ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති පොතේ සාරාංශයක්

      • ආබ්‍රම් ආපහු කානාන් දේශයට එයි (1-4)

      • ආබ්‍රම් සහ ලොත් වෙන් වෙයි (5-13)

      • දෙවියන් ආබ්‍රම්ට දුන්න පොරොන්දුව ආයෙත් කියයි (14-18)

උත්පත්ති 13:1

හරස් යොමු දැක්වීම්

  • +උත් 12:9; 20:1

උත්පත්ති 13:2

හරස් යොමු දැක්වීම්

  • +උත් 24:34, 35

උත්පත්ති 13:3

හරස් යොමු දැක්වීම්

  • +උත් 12:8, 9; යොෂු 7:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 5 2017 12 පි.

    මුරටැඹ,

    8/15/2001, 21-22 පි.

උත්පත්ති 13:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2001, 21-22 පි.

උත්පත්ති 13:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2001, 22 පි.

උත්පත්ති 13:7

හරස් යොමු දැක්වීම්

  • +උත් 10:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2001, 22 පි.

උත්පත්ති 13:8

හරස් යොමු දැක්වීම්

  • +උත් 11:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2016, 5-6 පි.

    මුරටැඹ,

    1/15/2004, 27 පි.

    8/15/2001, 27 පි.

    8/15/2000, 24 පි.

උත්පත්ති 13:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2016, 5-6 පි.

    මුරටැඹ,

    5/15/2004, 27 පි.

    1/15/2004, 27 පි.

    8/15/2001, 22-23, 27 පි.

උත්පත්ති 13:10

පාදසටහන්

  • *

    ඒ කියන්නේ ඒදන් උයන.

හරස් යොමු දැක්වීම්

  • +උත් 19:28
  • +උත් 19:20-22
  • +උත් 2:8, 9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2001, 22 පි.

උත්පත්ති 13:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2001, 22 පි.

උත්පත්ති 13:12

හරස් යොමු දැක්වීම්

  • +උත් 19:28, 29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2001, 22 පි.

උත්පත්ති 13:13

හරස් යොමු දැක්වීම්

  • +උත් 18:20; 19:5; 2පේතෘ 2:6-8; යූද් 7

උත්පත්ති 13:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 2/2020, 1-2 පි.

උත්පත්ති 13:15

හරස් යොමු දැක්වීම්

  • +උත් 12:7; 15:18; 24:7; නික් 33:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 2/2020, 1-2 පි.

උත්පත්ති 13:16

හරස් යොමු දැක්වීම්

  • +උත් 12:2; 15:1, 5; නික් 1:7; හෙබ්‍රෙ 11:12

උත්පත්ති 13:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 2/2020, 1-2 පි.

    මුරටැඹ,

    10/15/2004, 13-14 පි.

    8/15/2001, 23 පි.

උත්පත්ති 13:18

හරස් යොමු දැක්වීම්

  • +උත් 23:2
  • +උත් 18:1; 23:19; 25:9, 10; 35:27
  • +උත් 12:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2001, 23 පි.

    2/2020, 4 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

උත්. 13:1උත් 12:9; 20:1
උත්. 13:2උත් 24:34, 35
උත්. 13:3උත් 12:8, 9; යොෂු 7:2
උත්. 13:7උත් 10:19
උත්. 13:8උත් 11:27
උත්. 13:10උත් 19:28
උත්. 13:10උත් 19:20-22
උත්. 13:10උත් 2:8, 9
උත්. 13:12උත් 19:28, 29
උත්. 13:13උත් 18:20; 19:5; 2පේතෘ 2:6-8; යූද් 7
උත්. 13:15උත් 12:7; 15:18; 24:7; නික් 33:1
උත්. 13:16උත් 12:2; 15:1, 5; නික් 1:7; හෙබ්‍රෙ 11:12
උත්. 13:18උත් 23:2
උත්. 13:18උත් 18:1; 23:19; 25:9, 10; 35:27
උත්. 13:18උත් 12:7
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
උත්පත්ති 13:1-18

උත්පත්ති

13 ආබ්‍රම් එයාට තිබුණු හැම දෙයක්ම අරගෙන එයාගේ බිරිඳ සහ ලොත් එක්ක ඊජිප්තුවෙන් පිටත් වෙලා ගියා. එයාලා ගියේ නෙගෙබ්+ දිහාවටයි. 2 ආබ්‍රම්ට සත්තු ගොඩක් හිටියා. රන් රිදීවලිනුත් එයාට කිසිම අඩුවක් තිබුණේ නැහැ.+ 3 ඊටපස්සේ එයා නෙගෙබ්වලින් පිටත් වෙලා බෙතෙල් වෙන කල් ගියා. එහෙම යද්දී එයා තැනින් තැන කූඩාරම් ගහගෙන ජීවත් වුණා. ආබ්‍රම් කලින් බෙතෙල් සහ ආයි+ අතර කූඩාරම් ගහගත්ත තැනටම ආයෙත් ආවා. 4 ආබ්‍රම් කලින් පූජාසනයක් හදලා තිබුණු ඒ තැනට ඇවිත් යෙහෝවා කියන නම පාවිච්චි කරලා දෙවියන්ට නමස්කාර කළා.

5 ආබ්‍රම් එක්ක තැනින් තැනට ගිය ලොත්ටත් බැටළුවන් සහ ගවයන් හිටියා. එයාට කූඩාරමුත් තිබුණා. 6 එයාලා දෙන්නාටම ගොඩක් සත්තු හිටපු නිසා එකට ජීවත් වෙන්න ඒ ප්‍රදේශයේ ඉඩ මදි වුණා. 7 ඒ හින්දා ආබ්‍රම්ගේ සත්තු බලාගත්ත අය සහ ලොත්ගේ සත්තු බලාගත්ත අය අතරේ ආරවුලක් ඇති වුණා. ඔය කාලේදී කානානිවරු සහ පෙරිස්සිවරු දේශයේ ජීවත් වුණා.+ 8 ආබ්‍රම් ලොත්ට මෙහෙම කිව්වා.+ “අපි දෙන්නා සහෝදරයෝ. අනේ ඉතින්, අපි දෙන්නා අතරෙයි, අපේ සේවකයෝ අතරෙයි මෙහෙම ආරවුල් ඇති වෙන එක හොඳ දෙයක් නෙමෙයි. 9 අපි වෙන වෙනම ජීවත් වෙමු. ඔයාට මේ දේශයේ ඕනම පැත්තක් තෝරගන්න පුළුවන්. ඔයා වමට යනවා නං මම දකුණට යන්නං. ඔයා දකුණට යනවා නං මම වමට යන්නං.” 10 ලොත් ඒ ප්‍රදේශය දිහා හොඳට බැලුවා. එතකොට එයා දැක්කා යොර්දාන් දේශයේ+ ෂොවර්+ දක්වාම තියෙන ප්‍රදේශයේ හොඳට වතුර තියෙනවා කියලා. ඒක හරියට යෙහෝවා දෙවියන් හදපු උයන* වගෙයි.+ හරියට ඊජිප්තුව වගෙයි. ඒ ප්‍රදේශය එහෙම තිබුණේ යෙහෝවා සොදොම් සහ ගොමෝරා විනාශ කරන්න කලිනුයි. 11 ලොත් මුළු යොර්දාන් දේශයම තෝරගත්තා. එයා එයාට තිබුණු හැම දෙයක්ම අරගෙන නැඟෙනහිර පැත්තට ගියා. ඒ විදිහට එයාලා දෙන්නා වෙන් වෙලා ගියා. 12 ආබ්‍රම් කානාන් දේශයේ ජීවත් වුණා. ඒත් ලොත් ජීවත් වුණේ යොර්දාන් දේශයේ තිබුණු නගරවලට කිට්ටුව.+ පස්සේ එයා සොදොම් නගරය ළඟ කූඩාරම් ගහගත්තා. 13 සොදොම් නගරයේ හිටපු අය හරිම දුෂ්ට මිනිස්සු. එයාලා යෙහෝවා දෙවියන්ට විරුද්ධව ගොඩක් බරපතළ වැරදි කළා.+

14 ලොත් ආබ්‍රම්ගෙන් වෙන් වෙලා ගියාට පස්සේ යෙහෝවා ආබ්‍රම්ට මෙහෙම කිව්වා. “ආබ්‍රම් ඔයාට පුළුවන්ද උතුර, දකුණ, නැඟෙනහිර සහ බස්නාහිර කියන හැම පැත්තක් දිහාම බලන්න? 15 ඔයාට පේන ඒ මුළු දේශයම මම ඔයාටයි, ඔයාගෙන් පැවතෙන අයටයි සදහටම උරුමයක් හැටියට දෙනවා.+ 16 මම ඔයාගෙන් පැවතෙන අයව පොළොවේ දූවිලි වගේ වැඩි කරනවා. කාටවත් පොළොවේ තියෙන දූවිලි අංශු ගණන් කරන්න බැහැ. ඒ වගේ ඔයාගෙන් පැවතෙන අයවත් ගණන් කරන්න බැරි වෙයි.+ 17 දැන් ඔයා දේශයේ හතර දිශාවටම ගිහින් බලන්න. මොකද මම ඒක ඔයාට දෙනවා.” 18 ආබ්‍රම් දිගටම කූඩාරම්වල ජීවත් වුණා. පස්සේ එයා හෙබ්‍රොන්වලට+ ගිහින් මම්රේවල+ විශාල ගස් ළඟ නතර වුණා. එතන එයා යෙහෝවා වෙනුවෙන් පූජාසනයක් ගොඩනැඟුවා.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න