ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • සෙකරියා 1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

සෙකරියා පොතේ සාරාංශයක්

      • යෙහෝවා ළඟට ආයෙත් හැරිලා එන්න කියලා කියයි (1-6)

        • ‘මං ළඟට ආයෙත් හැරිලා එන්න. මමත් ඔයාලා ළඟට හැරිලා එන්නම්’ (3)

      • 1වෙනි දර්ශනය: මරඳ ගස් අතරේ හිටපු අසරුවන් (7-17)

        • ‘යෙහෝවා සියොන් දියණියව සනසයි’ (17)

      • 2වෙනි දර්ශනය: අං හතරක් සහ කර්මාන්තකරුවන් හතරදෙනෙක් (18-21)

සෙකරියා 1:1

පාදසටහන්

  • *

    තේරුම, “යෙහෝවා සිහි කළා.”

හරස් යොමු දැක්වීම්

  • +එස්රා 4:24; හග් 1:1; 2:10
  • +එස්රා 5:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 29 පි.

සෙකරියා 1:2

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 22:16, 17; යෙරෙ 44:5, 6

සෙකරියා 1:3

හරස් යොමු දැක්වීම්

  • +එස 33:11; මීකා 7:18, 19; මලා 3:7

සෙකරියා 1:4

හරස් යොමු දැක්වීම්

  • +එස්රා 9:6, 7; යෙසා 1:16; 55:7; හොෂෙ 14:1
  • +2ලේක 36:15, 16; යෙරෙ 11:7, 8

සෙකරියා 1:6

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 36:17; දානි 9:11, 12
  • +ද්වි 28:20, 45; යෙරෙ 23:20

සෙකරියා 1:7

පාදසටහන්

  • *

    උප. B15 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +එස්රා 4:24

සෙකරියා 1:11

හරස් යොමු දැක්වීම්

  • +සෙක 1:15

සෙකරියා 1:12

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 36:20, 21; යෙරෙ 25:11, 12; දානි 9:2; සෙක 7:5
  • +ගීතා 74:10; 102:13

සෙකරියා 1:14

හරස් යොමු දැක්වීම්

  • +යෝවෙ 2:18; සෙක 8:2

සෙකරියා 1:15

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 48:11; සෙක 1:11
  • +ගීතා 137:7; යෙසා 47:6; යෙරෙ 51:35
  • +යෙසා 54:8

සෙකරියා 1:16

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 12:1; යෙරෙ 33:14; සෙක 8:3
  • +එස්රා 6:14, 15; යෙසා 44:28; හග් 1:14
  • +යෙරෙ 31:38, 39; එස 40:2, 3; සෙක 2:1, 2

සෙකරියා 1:17

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 51:3
  • +ගීතා 132:13; සෙක 2:12; 3:2

සෙකරියා 1:18

හරස් යොමු දැක්වීම්

  • +සෙක 1:21

සෙකරියා 1:19

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 24:12, 14
  • +2රාජා 15:29; 17:6; 18:11; යෙරෙ 50:17
  • +2රාජා 25:11; 2ලේක 36:17, 19

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

සෙක. 1:1එස්රා 4:24; හග් 1:1; 2:10
සෙක. 1:1එස්රා 5:1
සෙක. 1:22රාජා 22:16, 17; යෙරෙ 44:5, 6
සෙක. 1:3එස 33:11; මීකා 7:18, 19; මලා 3:7
සෙක. 1:4එස්රා 9:6, 7; යෙසා 1:16; 55:7; හොෂෙ 14:1
සෙක. 1:42ලේක 36:15, 16; යෙරෙ 11:7, 8
සෙක. 1:62ලේක 36:17; දානි 9:11, 12
සෙක. 1:6ද්වි 28:20, 45; යෙරෙ 23:20
සෙක. 1:7එස්රා 4:24
සෙක. 1:11සෙක 1:15
සෙක. 1:122ලේක 36:20, 21; යෙරෙ 25:11, 12; දානි 9:2; සෙක 7:5
සෙක. 1:12ගීතා 74:10; 102:13
සෙක. 1:14යෝවෙ 2:18; සෙක 8:2
සෙක. 1:15යෙරෙ 48:11; සෙක 1:11
සෙක. 1:15ගීතා 137:7; යෙසා 47:6; යෙරෙ 51:35
සෙක. 1:15යෙසා 54:8
සෙක. 1:16යෙසා 12:1; යෙරෙ 33:14; සෙක 8:3
සෙක. 1:16එස්රා 6:14, 15; යෙසා 44:28; හග් 1:14
සෙක. 1:16යෙරෙ 31:38, 39; එස 40:2, 3; සෙක 2:1, 2
සෙක. 1:17යෙසා 51:3
සෙක. 1:17ගීතා 132:13; සෙක 2:12; 3:2
සෙක. 1:18සෙක 1:21
සෙක. 1:192රාජා 24:12, 14
සෙක. 1:192රාජා 15:29; 17:6; 18:11; යෙරෙ 50:17
සෙක. 1:192රාජා 25:11; 2ලේක 36:17, 19
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
සෙකරියා 1:1-21

සෙකරියා

1 දාරියුස් රජකම් කරපු දෙවෙනි අවුරුද්දේ+ අටවෙනි මාසයේ යෙහෝවා දෙවියන් අනාගතවක්තෘ සෙකරියාට*+ පණිවිඩයක් දුන්නා. සෙකරියා බෙරෙකියාගේ පුතා. බෙරෙකියා ඉද්දෝගේ පුතා. දෙවියන් සෙකරියාට දුන්න පණිවිඩය මේකයි. 2 “ඔයාලාගේ පියවරු එක්ක යෙහෝවා වන මට හුඟක් කේන්ති ගියා.+

3 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියන මේ දේ ජනතාවට දන්වන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා ඔයාලට කියන්නේ මෙහෙමයි. “මං ළඟට ආයෙත් හැරිලා එන්න. එතකොට මමත් ඔයාලා ළඟට හැරිලා එන්නම්.”’+ ඒ දේ කියන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවායි.”

4 “‘ඔයාලාගේ පියවරු වගේ වෙන්න එපා. අතීතයේ හිටපු අනාගතවක්තෘවරු ඔයාලාගේ පියවරුන්ට මෙහෙම කිව්වා. “ඔයාලා කරන දුෂ්ට දේවල් අත්හැරලා මං ළඟට ආයෙත් එන්න+ කියලා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා ඔයාලට කියනවා.”’

“‘ඒත් අනාගතවක්තෘවරු මාර්ගයෙන් මම කියපු දේට එයාලා ඇහුම්කන් දුන්නේ නැහැ. මං කියපු දේ ගාණකටවත් ගත්තේ නැහැ’+ කියලා යෙහෝවා කියනවා.

5 “‘ඔයාලාගේ පියවරු අද ජීවතුන් අතරේ නැහැ. ඒ කාලේ හිටිය අනාගතවක්තෘවරුනුත් දැන් මැරිලා ගිහින්. 6 ඒත් මගේ සේවකයන් වුණ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් කියපු හැම දෙයක්ම ඒ විදිහටම වුණේ නැද්ද? මං තීන්දු කරපු දේවල් සිද්ධ වුණේ නැද්ද?+ ඔයාලාගේ පියවරු ඒ හැම දේම එයාලාගේ ඇස් දෙකෙන්ම දැක්කා.’ ඒ නිසා එයාලා මං ළඟට ආයෙත් ඇවිත් මෙහෙම කිව්වා. ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා ඔහු කියපු විදිහටම, අපි කරපු කියපු දේවලට ප්‍රතිඵල දුන්නා.’”+

7 දාරියුස්+ රජකම් කරපු දෙවෙනි අවුරුද්දේ 11වෙනි මාසයේ ඒ කියන්නේ, ෂෙබට්* මාසයේ 24වෙනිදා, යෙහෝවා දෙවියන් ඉද්දෝගේ පුතා වුණ බෙරෙකියාගේ පුත් අනාගතවක්තෘ සෙකරියාට මේ දර්ශනය පෙන්නුවා. 8 “රාත්‍රියේ රතු පාට අශ්වයෙක් පිට නැඟලා ඉන්න මිනිසෙක්ව මම දැක්කා. එයා නිම්නයේ තිබුණ මරඳ ගස් අතරේ නැවතිලා හිටියා. එයාට පිටිපස්සෙන් තවත් අශ්වයන් ඉන්නවා මම දැක්කා. උන් රතු, දුඹුරු සහ සුදු පාට අශ්වයෝ.”

9 එතකොට මම ඇහුවා “මගේ ස්වාමීනි, මේ අසරුවන් කවුද” කියලා.

“මේ අසරුවන් කවුද කියලා මම ඔයාට කියන්නම්” කියලා මාත් එක්ක කතා කරපු දේවදූතයා මට කිව්වා.

10 එතකොට මරඳ ගස් අතරේ නැවතිලා හිටපු මිනිසා මෙහෙම කිව්වා. “මේ ඉන්නේ පොළොවේ අස්සක් මුල්ලක් නෑර ගමන් කරලා ඒක සෝදිසි කරලා බලන්න යෙහෝවා එවපු අයයි.” 11 ඊටපස්සේ මරඳ ගස් අතරේ හිටගෙන හිටපු යෙහෝවාගේ දූතයාට ඒ අසරුවෝ මෙහෙම කිව්වා. “අපි අස්සක් මුල්ලක් නෑර මුළු පොළොව පුරාම ගමන් කළා. හැම තැනක්ම සන්සුන්ව, සාමකාමීව තියෙනවා.”+

12 එතකොට යෙහෝවාගේ දූතයා මෙහෙම කිව්වා. “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවියනි, ඔබ අවුරුදු 70ක් පුරා යෙරුසලමේ සහ යූදා දේශයේ හැම නගරයකම ඉන්න වැසියන් එක්ක කේන්තියෙන් හිටියා.+ ඔබ තව කොච්චර කල් ඒ අයට දයාව පෙන්වන්නේ නැතුව ඉන්නවාද?”+

13 එතකොට යෙහෝවා, මාත් එක්ක කතා කරකර හිටපු ඒ දේවදූතයාට හරිම කාරුණිකව, හිත සැනසෙන විදිහට උත්තර දුන්නා. 14 ඊටපස්සේ ඒ දේවදූතයා මට මෙහෙම කිව්වා. “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කිව්ව මේ පණිවිඩය හැමෝටම ඇහෙන්න කියන්න. ‘මට යෙරුසලම ගැනයි, සියොන් ගැනයි තියෙන ආදරය කවදාවත් නැති වෙන්නේ නැහැ. මම එයාලා වෙනුවෙන් අනිවාර්යයෙන්ම නැඟී ඉන්නවා.+ 15 මගේ සෙනඟව යටත් කරගෙන, කිසිම බයක් සැකක් නැතුව ඉන්න ජාතීන්+ එක්ක මට තියෙන්නේ පුදුම කේන්තියක්. ඇත්ත, මගේ සෙනඟට දඬුවම් කරන්න මට ඕනෙ වුණා තමයි. ඒත් ඒ ජාතීන් සීමාව ඉක්මවලා මගේ සෙනඟට හරිම දරුණු විදිහට සැලකුවා.+ ඒ තරම් ලොකු දඬුවමක් දෙන්න මට ඕනෙ වුණේ නැහැ.’”+

16 “ඒ නිසා යෙහෝවා මෙහෙම කියනවා. ‘“මම ආයෙත් යෙරුසලමට දයාව පෙන්වනවා.+ මගේ ගෘහය මම ආයෙත් එහේ ගොඩනඟනවා.+ යෙරුසලම ගොඩනඟන්න ඒක හරහා ලණුවක් ඇදලා ඒක මනිනවා.”+ එහෙම කියන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවායි.’

17 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියපු මේ දේත් හැමෝටම කියන්න. ‘මගේ නගරවලට මම ආයෙත් මදි නොකියන්න ආශීර්වාද කරනවා. යෙහෝවා වන මම සියොන්+ දියණියව සනසලා මගේ නගරය විදිහට ආයෙත් යෙරුසලම තෝරගන්නවා.’”+

18 මම ඔළුව උස්සලා බලද්දී අං හතරක් දැක්කා.+ 19 එතකොට මාත් එක්ක කතා කරකර හිටපු දේවදූතයාගෙන් මං ඇහුවා “මේ මොනවාද” කියලා. එයා මට කිව්වා “මේ අංවලින් නියෝජනය වෙන්නේ යූදා+ දේශයෙත් ඊශ්‍රායෙල්+ දේශයෙත් යෙරුසලමෙත්+ වැසියන්ව විසුරුවාහැරපු බලවත් ජාතීන්වයි” කියලා.

20 ඊටපස්සේ යෙහෝවා මට කර්මාන්තකරුවන් හතරදෙනෙක්ව පෙන්නුවා. 21 එතකොට මම “මේ අය ඇවිල්ලා ඉන්නේ ඇයි” කියලා ඇහුවා.

ඔහු මට මෙහෙම කිව්වා. “මේ අංවලින් නියෝජනය වෙන්නේ යූදා දේශයේ කාටවත් ඔළුව උස්සන්න බැරි වෙන්නම පහර දුන්න බලවත් ජාතීන්වයි. මේ කර්මාන්තකරුවන් ඇවිල්ලා ඉන්නේ, යූදා සෙනඟට පහර දීලා එයාලව විසුරුවාහැරපු ඒ බලවත් ජාතීන්ව බයගන්වන්නයි. එයාලාගේ බලය බිඳලා දාන්නයි.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න