ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 කොරින්ති 12
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 කොරින්ති 12:1

පාදසටහන්

  • *

    හෝ, “හැකියාවන්.”

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 14:1

1 කොරින්ති 12:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 115:5; හබ 2:18; 1කොරි 8:4; ගලා 4:8; 1තෙස 1:9

1 කොරින්ති 12:3

හරස් යොමු දැක්වීම්

  • +1යොහ 4:2, 3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2007, 21 පි.

1 කොරින්ති 12:4

හරස් යොමු දැක්වීම්

  • +එෆී 4:4

1 කොරින්ති 12:5

හරස් යොමු දැක්වීම්

  • +එෆී 4:11

1 කොරින්ති 12:6

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 4:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2011, 24-25 පි.

1 කොරින්ති 12:7

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 14:26

1 කොරින්ති 12:9

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 13:2
  • +ක්‍රියා 3:5-8; 28:8, 9

1 කොරින්ති 12:10

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 2:3, 4
  • +1යොහ 4:1
  • +ක්‍රියා 10:45, 46; 1කොරි 14:18
  • +1කොරි 14:26

1 කොරින්ති 12:12

හරස් යොමු දැක්වීම්

  • +රෝම 12:4, 5

1 කොරින්ති 12:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 110 ලිපිය

1 කොරින්ති 12:14

හරස් යොමු දැක්වීම්

  • +එෆී 4:16

1 කොරින්ති 12:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    8/2020, 23-24 පි.

1 කොරින්ති 12:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    8/2020, 23-24 පි.

1 කොරින්ති 12:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1996, 20 පි.

1 කොරින්ති 12:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2014, 24 පි.

    10/15/1997, 15 පි.

1 කොරින්ති 12:23

හරස් යොමු දැක්වීම්

  • +උත් 3:7, 21

1 කොරින්ති 12:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/1999, 20 පි.

1 කොරින්ති 12:25

හරස් යොමු දැක්වීම්

  • +රෝම 12:10; ගලා 6:2; එෆී 4:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 19 පාඩම

    මුරටැඹ,

    6/15/2007, 20 පි.

    5/15/2004, 19 පි.

1 කොරින්ති 12:26

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 13:3
  • +රෝම 12:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 19 පාඩම

1 කොරින්ති 12:27

හරස් යොමු දැක්වීම්

  • +එෆී 1:22, 23
  • +රෝම 12:4, 5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/1995, 11 පි.

1 කොරින්ති 12:28

හරස් යොමු දැක්වීම්

  • +එෆී 2:20
  • +ක්‍රියා 13:1
  • +එෆී 4:11
  • +ගලා 3:5
  • +ක්‍රියා 5:16
  • +හෙබ්‍රෙ 13:17
  • +ක්‍රියා 2:6, 7

1 කොරින්ති 12:30

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 14:4
  • +1කොරි 14:5

1 කොරින්ති 12:31

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 14:1
  • +1කොරි 13:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2009, 26-27 පි.

    2/15/1999, 22-23 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 කොරි. 12:11කොරි 14:1
1 කොරි. 12:2ගීතා 115:5; හබ 2:18; 1කොරි 8:4; ගලා 4:8; 1තෙස 1:9
1 කොරි. 12:31යොහ 4:2, 3
1 කොරි. 12:4එෆී 4:4
1 කොරි. 12:5එෆී 4:11
1 කොරි. 12:61පේතෘ 4:11
1 කොරි. 12:71කොරි 14:26
1 කොරි. 12:91කොරි 13:2
1 කොරි. 12:9ක්‍රියා 3:5-8; 28:8, 9
1 කොරි. 12:10හෙබ්‍රෙ 2:3, 4
1 කොරි. 12:101යොහ 4:1
1 කොරි. 12:10ක්‍රියා 10:45, 46; 1කොරි 14:18
1 කොරි. 12:101කොරි 14:26
1 කොරි. 12:12රෝම 12:4, 5
1 කොරි. 12:14එෆී 4:16
1 කොරි. 12:23උත් 3:7, 21
1 කොරි. 12:25රෝම 12:10; ගලා 6:2; එෆී 4:25
1 කොරි. 12:26හෙබ්‍රෙ 13:3
1 කොරි. 12:26රෝම 12:15
1 කොරි. 12:27එෆී 1:22, 23
1 කොරි. 12:27රෝම 12:4, 5
1 කොරි. 12:28එෆී 2:20
1 කොරි. 12:28ක්‍රියා 13:1
1 කොරි. 12:28එෆී 4:11
1 කොරි. 12:28ගලා 3:5
1 කොරි. 12:28ක්‍රියා 5:16
1 කොරි. 12:28හෙබ්‍රෙ 13:17
1 කොරි. 12:28ක්‍රියා 2:6, 7
1 කොරි. 12:301කොරි 14:4
1 කොරි. 12:301කොරි 14:5
1 කොරි. 12:311කොරි 14:1
1 කොරි. 12:311කොරි 13:8
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 කොරින්ති 12:1-31

පළවෙනි කොරින්ති

12 සහෝදරයෙනි, දෙවියන්ගේ බලය මාර්ගයෙන් ලැබෙන තෑගි*+ ගැන හැම දේම ඔයාලා දැනන් ඉන්නවාට මම කැමතියි. 2 යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න කලින් ඔයාලා කතා කරන්නවත් බැරි රූපවලට රැවටිලයි හිටියේ.+ ඒවා ඔයාලව නොමඟ යැව්වා. ඒ රූප ඔයාලව අරන් ගියගිය තැන්වලට ඔයාලත් ගියා. 3 දැන් ඔයාලා මේ දේ දැනගන්නවාට මම කැමතියි. දෙවියන්ගේ බලයේ මඟ පෙන්වීමට එකඟව වැඩ කරන කෙනෙක්ට “යේසුස්ට ශාප වේවා” කියලා කියන්නවත් ඒ බලයේ මඟ පෙන්වීමට එකඟව වැඩ කරන්නේ නැති කෙනෙක්ට “යේසුස් ස්වාමීන්” කියලා කියන්නවත් බැහැ.+

4 දෙවියන්ගෙන් ලැබෙන තෑගි එකකට එකක් වෙනස්. හැබැයි ඒ හැම එකක්ම ලැබෙන්නේ එකම බලය මාර්ගයෙන්.+ 5 අපිට විවිධ විදිවලින් සේවය කරන්න පුළුවන්.+ ඒත් අපි සේවය කරන්නේ එකම ස්වාමීන්ට. 6 අපි වෙනස් වෙනස් දේවල් කළත් ඒ හැම එකක්ම කරන්න අපි හැමෝටම බලය දෙන්නේ එකම දෙවියන්.+ 7 දෙවියන්ගේ බලය හැම කෙනෙක්ටම උදව් කරන විදිහ පැහැදිලිව දකින්න පුළුවන්. දෙවියන් කෙනෙක්ට ඔහුගේ බලය දෙන්නේ හැමෝගෙම ප්‍රයෝජනය වෙනුවෙන්.+ 8 ප්‍රඥාවන්තව කතා කරන්න දෙවියන්ගේ බලය කෙනෙක්ට උදව් කරයි. අනිත් අය දන්නේ නැති දේවල් ගැන කතා කරන්න ඒ බලයම තව කෙනෙක්ට උදව් කරයි. 9 තවත් කෙනෙක්ට විශ්වාසයක් ඇති කරගන්නත්+ තව කෙනෙක්ට අනිත් අයව සුව කරන්නත්+ ඒ බලය උදව් කරයි. 10 තව කෙනෙක්ට ආශ්චර්යයන් කරන්නත්+ තවත් කෙනෙක්ට අනාවැකි කියන්නත් ඒ බලය උදව් කරයි. පණිවිඩයක් ලැබුණේ දෙවියන්ගෙන්ද නැද්ද කියලා තේරුම්ගන්නත්+ ඒ බලය තවත් කෙනෙක්ට හැකියාව ලබා දෙයි. කෙනෙක්ට වෙනත් භාෂාවලින් කතා කරන්න හැකියාවත්+ තව කෙනෙක්ට වෙනත් භාෂාවලින් කියන දේවල් පරිවර්තනය කරන්න හැකියාවත්+ ඒ බලය ලබා දෙයි. 11 දෙවියන්ගේ බලය තමයි ඒ හැම දෙයක්ම කරන්න හැකියාව දෙන්නේ. එක් එක් කෙනාට ඒ හැකියාවන් ලැබෙන්නේ දෙවියන්ගේ බලය මඟ පෙන්නන විදිහටයි.

12 මිනිස් ශරීරයට අවයව ගොඩක් තිබුණත් ඒවා එකතු වෙලා හැදෙන්නේ එක ශරීරයක්. ඒ හැම අවයවයක්ම අයිති එක ශරීරයකට.+ ඒ වගේ තමයි ක්‍රිස්තුස්ගේ ශරීරයත්. 13 අපි හැමෝවම එකම බලය මාර්ගයෙන් බව්තීස්ම කළේ එක ශරීරයක් වෙන්නයි. අපි යුදෙව්වන් වුණත් ග්‍රීකයන් වුණත් දාසයන් වුණත් නිදහස් අය වුණත් අපි හැමෝටම ලැබුණේ එකම බලය.

14 ශරීරය හැදිලා තියෙන්නේ එක අවයවයකින් නෙමෙයි. ඒක හැදිලා තියෙන්නේ අවයව ගොඩක් එකතු වෙලා.+ 15 මෙහෙම හිතන්න. කකුල කතා කරලා කියනවා “මම අතක් නෙමෙයිනේ. ඉතින් මං මේ ශරීරේ කොටසක් නෙමෙයි” කියලා. එහෙම කිව්වා කියලා ඒක ශරීරයේ කොටසක් නොවී තියෙයිද? 16 කන කතා කරලා කියනවා “මම ඇහැක් නෙමෙයිනේ. ඉතින් මං මේ ශරීරේ කොටසක් නෙමෙයි” කියලා. එහෙම කිව්වා කියලා ඒක ශරීරයේ කොටසක් නොවී තියෙයිද? 17 මුළු ශරීරයම ඇහැක් වුණා නම් අපිට ඇහෙන්නේ කොහොමද? මුළු ශරීරයම කනක් වුණා නම් අපිට ගඳ සුවඳ දැනෙන්නේ කොහොමද? 18 දෙවියන් ශරීරයේ අවයව ඔහු කැමති විදිහට සුදුසු තැන්වල තියලා තියෙනවා.

19 හැම අවයවයක්ම එක වගේ වුණා නම් ඒකට ශරීරයක් කියලා කියන්න පුළුවන්ද? 20 ඇත්ත, අවයව ගොඩක් තියෙනවා. ඒත් තියෙන්නේ එක ශරීරයක් විතරයි. 21 ඉතින් ඇහැට බැහැ “මට ඔයාව ඕනෙ නෑ” කියලා අතට කියන්න. ඔළුවට බැහැ “මට ඔයාව ඕනෙ නෑ” කියලා කකුලට කියන්න. 22 ඇත්තටම එච්චර වැදගත් නැහැ කියලා හිතන අවයව වුණත් අපිට අත්‍යවශ්‍යයි. 23 අපේ ශරීරයේ එච්චර ලස්සන නැහැ කියලා අපි හිතන කොටස් ගැන අපි සැලකිලිමත් වෙනවා.+ අනිත් අයට පෙන්නන්න සුදුසු නැති ශරීරයේ කොටස්වලට අපි වැඩි ගෞරවයක් දෙනවා. 24 ඒත් ශරීරයේ තියෙන ලස්සන කොටස්වලට ඒ තරම් සැලකිල්ලක් දෙන්න ඕනෙ නැහැ. දෙවියන් ශරීරය හදලා තියෙන විදිහ නිසා ගෞරවයක් ලැබෙන්නේ නැති කොටස්වලට ගෞරවයක් ලැබෙනවා. 25 ඔහු ඒ විදිහට ශරීරය හැදුවේ ශරීරයේ කිසිම බෙදීමක් ඇති නොවී තියෙන්නයි. ඉතින් ශරීරයේ හැම අවයවයක්ම අනිත් අවයව ගැන සැලකිල්ලක් පෙන්නන්න ඕනේ.+ 26 ශරීරයේ එක අවයවයක් වේදනාවෙන් ඉද්දී අනිත් හැම අවයවයකටම ඒ වේදනාව දැනෙනවා.+ එක අවයවයකට ගෞරවය ලැබෙද්දී අනිත් හැම අවයවයක්ම ඒ ගැන සතුටු වෙනවා.+

27 ක්‍රිස්තුස්ගේ ශරීරය හැදිලා තියෙන්නේ ඔයාලාගෙන්.+ ඔයාලා එක් එක් කෙනා ඒ ශරීරයට අයිති අවයවයන්.+ 28 දෙවියන් සභාවේ ඉන්න හැම කෙනෙක්ටම විශේෂ තැනක් දීලා තියෙනවා. මුල් තැන දුන්නේ නියෝජිතයන්ට.+ දෙවෙනියට ඉන්නේ අනාගතවක්තෘවරු.+ තුන්වෙනියට ඉන්නේ ගුරුවරු.+ ඊළඟට ආශ්චර්යයන් කරන්න හැකියාව තියෙන අය+ ඉන්නවා. ඊටපස්සේ අනිත් අයව සුව කරන්න හැකියාව තියෙන අය,+ අනිත් අයට උදව් කරන්න ඉදිරිපත් වෙන අය, අනිත් අයට මඟ පෙන්නන්න හැකියාව තියෙන අය+ සහ වෙනත් භාෂාවලින් කතා කරන්න හැකියාව තියෙන අයත්+ ඉන්නවා. 29 සභාවේ හැමෝම නියෝජිතයෝ නෙමෙයි නේද? හැමෝම අනාගතවක්තෘවරුවත් ගුරුවරුවත් නෙමෙයි නේද? හැමෝම ආශ්චර්යයන් කරන්නේ නැහැ නේද? 30 අනිත් අයව සුව කරන හැකියාව හැමෝටම තියෙනවාද? වෙනත් භාෂාවලින් කතා කරන හැකියාවත්+ වෙනත් භාෂාවලට පරිවර්තනය කරන හැකියාවත් හැමෝටම නැහැ නේද?+ 31 ඉතින් වටිනාම තෑගි ලබාගන්න ඔයාලට කරන්න පුළුවන් හැම දේම කරන්න.+ ඒත් දැන් මං ඔයාලට පෙන්නලා දෙන්නම් හැම දේටම වඩා උතුම්ම දේ මොකක්ද කියලා.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න