ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 40
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • අසමසම දෙවියන්ට කරන ස්තුති ප්‍රශංසා

        • දෙවියන් කරපු හැම දෙයක්ම කියලා නිම කරන්න බැහැ (5)

        • දෙවියන්ට වැඩියෙන්ම වටින්නේ පූජාවන් නෙමෙයි (6)

        • “මගේ එකම සතුට ඔබේ කැමැත්ත කරන එකයි” (8)

ගීතාවලිය 40:1

පාදසටහන්

  • *

    හෝ, “ඉවසීමෙන් බලන් හිටියා.”

  • *

    හෝ, “පහතට නැමිලා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:15

ගීතාවලිය 40:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 33:3; 98:1

ගීතාවලිය 40:4

පාදසටහන්

  • *

    හෝ, “බොරුකාරයන්ව.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2006, 13-14 පි.

ගීතාවලිය 40:5

හරස් යොමු දැක්වීම්

  • +එළි 15:3
  • +නික් 15:11
  • +ගීතා 139:17, 18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 47 පාඩම

ගීතාවලිය 40:6

පාදසටහන්

  • *

    හෝ, “පූජා ඔබට ප්‍රිය වුණේ නැහැ.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 15:22; ගීතා 51:16, 17; හොෂෙ 6:6
  • +හෙබ්‍රෙ 10:5-9
  • +යෙසා 50:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/1996, 14 පි.

    5/1/1991, 24 පි.

ගීතාවලිය 40:7

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 24:44

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/1996, 14 පි.

    5/1/1991, 24 පි.

ගීතාවලිය 40:8

හරස් යොමු දැක්වීම්

  • +යොහ 4:34
  • +ගීතා 37:31; රෝම 7:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2017, 13 පි.

    මුරටැඹ,

    11/15/2012, 6-7 පි.

    7/1/1996, 14 පි.

    3/1/1994, 30 පි.

    5/1/1991, 24 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල”, 18 පි.

ගීතාවලිය 40:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:22
  • +හෙබ්‍රෙ 13:15

ගීතාවලිය 40:10

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 2:12

ගීතාවලිය 40:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 61:6, 7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2005, 9, 11-12 පි.

ගීතාවලිය 40:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 71:20
  • +ගීතා 38:4

ගීතාවලිය 40:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 25:17
  • +ගීතා 38:22; 70:1-5

ගීතාවලිය 40:16

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:29; ගීතා 13:5
  • +ගීතා 35:27

ගීතාවලිය 40:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 54:4; යෙසා 50:7; හෙබ්‍රෙ 13:6
  • +ගීතා 143:7

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 40:1ගීතා 34:15
ගීතා. 40:3ගීතා 33:3; 98:1
ගීතා. 40:5එළි 15:3
ගීතා. 40:5නික් 15:11
ගීතා. 40:5ගීතා 139:17, 18
ගීතා. 40:61සාමු 15:22; ගීතා 51:16, 17; හොෂෙ 6:6
ගීතා. 40:6හෙබ්‍රෙ 10:5-9
ගීතා. 40:6යෙසා 50:5
ගීතා. 40:7ලූක් 24:44
ගීතා. 40:8යොහ 4:34
ගීතා. 40:8ගීතා 37:31; රෝම 7:22
ගීතා. 40:9ගීතා 22:22
ගීතා. 40:9හෙබ්‍රෙ 13:15
ගීතා. 40:10හෙබ්‍රෙ 2:12
ගීතා. 40:11ගීතා 61:6, 7
ගීතා. 40:12ගීතා 71:20
ගීතා. 40:12ගීතා 38:4
ගීතා. 40:13ගීතා 25:17
ගීතා. 40:13ගීතා 38:22; 70:1-5
ගීතා. 40:16ද්වි 4:29; ගීතා 13:5
ගීතා. 40:16ගීතා 35:27
ගීතා. 40:17ගීතා 54:4; යෙසා 50:7; හෙබ්‍රෙ 13:6
ගීතා. 40:17ගීතා 143:7
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 40:1-17

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත් රචනා කරපු ගීයක්.

40 මම මුළු හිතින්ම යෙහෝවාව විශ්වාස කරලා ඔහු මට උදව් කරන කල් බලන් හිටියා.*

මං උදව් ඉල්ලලා අඬද්දී ඔහුත් මං දිහාවට කන් යොමු කරලා* මට සවන් දුන්නා.+

 2 කැලතෙන වතුර තියෙන ගැඹුරු වළක,

මඩ ගොඩක එරෙමින් හිටපු මාව ඔහු බේරගත්තා.

ඔහු මාව ගොඩට අරන් පර්වතයක් උඩ තිබ්බා.

සුරක්ෂිතව ඇවිදින්න පුළුවන් තැනක ඔහු මාව තිබ්බා.

 3 ඔහු මට අලුත් ගීයක් ඉගැන්නුවා.+

ඒ ගීය අපේ දෙවියන්ට ගයන ප්‍රශංසා ගීයක්.

යෙහෝවා මං වෙනුවෙන් කරපු දේ දැක්කාම

හුඟදෙනෙක්ට ඔහු ගැන ගරුබියක් ඇති වෙයි.

ඒ හැමෝම ඔහු ගැන විශ්වාසය තියයි.

 4 යෙහෝවා ගැන විශ්වාසය තියන කෙනා සන්තෝෂවත්.

මුරණ්ඩු අයව, බොරුව පස්සේ යන අයව* ඇසුරු නොකරන කෙනා සන්තෝෂවත්.

 5 යෙහෝවා මගේ දෙවියනි, ඔබ අපි වෙනුවෙන්

මොන තරම් දේවල් කරලා තියෙනවාද!

ඔබ ගණන් කරන්න බැරි තරම් පුදුම දේවල් කරලා තියෙනවා.+

ඔබ නිතරම හිතන්නේ අපේ යහපත ගැනයි.

ඔබට සමාන කිසිම කෙනෙක් නැහැ.+

ඔබ කරපු හැම දෙයක් ගැනම කියන්න ගියොත්

මට කවදාවත් ඒවා කියලා නිම කරන්න බැරි වෙයි.+

 6 ඔබ සත්ව පූජාවත් තෑගි පූජාවත් බලාපොරොත්තු වුණේ නැහැ.*+

ඔබ දවන පූජාවත් පාප පූජාවත් ඉල්ලුවේ නැහැ.+

ඒ වෙනුවට ඔබ මගේ දෙසවන් ඇරලා ඔබේ වදන් තේරුම්ගන්න මට උදව් කළා.+

 7 ඒ නිසා මම මෙහෙම කිව්වා. “මෙන්න, මම ඇවිත් ඉන්නවා.

අකුළන ලියවිල්ලේ මං ගැන ලියලා තියෙනවා.+

 8 මගේ දෙවියනි, මගේ එකම සතුට ඔබේ කැමැත්ත කරන එකයි.+

ඔබේ නීතිය මගේ හිතේ ලියලා තියෙනවා.+

 9 විශාල පිරිසක් රැස් වෙලා ඉන්න සභාව මැද

මම ඔබේ ධර්මිෂ්ඨකම ගැන ශුභාරංචිය දැනුම් දෙනවා.+

යෙහෝවා දෙවියනි, මම ඒ ගැන දැනුම් නොදී

නිහඬව ඉන්නේ නැහැ+ කියලා ඔබ හොඳින්ම දන්නවා.

10 ඔබේ ධර්මිෂ්ඨකම ගැන මම නොසඟවා කියනවා.

ඔබේ විශ්වාසවන්තකම ගැනත් ඔබ දෙන ගැලවීම ගැනත් මම දැනුම් දෙනවා.

ඔබේ නොසැලෙන ආදරේ ගැනත් ඔබේ සත්‍ය වදන් ගැනත්

විශාල පිරිසක් රැස් වෙලා ඉන්න සභාව මැද මම නොසඟවා කියනවා.”+

11 අනේ යෙහෝවා, මට දයාව පෙන්වන්නේ නැතුව ඉන්න එපා.

ඔබේ නොසැලෙන ආදරේ පෙන්වලා හැම මොහොතකම මාව ආරක්ෂා කරන්න.

ඔබේ සත්‍ය වදන්වලින් නිතරම මාව රැකගන්න.+

12 ගණන් කරන්න බැරි තරම් දුක් කරදර මාව වට කරගත්තා.+

මං යන මඟ අවහිර වෙන තරමටම මගේ වැරදි මං ඉස්සරහා ගොඩගැහිලා.+

ඒවා මගේ හිසකෙස්වලටත් වඩා වැඩියි.

ඒ නිසා මං ඉන්නේ හොඳටම අධෛර්යය වෙලා.

13 අනේ යෙහෝවා, මාව ගලවගන්න.+

කැමැත්තෙන්ම ඇවිත් මාව බේරගන්න.

යෙහෝවා දෙවියනි, ඉක්මනින්ම මගේ උදව්වට එන්න.+

14 මගේ ජීවිතය නැති කරලා දාන්න හදන හැමෝවම

ලැජ්ජාවටත් නින්දාවටත් පත් කරන්න.

මගේ දුකේදී සතුටු වෙන අයට ලැජ්ජාවෙන් පලා දුවන්න සලස්වන්න.

15 මට හිනා වෙවී සමච්චල් කරන අයව ලැජ්ජාවට පත් කරන්න.

ඔවුන්ට විඳින්න වෙන නින්දාව නිසා ඔවුන්ට ගල් ගැහිලා බලන් ඉන්න සිදු වේවා!

16 ඒත් ඔබට ළං වෙන හැමෝම ප්‍රීති ඝෝෂා නඟනු ලැබේවා!+

ඔබ දෙන ගැලවීම හද පත්ලෙන්ම අගය කරන අය

“යෙහෝවාට ගෞරවය ලැබේවා”+ කියලා නිතරම කියත්වා!

17 මම කාගෙවත් හව්හරණක් නැති දුප්පතෙක්.

අනේ යෙහෝවා, මං දිහා බලන්න.

මගේ උදව්වට ඉන්නෙත් මාව බේරගන්න ඉන්නෙත් ඔබ විතරයි.+

මගේ දෙවියනි, පරක්කු නොකර මගේ උදව්වට එන්න.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න