ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ෆිලිප්පි 3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ෆිලිප්පි පොතේ සාරාංශයක්

      • මිනිස්සු වැදගත් කියලා සලකන දේවල් ගැන විශ්වාසය තියන්න එපා (1-11)

        • ක්‍රිස්තුස් නිසා අනිත් හැම දේම කිසිම වටිනාකමක් නැහැ (7-9)

      • ඉස්සරහා තියෙන දේවල් අල්ලගන්න ලොකු උත්සාහයක් ගන්නවා (12-21)

        • පුරවැසිභාවය තියෙන්නේ ස්වර්ගයේ (20)

ෆිලිප්පි 3:1

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 13:11; ෆිලි 4:4; 1තෙස 5:16

ෆිලිප්පි 3:2

පාදසටහන්

  • *

    ඒ කියන්නේ අපවිත්‍ර අයගෙන්.

  • *

    හෝ, “ශරීරය කපාගන්න අයගෙනුත්.”

හරස් යොමු දැක්වීම්

  • +ගලා 5:2

ෆිලිප්පි 3:3

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 4:4; රෝම 2:29; කොලො 2:11
  • +ගලා 6:14; හෙබ්‍රෙ 9:13, 14

ෆිලිප්පි 3:5

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:12; ලෙවී 12:3
  • +2කොරි 11:22
  • +ක්‍රියා 23:6; 26:4, 5

ෆිලිප්පි 3:6

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 8:3; 9:1, 2; ගලා 1:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/1999, 29-31 පි.

ෆිලිප්පි 3:7

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “මට වාසියක් වුණ ඒ දේවල් ක්‍රිස්තුස් වෙනුවෙන් මං කැමැත්තෙන්ම අතහැරියා.”

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 13:44

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/1/2001, 5-6 පි.

    7/15/1996, 28-29 පි.

ෆිලිප්පි 3:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 46 පාඩම

    මුරටැඹ,

    6/15/2012, 22-23 පි.

    3/15/2012, 27-28 පි.

    9/15/2009, 24 පි.

    3/15/2005, 19-20 පි.

    4/1/2001, 5-6 පි.

    7/15/1996, 28-29 පි.

ෆිලිප්පි 3:9

හරස් යොමු දැක්වීම්

  • +ගලා 2:15, 16
  • +රෝම 4:5
  • +රෝම 3:20-22

ෆිලිප්පි 3:10

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 15:22; 2කොරි 13:4
  • +රෝම 8:17; 2කොරි 4:10; කොලො 1:24
  • +රෝම 6:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2006, 22 පි.

ෆිලිප්පි 3:11

හරස් යොමු දැක්වීම්

  • +1තෙස 4:16; එළි 20:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2020, 6-7 පි.

ෆිලිප්පි 3:12

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 13:24
  • +1තිමෝ 6:12

ෆිලිප්පි 3:13

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 9:62
  • +1කොරි 9:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    8/2019, 3-4 පි.

    මුරටැඹ,

    3/15/2012, 28 පි.

    8/15/2008, 28 පි.

    5/1/1996, 31 පි.

    4/1/1991, 32 පි.

ෆිලිප්පි 3:14

හරස් යොමු දැක්වීම්

  • +2තිමෝ 4:8; හෙබ්‍රෙ 12:1
  • +හෙබ්‍රෙ 3:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2009, 11 පි.

    4/1/1991, 32 පි.

ෆිලිප්පි 3:15

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 14:20; හෙබ්‍රෙ 5:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/2000, 8-9 පි.

ෆිලිප්පි 3:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 60 පාඩම

    මුරටැඹ,

    8/1/2001, 21 පි.

    10/1/1998, 28-29 පි.

    6/1/1998, 12 පි.

    1994 රාජ්‍ය සේවාව,

    8/1994,

ෆිලිප්පි 3:17

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 4:16; 2තෙස 3:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (මතෙ–කොලො), 29 පි.

ෆිලිප්පි 3:18

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

ෆිලිප්පි 3:19

පාදසටහන්

  • *

    මූ.අ., “බඩ.”

හරස් යොමු දැක්වීම්

  • +රෝම 8:5; යාකො 3:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2008, 4-5 පි.

    6/15/2001, 15 පි.

ෆිලිප්පි 3:20

හරස් යොමු දැක්වීම්

  • +එෆී 2:19
  • +යොහ 18:36; එෆී 2:6; කොලො 3:1
  • +1කොරි 1:7; 1තෙස 1:10; තීත 2:13; හෙබ්‍රෙ 9:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2012, 11 පි.

ෆිලිප්පි 3:21

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 15:42, 49
  • +1කොරි 15:27; හෙබ්‍රෙ 2:8

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ෆිලි. 3:12කොරි 13:11; ෆිලි 4:4; 1තෙස 5:16
ෆිලි. 3:2ගලා 5:2
ෆිලි. 3:3යෙරෙ 4:4; රෝම 2:29; කොලො 2:11
ෆිලි. 3:3ගලා 6:14; හෙබ්‍රෙ 9:13, 14
ෆිලි. 3:5උත් 17:12; ලෙවී 12:3
ෆිලි. 3:52කොරි 11:22
ෆිලි. 3:5ක්‍රියා 23:6; 26:4, 5
ෆිලි. 3:6ක්‍රියා 8:3; 9:1, 2; ගලා 1:13
ෆිලි. 3:7මතෙ 13:44
ෆිලි. 3:9ගලා 2:15, 16
ෆිලි. 3:9රෝම 4:5
ෆිලි. 3:9රෝම 3:20-22
ෆිලි. 3:101කොරි 15:22; 2කොරි 13:4
ෆිලි. 3:10රෝම 8:17; 2කොරි 4:10; කොලො 1:24
ෆිලි. 3:10රෝම 6:5
ෆිලි. 3:111තෙස 4:16; එළි 20:6
ෆිලි. 3:12ලූක් 13:24
ෆිලි. 3:121තිමෝ 6:12
ෆිලි. 3:13ලූක් 9:62
ෆිලි. 3:131කොරි 9:24
ෆිලි. 3:142තිමෝ 4:8; හෙබ්‍රෙ 12:1
ෆිලි. 3:14හෙබ්‍රෙ 3:1
ෆිලි. 3:151කොරි 14:20; හෙබ්‍රෙ 5:14
ෆිලි. 3:171කොරි 4:16; 2තෙස 3:9
ෆිලි. 3:19රෝම 8:5; යාකො 3:15
ෆිලි. 3:20එෆී 2:19
ෆිලි. 3:20යොහ 18:36; එෆී 2:6; කොලො 3:1
ෆිලි. 3:201කොරි 1:7; 1තෙස 1:10; තීත 2:13; හෙබ්‍රෙ 9:28
ෆිලි. 3:211කොරි 15:42, 49
ෆිලි. 3:211කොරි 15:27; හෙබ්‍රෙ 2:8
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ෆිලිප්පි 3:1-21

ෆිලිප්පිවරුන්ට

3 ඉතින් මගේ සහෝදරයෙනි, ස්වාමීන් නිසා දිගටම සතුටින් ඉන්න.+ එකම දේවල් ගැන ආයේ ඔයාලට ලියන එක මට කරදරයක් නෙමෙයි. මං එහෙම කරන්නේ ඔයාලාගෙම හොඳට.

2 බල්ලන් වගේ හැසිරෙන අයගෙන්* පරෙස්සම් වෙන්න. අනිත් අයට හානියක් වෙන විදිහට වැඩ කරන අය ගැනත් විමසිල්ලෙන් ඉන්න. චර්මච්ඡේදනය වෙන්නම ඕනෙ කියලා කියන අයගෙනුත්* පරෙස්සම් වෙන්න.+ 3 දෙවියන්ගේ බලයේ මඟ පෙන්වීමට එකඟව ඔහුට පරිශුද්ධ සේවයක් කරන අපිව තමයි සැබවින්ම චර්මච්ඡේදනය කරලා තියෙන්නේ.+ ඒ වගේම අපි විශ්වාසය තියන්නේ ක්‍රිස්තුස් යේසුස් ගැන+ මිසක් මිනිස්සු වැදගත් කියලා සලකන දේවල් ගැන නෙමෙයි. 4 ඇත්තටම මිනිස්සු වැදගත් කියලා සලකන දේවල් ගැන කතා කරනවා නම් මං තරම් ඒ ගැන කතා කරන්න පුළුවන් කෙනෙක් තවත් නැහැ.

කවුරු හරි හිතනවා නම් තමන් වැදගත් කියලා, එයාට වඩා එහෙම හිතන්න මට හේතු තියෙනවා. 5 මම ඊශ්‍රායෙල් ජාතියට අයිති කෙනෙක්. මගේ ගෝත්‍රය බෙන්ජමින් ගෝත්‍රය. අටවෙනි දවසේදී මාව චර්මච්ඡේදනය කළා.+ මගේ අම්මායි, තාත්තායි දෙන්නාම හෙබ්‍රෙව් ජාතිකයන්. ඉතින් මමත් හෙබ්‍රෙව් ජාතිකයෙක්.+ පරිසිවරයෙක්* විදිහට මම නීතිය අකුරටම පිළිපැද්දා.+ 6 මට තිබුණ උද්‍යෝගය නිසා මම සභාවට පීඩා කළා.+ නීතියේ තිබුණ දේවල් ඒ විදිහටම පිළිපැදලා මං නිර්දෝෂ කෙනෙක් කියලා ඔප්පු කරලා පෙන්නුවා. 7 දැන් මං ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙක් නිසා මට වාසියක් වුණ ඒ දේවල් මං සලකන්නේ කිසිම වටිනාකමක් නැති දේවල් විදිහට.*+ 8 ඇත්තටම මගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් ගැන ලබාගන්න පුළුවන් දැනුම මිල කරන්න බැහැ. ඒ දැනුමත් එක්ක බලද්දී අනිත් හැම දෙයක්ම මං සලකන්නේ කිසිම වටිනාකමක් නැති දේවල් විදිහට. ඔහු වෙනුවෙන් මං හැම දෙයක්ම අතහැරියා. ක්‍රිස්තුස් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න මට තියෙන කැමැත්ත නිසා අතහැරපු හැම දේම මං දැන් සලකන්නේ කුණු විදිහට. 9 මං එහෙම කළේ ඔහු එක්ක එකට බැඳිලා ඉන්නයි. මාව ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට සලකන්නේ මං නීතියේ තියෙන විදිහට හැම දෙයක්ම කරපු නිසා නෙමෙයි. ඒ වෙනුවට ක්‍රිස්තුස්+ ගැන විශ්වාසය තියලා හරි දේ කරන නිසයි.+ දෙවියන් තමයි කෙනෙක්ගේ විශ්වාසය දිහා බලලා එයා ධර්මිෂ්ඨයි කියලා තීරණය කරන්නේ.+ 10 මං කැමැත්තෙන් ඉන්නේ ක්‍රිස්තුස් ගැනත් ඔහුගේ නැවත නැඟිටීම කොච්චර බලවත්ද+ කියන එක ගැනත් දැනගන්නයි. මට ඕනෙ ඔහු වගේ දුක් විඳින්නයි.+ ඔහු අද්දැක්කා වගේ මරණයක් අද්දකින්න වුණත් මං කැමතියි.+ 11 ඒ, කලින්ම සිද්ධ වෙන නැවත නැඟිටීම ලබාගන්න මට තියෙන ආසාව නිසයි.+

12 ඒ තෑග්ග මට දැනටමත් ලැබිලවත් මං පරිපූර්ණ තත්වයට ඇවිල්ලවත් නැහැ. ඒත් ඒ තෑග්ග ලබාගන්න මට කරන්න පුළුවන් හැම දේම මං කරනවා.+ මොකද ක්‍රිස්තුස් යේසුස් මාව තෝරගත්තේ ඒ වෙනුවෙන් කියලා මං දන්නවා.+ 13 සහෝදරයෙනි, ඒ තෑග්ග මගේ අතට ලැබිලා කියලා මං තාම හිතන්නේ නැහැ. ඒත් මේ දේ මට විශ්වාසයෙන් කියන්න පුළුවන්. අතහැරපු දේවල් අමතක කරලා දාලා+ ඉස්සරහා තියෙන දේවල් අල්ලගන්න+ මං ලොකු උත්සාහයක් ගන්නවා. 14 මගේ ඉලක්කයට ළං වෙන්න ඒ කියන්නේ මගේ තෑග්ග ලබාගන්න මට කරන්න පුළුවන් හැම දේම මං කරනවා.+ ඒ තෑග්ග තමයි ස්වර්ගයේ ජීවත් වෙන්න දෙවියන්ගෙන් මට ලැබුණ කැඳවීම.+ ඒ කැඳවීම ලැබුණේ යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන්. 15 අවබෝධයෙන් වැඩ කරන අපි+ හැමෝම හිතන්න ඕනෙ මං ඔයාලට කියපු දේවල්වලට එකඟවයි. ඔයාලාගෙන් කවුරු හරි ඊට වඩා වෙනස් විදිහකට හිතනවා නම් මං කියපු දේවල්වලට එකඟව හිතන්න දෙවියන් ඒ කෙනාට උදව් කරයි. 16 මේ වෙන කල් අපි ලබලා තියෙන දියුණුව මොකක් වුණත් දිගටම ඒ විදිහටම අපි ඉස්සරහට යමු.

17 සහෝදරයෙනි, ඔයාලා හැමෝම මාව ආදර්ශයට ගන්න උත්සාහ කරන්න.+ ඔයාලා වෙනුවෙන් අපි තියපු ආදර්ශය අනුගමනය කරන අය දිහා හොඳින් බලන්න. 18 මොකද වධකණුවේ* ක්‍රිස්තුස් අද්දැක්ක මරණය හෙළා දකින, හතුරන් වගේ වැඩ කරන ගොඩක් අය දැන් ඉන්නවා. මම ඒ වගේ අය ගැන කීප සැරයක්ම ඔයාලට කියලා තියෙනවා. ඒත් එයාලා ගැන දැන් කතා කරද්දී මගේ ඇස්වලට කඳුළුත් එනවා. 19 අන්තිමට එයාලට ලැබෙන්නේ විනාශය. එයාලාගෙම ආශාවන්* තමයි එයාලාගේ දෙවියන්. එයාලා කරන ජරා වැඩ ගැන එයාලා ආඩම්බර වෙනවා. එයාලා හිතන්නේ මේ පොළොවේ තියෙන දේවල් ගැන විතරයි.+ 20 ඒත් අපේ පුරවැසිභාවය+ තියෙන්නේ ස්වර්ගයේ.+ අපි හරිම ආසාවෙන් බලාගෙන ඉන්නේ ස්වර්ගයේ ඉන්න ගැලවුම්කරු එන කල්. ඔහු තමයි ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්.+ 21 ඔහු අපේ දුර්වල ශරීර වෙනස් කරලා ඔහුගේ ශරීරය වගේ තේජවත් එකක් කරනවා.+ ඔහු ඒ දේ කරන්නේ ඔහුගේ මහත් බලය පාවිච්චි කරලයි. හැම දෙයක්ම ඔහු යටතට ගන්න ඔහු පාවිච්චි කරන්නෙත් ඒ බලයමයි.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න