ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ලෙවී කතාව පොතේ සාරාංශයක්

      • කෙනෙක් අතින් වෙන වැරදි සහ ඒවාට ඔප්පු කරන පූජා (1-6)

        • තව කෙනෙක් කරන වරදක් ගැන දැනුම් දීම (1)

      • දුප්පත් අයට ඔප්පු කරන්න පුළුවන් පූජා (7-13)

      • අත්වැරදීමක් නිසා වෙන වැරදි වෙනුවෙන් ඔප්පු කරන වන්දි පූජා (14-19)

ලෙවී කතාව 5:1

පාදසටහන්

  • *

    මූ.අ., “ප්‍රසිද්ධ ශාපයක්.” මෙතන කියන ප්‍රසිද්ධ නිවේදනයට ශාපයකුත් ඇතුළත්. ඒ ශාපය කළේ වරදකරුට විරුද්ධව නැත්නම් ඒ වරද ගැන සාක්ෂි තිබිලත් ඒ ගැන කිසි දෙයක් නොකියපු කෙනාට විරුද්ධව වෙන්න පුළුවන්.

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 29:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 58 පාඩම

    මුරටැඹ,

    8/15/1997, 27 පි.

ලෙවී කතාව 5:2

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 11:21-24; 17:15; ද්වි 14:8

ලෙවී කතාව 5:3

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 12:2; 13:3; 15:3; ගණන් 19:11

ලෙවී කතාව 5:4

පාදසටහන්

  • *

    පේන විදිහට ඔහු වැරදිකරුවෙක් වෙන්නේ දීපු දිවුරුම ඔහු ඉටු කරන්නේ නැති නිසයි.

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 5:33

ලෙවී කතාව 5:5

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 5:7; ගීතා 32:5; හිතෝ 28:13; 1යොහ 1:9

ලෙවී කතාව 5:6

පාදසටහන්

  • *

    ඒ කියන්නේ ගෑනු සත්තු.

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 7:1; 14:2, 12; 19:20, 21; ගණන් 6:12

ලෙවී කතාව 5:7

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 2:24
  • +ලෙවී 12:7, 8; 14:21, 22; 15:13-15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2009, 26 පි.

ලෙවී කතාව 5:9

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 1:4, 5; 7:2; හෙබ්‍රෙ 9:22

ලෙවී කතාව 5:10

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 1:15-17
  • +ලෙවී 6:7

ලෙවී කතාව 5:11

පාදසටහන්

  • *

    ඒපාවකින් දහයෙන් කොටසක් කියන්නේ ලීටර් 2.2ක්. කි.ග්‍රෑ. 1කට කිට්ටු ප්‍රමාණයක්. උප. B14 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +නික් 16:36

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2013, 15-16 පි.

    6/1/2009, 26 පි.

ලෙවී කතාව 5:12

පාදසටහන්

  • *

    හෝ, “සිහිගැන්වීමක් විදිහට.”

ලෙවී කතාව 5:13

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 4:26
  • +ලෙවී 6:14-16; 1කොරි 9:13
  • +ලෙවී 2:10; 7:1, 6

ලෙවී කතාව 5:15

පාදසටහන්

  • *

    ෂෙකෙලයක් කියන්නේ ග්‍රෑම් 11.4ක්. උප. B14 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 10:17, 18
  • +ලෙවී 6:6
  • +නික් 30:13; ලෙවී 27:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 11/2020, 2-3 පි.

ලෙවී කතාව 5:16

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 6:4, 5; 22:14; ගණන් 5:6, 7
  • +නික් 32:30
  • +ලෙවී 6:7; 19:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 11/2020, 2-3 පි.

ලෙවී කතාව 5:17

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 5:2

ලෙවී කතාව 5:18

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 6:6

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ලෙවී. 5:1හිතෝ 29:24
ලෙවී. 5:2ලෙවී 11:21-24; 17:15; ද්වි 14:8
ලෙවී. 5:3ලෙවී 12:2; 13:3; 15:3; ගණන් 19:11
ලෙවී. 5:4මතෙ 5:33
ලෙවී. 5:5ගණන් 5:7; ගීතා 32:5; හිතෝ 28:13; 1යොහ 1:9
ලෙවී. 5:6ලෙවී 7:1; 14:2, 12; 19:20, 21; ගණන් 6:12
ලෙවී. 5:7ලූක් 2:24
ලෙවී. 5:7ලෙවී 12:7, 8; 14:21, 22; 15:13-15
ලෙවී. 5:9ලෙවී 1:4, 5; 7:2; හෙබ්‍රෙ 9:22
ලෙවී. 5:10ලෙවී 1:15-17
ලෙවී. 5:10ලෙවී 6:7
ලෙවී. 5:11නික් 16:36
ලෙවී. 5:13ලෙවී 4:26
ලෙවී. 5:13ලෙවී 6:14-16; 1කොරි 9:13
ලෙවී. 5:13ලෙවී 2:10; 7:1, 6
ලෙවී. 5:15ලෙවී 10:17, 18
ලෙවී. 5:15ලෙවී 6:6
ලෙවී. 5:15නික් 30:13; ලෙවී 27:25
ලෙවී. 5:16ලෙවී 6:4, 5; 22:14; ගණන් 5:6, 7
ලෙවී. 5:16නික් 32:30
ලෙවී. 5:16ලෙවී 6:7; 19:22
ලෙවී. 5:17ලෙවී 5:2
ලෙවී. 5:18ලෙවී 6:6
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ලෙවී කතාව 5:1-19

ලෙවී කතාව

5 “‘කෙනෙක් යම් වරදක් වෙනවා දැකලා තියෙනවා නම් එහෙම නැත්නම් ඒ ගැන ඔහුට දැනගන්න ලැබිලා තියෙනවා නම් ඔහු ඒ වරදට සාක්ෂිකරුවෙක්. ඒ ගැන සාක්ෂි දරන්න කියලා ප්‍රසිද්ධ නිවේදනයක්*+ දුන්නාට පස්සෙත් ඔහු ඒ ගැන දැනුම් දුන්නේ නැත්නම් ඔහු කරන්නේ වරදක්. ඔහු ඒ වරදට වග කිව යුතුයි.

2 “‘අපවිත්‍රයි කියලා සලකන වනසතෙක්ගේ හරි හීලෑ සතෙක්ගේ හරි කුඩා සතෙක්ගේ හරි+ මළ කඳක් කෙනෙක් ඇල්ලුවොත් ඔහු අපවිත්‍ර වෙනවා. ඒ ගැන ඔහු දැනගෙන හිටියේ නැතත් ඔහු වැරදිකරුවෙක්. 3 කෙනෙක් දන්නේ නැතුව මිනිසෙක්ව අපවිත්‍ර කරන්න පුළුවන් ඕනෙම දෙයක් ඒ කියන්නේ අපවිත්‍ර කෙනෙක්ව හරි අපවිත්‍ර දෙයක් හරි ඇල්ලුවොත්+ ඔහු වැරදිකරුවෙක්. ඔහු ඒ ගැන දැනගන්නේ පස්සේ වුණත් ඔහු වැරදිකරුවෙක් වෙනවා.

4 “‘කෙනෙක් දුර දිග බලන්නේ නැතුව දිවුරුමක් දුන්නොත් ඔහු වැරදිකරුවෙක් වෙනවා. ඔහු දිවුරුම දෙන්නේ නපුරක් හරි යහපතක් හරි කරන්න වුණත් ඔහු ඒක නොදැනුවත්කමින් කළා වුණත් ඔහු වැරදිකරුවෙක්. දිවුරුමේ බැරෑරුම්කම ඔහු තේරුම්ගන්නේ පස්සේ වුණත් ඔහු වැරදිකරුවෙක්.*+

5 “‘කෙනෙක් ඒ එක කාරණයක් සම්බන්ධයෙන් හරි වැරදිකරුවෙක් වෙලා තියෙනවා නම් ඔහු තමා අතින් වුණ වරද ගැන කියන්න ඕනේ.+ 6 ඒ වරදට වන්දියක් විදිහට ඔහු යෙහෝවාට පූජාවක් ඔප්පු කළ යුතුයි.+ ඒක වන්දි පූජාවක්. ඔහු පූජාව සඳහා රැළෙන් බැටළු පැටියෙක්ව හරි එළු පැටියෙක්ව* හරි ගෙනා යුතුයි. ඔහු ඒ පාප පූජාව සඳහා ගේන්න ඕනෙ ගැහැනු සතෙක්වයි. ඔහු කළ වරදට සමාව ලබාගන්න පූජකයා ඔහු ගේන පූජාව ඔප්පු කළ යුතුයි.

7 “‘ඔහුට බැටළුවෙක් ගේන්න තරම් වත්කමක් නැත්නම් ඔහු කරපු වරද වෙනුවෙන් වන්දි පූජාවක් විදිහට යෙහෝවාට කොබෙයියන් දෙන්නෙක්ව හරි පරෙවියන් දෙන්නෙක්ව+ හරි ගෙනා යුතුයි. එක කුරුල්ලෙක් පාප පූජාවක් විදිහටත් අනිත් කුරුල්ලා දවන පූජාවක් විදිහටත් ඔප්පු කරන්න.+ 8 ඔහු කුරුල්ලන් දෙන්නාව පූජකයා ළඟට ගෙනා යුතුයි. පූජකයා මුලින්ම පාප පූජාව සඳහා ගෙනාපු කුරුල්ලාව අරගෙන උගේ බෙල්ලේ කැපුමක් දැමිය යුතුයි. ඒත් බෙල්ල කඳෙන් වෙන් නොකළ යුතුයි. 9 ඔහු පාප පූජාව සඳහා ඔප්පු කරන ඒ කුරුල්ලාගේ ලේවලින් ටිකක් පූජාසනයේ පැත්තකින් ගලා යන්න සැලැස්විය යුතුයි. ඉතුරු ලේ ටික පූජාසනයේ පාමුලට වක් කළ යුතුයි.+ ඒක පාප පූජාවක්. 10 ඔහු අනිත් කුරුල්ලාව දවන පූජාවක් හැටියට ඔප්පු කළ යුතුයි.+ සාමාන්‍යයෙන් දවන පූජා ඔප්පු කරන විදිහට ඌව ඔප්පු කරන්න. ඔහු කළ වරදට සමාව ලබාගන්න පූජකයා ඒ පූජා ඔප්පු කළ යුතුයි. එතකොට ඔහුට සමාව ලැබෙයි.+

11 “‘ඔහුට කොබෙයියන් දෙන්නෙක්ව හරි පරෙවියන් දෙන්නෙක්ව හරි ගේන්න වත්කමක් නැත්නම් ඔහු කරපු වරද වෙනුවෙන් පාප පූජාවක් හැටියට සිහින්ව කොටාගත්ත පිටි ඒපාවකින් දහයෙන් කොටසක්*+ ගෙනා යුතුයි. ඒක පාප පූජාවක් නිසා ඔහු ඒ මත තෙල්වත් කට්ටකුමංජල්වත් නොදැමිය යුතුයි. 12 ඔහු ඒක පූජකයා ළඟට ගෙනා යුතුයි. පූජකයා ඒ පූජාවෙන් අහුරක් අරගෙන මුළු පූජාවම නියෝජනය කරන්න* ඒක ඔප්පු කළ යුතුයි. යෙහෝවාට ගින්නෙන් ඔප්පු කරපු අනිත් පූජාවලට උඩින් තියලා දුම ඉහළට නඟින විදිහට ඒක දැවිය යුතුයි. ඒක පාප පූජාවක්. 13 කෙනෙක් කලින් කියපු ඒ එක කාරණයකදී හරි වැරදිකරුවෙක් වුණොත් ඔහුගේ වරදට සමාව ලබාගන්න ඔහු ගෙනාපු පූජාව පූජකයා ඔප්පු කළ යුතුයි. එතකොට ඔහුට සමාව ලැබෙයි.+ ධාන්‍ය පූජාවෙන් ඉතුරු වෙන කොටස පූජකයාට අයිති වෙනවා වගේ+ මේ පූජාවෙන් ඉතුරු වෙන කොටසත් පූජකයාට අයිති වෙනවා.’”+

14 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 15 “කෙනෙක් අත්වැරදීමකින් යෙහෝවා ශුද්ධයි කියලා සලකන දේවලට අගෞරවයක් වෙන විදිහට වැඩ කරලා වරදක් කළොත්+ ඔහු වන්දි පූජාවක් ඔප්පු කළ යුතුයි. ඔහු යෙහෝවාට අවිශ්වාසවන්ත වුණ නිසා ඒ වන්දි පූජාවට කැළලක් නැති බැටළුවෙක්ව ගෙනා යුතුයි.+ ඔහු ගෙනා යුත්තේ නියම කරපු රිදී ෂෙකෙල්* ප්‍රමාණයේ වටිනාකමට හරියන බැටළුවෙක්වයි. ඒ රිදී ෂෙකෙල්වල බර ශුද්ධස්ථානයේ තියෙන ෂෙකෙලයේ බරට සමාන විය යුතුයි.+ 16 ඔහු ශුද්ධස්ථානයට අගෞරව කරලා කරපු වරද වෙනුවෙන් ඒ විදිහට වන්දියක් ගෙවිය යුතුයි. ඒ වන්දියත් එක්ක ඒකෙන් පහෙන් කොටසකුත්+ ඔහු පූජකයාට දිය යුතුයි. වන්දි පූජාවට ගේන බැටළුවාත් එක්ක ඒ කොටස දිය යුතුයි. ඔහු කරපු වරදට සමාව ලබාගන්න පූජකයා ඒ පූජාව ඔප්පු කළ යුතුයි.+ එතකොට ඔහුට සමාව ලැබෙයි.+

17 “කෙනෙක් යෙහෝවා කරන්න එපා කියලා අණ කරපු දෙයක් කළොත් ඔහු ඒක කළේ නොදැනුවත්ව වුණත් ඔහු වැරදිකරුවෙක් වෙනවා. ඒ වරදට ඔහු වග කිව යුතුයි.+ 18 ඔහු වන්දි පූජාව වෙනුවෙන් නියම කරපු වටිනාකමට හරියන බැටළුවෙක්ව ගෙනල්ලා පූජකයාට දිය යුතුයි. ඌ කිසිම කැළලක් නැති සතෙක් විය යුතුයි.+ නොදැනුවත්ව ඔහු අතින් වුණ වරදට සමාව ලබාගන්න පූජකයා ඒ බැටළුවාව ඔප්පු කළ යුතුයි. එතකොට ඔහුට සමාව ලැබෙයි. 19 ඔහු යෙහෝවාට විරුද්ධව වරදක් කරපු නිසා ඒ වන්දි පූජාව ඔප්පු කළ යුතුයි.”

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න