ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 තෙසලෝනික 2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 තෙසලෝනික පොතේ සාරාංශයක්

      • තෙසලෝනියේ පාවුල් කරපු සේවය (1-12)

      • තෙසලෝනිකවරුන් දෙවියන්ගේ පණිවිඩය පිළිගත්තා (13-16)

      • තෙසලෝනිකවරුන්ව දැකගන්න පාවුල්ට තිබුණ වුවමනාව (17-20)

1 තෙසලෝනික 2:1

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 17:1, 4

1 තෙසලෝනික 2:2

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “අමාරුකම් මැද්දේ.”

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 16:12, 22-24
  • +ක්‍රියා 17:1, 2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 151-152 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 59 පාඩම

    මුරටැඹ,

    7/15/2009, 20 පි.

    7/15/2008, 8 පි.

    12/15/1999, 23-25 පි.

1 තෙසලෝනික 2:4

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 17:3; යෙරෙ 11:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    3/2024, 30 පි.

1 තෙසලෝනික 2:5

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 20:33

1 තෙසලෝනික 2:6

පාදසටහන්

  • *

    හෝ, “යවනු ලැබූ අය.”

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 11:9; 2තෙස 3:8, 10

1 තෙසලෝනික 2:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2000, 22 පි.

    5/1/1991, 10 පි.

1 තෙසලෝනික 2:8

පාදසටහන්

  • *

    මූ.අ., “සතුටු වුණා.”

හරස් යොමු දැක්වීම්

  • +යොහ 13:35
  • +යොහ 15:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2000, 22 පි.

1 තෙසලෝනික 2:9

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 18:3; 20:34; 2කොරි 11:9; 2තෙස 3:8, 10

1 තෙසලෝනික 2:11

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 4:15
  • +ක්‍රියා 20:31

1 තෙසලෝනික 2:12

හරස් යොමු දැක්වීම්

  • +එෆී 4:1; කොලො 1:10; 1පේතෘ 1:15
  • +ලූක් 22:28-30
  • +1පේතෘ 5:10

1 තෙසලෝනික 2:13

හරස් යොමු දැක්වීම්

  • +1තෙස 1:2, 3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 5 පාඩම

1 තෙසලෝනික 2:14

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 17:5

1 තෙසලෝනික 2:15

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 23:34; ක්‍රියා 2:22, 23; 7:52

1 තෙසලෝනික 2:16

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 11:52; ක්‍රියා 13:49, 50
  • +රෝම 1:18

1 තෙසලෝනික 2:19

පාදසටහන්

  • *

    හෝ, “පැමිණ සිටින කාලයේදී.” “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +1තෙස 5:23; 2තෙස 1:4

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 තෙස. 2:1ක්‍රියා 17:1, 4
1 තෙස. 2:2ක්‍රියා 16:12, 22-24
1 තෙස. 2:2ක්‍රියා 17:1, 2
1 තෙස. 2:4හිතෝ 17:3; යෙරෙ 11:20
1 තෙස. 2:5ක්‍රියා 20:33
1 තෙස. 2:62කොරි 11:9; 2තෙස 3:8, 10
1 තෙස. 2:8යොහ 13:35
1 තෙස. 2:8යොහ 15:13
1 තෙස. 2:9ක්‍රියා 18:3; 20:34; 2කොරි 11:9; 2තෙස 3:8, 10
1 තෙස. 2:111කොරි 4:15
1 තෙස. 2:11ක්‍රියා 20:31
1 තෙස. 2:12එෆී 4:1; කොලො 1:10; 1පේතෘ 1:15
1 තෙස. 2:12ලූක් 22:28-30
1 තෙස. 2:121පේතෘ 5:10
1 තෙස. 2:131තෙස 1:2, 3
1 තෙස. 2:14ක්‍රියා 17:5
1 තෙස. 2:15මතෙ 23:34; ක්‍රියා 2:22, 23; 7:52
1 තෙස. 2:16ලූක් 11:52; ක්‍රියා 13:49, 50
1 තෙස. 2:16රෝම 1:18
1 තෙස. 2:191තෙස 5:23; 2තෙස 1:4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 තෙසලෝනික 2:1-20

පළවෙනි තෙසලෝනික

2 සහෝදරයෙනි, අපි ඔයාලව හම්බ වෙන්න ඇවිත් ඔයාලා එක්ක ගත කරපු කාලය අපතේ ගියේ නැහැ. ඒකට ඔයාලත් එකඟ වෙයි කියලා මට විශ්වාසයි.+ 2 මොකද ඔයාලා දන්නවා ඔයාලා ළඟට එන්න කලින් ෆිලිප්පියේදී අපිට ගොඩක් පීඩාවලට, නින්දා අපහාසවලට මුහුණ දෙන්න වුණා කියලා.+ ඒත් දෙවියන්ගේ උදව්වෙන් හිතට ධෛර්යය අරගෙන දරුණු විරුද්ධවාදිකම් මැද්දේ* අපි ඔයාලටත් ශුභාරංචිය ගැන කිව්වා.+ 3 අපි ඔයාලට දෙන උපදෙස්, මඟ පෙන්වීම් පදනම් වෙලා තියෙන්නේ බොරු දේවල් මත නෙමෙයි. අපි ඒ දේවල් කියන්නේ නරක චේතනාවක් හිතේ තියාගෙනවත් ඔයාලව රවට්ටන්න හිතාගෙනවත් නෙමෙයි. 4 ඒ වෙනුවට ශුභාරංචිය දේශනා කරන වගකීම දෙවියන් විශ්වාසයෙන් අපිට භාර දුන්න නිසයි අපි එහෙම කළේ. අපි ඔයාලට ඒ දේවල් ගැන කතා කරන්නේ මිනිස්සුන්ව සතුටු කරන්න නෙමෙයි අපේ හිත් සෝදිසි කරලා බලන දෙවියන්ව+ සතුටු කරන්නයි.

5 ඔයාලත් දන්නවා අපි කවදාවත් චාටු කතා කියලා ඔයාලාගේ හිත දිනාගන්න හැදුවේ නැහැ කියලා. ඒ වගේම අපිට වාසි ප්‍රයෝජන ගන්න හිතාගෙන අපි ඔයාලට බොරු මවාපෑමක් කළෙත් නැහැ.+ ඒ ගැන දෙවියන්ම සාක්ෂි දෙයි. 6 අපි ඔයාලාගෙන්වත් වෙන කාගෙන්වත් ගෞරවය ලබාගන්න හිතාගෙන වැඩ කළේ නැහැ. ඕනෙ නම් අපිට අයිතියක් තිබ්බා ක්‍රිස්තුස්ගේ නියෝජිතයන්* විදිහට ඔයාලාගෙන් සල්ලි, උදව් අරන් ඔයාලට බරක් වෙන්න.+ 7 ඒත් අපි එහෙම කළේ නැහැ. හරියට කිරි දෙන අම්මා කෙනෙක් එයාගෙම දරුවන්ව ආදරෙන් රැකබලා ගන්නවා වගේ අපි ඔයාලව ලොකු සෙනෙහසකින් රැකබලා ගත්තා. 8 ඔයාලා ගැන අපේ හිතේ තියෙන ආදරේ,+ සෙනෙහස නිසා ඔයාලට ශුභාරංචිය කියන්න විතරක් නෙමෙයි අපේ ජීවිත වුණත් ඔයාලා වෙනුවෙන් දෙන්න අපි ලෑස්ති වෙලා හිටියා.*+

9 සහෝදරයෙනි, අපි කොයි තරම් මහන්සි වෙලා වැඩ කළාද කියලා ඔයාලට හොඳටම මතක ඇති. අපි ඔයාලා අතරේ ශුභාරංචිය දේශනා කරද්දී අපි ඔයාලට බරක් වුණේ නැහැ.+ රෑ දවල් බලන්නේ නැතුව වැඩ කරලා අපේ වියදමට ඕනෙ කරන සල්ලි අපිම හොයාගත්තා. 10 සහෝදරයෙනි, අපි ඔයාලා එක්ක ඉද්දී මොන තරම් විශ්වාසවන්තව, ධර්මිෂ්ඨව සහ නිර්දෝෂව වැඩ කළාද කියලා ඔයාලා දන්නවා. දෙවියනුත් ඒ ගැන දන්නවා. 11 තාත්තා කෙනෙක් වගේ+ අපිත් ඔයාලට උපදෙස්, මඟ පෙන්වීම් දුන්නා. ඔයාලව සැනසුවා.+ ජීවත් වෙන්න ඕනෙ කොහොමද කියලා ඔයාලට කියලා දුන්නා. 12 අපි එහෙම කළේ ඔයාලා හැමදාමත් දෙවියන් සතුටු වෙන විදිහට ජීවත් වෙනවා දකින්න අපිට ඕනෙ වුණ නිසයි.+ මොකද තමන්ගේ රාජ්‍යයට+ එන්නත් ඔහුගේ තේජස+ අද්දකින්නත් ඔයාලට අවස්ථාව දෙන්නේ ඔහුයි.

13 අපි අත්හරින්නේ නැතුව දිගටම දෙවියන්ට ස්තුති කරනවා.+ මොකද අපි ඔයාලට දෙවියන්ගේ පණිවිඩය ගැන කියද්දී ඔයාලා ඒක පිළිගත්තේ මිනිස්සුන්ගෙන් ලැබුණ දෙයක් විදිහට නෙමෙයි. දෙවියන්ගෙන්ම ලැබුණ දෙයක් විදිහට. ඇත්තටම ඒක දෙවියන්ගෙන් ලැබුණ පණිවිඩයක් තමයි. ඒ පණිවිඩය ඔයාලාගේ හිත්වලට තදින්ම බලපාලා තියෙනවා කියලා ඔයාලා වැඩ කරන විදිහෙන් පේනවා. 14 ඔයාලා යුදයේ තියෙන දෙවියන්ගේ සභාවල ඉන්න අයව ආදර්ශයට ගත්තා. ක්‍රිස්තුස් යේසුස් එක්ක එකට බැඳිලා ඉන්න එයාලා එහේ ඉන්න යුදෙව්වරුන් අතින් ගොඩක් දුක් පීඩා විඳිනවා. ඔයාලත් ඔයාලාගෙම රටේ අය නිසා දුක් විඳිනවා.+ 15 ඒ යුදෙව්වරු ස්වාමීන් වන යේසුස්වයි, අනාගතවක්තෘවරුන්වයි මැරුවා විතරක් නෙමෙයි අපිටත් පීඩා කළා.+ එයාලා වැඩ කරන විදිහ ගැන දෙවියන් පොඩ්ඩක්වත් සතුටු වෙන්නේ නැහැ. එයාලා වැඩ කරන්නේ හැම කෙනෙක්ටම අනතුරක් වෙන විදිහටයි. 16 ගැලවීම ලබාගන්න පුළුවන් විදිහ ගැන අපි වෙනත් ජාතීන්ට දේශනා කරන එක නවත්තන්නයි එයාලා හදන්නේ.+ එහෙම කරලා එයාලාගේ පව්වලට එයාලා තව තවත් පව් එකතු කරගන්නවා. ඒත් දෙවියන්ගේ උදහස එයාලා පිටට එන දවස වැඩි ඈතක නැහැ.+

17 සහෝදරයෙනි, ටික කාලෙකට ඔයාලාගෙන් සමුගන්න වුණත් අපිට ඔයාලව අමතක වුණේ නැහැ. ඔයාලව දකින්න අපිට ලොකු වුවමනාවක් තිබ්බා. ඔයාලා ළඟට ආයෙත් එන්න අපි ගොඩක් උත්සාහ කළේ ඒ නිසයි. 18 අපිට ඔයාලව කොහොමහරි බලන්න එන්න ඕනෙ වුණා. පාවුල් වන මම එක පාරක් නෙමෙයි දෙපාරක්ම ඔයාලා ළඟට එන්න හැදුවා. ඒත් සාතන් අපේ ගමනට බාධා කළා. 19 අපේ ස්වාමීන් වන යේසුස් ආයෙත් පැමිණෙන කාලයේදී* අපේ බලාපොරොත්තුවත් සතුටත් කිරුළත් ඔයාලයි.+ 20 ඇත්තටම ඔයාලා තමයි අපේ ගෞරවය, අපේ සතුට.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න