ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 37
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එසකියෙල් පොතේ සාරාංශයක්

      • වියළි ඇටකටු ඇති තැනිතලාව (1-14)

      • කෝටු දෙකක් එක කෝට්ටක් වෙයි (15-28)

        • එක රජ කෙනෙක් යටතේ එක ජාතියක් (22)

        • සමාදානය සහතික කරන සදහටම තියෙන ගිවිසුමක් (26)

එසකියෙල් 37:1

හරස් යොමු දැක්වීම්

  • +එළි 21:10

එසකියෙල් 37:2

හරස් යොමු දැක්වීම්

  • +එස 37:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    3/2016, 29-30 පි.

එසකියෙල් 37:3

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:39; 1සාමු 2:6

එසකියෙල් 37:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:7; එස 37:14

එසකියෙල් 37:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    3/2016, 29-31 පි.

එසකියෙල් 37:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    3/2016, 29-31 පි.

එසකියෙල් 37:9

පාදසටහන්

  • *

    හෝ, “හුස්ම.”

එසකියෙල් 37:10

පාදසටහන්

  • *

    හෝ, “ඔවුන්ට ජීවන හුස්ම ලැබුණා.”

හරස් යොමු දැක්වීම්

  • +එළි 11:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    3/2016, 29-31 පි.

එසකියෙල් 37:11

හරස් යොමු දැක්වීම්

  • +එස 36:10
  • +යෙසා 49:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    3/2016, 29-30 පි.

එසකියෙල් 37:12

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 66:14
  • +එස 11:17; ආමො 9:14

එසකියෙල් 37:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 126:2

එසකියෙල් 37:14

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 32:14, 15; එස 36:27

එසකියෙල් 37:16

පාදසටහන්

  • *

    හෝ, “ඔහුට සහය දෙන.”

  • *

    හෝ, “ඔහුට සහය දෙන.”

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 15:9; 30:11
  • +1රාජා 11:31; 12:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2022, 22 පි.

    මුරටැඹ (පාඩම්),

    1/2018, 14 පි.

    මුරටැඹ (පාඩම්),

    7/2016, 31-32 පි.

එසකියෙල් 37:17

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 11:13; යෙරෙ 3:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2022, 22 පි.

    මුරටැඹ (පාඩම්),

    1/2018, 14 පි.

    මුරටැඹ (පාඩම්),

    7/2016, 31-32 පි.

එසකියෙල් 37:19

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 50:4; සෙක 10:6

එසකියෙල් 37:21

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 30:3; යෙසා 11:12; යෙරෙ 16:14, 15; ආමො 9:14

එසකියෙල් 37:22

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 3:18; හොෂෙ 1:11
  • +උත් 49:10; ගීතා 2:6; යෙසා 9:6; යෙරෙ 23:5; ලූක් 1:32
  • +එස 37:19; සෙක 10:6

එසකියෙල් 37:23

පාදසටහන්

  • *

    හෙබ්‍රෙව් භාෂාවෙන් ඒ රූප කොච්චර පිළිකුල් දේවල්ද කියලා විස්තර කරන්න ඒවාට “ගොම” කියන වචනය පාවිච්චි කරලා තියෙනවා.

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 2:18; එස 11:18; හොෂෙ 14:8; සෙක 13:2
  • +යෙරෙ 31:33; එස 36:28

එසකියෙල් 37:24

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 23:5; 30:9; හොෂෙ 3:5; ලූක් 1:32
  • +යොහ 10:16; 1පේතෘ 5:4
  • +ද්වි 30:8-10; යෙරෙ 32:39; එස 36:27

එසකියෙල් 37:25

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 30:3
  • +යෝවෙ 3:20
  • +යෙසා 60:21; ආමො 9:15
  • +එස 34:24; ලූක් 1:32

එසකියෙල් 37:26

හරස් යොමු දැක්වීම්

  • +එස 34:25
  • +යෙරෙ 30:19; සෙක 8:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2010, 27-28 පි.

එසකියෙල් 37:27

පාදසටහන්

  • *

    හෝ, “ඉන්න තැන; ගෙදර.”

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:12; එස 11:19, 20; 43:7; හොෂෙ 2:23; එළි 21:3

එසකියෙල් 37:28

හරස් යොමු දැක්වීම්

  • +එස 36:23

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එස. 37:1එළි 21:10
එස. 37:2එස 37:11
එස. 37:3ද්වි 32:39; 1සාමු 2:6
එස. 37:5උත් 2:7; එස 37:14
එස. 37:10එළි 11:11
එස. 37:11එස 36:10
එස. 37:11යෙසා 49:14
එස. 37:12යෙසා 66:14
එස. 37:12එස 11:17; ආමො 9:14
එස. 37:13ගීතා 126:2
එස. 37:14යෙසා 32:14, 15; එස 36:27
එස. 37:162ලේක 15:9; 30:11
එස. 37:161රාජා 11:31; 12:20
එස. 37:17යෙසා 11:13; යෙරෙ 3:18
එස. 37:19යෙරෙ 50:4; සෙක 10:6
එස. 37:21ද්වි 30:3; යෙසා 11:12; යෙරෙ 16:14, 15; ආමො 9:14
එස. 37:22යෙරෙ 3:18; හොෂෙ 1:11
එස. 37:22උත් 49:10; ගීතා 2:6; යෙසා 9:6; යෙරෙ 23:5; ලූක් 1:32
එස. 37:22එස 37:19; සෙක 10:6
එස. 37:23යෙසා 2:18; එස 11:18; හොෂෙ 14:8; සෙක 13:2
එස. 37:23යෙරෙ 31:33; එස 36:28
එස. 37:24යෙරෙ 23:5; 30:9; හොෂෙ 3:5; ලූක් 1:32
එස. 37:24යොහ 10:16; 1පේතෘ 5:4
එස. 37:24ද්වි 30:8-10; යෙරෙ 32:39; එස 36:27
එස. 37:25යෙරෙ 30:3
එස. 37:25යෝවෙ 3:20
එස. 37:25යෙසා 60:21; ආමො 9:15
එස. 37:25එස 34:24; ලූක් 1:32
එස. 37:26එස 34:25
එස. 37:26යෙරෙ 30:19; සෙක 8:5
එස. 37:27ලෙවී 26:12; එස 11:19, 20; 43:7; හොෂෙ 2:23; එළි 21:3
එස. 37:28එස 36:23
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එසකියෙල් 37:1-28

එසකියෙල්

37 මට යෙහෝවා දෙවියන්ගේ බලය ලැබුණා. එතකොට යෙහෝවා ඔහුගේ බලය මාර්ගයෙන් මං හිටපු තැනින් මාව අරන් ගිහින් තැනිතලාවක් මැද මාව තිබ්බා.+ ඒ තැනිතලාව පිරිලා තිබුණේ ඇටකටුවලින්. 2 ඒ ඇටකටු අතරේ ඇවිදින්න කියලා ඔහු මට කිව්වා. තැනිතලාව පුරා ඇටකටු ගොඩක් තියෙනවා මම දැක්කා. ඒවා හොඳටම වේළිලයි තිබුණේ.+ 3 ඔහු මගෙන් මෙහෙම ඇහුවා. “මනුෂ්‍ය පුත්‍රය, මේ ඇටකටුවලට පණ දෙන්න පුළුවන්ද?” එතකොට මම “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා, ඔයා තමයි ඒක දන්නේ”+ කියලා කිව්වා. 4 ඔහු මට මෙහෙම කිව්වා. “මේ ඇටකටු ගැන අනාවැකි කියන්න. ‘වේළිලා ගිය ඇටකටු, යෙහෝවා කියන දේට දැන් ඇහුම්කන් දෙන්න’ කියලා ඒවාට කියන්න.

5 “‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා ඇටකටුවලට මෙහෙම කියනවා. “මම ඔබට හුස්ම දෙනවා. එතකොට ඔබ ජීවත් වෙයි.+ 6 මම ඔබව නහරවලින් සහ මස්වලින් පුරවනවා. ඔබව හමෙන් වහලා ඔබට හුස්ම දෙනවා. එතකොට ඔබ ආයේ ජීවත් වෙයි. මම යෙහෝවා කියලා පිළිගන්න ඔබට සිද්ධ වෙනවා.”’”

7 මට අණ කරපු විදිහටම මම අනාවැකි කිව්වා. මම අනාවැකි කියලා ඉවර වෙද්දීම ඇටකටු එකකට එකක් වදින සද්දේ මට ඇහුණා. ඒත් එක්කම ඒ ඇටකටු එකකට එකක් සම්බන්ධ වෙන්න පටන්ගත්තා. 8 ඊටපස්සේ මං දැක්කා ඒ ඇටකටු නහරවලින්, මස්වලින් පිරිලා හමෙන් වැහෙනවා. ඒත් ඒ වෙද්දී ඒවාට පණ තිබුණේ නැහැ.

9 ඔහු මට මෙහෙම කිව්වා. “මනුෂ්‍ය පුත්‍රය, දැන් හුළඟට අනාවැකි කියන්න. හුළඟට මේ අනාවැකිය කියන්න. ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. “හුළඟ,* හතර පැත්තෙන්ම හමාගෙන එන්න! මරලා දාලා තියෙන මේ මිනිස්සු උඩින් හමාගෙන යන්න. එතකොට ඔවුන්ට පණ එයි.”’”

10 ඔහු මට අණ කරපු විදිහටම මම අනාවැකි කිව්වා. එතකොටම ඔවුන් හුස්ම ගන්න පටන්ගත්තා.* ඔවුන් නැඟිටලා හිටගත්තා.+ ඔවුන් හරිම දැවැන්ත යුද හමුදාවක්.

11 ඊටපස්සේ ඔහු මට මෙහෙම කිව්වා. “මනුෂ්‍ය පුත්‍රය, මේ තියෙන්නේ මුළු ඊශ්‍රායෙල් සෙනඟගේ ඇටකටු.+ එයාලා කියනවා ‘අපේ ඇටකටු හොඳටම වේළිලා ගිහින්. අපිට බලාපොරොත්තුවක් නැහැ.+ අපි නැත්තටම නැති වෙලා ගිහින්’ කියලා. 12 ඉතින් එයාලට මේ අනාවැකිය කියන්න. ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. “මගේ සෙනඟෙනි, මම ඔබේ සොහොන් ගෙවල් ඇරලා+ මිනී වළෙන් ඔබව නැඟිට්ටවනවා. ඔබව ඊශ්‍රායෙල් දේශයට අරගෙන එනවා.+ 13 මගේ සෙනඟෙනි, මම ඔබේ සොහොන් ගෙවල් ඇරලා මිනී වළෙන් ඔබව නැඟිට්ටවද්දී මම යෙහෝවා කියලා පිළිගන්න ඔබට සිද්ධ වෙනවා.”’+ 14 ‘මම මගේ බලය ඔබට දුන්නාම ඔබ ආයෙත් ජීවත් වෙයි.+ මම ඔබව ඔබේ දේශයේ පදිංචි කරනවා. මේ දේවල් කිව්වෙත් ඒවා ඉටු කළෙත් යෙහෝවා වන මම කියලා පිළිගන්න ඔබට සිද්ධ වෙනවා’ කියලා යෙහෝවා කියනවා.”

15 යෙහෝවා ආයෙත් සැරයක් කතා කරලා මට මේ පණිවිඩය දුන්නා. 16 “මනුෂ්‍ය පුත්‍රය, කෝට්ටක් අරගෙන ‘යූදා සහ ඔහුත් එක්ක ඉන්න* ඊශ්‍රායෙල් සෙනඟව නියෝජනය කරන කෝට්ට’+ කියලා ඒකේ ලියන්න. ඊටපස්සේ තව එකක් අරගෙන ‘එෆ්‍රායිම් සහ ඔහුත් එක්ක ඉන්න* මුළු ඊශ්‍රායෙල් සෙනඟව නියෝජනය කරන යෝසෙප්ගේ කෝට්ට’+ කියලා ඒකේ ලියන්න. 17 ඊටපස්සේ ඒ කෝටු දෙක එකට ළං කරන්න. එතකොට ඔයා අතේ තියන් ඉද්දීම ඒවා එක කෝට්ටක් වෙයි.+ 18 ඔයාගේ සෙනඟ ඔයාගෙන් අහයි ‘මේ දේවල්වලින් අදහස් කරන දේ ඔයා අපිට කියලා දෙන්නේ නැද්ද’ කියලා. 19 එතකොට එයාලට මෙහෙම කියන්න. ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. “මම එෆ්‍රායිම්ගේ අතේ තියෙන යෝසෙප් සහ ඔහුත් එක්ක ඉන්න ඊශ්‍රායෙල් සෙනඟගේ කෝට්ට අරගෙන, ඒක යූදාගේ කෝට්ට එක්ක එකතු කරනවා. මම ඒ කෝටු දෙක එක කෝට්ටක් කරනවා.+ මගේ අතේදී ඒවා එක කෝට්ටක් වෙයි.”’ 20 ඒ දේවල් ලියපු කෝටු දෙක එයාලට පේන්න ඔයා අතේ තියාගෙන ඉන්න.

21 “එයාලට මෙහෙම කියන්න. ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. “ඊශ්‍රායෙල් සෙනඟ විසිරිලා ගිය ජාතීන් අතරින් මම ඔවුන්ව අරගෙන එනවා. හැම අතටම විසිරිලා ගිය ඔවුන්ව මම එකට එකතු කරලා ඔවුන්ගේ දේශයට ආයෙත් අරගෙන එනවා.+ 22 ඒ දේශයේදී මම ඔවුන්ව එක ජාතියක් කරනවා.+ ඔවුන් ඊශ්‍රායෙල් කඳුකරයේ ජීවත් වෙයි. ඔවුන් හැමෝවම පාලනය කරන්නේ එක රජ කෙනෙක්.+ ඔවුන් ආයේ ජාතීන් දෙකක් විදිහටවත් රාජ්‍යයන් දෙකක් විදිහටවත් බෙදෙන්නේ නැහැ.+ 23 ජරා රූපවලට* නමස්කාර කරලා පිළිකුල් දේවල් සහ වැරදි වැඩ කරලා ඔවුන් ආයේ අපවිත්‍ර වෙන්නේ නැහැ.+ ඔවුන් අවිශ්වාසවන්ත වෙලා කරපු හැම පව්කාර වැඩක්ම අතහරින්න මම ඔවුන්ට උදව් කරනවා. මම ඔවුන්ව පවිත්‍ර කරනවා. ඔවුන් මගේ සෙනඟ වෙනවා. මම ඔවුන්ගේ දෙවියන් වෙනවා.+

24 “‘“මගේ සේවක දාවිත් ඔවුන්ගේ රජ වෙයි.+ ඔවුන් හැමෝටම එක එඬේරෙක් ඉඳියි.+ ඔවුන් මගේ තීන්දුවලට අනුව ජීවත් වෙයි. මගේ අණපනත් හිතට අරන් ඒවා පිළිපදියි.+ 25 මගේ සේවක යාකොබ්ට මම දුන්න, ඔබේ මුතුන්මිත්තන් ජීවත් වුණ දේශයේ ඔවුන් ජීවත් වෙයි.+ ඔවුන් එහේ හැමදාටම ජීවත් වෙයි.+ ඔවුනුත් ඔවුන්ගේ දරුවනුත් දරුවන්ගේ දරුවනුත් එහේ ජීවත් වෙයි.+ මගේ සේවක දාවිත් හැමදාටම ඔවුන්ගේ අධිපතියා වෙයි.+

26 “‘“සමාදානය ලැබෙනවා කියලා සහතික කරන ගිවිසුමක් මම ඔවුන් එක්ක ඇති කරගන්නවා.+ ඒක සදහටම තියෙන ගිවිසුමක්. මම ඔවුන්ව දේශයේ පදිංචි කරලා ඔවුන්ගේ ගාණ ගොඩක් වැඩි කරනවා.+ ඔවුන් අතරේ මම මගේ ශුද්ධස්ථානය සදහටම පිහිටුවනවා. 27 මගේ කූඩාරම* ඔවුන් අතරේ තියෙයි. මම ඔවුන්ගේ දෙවියන් වෙනවා. ඔවුන් මගේ සෙනඟ වෙනවා.+ 28 මගේ ශුද්ධස්ථානය ඔවුන් අතරේ සදහටම තියෙනවා දකිද්දී ඊශ්‍රායෙල් සෙනඟව ගෞරවයට පත් කරන්නේ යෙහෝවා වන මම කියලා පිළිගන්න ජාතීන්ට සිද්ධ වෙනවා.”’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න