්නෙත් නැහැ.+

18 ඒවා හදන අයත් ඒවා ගැන විශ්වාසය තියන අයත්+

අන්තිමේදී ඒ රූප වගේම වෙනවා.+

19 ඊශ්‍රායෙල්ගෙන් පැවතෙන්නෙනි, යෙහෝවාට ප්‍රශංසා කරන්න!

ආරොන්ගෙන් පැවතෙන්නෙනි, යෙහෝවාට ප්‍රශංසා කරන්න!

20 ලෙවීගෙන් පැවතෙන්නෙනි, යෙහෝවාට ප්‍රශංසා කරන්න!+

යෙහෝවා ගැන ගරුබියක් තියෙන සියල්ලෙනි, යෙහෝවාට ප්‍රශංසා කරන්න!

21 යෙරුසලමේ වාසය කරන යෙහෝවාට+

සියොන් වැසියන්ගෙන් ප්‍රශංසාව ලැබේවා!+

යාහ්ට ප්‍රශංසා කරන්න!+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න