ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 23
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 සාමුවෙල් පොතේ සාරාංශයක්

      • දාවිත් කෙයිලා නගරය බේරගනියි (1-12)

      • සාවුල් දාවිත් පස්සේ පන්නගෙන යයි (13-15)

      • යොනාතාන් දාවිත්ව ශක්තිමත් කරයි (16-18)

      • දාවිත් සාවුල්ගෙන් යන්තමින් බේරෙයි (19-29)

1 සාමුවෙල් 23:1

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 15:20, 44

1 සාමුවෙල් 23:2

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 30:8; 2සාමු 5:19; ගීතා 37:5

1 සාමුවෙල් 23:3

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 22:5
  • +1සාමු 13:5; 14:52

1 සාමුවෙල් 23:4

හරස් යොමු දැක්වීම්

  • +විනි 6:39
  • +1සාමු 14:6; 2සාමු 5:19

1 සාමුවෙල් 23:5

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 23:1

1 සාමුවෙල් 23:6

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 22:20

1 සාමුවෙල් 23:7

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 23:14

1 සාමුවෙල් 23:9

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 27:21; 1සාමු 30:7

1 සාමුවෙල් 23:10

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 22:19

1 සාමුවෙල් 23:11

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ඉඩම් හිමිකරුවන්.”

1 සාමුවෙල් 23:13

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 22:1, 2; 25:13; 30:9

1 සාමුවෙල් 23:14

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 15:20, 55; 1සාමු 23:19; 26:1
  • +1සාමු 18:29; 20:33; 27:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2015, 10-11 පි.

1 සාමුවෙල් 23:15

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ෂිප් පාළුකරයේ හෝරෙෂ්වල ඉද්දී සාවුල් එයාව මරන්න හොයන නිසා දාවිත් හිටියේ බයෙන්.”

1 සාමුවෙල් 23:16

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:5; හිතෝ 17:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්, 3 ලිපිය

    මුරටැඹ,

    12/15/2015, 10-11 පි.

1 සාමුවෙල් 23:17

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 16:13; 2සාමු 2:4; 5:3
  • +1සාමු 20:31; 24:17, 20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්, 3 ලිපිය

    මුරටැඹ,

    12/1/1993, 24 පි.

1 සාමුවෙල් 23:18

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 18:3; 20:42

1 සාමුවෙල් 23:19

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “කාන්තාරයට; පාළුකරයට.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 10:26
  • +1සාමු 26:1; ගීතා 54:පෙර සටහන
  • +1සාමු 23:15
  • +1සාමු 26:3
  • +1සාමු 23:24

1 සාමුවෙල් 23:20

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 54:3

1 සාමුවෙල් 23:23

පාදසටහන්

  • *

    මූ.අ., “දහස් ගණන්.”

1 සාමුවෙල් 23:24

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 23:14
  • +ද්වි 1:7
  • +යොෂු 15:20, 55; 1සාමු 25:2, 3

1 සාමුවෙල් 23:25

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 26:2; ගීතා 54:3
  • +1සාමු 23:28

1 සාමුවෙල් 23:26

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 17:9
  • +ගීතා 31:22

1 සාමුවෙල් 23:28

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 54:7

1 සාමුවෙල් 23:29

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 15:20, 62; සල 1:14

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 සාමු. 23:1යොෂු 15:20, 44
1 සාමු. 23:21සාමු 30:8; 2සාමු 5:19; ගීතා 37:5
1 සාමු. 23:31සාමු 22:5
1 සාමු. 23:31සාමු 13:5; 14:52
1 සාමු. 23:4විනි 6:39
1 සාමු. 23:41සාමු 14:6; 2සාමු 5:19
1 සාමු. 23:51සාමු 23:1
1 සාමු. 23:61සාමු 22:20
1 සාමු. 23:71සාමු 23:14
1 සාමු. 23:9ගණන් 27:21; 1සාමු 30:7
1 සාමු. 23:101සාමු 22:19
1 සාමු. 23:131සාමු 22:1, 2; 25:13; 30:9
1 සාමු. 23:14යොෂු 15:20, 55; 1සාමු 23:19; 26:1
1 සාමු. 23:141සාමු 18:29; 20:33; 27:1
1 සාමු. 23:16ගීතා 37:5; හිතෝ 17:17
1 සාමු. 23:171සාමු 16:13; 2සාමු 2:4; 5:3
1 සාමු. 23:171සාමු 20:31; 24:17, 20
1 සාමු. 23:181සාමු 18:3; 20:42
1 සාමු. 23:191සාමු 10:26
1 සාමු. 23:191සාමු 26:1; ගීතා 54:පෙර සටහන
1 සාමු. 23:191සාමු 23:15
1 සාමු. 23:191සාමු 26:3
1 සාමු. 23:191සාමු 23:24
1 සාමු. 23:20ගීතා 54:3
1 සාමු. 23:241සාමු 23:14
1 සාමු. 23:24ද්වි 1:7
1 සාමු. 23:24යොෂු 15:20, 55; 1සාමු 25:2, 3
1 සාමු. 23:251සාමු 26:2; ගීතා 54:3
1 සාමු. 23:251සාමු 23:28
1 සාමු. 23:26ගීතා 17:9
1 සාමු. 23:26ගීතා 31:22
1 සාමු. 23:28ගීතා 54:7
1 සාමු. 23:29යොෂු 15:20, 62; සල 1:14
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 සාමුවෙල් 23:1-29

පළවෙනි සාමුවෙල්

23 කාලයක් ගියාට පස්සේ දාවිත්ට ආරංචි වුණා “පිලිස්තිවරු කෙයිලා+ නගරයට විරුද්ධව යුද්ධ කරලා එහේ කමත්වල තියෙන ධාන්‍ය කොල්ල කනවා” කියලා. 2 එතකොට දාවිත් “මං පිලිස්තිවරුන්ට පහර දෙන්නද” කියලා යෙහෝවා දෙවියන්ගෙන් ඇහුවා.+ යෙහෝවාත් “යන්න, පිලිස්තිවරුන්ට පහර දීලා එයාලාගෙන් කෙයිලා නගරය බේරගන්න” කියලා දාවිත්ට කිව්වා. 3 ඒත් දාවිත් එක්ක හිටිය පුරුෂයෝ එයාට මෙහෙම කිව්වා. “යූදා දේශයේ මේ පළාත්වලත් අපි ඉන්නේ බයෙන්.+ ඉතින් අපි කොහොමද කෙයිලාවලට ගිහින් පිලිස්තිවරුන්ට විරුද්ධව සටන් කරන්නේ?”+ 4 ඒ නිසා දාවිත් ආයෙත් යෙහෝවාගෙන් ඒ ගැන ඇහුවා.+ එතකොට යෙහෝවා මෙහෙම කිව්වා. “කෙයිලාවලට දැන්මම යන්න. මං පිලිස්තිවරුන්ව ඔයාට යටත් කරලා දෙන්නම්.”+ 5 දාවිත් එයා එක්ක හිටිය පුරුෂයන් එක්ක කෙයිලාවලට ගිහින් පිලිස්තිවරුන්ට විරුද්ධව සටන් කළා. එයාලා පිලිස්තිවරුන් සෑහෙන පිරිසක්ව මරලා එයාලාගේ සත්ව රැළවල් අරන් ආවා. ඒ විදිහට දාවිත් කෙයිලා නගරයේ අයව බේරගත්තා.+

6 අහිමෙලෙක්ගේ පුතා වුණ අබියාතර්+ කෙයිලා නගරයේ හිටිය දාවිත් ළඟට පලා ගිය වෙලාවේ එයා ඒෆොද් ඇඳුමත් අරන් ගිහින් තිබුණා. 7 දාවිත් කෙයිලා නගරයේ ඉන්නවා කියලා සාවුල්ට ආරංචි වුණා. එතකොට සාවුල් මෙහෙම හිතුවා. “දැන් නම් දෙවියන් දාවිත්ව මගේ අතටම අහු කරලා වගේ.+ එයා ඉන්නේ දොරටු තියෙන නගරෙක. ඒ නිසා එයා එහේ කොටු වෙලා ඇති.” 8 ඉතින් සාවුල් එයාගේ හමුදාව එකතු කරගෙන දාවිත්වයි, එයාත් එක්ක හිටපු අයවයි අල්ලගන්න කෙයිලා නගරයට ගියා. 9 සාවුල් එයාව අල්ලගන්න එනවා කියලා දාවිත්ට දැනගන්න ලැබුණාම එයා පූජක අබියාතර්ට කිව්වා “ඒෆොද් ඇඳුම අරගෙන එන්න”+ කියලා. 10 ඊටපස්සේ දාවිත් දෙවියන්ගෙන් මෙහෙම ඇහුවා. “ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියනි, යෙහෝවා, සාවුල් මං නිසා මේ මුළු නගරේම විනාශ කරන්න එනවා කියලා මට ආරංචි වුණා.+ 11 අනේ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි යෙහෝවා, සාවුල් ඇත්තටම මෙහෙට එයිද? කෙයිලා නගරයේ ප්‍රධානීන්* මාව සාවුල්ට අල්ලලා දෙයිද? අනේ, ඔබේ සේවකයාට උත්තරයක් දෙන්න.” එතකොට යෙහෝවා “සාවුල් ඔහෙට එනවා” කියලා කිව්වා. 12 දාවිත් ආයෙත් දෙවියන්ගෙන් මෙහෙම ඇහුවා. “කෙයිලා නගරයේ ප්‍රධානීන් මාවයි, මාත් එක්ක ඉන්න අයවයි සාවුල්ගේ අතට භාර දෙයිද?” ඒ වෙලාවේ යෙහෝවා දෙවියන් කිව්වා “ඔව්, ඒ අය ඔයාලව සාවුල්ගේ අතට භාර දෙනවා” කියලා.

13 ඒක අහපු ගමන්ම දාවිත් එයාත් එක්ක හිටපු අයත් එක්ක කෙයිලා නගරයෙන් පිටත් වෙලා ගියා. ඒ වෙද්දී එයාත් එක්ක පුරුෂයන් 600ක් විතර හිටියා.+ එයාලා ආරක්ෂිත තැන් හොයාගෙන තැනින් තැනට ගියා. දාවිත් කෙයිලා නගරයෙන් ගිහින් කියලා සාවුල්ට ආරංචි වුණාම කෙයිලාවලට යන අදහස එයා අත්හැරියා. 14 පාළුකරයේ කාටවත් ලේසියෙන් එන්න බැරි තැන්වල දාවිත් හැංගිලා හිටියා. එයා හැංගිලා හිටියේ ෂිප්+ පාළුකරයේ කඳුකර ප්‍රදේශයේ. සාවුල් දිගටම දාවිත්ව හෙව්වා.+ ඒත් දාවිත්ව අල්ලගන්න යෙහෝවා සාවුල්ට ඉඩ දුන්නේ නැහැ. 15 ෂිප් පාළුකරයේ හෝරෙෂ්වල ඉද්දී දාවිත්ට දැනගන්න ලැබුණා සාවුල් එයාව මරන්න හොයනවා කියලා.*

16 ඒ කාලේ සාවුල්ගේ පුතා යොනාතාන් දාවිත්ව හම්බ වෙන්න හෝරෙෂ්වලට ගියා. එයා දාවිත්ව දිරිගන්වලා යෙහෝවා ගැන තිබ්බ විශ්වාසය ශක්තිමත් කරගන්න එයාට උදව් කළා.+ 17 එයා මෙහෙම කිව්වා. “ඔයා බය වෙන්න එපා. මගේ තාත්තාට කවදාවත් ඔයාව අල්ලගන්න හම්බ වෙන්නේ නැහැ. ඔයා අනිවාර්යයෙන්ම ඊශ්‍රායෙල් දේශයේ රජ වෙනවා.+ මං උපරිමයෙන්ම ඔයාට සහය දෙනවා. මගේ තාත්තාත් ඒක හොඳටම දන්නවා.”+ 18 යොනාතාන් එහෙම කිව්වාට පස්සේ එයාලා දෙන්නා යෙහෝවා දෙවියන් ඉස්සරහා ගිවිසුමක් ඇති කරගත්තා.+ ඊටපස්සේ යොනාතාන් එයාගේ ගෙදරට ගියා. දාවිත් දිගටම හෝරෙෂ්වල හිටියා.

19 ෂිප් නගරයේ ජීවත් වුණ අය ගිබෙයාවල+ හිටපු සාවුල් ළඟට ගිහින් මෙහෙම කිව්වා. “දාවිත් දැන් හැංගිලා ඉන්නේ අපේ පැත්තේ.+ එයා ඉන්නේ හෝරෙෂ්වල+ තියෙන හකීලා කන්දේ.+ හකීලා කන්ද තියෙන්නේ යෙෂිමොන්වලට*+ දකුණු දිශාවෙන්. එතනට ලේසියෙන් කාටවත් යන්න බැහැ. 20 රජතුමනි, ඔබ කැමති ඕනෙම වෙලාවක එහෙට එන්න. අපි එයාව ඔබට අල්ලලා දෙන්නම්.”+ 21 එතකොට සාවුල් මෙහෙම කිව්වා. “ඔයාලා මට අනුකම්පා කරලා මේ ගැන කිව්ව නිසා යෙහෝවා ඔයාලට ආශීර්වාද කරන්න ඕනේ! 22 දාවිත් වැඩ කරන්නේ හරිම කපටි විදිහටයි කියලා මට දැනගන්න ලැබුණා. ඒ නිසා ඔයාලා ගිහින් දාවිත්ව දැක්ක කෙනෙක්ගෙන් හරියටම එයා ඉන්නේ කොහෙද කියලා විස්තර දැනගෙන එන්න. 23 එයා හැංගෙන හැම තැනක්ම දැනගෙන මට කියන්න. එතකොට මං ඔයාලා එක්ක එන්නම්. එයා ඇත්තටම ඒ පැත්තේ හැංගිලා ඉන්නවා නම් මං යූදා ගෝත්‍රයේ හැම පවුලක්* ළඟටම ගිහින් හරි එයාව හොයාගන්නවා.”

24 ඉතින් ඒ අය සාවුල් හිටපු තැනින් පිට වෙලා ෂිප්වලට+ ගියා. ඒ වෙනකොට දාවිත් එයාගේ පිරිසත් එක්ක හිටියේ අරබා+ ප්‍රදේශයේ මායොන්+ නගරයට කිට්ටුවෙන් තියෙන පාළුකරයේ. ඒ පාළුකරය තියෙන්නේ යෙෂිමොන්වලට දකුණු දිශාවෙන්. 25 සාවුල් එයාගේ සෙබළුන් එක්ක දාවිත්ව හොයාගෙන ඒ පැත්තට ආවා.+ දාවිත් ඒක දැනගත්ත ගමන්ම මායොන් පාළුකරයේ තිබුණ පර්වතය+ දිහාවට බැහැගෙන ගිහින් එහේ හැංගුණා. සාවුල්ට ඒක ආරංචි වුණාම එයා දාවිත් පස්සේ පන්නගෙන මායොන් පාළුකරයට ගියා. 26 සාවුල්, දාවිත් ළඟටම ආවා. සාවුල් කන්දේ එක පැත්තකත් දාවිත් සහ එයාගේ පිරිස කන්දේ අනිත් පැත්තෙත් හිටියා. සාවුල් සෙබළුත් එක්ක එයාලා ළඟටම ඇවිත් ඉන්නවා කියලා දැක්කාම+ දාවිත් කලබල වෙලා එයාලාගෙන් බේරෙන්න විදිහක් හෙව්වා.+ 27 ඒත් ඒ වෙලාවේ පණිවිඩකරුවෙක් ඇවිල්ලා සාවුල්ට මෙහෙම කිව්වා. “ඉක්මනට එන්න. පිලිස්තිවරු දේශය අල්ලගන්න හදනවා.” 28 ඉතින් සාවුල් දාවිත්ව එළවගෙන යන එක අත්හැරලා+ පිලිස්තිවරුන් එක්ක සටන් කරන්න ගියා. සාවුල් එතනින් ගිය නිසා ඒ පර්වතයට වෙන් වීමේ පර්වතය කියන නම ලැබුණා.

29 ඊටපස්සේ දාවිත් ඒන්ගෙදී+ ප්‍රදේශයේ කාටවත් ලේසියෙන් යන්න බැරි තැන්වලට ගිහින් හිටියා.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න